IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිදෙනෙක් පණ පිටින් ගොඩට

මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක කාණුවේ සිර වී සිටි සිව් දෙනකු රෝහල් ගත කළ බවත්, ඉන් එක් අයකු මිය ගොස් සිටි බවත් පොලිසිය කියයි.

තව සේවකයෙක් පස් කන්දට යටවී සිටින්නේදැයි සොයා බලන බව සහන සේවකයෝ කියති.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

(ඡයාරූප -බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

 

සබැඳි පුවත්

මෝදර එළිහවුස් පස්කන්දක් කඩා වැටේ



අදහස් (0)

තිදෙනෙක් පණ පිටින් ගොඩට

චන්දි Monday, 30 September 2013 03:02 PM

අනේ ., අනෙක් අයත් ඒ විදියටම කිසිදු කදරයකින් තොරව ගැනීමට හැකි ''වේවා'' යනු මගේ පැතුමයි !!!(නදී)

:       0       0

රුවන් Monday, 30 September 2013 03:17 PM

බුදුසරනින්,දෙවිපිහිටෙන් අනෙක් දෙදෙනාත් නිරුප්‍රදිතව ගොඩට ගන්න ලැබේවා.!(නදී)

:       0       0

රුවන් Monday, 30 September 2013 03:17 PM

බුදුසරනින්,දෙවිපිහිටෙන් අනෙක් දෙදෙනාත් නිරුප්‍රදිතව ගොඩට ගන්න ලැබේවා.!(නදී)

:       0       0

ශාලිකා Monday, 07 October 2013 08:21 AM

කාට කියන්නද ? මේ ලංකාවනේ (නි)

:       0       0

නාමල් Tuesday, 01 October 2013 12:06 AM

මේ වැඩ කරන්නන නීති තියෙන්න ඕනෑ. මොන ජාතියකටවත් මේ රටට ඇවිල්ලා ඕනෑ විදියට වහල් වැඩ ගන්නත් රට විනාශ කරන්නත් ඉඩ දෙන්න එපා කියලා ආණ්ඩුවට තේරෙන්නේ නැත්නම් මිනිස්සු නැගිටලා කියන්න. මෙතන ළගම තියෙන ගෙදර මිනිස්සු ඉන්නවද? මේ වාර්තා කිරීම් හරි වැදගත්. (නි)

:       0       0

රොෂාන් Tuesday, 01 October 2013 12:32 AM

චින්නුන්ගේ බාල වැඩ නිසා අපේ අහිංසක මිනිස්සු නැතිවෙනවා ,පිටරටක මේක වුනා නම් කීදෙනෙක් වගකියන්න ඕනෑද? නමුත් ලංකාවේ මියගිය අය මියගියා, එච්චරයි වෙන්නේ.රස්සා නැති චීන්නු මෙහෙ ඇවිල්ලා වැඩකරනවා ,අමාරු භයානක වැඩ වලට අපේ මිනිස්සුන්ව දානවා,කිසිම වන්දියක් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

දේවක ෂනේෂ් Monday, 30 September 2013 04:04 PM

අනේ ., අනෙක් අයත් ඒ විදියටම කිසිදු කදරයකින් තොරව ගැනීමට හැකි ''වේවා'' යනු මගේ පැතුමයි !!!(නදී)

:       0       0

දොන්සේතං Tuesday, 01 October 2013 12:48 AM

චී..චී..චී... චීනාගේ වැඩ ඔහොම්මම තමයි . මේකෙන් කී දෙනෙකුගේ ජීවිත අහිමි වුනාද? චීනාට මොකද? අපට තමයි හැම අතින්ම පාඩු. (නි)

:       0       0

රුවන් Saturday, 05 October 2013 01:53 PM

අසරණ මිනිස්සු ...(නදී)......

