IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තෙන්ඩුල්කාර්ට 100 වැනි ශතකය අහිමි වෙද්දී ඉන්දිය පිලට ඉනිමක පරාජයක්

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 68 ක පහසු ජයක් ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම  ඕස්ටේ‍්‍රලියානු පිල තරග 2-0 ක් ලෙස ජය ලැබිය. තරගයේ සිවුවැනි දිනය වු අද (6) ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලේ දෙවැනි ඉනිම ලකුණු 400 කට සීමා විය. බෙන් හිල්පෙනස් ලකුණු 106 කට කඩුලූ පහක් ලබා ගනිමින් ඉන්දිය දෙවැනි ඉනිමේදී වඩාත්ම සාර්ථක වු  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නා විය. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට සිය ක‍්‍රිකට් දිවියේ 100 වැනි ශතකය යළිත් වරක් අහිමි වෙමින් ලකුණු 80 කට දැවී ගියේය. තෙන්ඩුල්කාර් සහ වී. වී. එස්. ලක්‍ෂමන් (66) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක සම්බන්‍ධතාවක් පැවැත්වුහ. සිවුවැනි කඩුල්ලෙන් පසුව ඉන්දිය පිලේ සෙසු කඩුලූ හයම ලකුණු 129 කදී ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වුහ. මෙම තරගයේදී ත‍්‍රිත්ව ශතකයක් ලබාගත් මයිකල් ක්ලාක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඉන්දියාව පළමු ඉනිම 191 (විරෙන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 41, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 57, ජෙම්ස් පිටින්සන් 43/4, බෙන් හිල්පෙනස් 51/3, පීටර් සිඞ්ල් 55/3) සහ දෙවැනි ඉනිම 400 (ගෞතම් ගම්බීර් 83, රාහුල් ද්‍රාවිඞ් 29, සචින් තෙන්ඩුල්කාර් 80, වී.වී.එස්.ලක්‍ෂමන් 66, රවිචන්ද්‍රන් අස්වින් 62, සහීර් ඛාන් 35, බෙන් හිල්පෙන්හස් 106/5, පීටර් සිඞ්ල් 88/2) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පෙන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 ) තෙන්ඩුල්කාර්ගේ  දවා ගත් මයිකල් ක්ලාක් ප‍්‍රීතියෙන්..........    



අදහස් (0)

තෙන්ඩුල්කාර්ට 100 වැනි ශතකය අහිමි වෙද්දී ඉන්දිය පිලට ඉනිමක පරාජයක්

අනුර Friday, 06 January 2012 09:46 PM

විශිෂ්ඨටයි ඕස්ට්‍රේලියා, ඉන්දියාවෙ ගෙදර යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 42 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 171 0

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 152 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 483 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනකු අල්ලයි
2025 අප්‍රේල් මස 23 2015 3

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 180 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 628 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site