IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තානාපති නිලධරයෝ පිහිට වෙති

අබුඩාබි කල්දියා නගරයේ සිදුවූ රිය අනතුරකින් මා අබ්බගාතව   රෝහලේ සිටිද්දී  අබුඩාබි  තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ මා එහි රැගෙන  ගොස්  මා වෙනුවෙන් අදිකරණයේ නඩු කතා කොට  මට  රුපියල්  දාහතර ලක්ෂයක  වන්දි මුදලක් ලබා දුන්නා යැයි අද අළුයම දිවයිනට පැමිණි ඉන්ද්‍රලතා ලියනගේ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී කීවාය.

ඉන්ද්‍රලතා  මැද පෙරදිග ගියේ මීට වසර එකොලහකට පෙරය. සහෝදර සහෝදරියන් නවදෙනෙකුගෙන් යුතු වූ පවුලේ බර තම දෙමවිපියන්ට තනියම ඇදීමට නොහැකි තැන ඇය එම තීරණය ගෙන තිබුණි.  
මැද පෙරදිග වැලි කතරේ නොයෙකුත් දුක් කම් කටොළු වලට මුහණ දෙමින් ඉතා ධෛර්යවන්තව උපයාගත් සියළු දේ ඇය සිය  සහෝදර සහෝදරියන් වෙනුවෙන් නොමසුරුව විය පැහැදමි කළාය.
නිරෝගී ගැහැණියක ලෙස මීට වසර එකොලහකට පෙර අබුඩාබි රටේ ගෘහසේවිකාවක ලෙසින් ගිය ඇය අද  මෙරටට පැමිණියේ රෝද පුටුවක් ආදාරයෙනි. කෙතරමි දුක් කරදර විඳ පැමිණියද ඇගේ මුහුණෙහි සිහින් සිනහවක්ද විය.
එයට එක් හේතුවක්ද විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසූරිය, පළමු ලේකම් විශ්ව දිසානායක, කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක සහ  දුමින්ද සතරසිංහ  යන නිලධාරීන් නොසිටින්නට අද තමන්ට මෙරටට පැමිණීමට  වෙන්නේ අබිබගාතයෙකු වී හිස් අතින් බවත් තියමින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇය ඔවුන්ට පින් දුන්නාය.
සැබැවින්ම එසේ බලන විට ඇය ඉතා වාසනාවන්තය.  මැද පෙරදිග රටවල සේවය කිරීමට ගොස් කකුල් අතපය අහිමිකරගෙන හිස් අතින් මෙහි පැමිණි  කාන්තාවන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අප  ඕනෑ තරමි දැක ඇත්තෙමු.   ඔවුන් හැඩූ කඳුලින් සැමදා පවසන්නේ තමන් වෙනුවෙන් යුක්තිය ඉටු කරළීමට තානාපති නිලධාරීන් හෝ කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා තමන්ට මෙලෙස හිස් අතින් එන්නට සිදුවන බවය.
ඉන්පසු ඔවුන් දෙස් දෙවොල් තබන්නේ   එරට හාම්පුතුන්ට පමණක් නොව මෙරට රජයටද  තානාපති කාර්යාල නිලධාරීන්ටද  බැන වදිමිනි.  
ගෘහසේවය සඳහා කාන්තාවන්  මැදපෙරදිග රටවලට යන ප‍්‍රමාණයටම සමාන ප‍්‍රමාණයක් දිනපතා  විවිද කරදර හිරිහැර වලට ලක්ව පමණක් නොව එරට සිරමැදිරිවල සිටද ආපසු  හිස් අතින් එනු අප කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  ඕනෑ තරම් දැක ඇත්තෙමු.