:       0       0

සරත් Monday, 30 September 2013 05:03 PM

කෝ "අත්තිවාරම් මුක්කු"? ඒවා නැතුව වැඩ කරන්න එපා (නි)

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 05:08 PM

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අකරතැබ්බයට මූහුණ පා සිටින අයට ලැබේවා! (නි)

:       0       0

ගුණරත්න Monday, 30 September 2013 05:14 PM

පේනවද මේ වල ඇතුලේ ඉන්න කට්ටිය? මේ කට්ටිය ඉන්නේ කොපමණ අනතුරකද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. (නි)

:       0       0

විබුති Monday, 30 September 2013 05:25 PM

බුදු සරණයි දෙවි පිහිටයි නෙමෙයි.වැඩක් කරනකොට ගතයුතු ආරක්‍ෂිත ක්‍රමවේදයන් ගැනීමට දැන්වත් උනන්දු වෙමු. (නි)

:       0       0

කහවිට සම්පත් Tuesday, 01 October 2013 06:00 AM

ඉතාමත් අනාරක්ෂිත ආකාරයට මෙම කාර්යය කර් ඇති බව මගේ අදහසයි. මෙවන් ගැඹුරු කැනීම් කරන විට පස් කඩාවැටීම් සිදුවන බව ඉන්ජිනේරු මහත්වරුන්ට අලුතින් කියාදිය යුතු දෙයක් නොවේ. අනෙක කම්කරුවන්ද මෙවැනි අනාරක්ෂිත වැඩ වල නොයෙදීමට වගබලාගත යුතුයි. වැඩිහිටියනි, දරුවනි මෙය මතක තබාගත යුතු පාඩමක්. (නි)

:       0       0

සංජීව Monday, 30 September 2013 05:34 PM

ඉදිකිරීමේදී භාවිතා කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන නැහැ වගේ. (නි)

:       0       0

ටිරල් Monday, 30 September 2013 05:34 PM

පැති ආධාරක මොකුත් නැහැ වගෙයි.කෝ ආරක්ෂාව? (නි)

:       0       0

අරුණ Monday, 30 September 2013 06:32 PM

මමත් දැන් අවුරුදු 13ක් රට.ඔය චීන ආයතන මිනිස්සු ගැන කිසිම බැලීමක් නැති ජාතියක්. (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 30 September 2013 06:34 PM

ඔන්න චිනගේ හපන්කම්. පේනවනේ කිසිම සැළකිල්ලක් නැතුව වැඩ කරලා තියෙන විදිය.කිසිම කෙනෙක් මුලික ආරක්ෂාව ගැන හිතලා නැහැනේ. අනෙක් අයත් ඒ විදියටම කිසිදු කරදරයකින් තොරව ගැනීමට හැකි වේවා! (නි)

:       0       0

නීල් රණා Tuesday, 01 October 2013 08:07 AM

ඉංජිනේරු භූ විද්‍යාව, භූ තාක්ෂණ ශිල්පීය ක්‍රමවේද, වැඩබිම් අනතුරු ආරක්ෂන යාන්ත්‍රන ලංකාවේ අයට දවල් හීන විතරයි. මොඩිෆයි කළ කොමියුනිස්ට් චීනයේ වහල් සේවයෙන් නිපදවන වැඩකට නැති බාල නිෂ්පාදන මගින් ලෝකයේම වෙළඳපොල විනාශ කරනවා මදිවට එයින් උපයන මුදල් අතිරික්තය යොදාගෙන චීනුන් ලොව පුරා පැතිරෙනවා. ඔවුන්ගේ ආර්ථික, දේශපාලන හා යුධ ශක්තිය දැන් ලෝකෙටම තර්ජනයක්. චීන කලු සල්ලි වලින් ලංකාවේ සිදුකරන අවිධිමත්, ජනතාව ඉල්ලන්නේ නැති බොරු සංවර්ධනයට අවසන් තිත තියන්න කාලය ඇවිල්ලා. මේවායින් වෙන්නේ අපේ අනාගත පරපුර නිකරුනේ ණයකරුවන් වීම සහ දේශපාලකයින්ගේ හා ඔවුන්ගේ ගෝලයන්ගේ මඩිතරකර ගැනීම පමණයි. (නි)

:       0       0

සෙන්තිල් Monday, 30 September 2013 06:53 PM

දෙවියනේ,මේ චීන සමාගමේ වැඩ කරන්න සිංහල අය හැරෙන්න වෙන ජාතිකයෝ නැද්ද? (නි)

:       0       0

ටෙනිසන් Monday, 30 September 2013 06:55 PM

මේක හදිසි අනතුරක් නොවෙයි. අනියම් මිනීමැරුමක්.කෝ මේ මිනිසුන්ගේ ආරක්ෂාව?කිසිම දෙයක් නැහැ. එනිසා සියල්ලන්ට මින් ඉදිරියටවත් පාඩමක් ඉගෙනගන්න උපරිම දඩුවම් දියයුතුයි (නි)

