IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ - මැදමුලනට රට දෙනු මැන නැතිකර සතුරු හෙනේ‘

රට යළි බාරගෙන රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යළි පත් කරන්නැයි නිදහස් සන්ධානයේ පිරිසක් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් අද ඉල්ලා සිටියහ.

පෞද්ගලික බස් 60ක් ඇතුළු වාහන සිය ගණනකින් කොළඹ සිට මැදමුලනට යමින් සිටි මේ පිරිස දෙවිනුවර ඓතිහාසික උපුල්වන් දෙවොලේ දී මහින්දට සෙත් පතා දෙවියන් යැද පුද පූජා කළහ.

බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී ඇල් පීරිස්, ගාමිණී ලොකුගේ, මනූෂ නානායක්කාර, ජානක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ටී බී ඒකනායක මහත්වරු ඇතුළු හිටපු මැති ඇමැතිවරු ද මේ පූජාවට එක්වූහ.

DSC01338(1) DSC01350 DSC01365 DSC01371



අදහස් (0)

‘තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ - මැදමුලනට රට දෙනු මැන නැතිකර සතුරු හෙනේ‘

රාධා Thursday, 02 July 2015 02:46 PM

දෙවියන් වන්නේත් තිරිසන් වන්නේත් මිනිසාමයි ලෝකේ... (නි)

:       0       0

රජීව් Wednesday, 01 July 2015 07:14 AM

තව තවත් හොරාකන්න අපිව මේ පාරත් පත්කරගන්න දෙවියනේ (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 July 2015 07:31 AM

මට හිතෙන විදියට පිවිතුරු යහපාල මැදමුලන ගිහිල්ල වගේ. (නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 01 July 2015 07:33 AM

මහජනතාවගේ ධනය කෝටි ගණන් ගසා කෑ හොරු රැලක් නැවත ගොඩ එන්න දඟලන දැඟලිල්ලක්. පහුගිය කාලේ කෝටිපතියන් වූ කුඩු, එතනෝල්, බාර්කාරයන් , කොන්ත්‍රාත් කාරයන්, පගා මරුවන්, ස්ත්‍රී දුෂකයින් , ළමා අපචාර කප්පිත්තන් හා ඔවුන්ගේ අම්බැට්ටයන් හා විවිධ දුෂනයන්ට හසුවී හිර ගෙවල් වලට යන්න ඉන්න බොහෝ දෙනා මෙතැන ඉන්නවා. සුළු පිරිසක් ඇති බොරුවලට රැවටිච්ච අහිංසකයෝ. (නදී)

:       0       0

අනුර Wednesday, 01 July 2015 07:38 AM

මහින්ද කියන්නේ ලක්ෂ 63 කට එපා වෙච්ච කෙනෙක් නැවත මොකටද ? (බ)

:       0       0

චතුරි Wednesday, 01 July 2015 07:44 AM

සද්දේ දාගෙන ඇවිත් පහුවෙනිදට අකුලගෙන යන්න වෙයි අගමැතිට රනිල්ට කතා කරලා. මට ආරක්ෂාව දෙන්න පුලුවන්ද කියලත් අහයි (නදී)

:       0       0

ගයාන් Wednesday, 01 July 2015 07:51 AM

ලංකාවේ තරම් නුගත් මිනිස් රැලක් මේ පෘථිවි තලයේම නැතුව ඇති (නි)

:       0       0

ප්‍රේම Wednesday, 01 July 2015 07:53 AM

ඉමල්කා, ඇන්ඳිලා වගේ... (ර)

:       0       0

කාන්ති Wednesday, 01 July 2015 04:57 AM

ජයවේවා.....!!(නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:59 AM

ඒකනායක මන්ත්‍රී තුමාට නම් දේවාලේ වඳින්න ඉතාම ලේසියි. එතුමාගේ ඇන්ටික් සපත්තු දෙකේ පතුල නැති නිසා ගලවන්නේ නැතුවම දේවාලෙට යන්න පුළුවන් (නදී)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 01 July 2015 04:59 AM

රට ජාතිය යලි පුබුදාලන්නට යලි එනු මැන මහින්ද මහා රජාණනි‍ෙ(නදී)

:       0       0

ද සිල්වා Wednesday, 01 July 2015 05:00 AM

මේ ගොල්ලන්ට රට නැවත බාර දුන්නොත් රටට දෙවියන්ගේම පිහිටයි (නදී)

:       0       0

රුවන් Wednesday, 01 July 2015 05:02 AM

ජය නියතයි. (නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 01 July 2015 05:01 AM

