IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තනිකඩ පෙම්වතාගේ ආත්ම විලාපය

siri-yahane

සිරි යහනේ  ලණු ඉහිරි

සුසුම්  හෙළන රැ

මකුළු දැලෙන් සිරි සිරියේ

වියන් බඳින රැ

යට ලීයෙන්  නාරිලතා 

මල් පුදින්නේ............

 

සඳෙන්  සඳට  මුවාවෙලා

කල දවසත් ගෙවී  ගිහින්

 නෙතට  නුහුරු කඳුළු බින්දු

පැදුරට  මුහුවෙලා  හොරෙන්

යට ලීයෙන්  නාරිලතා 

මල් පුදින්නේ......

 

යහන තලා සැප විඳිනා

පලදී  නැතුවා පෙර පින්

මාල වළලු නොනිත් අයට

අප අමතක වෙලා  ගිහින්

යට ලීයෙන් නාරිලතා

මල්  පුදින්නේ....

 

ගී පද - ලුෂන් බුලත්සිංහල

සංගීතය - එච්.එම්.ජයවර්ධන

ගායනය - එඩ්වඩ් ජයකොඩි

 

අවිවාහක තරුණයකුගේ  සංවේදී  ආත්ම ප්‍රකාශනය ගීතයේ  අන්තර්ගතය යි. අද්‍යතන සමාජයේ  රැකියා  වියුක්තියෙන්  ආර්ථික අහේනියෙන් පීඩාවට පත්වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ විවාහය කල්ගත වන්නක් වී තිබේ. නිසි කල වයස ද පසුවී  විවාහ වීමට  නොහැකි ව පිඩනයෙන් ළතැවෙන එබඳු කථකයෙක්  සිය හැඟීම්  මේ ගීතයෙන්  පළ කරයි. ගීතයේ  ස්ථායි  කොටසෙහි  අපුරු කාව්‍යෝක්තියක්  සුවිශද වෙයි. ලණු  ඉහිරුණු ඇඳක උඩුබැල්ලෙන් දපා  සිටින තනිකඩයෙක්  රාත්‍රියට  මුහුණ දී සිටියි.

 

සිරි යහනේ  ලණූ ඉහිරි

සුසුම්  හෙළන රැ

මකුළු දැලෙන් සිරි සිරියේ

වියන් බඳින රැ

යට  ලීයෙන්  නාරිලතා

මල් පුදින්නේ......

 

මේ  තනිකඩයාගේ  සිරි යහනේ  ලණු  ඉහිරි සුසුම්  හෙළයි. ද්‍රරිද්‍රතාවෙන්  පෙළෙන ඔහුට  සිරි යහනක් කොහින්ද? ඔහු සතු ලණු ඇඳ සිරි යහනක් කොට  දැකීම වත්මන්  අවිවාහක තරුණ පරපුරේ ඛේදවාචකය. උත්ප්‍රාසාත්මකව කවියට  නැඟිමකි. ඒ උත්ප්‍රාසය වඩා තීව්‍ර වු  කාව්‍යමය ප්‍රකාශනයක් බවට  පත්වන්නේ  සිරි යහනේ  ලණූ  ඉහිරි සුසුම්  හෙළන බව කී  මෙනි. එය නාම පද ක්‍රියාපද එක්ව සෑදෙන රූපයකි. කථකයාගේ  ආත්මය වටා  පැතිර පවත්නා  දුක ශෝකය හා  වේදනා  අන්ධකාරය එයින්  අතිශය  ප්‍රබල ලෙස නිරූපණය කිරිමට  රචකයා සමත් වේ.

මකුළු දැලෙන්  සිරි සිරියේ  වියන්  බැඳිම ද තවත්  එබඳු  ප්‍රබල තියුණු සංකේතාත්මක යෙදුමකි. කථකයා  කෙරෙහි  කුටුම්බයක්  පිළිබඳ වන අපේක්ෂාව  සහ එම අපේක්ෂාවල  අවිනිශ්චිත භාවය ද ඉන් ගම්‍ය  කෙරේ. මේ ගීය පුරාම ගලා  යමින්  ගීතයේ  සමස්ත අන්තර්ගතය අති ප්‍රබල ලෙස පෝෂණය කරන  සංකේතාත්මක යෙදුමක්  ද ඉන්පසු  අපට  හමුවේ. යට ලීයෙන් නාරිලතා  මල් පීදිම බහු  අරුත්  ජනනය කරන සංකේතයකි. ස්ත්‍රී රූපකයක්  කථකයාගේ  භාව ලෝකය තුළ මැවි  ඒම ස්ත්‍රී  රූපකය පිළිබඳ ඔහුගේ  ලෝලිතාව ස්ත්‍රීයක සම්බන්ධයෙන්  ඔහු තුළ පවත්නා බලාපොරොත්තුව එයින් තියුණුව නිරූපණය කෙරේ.

නාරිලතා  මල්  පිපීම භාවික හැඟුම් දනවන යෙදුමකි. හිමාලයේ  තවුසන්ගේ ද දැහැන්  බිඳීමට නාරිලතා  මල්  සමත්  වු බව පුරාණෝක්තිවල කියැවේ. ස්ත්‍රී රූපයට  සමාන ස්වරූපයක්  ගන්නා  නිසාත් , ස්ත්‍රී  සෞන්දර්යය නිරූපණය වන නිසාත්  නාරිලතා  පුෂ්පය පුරුෂයන්  තුළ ආකර්ෂණයක්  ඇති  කිරිමට  සමත් වේ. තමාගේ  කල දවස ගෙවී  යෑම පිළීබඳ වන වේදනාව ද ඒ පිළිබඳ ඔහු රහසේ කඳුළු සලන බව ද ඒ කඳුළු ඔහු වැනි පීඩිතයන්ගේ  නෙතට  නුහුරු  බව ද ඉන්  විද්‍යමාන වේ.

