IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තාත්තයි පුතයි දෙන්නම එම්.කේ.ඒ.ඩි.එස්. ට මචං කියලා

“නාමල් රාඡපක්ෂ මහත්තය මා ඉදිරිපිටම මගේ තාත්තට මචං කියල තුන් සැරයක්ම කිවුව.මගෙ තාත්ත නාමල්ගෙන් ඇහුව පුතා ඔයාගෙ තාත්තත් මට මචං කියනව පුතත් මචං කියනව අපි ඒ වගේ නැ අපිට තාත්ත කියල දිල තියෙනව වැඩිහිටියන් ලග හැසිරෙන විදිහ කතා කරන විදිහ ඒ ගරු කිරිම් පහු ගිය කාලෙ තිබ්බෙ නැ” යනුවෙන් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්දන මහතාගේ පුත් නලින් ගුණවර්ධන මහතා අද (04)  පෙරවරුවේ මහනුවර දී පැවසුවේය.

"අලුතින් හදන පක්ෂයේ ඉන්න බොහෝ දෙනෙක් සල්ලි පස්සෙ ගිය අය. සාධාරණව ඉන්න අය හිටියෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි ඒ අයත් අපිත් එක්ක ආව.ජාති බේද, පක්ෂ බේද නැතිව ජනපතිතුමත් අගමැතිතුමත් රට කරගෙන යනව. ඒකාබද්ද විපක්ෂයක් ඉල්ලන කිහිප දෙනෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය නෙවෙයිග කුඩැල්ල අනුන්ගෙ ලේ බීල ඡිවත් වෙනව වගේ ඒ අය බලන්නෙ"

යැයිද එතුමා පැවසීය.

L-1 L-3 L-5



අදහස් (0)

තාත්තයි පුතයි දෙන්නම එම්.කේ.ඒ.ඩි.එස්. ට මචං කියලා

මහින්ද සෞදි Saturday, 05 March 2016 07:52 AM

හිරුණි, කියන්න ඔබට වුණ අසාධාරනය මොකක්ද කියලා රාජපක්ෂලාගෙන්. (නි)

:       0       0

අනිල් Friday, 04 March 2016 06:32 PM

එහෙම දේවල් වෙන්න ඇති.(හේ)

:       0       0

සෙනරත් Friday, 04 March 2016 06:42 PM

බලය ලැබුනම වැඩිහිටියන්ටවත් කතා කරන විදියත් අමතක වෙන්න ඇති.(හේ)

:       0       0

අන්වර් Saturday, 05 March 2016 08:28 AM

මහින්ද චින්තනය අනුව ඒක හරි (නි)

:       0       0

රවී Friday, 04 March 2016 07:00 PM

කතාව ගැන නම් බොහොම පැහැදුනා. වැඩත් එහෙම හොඳට අවංකව කළොත් ඔබටයි රටටයි දෙකටම හොඳයි. මේ ඇරඹුම විතරයි. (නි)

:       0       0

දහම් Saturday, 05 March 2016 09:52 AM

මේ යහපාලනයට සම්බන්ධ තරුණ දේශපාලකයෝ කට ඇරියොත් කියන්නේ මේ වගේ කතාමයි. (නි)

:       0       0

අජිත් Friday, 04 March 2016 09:35 PM

මේ ආකාරයෙන් කතා කිරීම ගැන පුදුම වියයුතු නැහැ. මේ වගේ අයට ඡන්දය දුන් ජනතාව ගැන තමා දුක (නි)

:       0       0

ජයතු Friday, 04 March 2016 10:50 PM

මෙි පින්බිමේ අම්මා තාත්තා හඳුනන්නෙ නැති කලියුග කාලේ ඕවා ඒ තරම් ගණන් ගතයුතු දේවල් නොවේ (නි)

:       0       0

ස්වර්ණ Friday, 04 March 2016 10:48 PM

මහින්ද මහත්මයා සමඟ ඉන්නකොට එක කතාවක් දැන් ඉතින් තව කතාවක්. මම මේ කතාව දැක්කා. නාමල්ට වැරදීමකින් එහෙම කියවුණාලු. ඊටපස්සේ නාමල් එයාගේ පියාට වැඳලා සමාව අරගත්තාලු. මම නම් අහලා තියෙන්නේ එහෙම. අපි දන්නෙ නැහැ වැඩි විස්තර නම් (නි)

