සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත යුතු යයි ඉන්දියාවේ හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයෝ පවසති. ඇතැමුන් පවසන්නේ තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් සහභාගි විය යුතු බවයි.
තෙන්ඩුල්කාර්ගේ සමකාලීනයකු වන ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු නිලධාරීන්ගේ බලපෑම මත, එක්දින තරග බිමෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් කී‍්‍රඩා කිරීමට තීරණය කිරීමත් සමගින් තෙන්ඩුල්කාර්ගේ කි‍්‍රකට් අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය වඩාත් උත්සන්න වී තිබේ.
කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේදී අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කරන ලද පොන්ටිං එක්දින තරග බිමෙන් සමුගත්තේය. මෙම තත්ත්වය විශ්ලේෂණය කරන හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ගේ එඩිතර තීරණයෙන් ඉන්දියානුවන් පාඩමක් ඉගෙන ගත යුතු බවයි.
සමහරවිට ඔහුගේ කාලය හරි ඇති. සෑම කී‍්‍රඩකයෙක්ටම ඔහුගේ කාලයක් තිබෙනවා. දැන් වයස ඔහුගේ පැත්තේ නොවෙයි” යයි ලෝක කුසලානය පළමුවෙන්ම ඉන්දියාවට දිනා දුන් කපිල් දේව් පැවසීය.
1989 දී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සචින් තෙන්ඩුල්කාර් අපේ‍්‍රල් මාසයේදී 39 වැනි වියට පාතබයි. ටෙස්ට් ශතක 51 ක සහ එක්දින ශතක 48 ක හිමිකරුවකු වුවද තමාගේ 100 වැනි අන්තර්ජාතික ශතකය ලබාගැනීමට තෙන්ඩුල්කාර් දැඩි උත්සාහයක නිරතව සිටී. දැන් පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ තරග 5 කදී තෙන්ඩුල්කාර් මෙතෙක් රැස්කර ඇත්තේ ලකුණු 90 ක් පමණි.
තමන් ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නේ එක්දින තරග වලටද නැත්නම් ටෙස්ට් තරග වලටද කියා සචින් තීරණය කළ යුතුයි” යයි හිටපු නායක සව්රව් ගංගුලි පැවසීය.
කෙසේ වෙතත් ඉන්දීය තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු යයි තමන් නොසිතන බව සව්රව් ගංගුලි කියයි.
ඒක නම් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඔවුන් කිසිවෙක් සචින් ඉදිරියේ කෙළින් හිටගෙන ‘මේ බලන්න පුංචි වීරයෝ, දැන් නම් ඔබ යායුතුයි’ කියන්නේ නෑ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ” යයි ගංගුලි පැවසීය.
මේ අතර ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත විසින් පවත්වන ලද මත විමසුමකදී ඊට සහභාගි වූ 47,000 දෙනා අතුරින් 57% පවසා ඇත්තේ සචින් එක්දින තරග බිමෙන් සමුගත යුතු බවයි. තවත් 41% දෙනෙක් සචින් දිගටම එක්දින තරග බිමේ රැඳී සිටිය යුතු යයි කීහ.
සචින්ගේ මීලග තරගය ලබන ඉරිදා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි පිටියේදී පැවැත්වෙයි. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තරගය 28 වැනිදා හොබාර්ට්හිදී පැවැත්වෙයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙන්ඩුල්කාර් සමුගත යුතුයයි
අපරණා Friday, 24 February 2012 10:28 AM
විශිෂ්ටයෝ සමු ගන්නේ තවත් විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්න තියෙද්දී, එක තම විශිස්ටකම කියන්නේ
faru Friday, 24 February 2012 10:29 AM
මම සචින් ගැන ආඩම්බර වෙනවා..