එසේ බලන කළ ඉන්ද්‍රලතාගේ දෑසින් කඳුළු වෙනුවට මුවගින් සිහින් සිනහවක් මතුව එන්නේ ඇයට රුපියල් ලක්ෂ දාහතරක වන්දි මුදලක් ලබා දීමට තනාපති නිලධාරීන් මැදිහත්ව ක‍්‍රියාකොට ඇති නිසාය.
අබුඩාබි තානාපති කාර්්‍යාලයේ නිලධාරීන් මීට පෙර කිහිප වතාවක්ම මෙවැනි ශ්‍රේෂ්ඨ ක‍්‍රියා සිදුකොට ඇත. අප ඒවා අගය කළ යුත්තෙමු. වරෙක පිරිසිදු කිරීමේ ආයතනයක සිරකරගෙන සිටි කාන්තාවන් 100 යක්  වෙනුවෙන් එරට කම්කරු අධිකරණය වෙත පවා ගොස් එම කාන්තාවන්ගේ   සියලූ වැටුප් සහ දීමනා  ලබාදී මෙරටට එවීමටද කටයුතු කළහ. 
මේ  මස මුලදීද හාමිපුතුන් විසින් තඩි බා මහමග දමාගොස් සිටි  ඩුබායි කොන්සල් ජනරාල් කාර්්‍යාලයෙන් වැරදිකාරියක  ලෙස චෝදනා ලැබ සිටි කාන්තාවක්ද ඇය නිවරදිකරු කොට ඇයට රුපියල් ලක්ෂ හතරහමාරක  වන්දියක් ලබා දී ඇයව මෙරටට එවා තිබූණි.
ඉන්ද්‍රලතාගේ කතාව අප ලියා තැබිය යුත්තේද සෙසු  නිලධාරීන්ටද එය ආදර්ශයක් කොට ක‍්‍රියා කළ හැකි  නිසාය.
ඉන්ද්‍රලතා ඇය විඳි අත්දැකීමි  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අප හා මෙසේ පැවසුවාය.
මාවයි, නංගිල මල්ලිලවයි නඩත්තු කරන්න අමිමට තාත්තට බැරි නිසයි මම මුලින්ම සාජා වලට ගියේ.  මම අවුරුදු අට හමාරක් සාජාවල හිටියා. ඒ  හම්බ කරපු මුදල් සේරම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයටත් පවුලේ නඩත්තුවටත් වැය කළා.
පස්සේ මම ලංකාවට ඇවිත් විවාහ වුනා. මට දැන් පුතෙක් ඉන්නවා. මම අබුඩාබි යනකොට පුතා පොඩියි. ඒත් දැන් එයා ලොකුයි.
මට ලැබුන ගෙදර හාම්පුතා අරාබි ජාතිකයෙක් වුනාට  නෝනා ඇමරිකානු ජාතික කාන්තාවක්.  එතන ලමයි හය දෙනෙකුගේ වැඩ කරගෙන මම හොඳින් හිටියා.  ඒත් ටික දවසක් ගියාම ඒ දෙන්නා නීතියෙන් වෙන්වුනා. 
නෝනායි මහත්තයයි වෙන්වුනාට පස්සේ මම ඒ ගෙදර ඉන්න කැමති වුනේ නැහැ. පස්සේ මම එළියේ වැඩකරන්න වීසා එකක් හදාගත්තා.  ඉන්පස්සේ තවත් ලංකාවේ කාන්තාවන් තුන්දෙනෙක් එක්ක නතර වෙලා පිරිසිදු කිරීමි වගේ එදිනෙදා ලැබෙන වැඩ කරමින් යම් කිසි ස්ථාවර මුදලක් සොයා ගත්තා.
ගිය අවුරුද්දේ නොවැමිබර් 04 වෙනිදා උදේ මම රැකියාව සඳහා යනවිට  කල්දියා නගරයේදී පාර හරහා මාරු වෙන විට මෝටර් රථයක හැපුනා.
