IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තීන්දුවට එරෙහිව මහින්දගෙන් ඇපෑලක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට මතුකළ මූලික විරෝධතාවය ඉවත දැමීමට එම කොමිසම ගත් තීරණයට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තමන් ලබා ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ ගාමිණී  මාරපන මහතා කොමිසමට දැනුම් දුන්නේය.

කොමිසමේ අධිකරණ බලය සම්බන්ධයෙන් මතුකළ මූලික විරෝධතාව ඉවත දැමූ පසු ජනපති නීතිඥ ගාමිණී මාරපන මහතා මේ බව කොමිසම හමුවේ කීවේය.



අදහස් (0)

තීන්දුවට එරෙහිව මහින්දගෙන් ඇපෑලක්

සත්‍යයා Monday, 19 October 2015 01:11 AM

ඔබ ජනාධිපති පදවියේ හිටපු කාලෙත් හිටියේ නොමඟ ගිහින් (පැරදුනේ ඒ නිසයි) ඔබ දැනුත් හැසිරෙන්නේ නොමඟ ගිය අයෙකු ලෙසයි. දැන්වත් එළඹී සිහියෙන් කටයුතු කරන්න බලන්න.එය ඔබටත් හොඳයි. රටටත් හොඳයි. (නි)

:       0       0

සත්‍යයා Monday, 19 October 2015 01:13 AM

යහපාලනයට අවශ්‍යය දුෂණය වළක්වනවාට වඩා තරහ අය ටික ආයෙත් යාලුකරගන්නද? මහජනතාව කැමති නම් පමණක් මේක වෙනසක් කියලා හඳුනාගන්න පුළුවන්. අපට පෙනෙන එකම වෙනස ඒ ගොල්ලොයි අපියි වෙනස් කියන එකයි. (නි)

:       0       0

සහන් Saturday, 17 October 2015 01:50 AM

අපි නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 October 2015 12:46 PM

මහින්ද යලි කරලියට එන එක ඔය මොනවා කළත් නවත්වන්න බැහැ. එතුමා සමග ජනතාව ඉන්නවා. (බ)

:       0       0

කැනඩා දිසා Saturday, 17 October 2015 02:38 AM

දැන් කාටත් තේරෙනවා ඇතිනේ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 17 October 2015 03:04 PM

කවදාද මේ රටට නීතිගරුක නීතිපති දෙපාර්තමේන්තුවක් සහ පොලිසියක් හදන්නේ? මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නෙමෙයි වගේ (නි)

:       0       0

අමල් Friday, 16 October 2015 03:09 PM

කියන්න දෙයක් නෑ මට. (ර)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 17 October 2015 05:05 PM

ප්‍රසන්න,ඒක වෙන්න ඇති ඡන්දෙට ඉස්සර පාරම්බෑවේ ඔක්කොම හොරුන්ගේ ෆයිල් එයා ළඟ තියෙනවා කියලා!! (නි)

:       0       0

රන්ජිත් Saturday, 17 October 2015 05:10 PM

මල්ලි වගේම අයියත් නීති ප්‍රශ්නයක් දාලා අහුනොවෙන්න හැදුවා මදැයි. අපි බලා ඉන්නේ මෙයාලට අන්තිමට වෙන දේ ගැනයි. රජකම් කළත් කළදේ පළදෙයි. මෛත්‍රී වගේ උතුමෙකු රටට ලැබුණේ අපේ පිනට. දැන් බොරු ෂෝ නැතුව වැඩ කෙරෙන හැටි පේනවා නේද? (නි)

:       0       0

ඩයස් Saturday, 17 October 2015 03:42 AM

අවබාවිත කළා නම් කවුරු උනත් වැරදියි. (ර)

:       0       0

පෙරුමාල් Friday, 16 October 2015 04:09 PM

ඇපැල් උසාවියේ කවුරු හරි ඇති සහතිකේටම (බ)

