IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තාත්තගෙ සැඟවුණු ගීත මම Perform කරනවා

20160325-ent-96

 

මේ දවස්වල අලුතෙන් කරපු නිර්මාණ මොනවද?

ම්... ම්... ඔව්, මම ගොඩක් උත්සාහ කරනවා. මගේ අලුත් සින්දුවක විෂුවල් එකක් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට. සින්දුව තමයි &මද සුළඟ සමඟ* කියන ගීතය. ඊට අමතරව මම තව සින්දු දෙකකට විෂුවල් කළා. එකක් තමයි මගේ Dancing Crew එකත් එක්ක කරපු "හිරැ වගේ උදා වෙලා" සින්දුව. තව එකක් කළා Big Match එක වෙනුවෙන්. මේ සින්දු ප්‍රේක්ෂකයා අතරට ගේන්න තමයි මම මේ දවස්වල සැලසුම් කරගෙන යන්නෙ. අනික් පැත්තෙන් ඉගෙන ගන්න වැඩ කරගෙන යනවා.

 

20160325-ent-95මොන ක්ෂේත්‍රයක් ගැනද වැඩිදුර හදාරමින් ඉන්නෙ?

"Human Resources Management" ගැන තමයි ඉගෙන ගන්නෙ. තව අවුරුදු දෙකක් ඇතුළත අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ

 

සංගීතය ගැන හැදෑරීමක් නැද්ද?

මෙහෙමයි, මගේ අවුරුදු 24ක කාලය තුළ මේ වෙද්දී අපේ ගෙදර බර මගේ අක්කත් එක්ක දෙකට බෙදාගෙන යන කෙනෙක් මම. ඉතිං මම මේ හම්බ කරන මුදලින් හැමදේම කරන්න බැහැ. A/L කරන කාලේ ඉඳලම මමම හම්බ කරලා තමයි වියදම් පියව ගත්තේ. මම සංගීතෙට කොච්චර ආස වුණත් ඒ ගැන හැදෑරීමක් කරන්න මගේ අතේ සල්ලි නැහැ. නර්තනයටත් මම ආසයි. ඉතිං ගොඩක් දේවල් තියෙනවා කරන්න කැමති. ඉදිරියේදි මට මිල මුදල් හොඳට තිබුණු දවසක ඒ හැමදෙයක් ගැනම මම ඉගෙන ගන්නවා.

 

සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරියට එන්න තාත්තගෙන් ලැබුණේ මොන වගේ සහයක්ද?

තාත්තා මට හැමදාමත් කියපු දෙයක් තමයි මාරියෝ ආනන්ද, මාරියෝ ආනන්ද විදිහට ඉන්න කියන එක. හැබැයි ගොඩක් අය කියන්නෙ තාත්තා කියපු විදිහට ඉන්න එපා කියලා. ප්‍රේක්ෂකයන්ට වඩා මේ කතාව කියන්නෙ ක්ෂේත්‍රයේ ඉන්න අයමයි. හැබැයි මේ ක්ෂේත්‍රයේ අය දන්නවා මට මොනවද කරන්න පුළුවන් කියලා. ඒවා දැන දැනත් තමයි එහෙම කතා කරන්නෙ. නමුත් මට එහෙම කරන්න වුවමනා නෑ. මොකද කාටත් කලින් මගේ තාත්තා තමයි මගෙ සංගීත අධ්‍යක්ෂණ හැකියාව දැක්කේ. එයා කිව්වා මට මගේ ශක්තියෙන් වැඩ කරගෙන යන්න පුළුවන් කියලා.

අනික තමයි මම තාත්තගේ සින්දු Record කරලා මගේ ගමන හදාගන්න කෙනෙකුත් නෙවෙයි. මට උරුමයක් තියෙනවා. ඒ නිසා තාත්තගේ නිර්මාණ විකුණගෙන කන්න මට වුවමනාවක් තිබුණේ නැහැ.

 

තාත්තගේ සින්දු Remake කරලා අලුත් Version එකක් විදිහට ගේන්න අදහසක් නැද්ද?

මෙහෙමයි මට අද වර්තමානේ තියෙන ප්‍රශ්නයම තමා එදා තාත්තටත් තිබුණේ. ග්‍රේෂන් ආනන්ද අවුරුදු 35ක් මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට ආවේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා, කැපිලි කෙටිලිවලට අහුවෙලා. හරිම වේදනාකාරී ගමනක් ආවේ. ඒවා අපි නොදන්නවා නෙවෙයි. ගොඩක් වෙලාවට අපේ තාත්තා තනු නිර්මාපකයෙක්. එයාම සින්දු ලියලා තනු නිර්මාණය කළ අවස්ථාත් තියෙනවා. එහෙම සැඟවුණු ගීත තියෙනවා. එහෙම තාත්තගෙ සැඟවුණු ගීත මම Perform කරනවා. හැබැයි නිතරම මිනිස්සුන්ට ඇහෙන සින්දු මම කියන්න යන්නෙ නෑ. තවත් කාරණයක් තියෙනවා, ගොඩක් අය කියනවා මගෙයි, තාත්තගෙයි කටහඬ සමයි කියලා. ඒක මම කවදාවත් පිළිගන්නෙ නෑ. ඔය කියන විදිහට මගේ කට හඬෙන් තාත්තගෙ හඬ ඇහෙනව නම් ඇයි මම තාත්තගේ සින්දු කියන්නෙ. මම උත්සාහ කරන්නෙ තාත්තගෙ ඇහුණේ නැති සින්දු අහන්න සලස්වන්න.