ඉන්පසු  පොලිසියෙන් මාව කලීෆා රෝහලට ගෙන ගොස් තිබෙනවා. අනතුරින් මගේ හිසට, අතට සහ එක්  පාදයකට බරබතල හානි සිදුවී  ඇති බව මා දැනගත්තා. එහිදී සැත්කම් කිහිපයක් කරලා තියෙනවා. පස්සේ  සති දෙකක් රෝහලේ ඉඳලා ටිකටි කපලා නැවත නැවතිලා හිටපු තැනට ආවා. ඊට පස්සේ මට උන හැදිලා නැවතත්  ‘මපරක්‘ කියන වෙනත්  රෝහලකට ඇතුළු කළා.
එතනදී කකුලට විෂබීජයක් ගිහින් කියලා කකුළ හේදුවා.  ඉන්පස්සේ නැවත කලීෆා රෝහලට ගෙනත් දැම්මා. එතනදී තවත් සැත්කම් දෙකක් කළා.  කුකුලට දාල තිබුණ කම්බි අයින් කරලා නැවත කම්බි දැම්මා.  ඉන්පසු තවත් සති දෙකකින් ටිකට් කැපුවා.
එතකොට මට යන්න කියලා තැනක් තිබුනේ නැහැ. ටිකටි කපලා මහපාරට තමයි යන්න තිබුනේ. කොහොම හරි අබුඩාබි වල තියෙන  තානාපති කාර්යාලයට මා ගැන ආරංචි වෙලා  කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක සහ  දුමින්ද සතරසිංහ  යන මහත්වරු මාව බලන්න රෝහලට ආවා.
ඉන්පස්සේ ඒ මහත්තුරු මා පිළිබඳ ඉදිරි වෛද්‍ය ප‍්‍රතිකාර ඇතුළු සියළු වගකීම් බාරගත්තා . මාව අනතුරට පත්කරලා තිබුනේ පකිස්ථාන ජාතිකයෙක්. මේ වෙනකොට මගේ අනතුර සම්බන්ධ නඩුව යට ගහලා තිබිලා තියෙන්නේ.
මේ මහත්තුරු එකතුවෙලා යට ගසා තිබුන මගේ නඩුව ඇදලා ගත්තා. පස්සේ මට ආරංචි වුනා ඩිලාන් පෙරේරා ඇමතිතුමා කිව්වලූ  නඩුව යට ගහන්න දෙන්න එපා මුදල් වියදම් කරලා නඩුව එළියට ඇදල අරගෙන මට සාදාරණයක් ඉටුකරදෙන්න කියලා.
ඒ උපදෙස් මේ නිලධාරීන්ට ලොකු හයියක් වෙලා තියෙනවා. ඉන්පස්සේ නඩු කියල තමයි  මට වන්දිය ඩිරාම් හතලිස් දහසක් ලබා දුන්නේ.  ඒක මට තානාපති ආචාර්ය මහින්ද බාලසූරිය මහත්තයා විසින් පසුගිය දිනක ලබා දුන්නා.
 නැත්නම් මට වෙන්නේ අබිබගාතයෙක් වගේ හිස් අතින්  ලංකාවට එන්නයි. දැන් මට මගේ අනාගතයට මේ මුදල ලොකු හයියක්.
ඒ වගේම ඒ නිලධාරීන් මට ගුවන් ටිකට්පත් පවා  ලබා දුන්නා. ඒ වගේම මම රෝහලේ සිටින කාලය තුලදී මගේ සියළු අවශ්‍යතාවයන් වගකීමෙන් යුතුව ඉටු කළා. 
ඒ විතරක් නෙමයි අබුඩාබිවල රැඳවුම් නිවාසයේ සිටින නිලධාරිනියන් ඇතුළු සියළු දෙනා දෙමවිපියන් සේ මට කවා පොවා මාව සනීප කළා. ඒ  සත්කාර නොවන්නට අද මා මහ මග මිය යන්නට පවා තිබුනා.
මම හිතනවා මගේ තරුණ කාලේ මම මගේ සහෝදරියන් වෙනුවෙන් හම්බ කළ සියළු සේසත වියදමි කළා. ඒ පිනින්  තමයි අද  මේ හැමෝම මට පිහිටටවලා මෙහෙම වන්දි මුදලක් ලෙසින් හරි ලැබුනේ.
දිවයිනට පැමිණි ඉන්ද්‍රලතා මහත්මියව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරිනියෝ  ඇයට සහන සැලසීම සඳහා සහන පියස වෙත රැගෙන යනු ලැබූහ.

