IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තානාපතිට කළ වැඩේ ඕමාන බෞද්ධ සංගමය හෙළා දකී

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාව හදිසියේ කොළඹට කැඳවීම නිසා එරට සිටින විසිපන්දහසක් පමණ වූ ශ්‍රී ලංකික ජනතාව මහත් කැළඹීමට පත්ව ඇති බවත්  දෙරට අතර සිදුවිය යුතු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ නිසි ගෞරවය ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමි කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ඔහුට ගෞරවයෙන් ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන්  ඕමාන්  බෞද්ධ සංගමයේ සභාපතිවරයා වන තුසිත් ප්‍රසන්ත ගලප්පත්ති මහතා  ලාංකික ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර ඇත.

ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අරාබි දේශයේ මුදුන් මල් කඩක් වැනි ඕමානයේ බෞද්ධ විහාරස්ථානය ධර්ම රාජ්‍යයක් සේ බැබලවීමට උදව් කළ එකම තානාපතිවරයා ඔහු බවයි.

එමෙන්ම  මසකට වරක් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරමින් සහ වසරකට වරක් සංඝ්‍යා වහන්සේලා 12 නමක් වැඩම කර දෙරටේ නායකයින් ඇතුළු ප්‍රජාවට  සෙත් පතා පිරිත් සජ්ඡායනාවක් පවා සිදු කර මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට අමිළ සේවයක්  කළ තානාපතිවරයෙකු බවයි.

එබැවින් ඔහු කළ අනගි සේවයට  කිසිදු උපහාරයක් හෝ ඇගයීමක් කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාවට ඉඩ නොදී මෙසේ කැඳවා තිබීමෙන් මුළු මහත් ශ්‍රී ලාංකික   නාමයට අගෞරවයක් සිදු වී ඇති  බැවින්   එම ක්‍රියා දාමයද දැඩි සේ හෙලා දකින බවත් එහි සඳහන් කර ඇත.

සම්ප්‍රදායික ක්‍රමයට ගෞරව ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමිකරමින් ශ්‍රී ලංකාවට  අගෞරවයක් කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ගෞරවයෙන් එතුමාට ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන් මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්  ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහි සඳහන් කර ඇත.

එමෙන්ම  විදේශ කටයුතු අමාත්‍යංශයේ අන්තනෝමතික ක්‍රියා කලාපය දැඩි සේ හෙලා දකින බවත් මෙවැනි තීරණ ගැනීම නිසා නුදුරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද පදනම දෙදරා යාමට හේතුවන තරමේ කැළඹීමක් මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා ප්‍රජාව තුළ ඇති වී ඇති බවත් ඔහු ජනාධිපතිවරයාට එමගින් දන්වා ඇත.

තානාපතිවරයාගේ අවසාන රාජකාරී දිනය ජූලි 29 බව ශ්‍රී ලාංකික ප්‍රජාවට දන්වා ඇති බවත් ජුලි 30 දින ඔහු මස්කට් නගරයෙන් පිටවීමට නියමිත බවත් ඔහු එහි සඳහන් කර ඇත.

දුෂිත නිලධාරීන්ගේ හා ප්‍රබල දේශපාලඥයෙකුගේ කුමන්ත්‍රණයක් මත තානාපතිවරයා හදිසියේ ඉවත් කර ගැනීමෙන් අපකීර්තියට පත් වනුයේ ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ප්‍රජාව බැවින්  නැවත තානාපතිවරයෙකු ඕමානයට පැමිණෙන තුරු මෙම තානාපතිවරයාටම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත්  දූෂිත නිලධාරීන් වැඩ බලන තානාපතිවරුන් ලෙස පත් නොකරන ලෙසත් ඔහු එරට වෙසනෙ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉල්ලීම් කරන බව තවදුරටත් දන්වා ඇත.