අනේ අපේ රටට ගිය කලක්. මෙහෙමත් නූගත් රැලක්, මිලියන 22ක් ඉන්න රටේ තරුණ නායකයෙක් හොයාගන්න බෑ. හොරු තක්කඩි පස්සේ යනවා. (නදී)

:       0       0

සේන Wednesday, 01 July 2015 05:04 AM

රට බේරගන්න කියන තැනට අපිට හොරාකන්න කියලා දැම්මා නම් හරි. (නදී)

:       0       0

සහන් Wednesday, 01 July 2015 05:04 AM

තෙදැති උපුල්වන් දෙවියනේ ,රට කාපු අයට නම් හොඳක් වෙන්න එපෝ! (නි)

:       0       0

බණ්ඩා Wednesday, 01 July 2015 08:14 AM

හොරුන්ට යන එන මන් නැති තැන ඡන්දෙ ඉල්ලන්න හොදම වෙලාව (බ)

:       0       0

රමේශ් Wednesday, 01 July 2015 05:11 AM

බලමුකෝ දැන් දෙවියෝ කාටද උදව් කරන්නේ කියලා.ජනාධිපතිවරනෙට ඉන්දියාවේ ගිහින් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. ඒක බැරිවුණා.දැන් ලංකාවේ පන්සල් දේවාල ගානේ යනවා.කට්ටිය දන්නේ නැතුව ඇති ලංකාවේ දෙවියෝ ඉන්දියාවේ අයටත් වඩා කට්ටියගෙම කැරැට්ටුව දන්නවා කියලා (නි)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:14 AM

මෙයා අාවම සමහරුන්ගේ නම් රෙදි ගැලවෙයි තමයි (බ)

:       0       0

ලාල් Wednesday, 01 July 2015 05:12 AM

මේ මිනිසුන්ට මේවට මේතරම් වියදම් කරන්නේ කවුද? පහුගිය දවස්වල දවස ගානෙම රට පුරාත් පන්සල් වලත් කළ රැස්වීම් වලට, මිනිස්සු අදින්න දාපු බස්වලට, කෑමට, බීමට මේ හැමදේකටම වියදම් කළේ කවුද? මේ තරම් ලොකු ආයෝජනයක් කරන්නේ ඇයි කියලා දැන් නම් පැහැදිලියි. ආයිත් සැරයක් ඔය ඔක්කොම වලිකන්නේ මොකටද කියලත් පැහැදිලියි. මේ අපිට තිබෙන ආදරේටනේ. එහෙම නැතුව හොරකම් කරන්න, ජාවාරම් කරන්න, බලය අයුතු විදියට යොදවා දුෂණ කරන්න නෙමෙයි. මේ මිනිස්සු අපි වෙනුවෙන් විඳින දුක් ගැන පුදුමත් හිතෙනවා (නි)

:       0       0

තරූ Wednesday, 01 July 2015 05:14 AM

ජය වේවා! (නි)

:       0       0

මංගල Wednesday, 01 July 2015 05:13 AM

කුඩ්ඩන්ට කුඩු නැතුව බැහැ වගේම හොරුන්ටත් හොරකන් නොකර ඉන්න බැහැ.ජනතාවනි, තීරණය ඔබට බාරයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 05:17 AM

උපුල්වන් දෙවිඳුනේ, චෝදනා ඔප්පු නොකර හොරා යැයි චෝදනා කරන අය ගැනත් බලාගන්න (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 05:23 AM

නිකරුනේ රටේ තිබෙන පැට්‍රල් ඩිසල් පුච්චාගෙන, මාර්ගයත් අවහිර කරගෙන නටන්න යන නාඩගමක් කියලයි මට නම් මේක පෙනෙන්නේ (නි)

:       0       0

සීලවතී Wednesday, 01 July 2015 05:32 AM

කොල්ලනේ, අපිට අද පෝය දවසෙ සිල් රෙද්ද දෙනවද? අපේ මහින්ද මහත්තයා මේ සැරෙත් ඡන්දෙ ඉල්ලනවා නේද? (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Wednesday, 01 July 2015 08:39 AM

"නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් " ඔබ කියූ සහ මෙකි නොකී සියලුම දෙනා අද ඉන්නේ යහපාලනයේ. එ්ක නිසා හරියට හොයල බලල කොමෙන්ට්ස් දාන්න. එන්.ජි.ඕ වලින් දෙන ඩොලර් වලට කඩේ යන්න එපා. (නදී)