:       0       0

ඉන්දු Friday, 04 March 2016 11:21 PM

මේ පුතාලා සහ සමහර අවිනීත ඇමතිවරු නොසිටියා නම් හිටපු ජනපතිට තවදුරටත් රටට සේවයක් කරන්න තිබුනා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 05 March 2016 12:08 AM

රජ කුමාරයෙකුගෙන් මචං කියලා අහගන්න පුළුවන් ඉතාම ටික දෙනෙකුටයි. රජතුමාගේ පාලන කාලේදී ඔය කතා කිවුවේ නැහැනේ? අනේ අනේ මහත්තයෝ... (නි)

:       0       0

උදය Saturday, 05 March 2016 12:21 AM

ඕකට ඔහොම කෑ ගහලා හරියන්නේ නැහැ. අර පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා නම් ඔන්න කමක් නැහැ. රාජපක්ෂලාගේ කාලේ සැඟවිලා ඉඳලා දැන් සිංහකම් පෙන්වන්න ආවට වැඩක් නැහැ (නි)

:       0       0

ජනක Saturday, 05 March 2016 12:31 AM

සුමිත්‍ර බස්නායක, ඔයාට දැන්වත් තේරෙන්නේ නැද්ද අනේ. ඒක තමයි එයාලා ගෙන්වන්න හදපු ආසියාවේ ආශ්චර්ය (නි)

:       0       0

ජෙරම් Saturday, 05 March 2016 12:56 AM

පේනවා නේද, රාජපක්ෂලාට කඩේ යන කට්ටිය ඒකත් වරක්දක් නෙමෙයිලු. එහෙම කතාකළාට කමක් නැතිලු. අපේ යාළුවෙක් ගෙදර ආවහම අපේ අප්පච්චිට මචං කිවුවොත් මොනතරම් ලැජ්ජාවක් හිතෙනවද අපිට. ඒක කොහොමද හොඳයි කියන්නේ. (නි)

:       0       0

පුෂ්ප Saturday, 05 March 2016 12:49 AM

නාමල්, මේ කතාව ඇත්තද? ඔබ වැඩිහිටියන්ට හෝ මිනිසුන්ට ගරුකරන්න දන්නේ නැද්ද? කරුණාකර මෙය පහදන්න. (නි)

:       0       0

ජෙරම් Saturday, 05 March 2016 01:01 AM

සහතික ඇත්ත සහෝදරයා (නි)

:       0       0

අරවින්ද Saturday, 05 March 2016 01:20 AM

මට හිතෙන්නෙ නම් මේවා කියන්න දෙයක් නැතිවුණාම ඔහේ කියන දේවල් කියලා. ඒ නිසා මම හිතන්නෙ මෙයා දේශපාලනයට එන්න සුදුසුකම් ලබනවා. දේශපාලඥයෝ නම් ඉතින් වැදගැම්මකට ඇති කතාවක් කියන්නෙ කලාතුරකින් නොවැ. අනික දැන් කොයිදෙයත් රාජපක්ෂ ගොඩට දාල තමන් මතුවෙන්න හදන කාලෙ නොවැ. (නි)

:       0       0

කැළුම් Saturday, 05 March 2016 01:17 AM

මම හිතන්නේ නින්දෙන් නැගිටලාද කොහෙද? මේ වගේ අයට මහින්ද මහත්තයා නම් කවදාවත් මචං කියන එකක් නැහැ. සමහරවිට නම දිග වැඩි නිසා මචං කිවුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගොඩගේ Saturday, 05 March 2016 01:30 AM

අපේ අම්මා තාත්තට කතාකරන්නේ සැමියා කියලා. ඒකට හේතුව අපේ තාත්තාගේ නම සැමි ගුණවර්ධන (නි)

:       0       0

සහන් Saturday, 05 March 2016 01:29 AM

ඕවා ඔහොම තමයි. තාත්තා පුතාව හරියට හදන්න එපායැ (නි)

:       0       0

දහම් Saturday, 05 March 2016 01:47 AM

ඔයගොල්ලන්ගේ තරුණ යාලුවෙක් ගෙදර ඇවිල්ල ඔයාගේ තාත්තට මචන් කිව්වොත් ඔයගොල්ලෝ මොනවද කරන්නේ ? (හේ)