සහන පියසේදී ඇයට වෛද්‍ය ප‍්‍රථිකාර, ආහාර පාන සහ සිය නිවස බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් ලැබෙන බවද එම නිලධාරිණියෝ පැවසූහ. 



අදහස් (0)

තානාපති නිලධරයෝ පිහිට වෙති

වරුණ Friday, 22 March 2013 07:10 AM

බාලසූරිය මහත්තයට පොලිසියේ හිටපු කාලේ වැඩ කරගන්න බැරිවුනාට තානාපති වෙලා විශිෂ්ට සේවයක් කරන හැඩයි. හැබැයි ඔබ තුමාව බ්‍රසීලයේ තානාපති කළ කියලා නේද කිව්වේ?(නදී)

:       0       0

නිල්මිණි Thursday, 21 March 2013 05:47 PM

පව් අහිංසක මිනිසුන්.(නදී)

:       0       0

කෙවින් Thursday, 21 March 2013 06:03 PM

මහින්ද බාලසුරිය තානාපති තුමනි, ඔබ රටට යමක් කිරීමට සැරසුනා. ඔබට ඒ අවස්ථාව ලැබුනේ නැහැ කියලයි මම හිතන්නේ.(නදී)

:       0       0

මහේෂ් Thursday, 21 March 2013 06:04 PM

ඇත්තටම මේ වගේ උතුම් මිනිසුන් තාම ඉන්න එක ගැන අපි හුගක් සතුටු වෙන්න ඕනේ. මේ වාගේ කුසල කර්ම ඉදිරියටත් කිරීමට මේ වැඩෙන් ඒ මහත්තුරුන්ට ධෛර්යය ලැබේවා!. මෙයට උදවි උපකාර කරපු සියළු දෙනාටම පින්.(නදී)

:       0       0

හෙට්ටිගේ Friday, 22 March 2013 08:00 AM

ඒකට ඩුබායි? (නි)

:       0       0

තුසිත Saturday, 23 March 2013 12:27 PM

උදිත, ඇයි ඔයා සමරවීර මහත්තයව ඔය තරම් වර්නනා කරන්නේ. මම අවුරුදු 28 ක ඉදන් අබුඩාබි ඉන්නේ. ඔය එමිබසියේ හරියට වැඩක් කෙරෙන්නේ දැන් මාස 6, 7 ක ඉදන්. කලින් හරියට වැඩක් කෙරුනේ නැහැ. මම අවංකවම කියන්නේ තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දැන් ඇවිත් ඉන්න තරුණ මහත්තුරු ටික නම් හරිම හොදයි. ගොඩක් දත්ෂයි. මේකේ වැඩ නොකරපු පරණ ශරීර හොරුන්ටත් මේ අය ආදර්ශයක්. අබුඩාබිවල ඉන්න ඕන කෙනෙකුට මම කියන දේ බොරුනමි හොයලා බලන්න පුළුවන්. කවුරු ලකුනු ගත්තත් කරලා තියෙන්නේ හොද වැඩක්.(නදී)

:       0       0

කුසුම් Saturday, 23 March 2013 12:34 PM

අබුඩාබි තානාපති ඇතුළු මෙයට මහන්සි වූ නිලධාරීන්ට අපේ උපහාරය. අනේ ගරු තානාපති තුමනි, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉන්න හොරු ටික පන්නලා ඒකටත් මේවගේ දක්ෂ නිලධාරීන් පත් කරන්න.(නදී)

:       0       0

අනිල් Thursday, 21 March 2013 06:50 PM

අබුඩාබි ඉන්න අපේ නිලධාරී ගැන මට ගොඩක් ආඩම්බරයි. මහින්ද බාලසූරිය, සමරවීර මහත්වරු ඇතුළු ඒ සියළු මුළු ලංකාවටම ආදර්ශයක්.(නදී)

:       0       0

ප්‍රභා Thursday, 21 March 2013 06:47 PM

කළ දේ අගය කළ යුතුයි. ඒත් වන්දිය ප්‍රමාණවත් නැහැ.(නදී)