:       0       0

සුනිල් ජයතිස්ස Monday, 30 September 2013 07:14 PM

ඔබ හරි ටෙනිසන්(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 30 September 2013 07:19 PM

පුදුම හැරීල්ලක් හාරලා තියෙන්නේ. වැස්ස නැති හින්දම හොඳයි. වැස්සක් එහෙම ආවානම් පෙනෙන්න තියෙන ගෙවල් ටිකත් කාණුවේ.චීනාට මොලයක් නැද්ද මුහුදුබඩ ආශ්‍රිත වැලි පසක් තියෙන බව.ආරක්ෂාව නම් අන්තිමයි. (නදී)

:       0       0

චාමිකර Monday, 30 September 2013 07:21 PM

ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

ඩයස් Monday, 30 September 2013 07:22 PM

චීන සමාගමට විරුද්දව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කරන්ඩ. කිසිම අන්තර්ජතික ආරකෂක ක්‍රම වේදයක් බාවිතා කරලා නැහැ.(නදී)

:       0       0

ප්‍රභාත් Tuesday, 01 October 2013 09:36 AM

මේ වගේ දේවල් වෙන්නේ මෙහෙන් පත් කරලා ඉන්න ඔය තැන් වල ඉන්න ලොක්කන්ගෙ වරදින්, ඒගොල්ලෝ ප්රෝෆිට් පෙන්නන්න ගිහින් , වැඩ කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව බල්ලට දාලා වෙන වැඩ මේ. (ස)

:       0       0

සරත් Tuesday, 01 October 2013 10:06 AM

හැරගිය අයට නිවන් සුවත් අනෙක් යට ඉක්මන් සුවයත් පතමි. ඉංජිනේරු විද්‍යාවේ "සොරින්" ක්‍රමය තියෙන්නේ ඔවැනි තැන වලදී ප්‍රයෝජනයට ගන්න. වියදම් අධික නිසා මේ ක්‍රමයෙන් අදාල පාර්ශවය බැහැර වෙන්නැති. නමුත් දැන්වත් හිතන්න........ (ස)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 10:12 AM

බලන්න චිනගෙයි, සුද්දගෙයි වෙනස? (ස)

:       0       0

රුචිර ඩුබායි Tuesday, 01 October 2013 10:16 AM

ආයතනය අයත් වන්නේ චීන සමාගමකට උනත් ඒවායේ වැඩ කරන්නේ අපේ රටේ උසස් තාක්ෂණික ආයතන යටතේ අධ්‍යාපනය ලද තාක්ෂණික නිලධාරින්ය. එමනිසා මේවාට එම නිලධාරීන් පළමුව වගකිව යුතුය. තමන් ලද දැනුම ප්‍රයෝගිකව නොකිරීම තමා මුලික වැරැද්ද. තවද ලංකාව වැනි තෙතමනය සහිත පස් කාණු කැපීම ආදී තුනකට වැඩ කපන කොට ගමේ මේසන් බාස් උනත් පැති ලෑලි පාවිච්චි කරන කොට අපේ රටේ තෂණික නිලධාරීන්ගේ දැනුම මොකටද කියා සිතේ. (ස)

:       0       0

මිනිපෙ Monday, 30 September 2013 08:03 PM

අනතුර ගැන මගේ කම්පාව. අපේ රටේ ලොකු රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. බලන්න, මෙතෙන කොපමණ මිනුසුන් කණ්ඩායමක් වටවී බලාගෙන ඉන්නවද කියලා.(නදී)

:       0       0

සමාධි Tuesday, 01 October 2013 10:17 AM

පොඩි කාලේ අම්මා කියනවා ඉගෙන ගන්න කියලා.දැන් සමාජෙ ළමයින් හිතන්නේ ගොඩක් පිට පළාත් වල. යන්තම් ඕලෙවල් කර අතට සල්ලි කියක් හරි හොයා ගන්න පුළුවන් නම් ඒක ලොකුම දේ කියලා.ඇත්තටම ගෙදර දෙමාපියන්ට සල්ලි නැති අසරණ කෙනෙක් මිසක්.උවමනාවක් නැතිව ජිවිතේ ඉගෙනීම අඩාල කරගෙන මේ වගේ භයානක්, අනතුරු දායක රැකියාවලට එන එක ලොකුම වරද.පේන හරියට මේ ගොඩක් අඩු වයස් කම්කුරුවන් ටිකක්.අපිට නිදහස් අධ්‍යාපනය ඇති රටක්.ගුරුවරු ලමයින්ව පාසල් වල රඳවා ගන්න උත්සහ කල යුතුයි.. (ස)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Monday, 30 September 2013 08:08 PM