 

20160325-ent-94ඔයා අදහස් කරන විදිහට හරියට වැඩක් කරන්න ක්ෂේත්‍රයේ අයගෙන්මද බාධාව තියෙන්නෙ?

අනිවාර්යයෙන්ම තියෙනවා. ඇත්තටම කිව්වොත් අපි කතා කරන තරම් මේ ලෝකේ සුන්දරත්වයක් නෑනේ. ඇත්ත තිත්තයිනෙ. සමහරුන්ට මාව පේන්න බැරි ඇත්ත කතා කරන නිසා. යථාර්ථය ගත්තොත් බොරුවට තමයි අද තැනක් තියෙන්නෙ. ඇත්තටම වෙහෙස මහන්සිවෙලා කැපවීමෙන් වැඩ කරන මිනිහට තැනක් නැහැ. මේ වෙද්දී දුප්පත් කලාකරුවෝ හා ධනවත් කලාකරුවෝ අතරේ භේදයක් ඇතිවෙලා තියෙනවා. හැකියාව තියෙන කොල්ලො කෙල්ලෝ ඉන්නවා. නමුත් අවස්ථාවක් නැහැ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මහන්සිවෙලා, කැපවීමෙන් කරන නිවැරදි දේකට කුමන මොහොතක හෝ මල්ඵල දරනවා. ගෙවුණු අවුරුදු පහ ගත්තොත් නොයෙක් හැල හැප්පීම් මැද මම ගේකුත් හදාගෙන, බයික් එකක් හරි අරගෙන පවුලත් බලාගෙන ඉදිරි ගමනක් යනවා.

 

ඒ කියන්නෙ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ කියන පිරිසක් හරියට වගකීම් ඉටුකරන්නෙ නැද්ද?

ඒ අය වුණත් මේ ක්ෂේත්‍රයේ තැනකට එන්න විඳපු දුක් බොහොමයි. කවුරු මොනවා කිව්වත් අපි අපේ වැරදි හදාගන්න ඕනෙ. මොකද අද ප්‍රවීණයන් වගේම අනාගතයේදිත් ප්‍රවීණයන් ඉන්නවා. ඒ නිසා එදාට ඒ අයත් අලුත් අයව දැඩි ලෙස විවේචනය කරයි. ඒ නිසා අපි අපේ වැරදි නිවැරදි කරගන්න ඕනෙ. අනික තමා කලාකරැවෙක් වුණාම ස්වාධීන වෙන්න ඕනෙ.

 

අලුතින් තරු බිහිවෙනවා. ඔවුන්ගෙන් බොහොමයකට ඥාති සබඳතා නෑ. ඔවුන්ගේ හැකියාවන් රුකගැනීම වෙනුවෙන් ක්ෂේත්‍රය තුළ වැඩපිළිවෙළක් තියෙනවද?

මෙහෙමයි Reality Shows වල මුල් කාලේ බිහිවුණු අයට වඩා මෑතක බිහිවුණු අය මේ ක්ෂේත්‍රයේ රැඳෙනවා, ස්ථාවර වෙනවා දකින්නෙ අඩුවෙන්. සමහරු දිනන්නෙත් නෑ. හැබැයි ජනප්‍රියයි. මෙතෙන්දි තමන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකීම් සෑහෙන බලපෑමක් කරනවා. මගේ තාත්තත් එකපාර තැනක් හදාගත්ත අය නෙවෙයි. ඔහු අවුරැදු 15-16දීම තමයි ගිටාර් වාදනයට එන්නෙ. මම මේ Field එකට එද්දිත් හිතුවේ නෑනේ ඉහළ අත්දැකීම් තියෙන අයත් එක්ක සින්දු කියන්න පුළුවන් වෙයි කියලා. මෙහෙමයි මෙතන සමහරුන්ගේ අරමුණුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් අය එන්නෙ වැඩක් කරන්න නෙවෙයි. සමහර වෙලාවට ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ මුදල්. නැත්නම් වෙන මොනවහරි දෙයක්. හැබැයි තමන්ගේ ආත්මයම මේකට කැප කරපු අයත් ඉන්නවා. ඔය වෙනස තමා අපි තේරුම් ගන්න ඕනේ.

 

ඔයාගේ නිර්මාණත් එක්ක ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

යූ ටියුබ් එකට ගියොත් ඇත්තටම මාරියෝ ආනන්දට තියෙන සින්දු මොනවද කියලා බලාගන්න පුළුවන්. කෝටි ගාණක් මගෙ සින්දු අහන්නෙ නැති වුණාට අහන අය ඉන්නවා. මම ප්‍රසංගයක් කරන වෙලාවට ප්‍රේක්ෂකයාට උපරිමයෙන් සාධාරණය ඉටු කරනවා. මම හැමදේම කරගෙන ආපු කෙනෙක්. ඉතිං මගේ නිර්මාණ ගැන කතා කරන දන්න අය ඉන්නවා.

 

ආශිකා

DESHAYA

 



අදහස් (0)

තාත්තගෙ සැඟවුණු ගීත මම Perform කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 223 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 535 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 396 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 306 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 210 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site