:       0       0

සෙලනිකස් Friday, 22 March 2013 09:12 AM

ප්‍රභා, එහෙම කියන්න එපා. මෙහෙ වුණා නම් අවුරුදු දහයක් විතර නඩු කියන්න වෙනවා. එහෙම කරලත් ඕනේ නම ලක්ෂයක් දෙකක් ලැබේවි (නි)

:       0       0

කූලි Friday, 22 March 2013 09:23 AM

ආචාර්ය මහින්ද බාලසූරිය තානාපති තුමනි. ඔබවන් මිනිසුන් අප වැනි විදේශ ගත අයට ලොකු හයියක්. අනෙත් අයත් මේ වගේ රටට සේවය කර ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනයාමට සහයවන්න.(නදී)

:       0       0

අමා Thursday, 21 March 2013 07:18 PM

හොද වැඩක්.(නදී)

:       0       0

අසිත් Friday, 22 March 2013 09:35 AM

අම්මා ඔබට ඉක්මන් සුවය. තානාපති නිලධාරීන්ට ජාතියේ පුනාමය.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 21 March 2013 08:23 PM

බලන්න මහින්ද බාලසූරිය වැනි සැබෑ මහත්වරු අපේ රටට මොන තරම් ශක්තියක්ද කියලා. ඔබ මේ කළ සත් ක්‍රියාව අප රටට මහත් ආඩම්බරයක් මහත්මයාණෙනි. ඔබට අපේ හද පත්ලෙන් නැගෙන උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දිසානායක Friday, 22 March 2013 10:14 AM

බෙහෝම පින් ඩුබායි තානාපති කිලධාරීන්ට. සෞදියේ නිලධාරීන්ට මේකෙන් ඉගෙනගන්න කියන්න. මොකද මහ අමනුස්සයෝ ටිකක් සෞදි තානාපති කාර්යාලයේ ඉන්නේ.(නදී)

:       0       0

සුරන්ජිත් Thursday, 21 March 2013 09:06 PM

අපි ගොඩක් ආඩම්බර වෙනවා තානාපති තුමා ගැනත් නිලධාරීන් ගැනත්. ඔයාලා සැමටම බුදු සරණයි. මේ කරපු උතුමි දෙයට ඔයාලට ගොඩක් පින්.(නදී)

:       0       0

පුංචි Thursday, 21 March 2013 09:49 PM

කාත් කවුරුවත් නැති රටක විනාශ වෙන්න ගිය මහා විපතක් නවත්වලා (දී)

:       0       0

දර්ශන Thursday, 21 March 2013 09:49 PM

කියන්න වචන නැහැ, ඒ තරම්ම වටිනා වැඩක් (දී)

:       0       0

මුතු Thursday, 21 March 2013 09:57 PM

තමන්ගේ යුතුකම ඉටුකලා (දී)

:       0       0

සෙනරත් Thursday, 21 March 2013 10:00 PM

ඔබලාට ගොඩාක් පින් (දී)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 12:10 PM

ඔබතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

රසිකා Friday, 22 March 2013 12:26 AM

මීට කලිනුත් හුගක් අයට මෙම මහත්වරු පිහිට වුණා. (නි)

:       0       0

රසිකා Friday, 22 March 2013 12:35 AM

ගොඩක් වටින වැඩක්. (නි)

:       0       0

උදිත Friday, 22 March 2013 02:09 AM

සමරවීර මහත්තයා නම් හරියට රාජකාරිය කරන කෙනෙක්. මම අල් අයින් වල ඉන්න නිසා දන්නේ. මේකෙත් හොරු ටිකක් ඉන්නවා වැඩට කම්මැලි. ඒත් සමරවීර මහත්තයා ජනතාවගේ දුක තේරෙන අවංක මනුස්සයෙක්. ඔබලාට ජය.(නදී)