මේ විදියට කාණු කපනවද ? කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන සත පහකට මායිම් කර නැති බව ඡායාරුප වලින් පේනවා. පළමුවෙන්ම මෙහි ඉන්ජිනේරුවා අත්අඩංගුවට ගන්න ඕන .චිනාගේ වැඩ කොහොමද කියල මෙයින් තේරුම් ගන්න පුළුවන්. මමත් වසර 10 ක් ඉතාලියේ මේ රටවලුත් නැති කරලා තියෙන්නේ ඔය චීනා ....එයාලගේ වැඩත් මල් වෙඩි වගේ තමයි .පත්තු උනාට පස්සේ පුස් .,,.- (නදී)

:       0       0

පද්මසිරි Monday, 30 September 2013 08:56 PM

මෙවැනි වැඩ බිමක පිලි පැදිය යුතු පුද්ගලික ආරක්ෂාව සහ ආරක්ෂක ක්‍රමවේද කිසිවක් නොමැතිව වැඩ බිම පවත්වාගන යාම නිසා මෙම අනතුර සිදුවී තිබෙන්නේ. පුහුණුවලත් වැඩබිම් ආරක්ෂක නිලධාරීන් අනිවාර්යෙන් මෙවැනි වැඩ බිම් අධීක්ෂණය හා සේවකයන් දැනුවත් කිරීම අත්‍ය අවශ්‍යයි.(නදී)

:       0       0

සාලිය Monday, 30 September 2013 08:57 PM

මුක්කු නැ නේ චීනා... මමත් ගිහින් තියනවා ඔය තැනට මිනිස්සු දෙන්නෙක්ගේ විතර උසයි... අනිවාර්යෙන්ම අර්ත් වර්ක් සපෝට් t ඕනේ. මම ඒ හිටපු ඉංජිනේරු මහත්තයාගෙන් අහුව්වම එව්වා ඕනේ නැහැ කිව්වා.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 01 October 2013 10:48 AM

සමහර ආයතන වැඩ කරන මිනිසුන්ගේ ආරක්ෂාව ගැන උනන්දු වෙන්නේ නැහැ. මොනව හරි බොරුවක් කියලා බේරෙනවා .කොහොම උනත් ඒ අහිංසක මියගිය මිනිසුන්ට වන්දියක් ගෙවිය යුතුයි. (ස)

:       0       0

සෑම් දි සිල්වා Monday, 30 September 2013 09:05 PM

කෝ අත්තිකාරම් මුක්කු ? මේවට නිසි නීති පනවන්න. (නදී)

:       0       0

සරත් Tuesday, 01 October 2013 10:59 AM

රුචිර-ඩුබායි, අපේ රටේ අය ඔය තැන්වල (ඉංජිනේරු කාර්යයන්) රාජකාරි කලාට, ඒ අයට බ්.ඔ .කිව්. එකෙන් පිට කරන්ඩ බැහැ නොගෙවන නිසා. ඒක නිසයි මම කියන්නේ සම්පුර්ණයෙන්ම වගකීම තියෙන්නේ චීන සමගම අතේ කියලා. (ස)

:       0       0

සශිමාල් Tuesday, 01 October 2013 11:07 AM

සැමටම බුදු සරණයි!!! ඉක්මන් සුවය ලැබේවා!!! (ස)

:       0       0

පිටිගල Monday, 30 September 2013 09:37 PM

අපේ වැඩ බිම් වල නම් "සේෆ්ටි ෆස්ට්" කියල වැඩකරන මිනිසුන්ගේ ආරක්ෂාවට විශාල වැඩ කොටසක් කෙරෙනවා. අනතුරු වර්තාවීම් වෙන්නෙම නැහැ හැබැයි ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වියදම් දරන්න ඕන වැඩබිම අයිති ආයතනයෙන්. ඒවාට නීති තියෙන්නත් ඕන. අපේ රටේ නීති ගැන කතා කරලා වැඩක් නැහැ..(නදී)

:       0       0

මධු Tuesday, 01 October 2013 05:29 PM

තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 836 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 373 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 547 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1848 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1878 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 851 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22532 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22493 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site