 

සඳෙන්  සඳට  මුවාවෙලා

කල දවසත්  ගෙවී  ගිහින්

නෙතට  නුහුරු කඳුළු බින්දු

පැඳුරට  මුහුවෙලා  හොරෙන්

යට  ලීයෙන් නාරිලතා

මල් පුදින්නේ....

තම දුප්පත්කම ස්ත්‍රියකගේ ප්‍රේමය නොලැබි  යෑමේ  ඛේදවාචකය කථකයා  දෙවැනි  අන්තරා කොටසෙන් හෙළිදරවු  කර සිටියි. එහිදි තමන්  මේ  තත්ත්වයට  පත්වුයේ  පෙර  පින් නැතිවිමේ  අභාග්‍යය  නිසා  බවද කියා පායි. මෙනයින්  තමන්ට  කායිකව සංතෘප්ත විමේ  අවස්ථාව නොලැබුණු බවද සම්භෝග ශෘංගාර  රස අහිමි වු  බවද ප්‍රකාශ කරයි. ඒ සඳහා  රචකයා  යොදා ගෙන ඇති  යහන් තලා  සැප විඳිමින්  යන යෙදුම ගැමි වහරේ අපුර්වත්වය මේ ගීයට  කදිම ලෙස යොදාගත්  බවට සාක්කියකි. ඖචිත්‍යයෙන් අනුන ඒ බස රූපකාර්ථවත්ය. සිරි යහනේ   ලණූ ඉහිරී සුසුම්  හෙළීම , යට  ලීයෙන් නාරිලතා  මල් පීපිම , සඳෙන්  සඳට  මුවාවෙලා කල දවස ගෙවි යෑම එබඳු  රූපකාර්ථභාව ප්‍රයෝග වේ. අද්‍යතන  සමාජයේ  කාලීන ප්‍රශ්නයක්  වඩාත්  සංයමශිලි කථන ස්වරූපයකින් සංවේදීව කියා පෑමට  මෙහිදී  ලුෂන්  බුලත්සිංහ නමැති  ප්‍රතිභාපුර්ණ ගේය පද රචකයා  සමත් වේ.

ශෝකය උපදින්නේ  තමාට  අවශ්‍ය යම්  දෙයක්  නැති  වීමෙනි. නැති  බැරියාව, අහිමියාව, නොහැකියාව ශෝකයට  හේතුය. සාහිත්‍යයට හා  කලාවට  බහුල ලෙස ම විෂය වන්නේ  මේ ශෝකයයි. සාහිත්‍යයෙහි  හා  කලාවෙහි  මුඛ්‍යරසය ලෙස කරුණරසය පවත්නා  බව කීයේ එහෙයිනි. පුරුෂයන්ට තමා පතන ලියන් ද ස්ත්‍රීයන්ට තමා පතන පුරුෂයන් ද නොලැබීම ඉහත කී  වියෝගයේ  ම කොටසකි. සිරි යහනේ ලණූ  ඉහිරි  නමැති  ගීතය ලුෂන්  බුලත්සිංහලයන්ගේ ගීත කලාවේ  සාධනීය පාර්ශවය නිරුපණය කරන කැඩපතක්  බඳුය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

තනිකඩ පෙම්වතාගේ ආත්ම විලාපය

රසික Friday, 22 January 2016 08:06 AM

"සිරි යහනේ ලණු ඉහිරී" ගීතය හරිම රසවත් ආකාරයට විචාරය කර තිබෙනවා.(හේ)

:       0       0

රසික Friday, 22 January 2016 08:06 AM

"සිරි යහනේ ලණු ඉහිරී" ගීතය හරිම රසවත් ආකාරයට විචාරය කර තිබෙනවා.මේ විචාරක මහත්තය සුබාවිත ගීත විතරක් තෝරාගැනීම සතුට දනවන කරුණක්.ඔබට ජය (ම)

:       0       0

චාන්දනී Friday, 22 January 2016 08:43 AM

හරිම ලස්සන සින්දුවක්.හොඳ විචාරයක්.ලංකාදීප වෙබ් අඩවියට ප්‍රණාමය (හේ)

:       0       0

සමීර Friday, 22 January 2016 09:06 AM

මෙබඳු ගීත විචාර පළ කිරීමන් රසික මනස දැනුමන් පෝෂණය වෙනවා.(හේ)

:       0       0

සෙනෙහෙලතා Friday, 22 January 2016 01:12 PM

මෙවැනි රසවත් ලිපියක් පළකළාට ස්තූතියි (නි)

:       0       0

ගාමිණී Saturday, 23 January 2016 05:03 PM

මේ විචාරක මහතාගේ භාෂා ඥානය ඉතා ඉහළ තැනක තිබෙන බව පෙනෙනවා. ඔහු ඉතා අපුරු ලෙස ගීතය රසවින්දනය කරනවා. (නි)

:       0       0

චාන්දනී Friday, 22 January 2016 01:16 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

කෝසල Saturday, 23 January 2016 05:53 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 251 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1366 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1536 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 542 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1745 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1791 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24401 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site