තානාපතිවරයා ඕමානයෙන් පිටත්වීමට නියමිත ජූලි 30 දිනට ප්‍රථම මෙයට වහා මැදිහත් වී ගෞරවයෙන් ඔහුට පිටවීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට මෙයින් වන හානිය හා විදෙස් සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන තානාපතිවරයාට  මෙයින් වන කළු පැල්ලම ඉවත් කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙසත් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

 



අදහස් (0)

තානාපතිට කළ වැඩේ ඕමාන බෞද්ධ සංගමය හෙළා දකී

සංජීව Monday, 28 July 2014 12:16 AM

මේ ගැන ‍හොඳින් සොයාබලන්න වටිනවා (නි)

:       0       0

නිහාල් Monday, 28 July 2014 12:20 AM

මමත් දශක තුනකට වඩා විදේශගත වෙලා ඉඳලා හොඳ අත්දැකීම් තිබෙන කෙනෙක් (නි)

:       0       0

චන්දන Monday, 28 July 2014 12:56 AM

නිලධාරීන්ගේ පුද්ගලික ක්‍රියාකලාපයන් සම්පුර්ණයෙන් හෙළාදකිමි. මහජන නිලධාරීන් විදිහට මහජනතාවට පහසුකම් සපයන්න පත්වූ පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන්නේ සමහර වෙලාවට හරියට නීති විෂාරදයින් වගෙයි. ඒ නිසා පුද්ගලික ලාබ තකා මෙවැනි හොඳ මිනිසුන් නෙරපීම පිටරටක සේවය කරන අපි සැවොම හෙළා දකිමු (නි)

:       0       0

නිරාන් Monday, 28 July 2014 10:54 AM

අද ලංකාවේ කිසිම සුදෙස්සුකට නිසි ඇගයීමක් නැ (අ)

:       0       0

දිල්ෂාන් Monday, 28 July 2014 01:48 AM

කවුරුවත් මේකට හේතුව හරියටම දන්නෙ නැද්ද? (නි)

:       0       0

රනිල් Monday, 28 July 2014 02:31 AM

2009 යුද්දය ඉවරු උන කාලේ ඉදලම කලේ හරියට වැඩ කරපු ගොඩක් නිලදාරීන් එලියට පන්නපු එක තමයි. හොදට මතක් කරලා බලන්න පහුගිය කාලය පුරාවට ඉහලම තනතුරු දරපු කී දෙනෙක් ඔය විදියට එලියට දැම්මද කියලා. මේකත් එවැනිම අවස්ථාවක්. අපි මෙහෙම ලිව්වට මේකත් හරියට පලකරයි ද යන්න සැකයි. (නදී)

:       0       0

ජයතිස්ස Monday, 28 July 2014 02:47 AM

කරුණු නොදැන කතා කල යුතු නැහැ. ජනාධිපතිතුමා සාදාරණයක් ඉටුකරාවි. එම තීරණය අසාදාරන නම් නීතියේ පීහිට පැතීය හැකියි. (නදී)

:       0       0

ජයතිස්ස Monday, 28 July 2014 02:54 AM

තානාපති කාර්යාල සේවකයන් දූෂිත නම් ඒ ගැන තානාපතිතුමා විදේශ අමාත්‍යසයට පැමිණිලි කලාද? අපි මේවා ගැන දැනුවත් වී නැහැ. (නදී)

:       0       0

ජයතිස්ස Monday, 28 July 2014 03:00 AM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට කවුරුත්. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 28 July 2014 03:09 AM

මගේ අදහස නම් ඔය තරම් වැඩක් නොකර පාඩුවේ හිටියා නම් පුටුව රැක ගන්න තිබුනා. බොරුද ? (නදී)

:       0       0

ඩබි.පී. කුමාරසිරි Monday, 28 July 2014 03:16 AM

මෙහෙම යනකොට අහන්න කෙනෙක් නැතිකොට මේවා ගැන ඉතින් ඔබාමටවත් කියන්න හිතෙනවා (නදී)

:       0       0

සුජානි පෙරේරා Monday, 28 July 2014 03:31 AM

ඕස්ට්‍රේලියාවේ හිටපු මොහුව ඇයි එහෙනම් තවත් හොඳ රටකට නොයවා ඕමානයට එව්වේ ? (නදී)

:       0       0

කුමාර Monday, 28 July 2014 03:51 AM

කුවේට් වලත් ඉන්නවා දේශපාලන බලයෙන් අාව කෙනෙක් තානාපති කාර්යාලයේ. එයත් ඉන්නේ තානාපති තුමාව බයකරගෙන දේශපාලන බලය පෙන්නගෙන. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 28 July 2014 04:39 AM