:       0       0

රංජිත් Friday, 16 October 2015 04:09 PM

කට්ටිය එකතුවෙලා ඉතින් එකට මුදල් ටික ගෙව්වොත් නේද හොද ඒ මුදල ගෙවන්නේ නැතුව මොනවද මේ විගඩම් (බ)

:       0       0

නුවන් Friday, 16 October 2015 04:58 PM

ඒ පිළිබඳව විමසීමේ අයිතිය එතුමාට තිබෙනවා (නි)

:       0       0

පරාක්‍රම Friday, 16 October 2015 05:23 PM

කවුරු කවුරුත් මෙතෙක්කල් බෝලය පාස් කළා ඇති කියලා දැන් අපිට හිතෙනවා (නි)

:       0       0

සෙබා Saturday, 17 October 2015 06:50 AM

කොහොමහරි වැඩේ නවත්ත ගන්න තමයි ට්‍රයි එක දෙන්නේ. වැරද්දක් කරලා නැත්තම් ඇයි පරීක්ෂණ කරන්න බය වෙන්නේ. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 18 October 2015 01:53 AM

කොමිසමේ දිග පළල හොයන්නේ මොකටද? තමුන් නිවැරදි නම් . කියන්න තියෙන දේ කිව්වා නම් ඉවර නේ. මෙහෙම කරන කොට ඔබ ගැන අපිට එක එක විදියට හිතෙනවා.(ම)

:       0       0

රත්නසිරි Friday, 16 October 2015 06:26 PM

ඇපෑලක් ඉදිරිපත් කර හෝ නීතිය රැකගත හැකිවේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 16 October 2015 06:31 PM

මේවට ඉදිරිපත්වෙන නීතිවේදීන් කියාගන්නා උදවිය එක්ක මට නම් පුදුම තරහක් තියෙන්නේ (නි)

:       0       0

අමල් Saturday, 17 October 2015 07:40 AM

අනේ මන්දා මේ පටලැවිල්ල.? (ර)

:       0       0

ධර්ම Sunday, 18 October 2015 04:27 AM

නිතිය නිතිය විසින් ප්‍රශ්න කිරීම නිදහස් අධිකරණයක ස්වභාවයක් . අපි ඉවසා සිටිමු.(ම)

:       0       0

ශාන්ත Friday, 16 October 2015 08:36 PM

දැන් ජනතාවට පැහැදිලියි මේ කට්ටිය මේ පරීක්ෂණ වලින් පැනලා යන්න හදන්නේ ඇයි කියලා. (නි)

:       0       0

තරංග Friday, 16 October 2015 09:23 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නඩරාජා Friday, 16 October 2015 09:35 PM

විශාල ඡන්ද ව්‍යාපාරයකදී ප්‍රචාරක කටයුතු කෙරෙන්නේ වෙනත් ප්‍රචාරක සමාගමක් මඟින්. එම මුදල් ගෙවියයුත්තේ එම ප්‍රචාරක සමාගමට. ජන්ද අපේක්ෂකයාට ප්‍රචාරක කටයුතු කිරීමට කාලයක් නොමැත. පරීක්ෂණයක් කළයුත්තේ එම සමාගම සමඟය. (නි)

:       0       0

නදීකා Friday, 16 October 2015 09:41 PM

තමන් වරදක් කරලා නැත්නම් කලබලවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

කරුණාරත්න Friday, 16 October 2015 09:41 PM

මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

කමල් Friday, 16 October 2015 09:39 PM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

සෑම් Friday, 16 October 2015 09:41 PM

මේක පුදුම වැඩක්නේ. ඒ කියන්නේ පරීක්ෂණ කරන්න බැහැ කිසිමදේකට? (නි)

:       0       0

ඉන්දික Saturday, 17 October 2015 08:45 AM

මෙය තනිකරම මඩ ගැසීමක්. ඡන්දෙන් පැරදුනාට පස්සෙවත් ඉන්න දෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 441 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2215 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1089 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1068 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3517 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 478 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site