:       0       0

ඉශාර Wednesday, 01 July 2015 05:36 AM

මහින්ද අපිට එපා (නි)

:       0       0

ධනපාල Wednesday, 01 July 2015 05:44 AM

දෙයියනේ කියලා අද කාලක් ගහලා රුපියල් පන්සීයක් අතට ගන්න පුළුවන් අපේ මහත්තයට පින්සිද්ධ වෙන්න (නි)

:       0       0

තුෂාර Wednesday, 01 July 2015 05:46 AM

සීලවතී, එයා ආපහු ආවොත් අපිට තියෙන රෙද්දත් නැතිවෙයි (නි)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 01 July 2015 05:48 AM

ධනපාලලා වගේ අය නිසා තමයි මේ වගේ අය රජවෙන්නේ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 01 July 2015 05:52 AM

අනේ! සමහරු නම් දැක්කහම කණගාටුත් හිතෙනවා. (නි)

:       0       0

විශ්ව Wednesday, 01 July 2015 05:52 AM

උපුල්වන් දෙවියන් කාගේ පැත්තද බලමුකෝ ගන්නේ (නි)

:       0       0

ඉමල්කා Wednesday, 01 July 2015 05:58 AM

මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක්‌ ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක්‌ නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික්‌ සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ. (බ)

:       0       0

විෂාන් Wednesday, 01 July 2015 08:55 AM

මේ රටේ ඉන්නේ අමු මෝඩ රැල්ලක්, ඇත්තටම පිස්සු. (බ)

:       0       0

සමීර Wednesday, 01 July 2015 06:02 AM

මේ වගේ මෝඩයෝ ඉන්න රටක්. අපේ ජාතිය ගැන පුදුම දුකක් දැනෙන්නේ. හොඳ නායකයෙක් ඉස්සරහට ගේන්න බැරි තරම් කොන්ද පන නැති ජාතියක්ද අපි. (නදී)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 06:03 AM

විජාතිකයන්ට යට නොවී රට එක්සක් කර මහින්ද රාජපක්ෂව අගමැති කර කෘත ගුණ සලකමු.(නදී)

:       0       0

චාමර Wednesday, 01 July 2015 06:09 AM

පුරවැසියන් වගේ හිතනවා නම් මෙහෙම වෙන්න විදිහක් නොමැත. යටත් වැසියන් ලෙස අපි හිතුවොත් මේක වෙන්න පුළුවන්. මහින්ද මහත්තයව ගේන්න උවමනාව තියෙන්නේ හොරුන්ට, මංකොල්ල කාරයන්ට, දුෂකයන්ට විතරයි. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 July 2015 06:19 AM

පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා.(නදී)

:       0       0

ඉසුරු Wednesday, 01 July 2015 06:22 AM

ජය ජය, ලංකාවේ එකම පැතුම මහින්ද රාජපක්ෂ.. මහින්ද නැත්නම් ලංකාවත් නැහැ ජය ජය.(නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 01 July 2015 09:15 AM

මේ හොරු රැල නැවත ගේන්න අපිට පිස්සුද? ඡන්දෙන් පස්සේ මෙයාලට ඉන්න හිටින්න තැන් නැහැ (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 01 July 2015 06:26 AM

මැදමුලනේ සිට සජීවීව ඇසල පෝදා කරමින් තිබෙන බොරුවලින් පිරුණු දේශනාව ගැන අපගේ පිළිකුල. අවුරුදු 10 ක් නොකළ දේවල් කරනවා යයි දෙන පොරොන්දු දැන් කොහොමත් ප්‍රමාදයි.(නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 01 July 2015 06:38 AM

උපුල්වන් දෙවියෝ මේ හොර නඩේට කරන දේ ළඟදීම බලගතහැකි.(නදී)

:       0       0

රංගා Wednesday, 01 July 2015 06:47 AM

අපිට දුක තමන්ගේ වැඩ පළත් පැත්තකට දාලා මේ කරන දේටයි (නදී)

:       0       0

අලි Wednesday, 01 July 2015 06:50 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු, පේන්නේ නැද්ද ඉන්නේ තනිකරම හොරුන් රැලක් කියා. අව්ලක් නැහැ ආයේ මෙයාටම දීල බලන්ඩකෝ මොනවද වෙන්නේ කියා (නදී)

:       0       0

ෆාහිම් Wednesday, 01 July 2015 06:57 AM

ජනාධිපතිව ඉන්න කාලේ කළදේවල් මදිවාට තවත් එනවා රට කන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1391 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1872 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 463 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3044 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2468 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1804 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34708 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site