ඕකනේ මම ඔය තනතුරු දුන්නත් ගන්නේ නැත්තේ (නදී)

:       0       0

සරත් පර්ත් Sunday, 27 July 2014 10:04 AM

ජනාදිපතිතුමා සහ රජය අපකීර්තියට පත්කර තම දුෂිත කටයුතු කරගෙන යාමට නිලදාරීන්ගේ උපදෙස් මත දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇතිබව පෙනෙයි. (නදී)

:       0       0

සෑම් Sunday, 27 July 2014 10:19 AM

මට පේන්නේ මේ තානාපතිතුමා දේශපාලකයන්ගේ පිට කසන්න යන්නේ නැතිව තම රාජකාරිය හරියට කල කෙනෙකු හැටියටයි. අපේ විදේශ සේවාව පත්වෙලා තියන කනගාටුදායක තත්වය දැක්කාම, තමන්ගේ රාජකාරිය හරියට කිරීම, මේවගේ "" ආපසු කැඳවීම ""කට (මේක තානාපති කෙනෙකුව රස්සාවෙන් එලවා දැමුවා හා සමානයි ) හේතු වන තරම් වරදක් වන බව පුදුමයට කරුණක් නොවේ.(නදී)

:       0       0

ලාල් Sunday, 27 July 2014 10:51 AM

දේශපාලන බඩගෝස්තරවාදියෙකුගෙයි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් ටිකදෙනෙකුයි වැඞ. (නදී)

:       0       0

කුමාර් Sunday, 27 July 2014 11:07 AM

බණ කීවට ඇතුලේ පාපය රජකරනවා. වසර කීපෙකට ඉස්සර ජෝර්ධාන තානාපති කාර්යාලයේ වගේ ළමයි විකුණන වෙළඳ සලැක් ද දන්නේ නෑ මේකත් (නදී)

:       0       0

කුමාරිහාමි Sunday, 27 July 2014 11:07 AM

මෙම තීරණය අරගෙන තියෙන්නේ පසුගිය වසර පුරාම සිදුවුණු දේවල් හොඳට හොයලා බලලා. ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුවහොත් එය එළිවෙයි. නිලධාරීන් දූෂිතයි කියන කාරණය කොහොමද එක පාර්ශවයකින් පමණක් කියන්නේ. මෙම තීරණය ගැන අපගේ ආචාරය (නදී)

:       0       0

ජෝන් සෞදි Sunday, 27 July 2014 12:09 PM

ඇදේට හැදෙන ගහ දිහා කව්රුත් බලනේ නැහැ ,ඒ ගහෙන් ප්‍රොයෝජනයක් නැහැනේ. කෙලින් හැදෙන ගහ ඉක්මනට කපලා දානවා. අපි දන්නවා විදේශ සේවා එකේ කොහොමද අපේ මිනිස්සුන්ට සලකන්නේ කියලා. අපිත් ඉන්නේ සෞදි තමයි. (නදී)

:       0       0

දිල්රුවන් Sunday, 27 July 2014 12:35 PM

මෙතන ඉන්නවා කට්ටියක් කොන්සියුලේට් කාර්යාලය බදාගෙන ජරා වැඩ කරන. දුප්පත් අහිංසක ගෘහ සේවිකාවන් අරාබි ගෙවල් වල අපා දුක් විඳිනවා. ඒවා ගැන කියන්න කිසි කෙනෙක් නැහැ. මේ මොන සංවිධානයකින් වත් ඔවුන් ගැන කතා කරන්නේ නැහැ. (නදී)

:       0       0

සුනිල් Sunday, 27 July 2014 12:38 PM

කොන්ද පන නැති අය තමයි අපට ඉන්නේ (නදී)

:       0       0

රණසිංහ Sunday, 27 July 2014 12:43 PM

කුමාරිහාමි, විදේශ කටයුතු පිළිබද අමාත්‍යයංශයේද දන් නැහැ වැඩ කරන්නේ. මට අපේ, ලංකා/බන්දුල දෙපලව එක පාරටම මතක් වුනා. (නදී)