:       0       0

එරන්ද Saturday, 05 March 2016 02:06 AM

දැන් මේකද රටේ දැවෙන ප්‍රශ්නය? අපිට කමක් නැහැ මචං නෙමෙයි උඹ බං බොලං කිව්වත්. නිකන් මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ නැතුව ඉන්නවද කරුණාකරලා (නි)

:       0       0

කුෂාන් Saturday, 05 March 2016 02:26 AM

දැන් ඕවා කියලා වැඩක් තියෙනවද? (නි)

:       0       0

පරාක්‍රම Saturday, 05 March 2016 02:30 AM

මේවා කියන්න දෙයක් නැතිවුණාම ඔහේ කියන දේවල් ලෙසයි අපි නම් දකින්නේ (නි)

:       0       0

සුසන්ත Friday, 04 March 2016 01:13 PM

අසරණ මිනිසුන් හැමදාම අසරණයි. දේශපාලකයෝ හැමදාම රජ සැප. (ර)

:       0       0

මාධවී Saturday, 05 March 2016 02:47 AM

ස්වර්ණ හරි. මේවා ලකුණු දාගන්න වැඩ. (හේ)

:       0       0

අමිත් Saturday, 05 March 2016 03:02 AM

මචන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම දන්නවද .(හේ)

:       0       0

අමිත් Saturday, 05 March 2016 03:38 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තාත්තාගෙන් පුතාට, නැත්නම් දුවට, නැත්නම් බැඳපු කෙනාට (නි)

:       0       0

නීල් Saturday, 05 March 2016 03:48 AM

බලනකොට මේ හැමෝම එකයි (නි)

:       0       0

දහම් Friday, 04 March 2016 02:07 PM

නාමල්ට වැරදිලා. (ර)

:       0       0

රොෂාන් Saturday, 05 March 2016 05:01 AM

ඕවා නිසා තමයි අද ගෙදර ඉන්න වුණේ (නි)

:       0       0

චුල - කුවේට් Saturday, 05 March 2016 05:23 AM

රාජපක්ෂලා එකතුවෙලා යුද්ධය අහවර කරදුන් නිසා මේ අය දැන් ඒ අයගේ පාරවල් කපාගන්න ඕනෑම කෙනෙක් පාවාදෙන්න හදනවා. ස්වර්ණගේ කතාව මමත් අහලා තිබුනා කලින්. මෙවැනි අය ළඟට ගන්න එක බොහොම භයානකයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 05 March 2016 05:52 AM

මම නම් කියන්නේ මේක තනිකරම මඩගහන්න කියන ලොකුම බොරුවක් කියලා. (නි)

:       0       0

හිරුනි Saturday, 05 March 2016 05:55 AM

කියන්න කණගාටුයි රාජපක්ෂලාාග් හැදියාව ගැන. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 06:03 AM

ජනක, මට තේරුනාට ඔයාට තේරිලා නැතුවා වගෙයි. (නි)

:       0       0

රජින්ද Saturday, 05 March 2016 06:00 AM

එතකොට හංස පුට්ටුවෙන් ඇවිල්ලා දැන් මෙයාලගේ තාත්තලා රටට කරලා තිබෙන දේ හරිද? එතකොට අපි එම්.කේ.ඒ.ඩි.එස්.ට නාමල් 'මචං' කිව්ව නිසා රටට මේ වෙන සහ වෙන්න යන දේ බලාගෙන හිටියහම හරිද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 03:45 PM

නාමල්, මේ කතාව ඇත්තක්ද.......තරාතිරම නොබලා එහෙම මචන් කියනවද....මේකත් වෙනසක්ද............(කෞ)

:       0       0

හසිත Friday, 04 March 2016 03:53 PM

මේක පට්ටපල් බොරුවක්. නාමල් වැරදි කෙරුව. හැබැයි වගකීමෙන් කියන්නෙ. මේ සිරිසේන මැතිතුමාගෙන් ලකුණු දාගන්න කරන බොරු කතාවක්. මේ කට්ටිය ගැන ප්‍රවේශමෙන් ජනපතිතුමනි.(කෞ)

:       0       0

අසංක Friday, 04 March 2016 04:11 PM

දෙමවුපියන්ගේ වැරදි .... අම්මා තාත්තා දැනගන්න ඕනේ දරුවන්ට හරියට කතා කරන්න උගන්නන්න... කව්ද ඔය නාමල්ගේ අම්මා තාත්තා ?(කෞ)

