IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තුන්දෙනාම වැලිකඩ රෝහලේ

බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජයත් සමග එතෙර ගිය බැසිල් පසුව ප්‍රකාශ කළේ ප්‍රතිකාර සඳහා ගිය බවයි. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු මහේස්ත්‍රාත්ට කරුණු කීහ. ඔහු සමග රිමාන්ඩ් භාරයට පත් කළ ආර්ථික අමාත්‍යංශ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයසිංහ හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් රණවක ද බන්ධානාගාර රෝහලට මාරු කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

තුන්දෙනාම වැලිකඩ රෝහලේ

අබියා Thursday, 23 April 2015 05:39 AM

ඔක්කොම ලෙඩ්ඩුද? නියමයිනේ. සාමාන්‍ය මිනිහෙකුට නම් අබ සරණයි. (ස)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 23 April 2015 05:53 AM

මෙතරම් අසාධ්‍ය ලෙඩ්ඩු තුන්දෙනෙක්ද මේ රටේ ආර්ථිකේ පාලනේ කලේ (ස)

:       0       0

සෑම් Thursday, 23 April 2015 06:01 AM

ජරාව කාල කාල බඩේ අමාරුව හදාගෙන.... (ස)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 23 April 2015 06:09 AM

ලෝකේ බොරු කළාම රට සහ නීතිය (දේශපාලකයෝ ඉන්න රට) එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි (ස)

:       0       0

ශාන් Thursday, 23 April 2015 06:10 AM

ඔක්කොම හොරුන්ට ඕක තමා වෙන්නේ. හොරකම් කරනකොට හොදයි, ඇල්ලුවම ලෙඩ වෙනවා. අපේ සල්ලි ගහන කාලේ කිසිම ලෙඩක් නෑ. (ර)

:       0       0

නානායක්කාරන් Thursday, 23 April 2015 06:17 AM

බොරු ලෙඩ. බලේ ඉන්නකොට කිසි ලෙඩක් නැතුව, දැන් බොරු ලෙඩ පෙන්නනවා. (ර)

:       0       0

උපුල් Thursday, 23 April 2015 06:24 AM

හිරේ දැම්මම හැදෙන්නේ මොන අමාරුව ද? එ්කට බෙහෙත් වැලිකඩ ම තිබ්බනම්... (ර)

:       0       0

සුනිල් ගිකියන්ගේ Thursday, 23 April 2015 06:26 AM

අනේ ඔය රෝහලේ ඉන්න වියදම් කරන සල්ලිත් අපේ සල්ලි. ඔන්න ඔහේ ඉන්න අරින්න අනේ. (ර)

:       0       0

ලංකාප්‍රිය Thursday, 23 April 2015 06:28 AM

බලයේ සිටියදී කළ දේවල් වලට යන්න වෙන්නේ බන්ධනාගාර රෝහලට නම් නෙමෙයි. (නි)

:       0       0

කමණි Thursday, 23 April 2015 06:45 AM

අනේ අප්පේ! බලයේ සිටියදී කිසිම ලෙඩක් මෙයාලට තිබුනේ නැහැ නේද? එකපාරටම මොකද වුණේ? (නි)

:       0       0

රවී Thursday, 23 April 2015 06:48 AM

මේ මහත්වරු තුන්දෙනා සදහා සාධාරන නඩු විභාගයක් පැවැත්විය යුතුයි. ඔවුන්ගේ නිර්දෝෂීබාවයට කරුණු කීමට ඉඩ දියයුතුයි. මේ ගොල්ලෝ වැරදිකාරයෝ වුණොත් උපරිම දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

යසිරු Thursday, 23 April 2015 06:51 AM

එතකොට මේ හොඳට 'ෆිට්' එකේ ඉන්නේ සාමාන්‍ය මහජනතාව විතරක් වෙන්න ඇති. මේ අය ඔක්කොම ලෙඩින්. (නි)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 06:59 AM

දඩයම සහ වරදට දඬුවම වෙනස වැදගත්. (ස)

:       0       0

මාතර Thursday, 23 April 2015 07:07 AM

තුන්දෙනාටම බෝවෙන රෝගයක් තිබිලා තියෙන්නේ. (නි)

:       0       0

නවුෆල් Thursday, 23 April 2015 07:09 AM

ඇයි දේශපාලකයෝ බන්ධනාගාරයට ගියාම ලෙඩවෙන්නේ? පුදුම විහිළුවක්නේ මේක (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 23 April 2015 07:15 AM

අපි නම් ගියොත් බන්ධනාගාරේ... උතුමන් ගියොත් රෝහල්බාරේ ... (නි)

:       0       0

සොපී Thursday, 23 April 2015 07:25 AM

මොකක්ද ලෙඩේ.? (ර)

:       0       0

විජයබාහු Thursday, 23 April 2015 07:28 AM

එක්කෙනෙක් නම් ලෙඩ වලට බේත් ගන්නනේ රට ගියේ අනිත් දෙන්න ගැන නම් දන්නේ නැ... (ර)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 23 April 2015 07:29 AM

යකඩෝ! උසාවියට එනකොට කිසිම අමාරුවක් තිබ්බේ නැහැනේ . එක්කෙනෙකුටවත්. එතරම්ම අසාධ්‍යද? සේලයින් එහෙමත් දෙන්න වෙලාද? (ස)

:       0       0

දීකි Thursday, 23 April 2015 07:34 AM

පොඩි එකාට තමා නිතිය ,,,, ලොකු එකාට ඔය මොකවත් නෑ රට යන්නේ කොහාටද කියල පේනවනේ , ඔබ තවත් ප්‍රමාද නෑ ඉදිරි මැති වරණයේදී බුද්දිමත්රට වැසියෙක් තෝරාපත් කරගන්න එය ඔබට බාරයි. (ස)

:       0       0

චන්ද්‍රපාල Thursday, 23 April 2015 07:48 AM

අනේ පවු අර දොස්තරත් රිමාන්ඩ් කරපු ගමන් ලෙඩ වෙලා! (ස)

:       0       0

තිලක් Thursday, 23 April 2015 07:48 AM

ඒ අතින් සරත් ෆොන්සේකා නියම කොන්ද පනතියෙන, ලක් මෑණියන්ගේ අතිජාත පුත්‍ර රත්නයක්. ඔහුට උපහාරයක් හා නිරෝගී සුව! (ස)

:       0       0

මහේෂ් Thursday, 23 April 2015 09:50 AM

ඡන්දෙ ප්‍රතිපල එනකොට ලෙඩවෙලා ගිය හැටි අපි දැක්කා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 102 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 300 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 149 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4032 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2124 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site