:       0       0

සමන් Sunday, 27 July 2014 01:27 PM

කුමාරිහාමි, ඔන්න ඔයාට වැරදුන තැන (නි)

:       0       0

නිමල් Sunday, 27 July 2014 02:21 PM

මම ඉන්නේ සලලා වල. අපි නම් මේ තීරණයට කැමතියි (නි)

:       0       0

ඇසළ Sunday, 27 July 2014 04:30 PM

ගෙන්වනකොට තනාධිපතිතුමා එක්ක සියලු නිලධාරීන්වත් ආපසු ගෙන්නුවා නම් තමයි හොඳ. (නි)

:       0       0

සේනක Tuesday, 29 July 2014 05:11 AM

මට පේන්නේ මේක බෞද්ධ සංගමයේ පරස් පර විරෝධී මතවල ප්‍රතිපලයක් වගේ (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 27 July 2014 04:37 PM

අනේ! මේවා දකිනකොට මොකක්ද මේ ආශ්චර්යය කියල හිතෙනවා (නි)

:       0       0

ජයනාත් Tuesday, 29 July 2014 05:22 AM

සුජානි , ඕමාන් කියන්නෙත් හොඳ රටක්, මැද පෙරදිග තියන හොඳම මිනිස්සු ඉන්න රට. ඔයා රටවල් මනින්නේ මොන මිම්මෙන්ද ? ඔයාගේ මිම්මට අනුව ඔයා ඉපදුන ලංකාව මොන රටක්ද? (නදී)

:       0       0

පාලි Monday, 28 July 2014 09:43 AM

අසාධාරණයට ලක්වූ කාන්තාවගේ සිද්ධිය යටගහන්න කළ දේවල් ගැන අපි දන්නවා. (නි)

:       0       0

ජයන්ත Monday, 28 July 2014 09:52 AM

ප්‍රසිද්ධියේ සටන් කළා නම් මුලු ඕමාන් ලාංකිකයින් සියල්ලම ඔබට සවියක් වෙන්න තිබුණා.මෙතුමා පවු (නි)

:       0       0

අනිල් Sunday, 27 July 2014 05:46 PM

දෙයියොම තමයි ඕවා දන්නෙ. අසාධාරණයක් වෙලානම් සාධාරණය ඉෂ්ට කරන්න. (නි)

:       0       0

කමල් Sunday, 27 July 2014 06:35 PM

විදේශ සේවයේ ගෞරවනීයභාවය නැතිකර දේශපාලකයින්ට කඩේ ගිය දූෂිතයින් ඉහළ සිට පහළ දක්වා විවිධ තනතුරුවලට පත්කිරීමේ හේතුවෙන්,කෙළින් වැඩකරන අයට වැඩ කරන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. රට ඇතුළත විතරක් නොව මේවායින් රටින් පිටතත් රට අපකීර්තියට පත්වෙනවා. කරුණාකර රට අපකීර්තියට පත්කරන්න එපා (නි)

:       0       0

ගාමිණි Monday, 28 July 2014 10:09 AM

වාර්තාව අනුව පෙනීයන්නේ ,තානාපති තානාපති කාර්යයාල යේ නොඉඳ බෞද්ද විහාරස්තනේ දියුණුවට වැඩ කර තිබෙන බවයි (දී)

:       0       0

සිල්වා Sunday, 27 July 2014 08:16 PM

රට කොහේටද මේ යන්නේ? (නි)

:       0       0

ලක්මාල් Sunday, 27 July 2014 09:11 PM

ජනාධිපතිතුමාගේ අවධානය මෙයට යොමුකර, නැවත මෙම තානාපති එම තනතුරට පත් කරන්න (නි)

:       0       0

වාස් Sunday, 27 July 2014 11:47 PM

හරියට වැඩ කරන අය එළවා, වැරදි වැඩ කරන අය රැකගෙන ඉක්මනින්ම ආශ්චර්යය කරා ළඟාවිය හැකි වේවිද අපිට? (නි)

:       0       0

කමල් Sunday, 27 July 2014 11:59 PM

නරකද අපේ විපක්ෂය ඕමාන් වලට ගියොත් මේ ගැන සොයාබලන්න? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 28 July 2014 12:08 AM

වහාම පරීක්ෂණයක් කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1446 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site