IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තනිකඩ සේවකයන්ට ප්‍රතිකාර කරන්න මෙසායිමීර් හි අලුත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

Health

 

මෙසායිමීර් හි අලුතෙන් ආරම්භ කරන ලද සේවකයන් සඳහාම පමණක් වූ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මසකට රෝගීන් 32,000 කට ප්‍රතිකාර ලබාදීමේ පහසුව ඇත.


මෙම මධ්‍යස්ථානය තුළ වෛද්‍ය කොමිසමේ ඒකකයක්ද ස්ථාපිත කර ඇති නිසා මසකට විදෙස් සේවකයන් 11,000 ක් පමණ අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණයට භාජන කිරීමට හැකිය.


මෙසායිමීර් කම්කරු වෛද්‍ය මධ්‍යස්ථානය සහ ඊට අනුබද්ධ වෛද්‍ය කොමිසමේ ශාඛාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හනාන් මොහොමඞ් අල් කුවාරි විසින් විවෘත කළ අතර අමාත්‍යාංශයේ සහ කටාර් රතු අඩසඳ සමාජයේ නිලධාරීන් රැසක්ම එම අවස්ථාවට සහභාගි විය. මෙය තනිකඩ විදෙස් සේවකයන් සඳහාම වෙන්වූ දෙවැනි සෞඛ්‍ය මධ්‍යස්ථානය වන අතර අමාත්‍යාංශය සමග අස්සන් තබා ඇති ගිවිසුමකට අනුව කටාර් රතු අඩ සංවිධානය විසින් එහි පරිපාලන කටයුතු සිදුකරනු ඇත. මෙහිදී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා කටාර් රාජ්‍ය, සමස්ථ ජනගහණයටම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැළසීම කැපවී සිටින අතර විදෙස් සේවකයන්ටද උසස් ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව පැවැසීය.


සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය මධ්‍යස්ථාන, නවීන රෝහල් 3 ක් සහ වෛද්‍ය කොමිසමේ ශාඛා කිහිපයක් ඇතුළු ව්‍යාපෘති රැසක් ස්ථාපිත කර ඇති අතර ඉහත මධ්‍යස්ථානය එම ව්‍යාපෘතිවල තවත් එක් පියවරක් බවද ඔහු පෙන්වා දුන්නේය.


මෙම මධ්‍යස්ථානය පොදු සායන 12 කින් මෙන්ම සේවාස්ථාන වෛද්‍ය සායන, අභ්‍යන්තර වෛද්‍ය, අක්ෂි, උගුරු, කණ සහ නාසය, නිධන්ගත රෝග, සම, හෘද රෝග, පෙනහළු රෝග සහ දන්ත වෛද්‍ය සායන 5 කින් ද සමන්විතය.



අදහස් (0)

තනිකඩ සේවකයන්ට ප්‍රතිකාර කරන්න මෙසායිමීර් හි අලුත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 508 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2046 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2463 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3813 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site