:       0       0

ආනන්ද Friday, 04 March 2016 04:22 PM

මොනවා දන්නවද? තාම බේබිනේ.(බ)

:       0       0

ජූඩ් සේනාල් - වෙන්නප්පුව Friday, 04 March 2016 05:04 PM

තමුන්ගේ තාත්තට මොකා මොකක් කියල කතාකෙරුවත් අපිට අදාළ නැහැ. අවශ්‍ය රටට හරියන වැඩ පිළිවෙලක් ඕනේ.(බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 04 March 2016 05:13 PM

අපෝ මහමුලන වලවුවේ නාමල් ගැන අටුවා ටීකා ඕන නැහැ."පෙරකදෝරුවෙක්" යයි කියාගන්න මේ කොල්ලා වැදගත් සමාජයක හැසිරෙන විදිය, වැඩිහිටියන්ට ගරු සරු ඇතුව කතා කරන විදිය ගැන නම් අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැහැ. මෙයා ඉතින් එයාගෙම අප්පච්චිටත් "මචං" කියල කතා කළානම්, ඒක පුදුම වෙන්න දෙයක් නොවෙයි....මචං !!! (බ)

:       0       0

නිමල් ලාලිත Saturday, 05 March 2016 06:46 AM

අනේ මහත්තයෝ, ඔබ අද හොඳ කියන මේගොල්ලන්ගේ කෙරුවාව නිසා, එදා ඔබතුමාගේ පියා ජීවිතය ගැන නොතකා, කොටින්ගේ ප්‍රහාර වලින් රැකගත් සිංහල ගම්මාන වල සිංහලයන්ට ගම්බිම් හැර දමායාමේ කාලය ළඟාවෙනවා කියලයි අපි නම් හිතන්නේ. (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 05 March 2016 03:06 PM

මොනවාද මේ විකාර කතා. කවුරු කාට මචන් කිව්වත් අපිට වැඩක් නැහැ. ඩොලර් වලට රට පාවා දෙන, ජනතා මුදලින් සුර සැප විඳින දේශපාලු කාලකන්නියන් පලවා හරිමු. (කෞ)

:       0       0

චන්න බුවනක Friday, 04 March 2016 05:25 PM

ඕවා නිසා තමයි මහින්දට වැරදුනේ. (නි)

:       0       0

බන්දුල Saturday, 05 March 2016 07:03 AM

අනුන්ගේ වැරදි නොකියා තමන් කරන දේ හරියට කරන්න (නි)

:       0       0

හේමපාල Saturday, 05 March 2016 06:57 AM

මේ කතාව මට නම් පිළිගන්න බැහැ (නි)

:       0       0

ඉන්දික Friday, 04 March 2016 05:54 PM

මේකේ මේ වැදකත්කම ගැන බයිලා ගහන අයට කියන්නේ. එතකොට පාර්ලිමේන්තුවට ගිය හාමුදුරුවරුන්ට සළකන විදිය හරිද? (නි)

:       0       0

කුරුවිට සුනිල් Saturday, 05 March 2016 07:07 AM

කබරගොයත් තලගොයා කරන්න පුළුවන් දේශපාලඥයින්ට (නි)

:       0       0

සෙනරත් Saturday, 05 March 2016 04:39 PM

අනේ නාමල් මහත්තයෝ, මීටපස්සේ මේ හැමෝටම මචං කියන්න යන්න එපා. (නි)

:       0       0

සංකල්ප Saturday, 05 March 2016 07:16 AM

සත්‍යයක් හෝ අසත්‍යක් වුවත්, මෙවන් කතා දැන් පැවසීම නුසුදුසුය. මියගිය ඔබගේ පියාට ලැබිය යුතු ගෞරවයට, ඇතැම්විට මින් හානි පැමිණිය හැක. (නි)

:       0       0

අමා Saturday, 05 March 2016 07:28 AM

දහම්, මගේ තරුණ යාලුවෙක් අපේ ගෙදර ඇවිල්ලා අපේ තාත්තට මචං කිව්වොත් එහෙම මම නම් මුලින්ම කරන්නේ මාධ්‍ය කැඳවලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුළු රටටම කියන එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 34 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 434 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 42 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2044 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 681 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4311 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1774 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site