:       0       0

ප්‍රියා Friday, 22 March 2013 02:10 AM

තානාපති තුමනි! ඔබ තුමාට බැරිද හැම මැද පෙරදිග රටකම මාස තුනෙන් තුනෙන්ට වත් වැඩ කරන්න. විදේශ සේවා එකෙන් අපි රට යනකොට ගෙවලද කියලා පාස්පෝට් බලනවා. එනකොට අහන්නේ නැහැ මොකද වුනේ කියලා. අනේ හැබෑටම ඔබ කුමාව නම් වටින්නේ බහරේන් රටට. පින් සිදුවෙයි ලංකාවේ අයට උදව් කරන්න. මැද පෙරදිග හිරේ ඉන්න අය ගඅන විශේෂයෙන් බලන්න.(නදී)

:       0       0

ධම්ම Friday, 22 March 2013 02:16 AM

හේමාල් ඇයි එහෙම කියන්නේ? පාතාලය මැඩලන්න මෙතුමා කළ වැඩකොටස අමතකද? (නි)

:       0       0

සිල්වා Thursday, 21 March 2013 04:30 PM

සෞදි තානාපති නිලධාරීන්ට ගන්න හොද පාඩමක් මේක. (නදී)

:       0       0

අනුරාධ Thursday, 21 March 2013 04:37 PM

බොහොම අගය කරනවා අබුඩාබි තානාපති කාර්යාලයේ වැඩ කරන සියලු දෙනාට. මොකද මම හොදාකාරවම දන්නවා වගතිවයුතු නිලධාරීන් තමන්ගේ රාජකාරිය පැහැර අරිනවා. ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉන්න මහ හොරු සියළු දෙනාම ඒ වගේ. ඒ වගේ පිරිසක් ඉන්න මේ වගේ දුර බැහැර රටක තමන්ගේ වගතීම ඉටුකරන, සාදාරණය වෙනුවෙන් සටන් කරන මේ වගේ වගකීම් කරට ගත්ත පිරිසක් සිටීම ගැන ආඩම්බරයි. ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉන්න මහහොරු ටිකට ලගදීම තමන්ගේ රාජකාරියට වගකියන්න ලැබේවා!(නදී)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 03:20 AM

මේ වැඩේ නම් අකි විශිෂ්ඨයි. මම අබුඩාබි තානාපති කාර්යාලයෙන් වැඩ කරගෙන තියෙනවා. වැඩ කලට වේලාවට බොහෝම පිලිවෙලට කෙරුණා. ඒ වගේම ගාස්තුවක් නැතිවත් තෙරුනා. කරුණාකරලා බහරේන් කාර්යාලයටත් වැඩ ටික හරියට ක්‍රියාත්මක කරන්න. මෙහේ මම ලියයුමක් ගන්න ගිහින් රුපියල් 3200 ක් වැය කරන්න වුනා.(නදී)

:       0       0

ජයී තිසර Friday, 22 March 2013 03:34 AM

අනෙකුගෙ විපත සලකා තම දුක මෙන්ම.. ඇත්තේ උදව් කර තම මුළු හදයෙන්ම.. නැත්තේ මෙවැනි උතුමන් දැක සැමදාම.. කොතරම් හොඳද මේ ආදර්ශය දීම.(නදී)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 03:40 AM

දිලාන් ඇමිතුතුමත් මේ ගැන හොදට හොයලා බලලා තියෙනවා. ඔබ තුමාටත් පින්.(නදී)

:       0       0

දීපාල් Thursday, 21 March 2013 05:02 PM

මෙහෙම උතුම් නිලධාරීන්ට හද පත්ලෙන්ම මහත්වරු කියා ප්‍රසංසා කළ යුතුයි. ඔබ සියළු දෙනාට ස්තුතියි.(නදී)

:       0       0

හේමාල් Thursday, 21 March 2013 05:02 PM

ආචර්ය මහින්ද, ඔබට ලංකාවේදී කිසිමදෙයක් කරන්න ලැබුනේ නැහැ කලෙත් නැහැ කරන්ඩ උත්සහ කළෙත් නැහැ. නමුත් මේ වගේ එකදෙයක් ඇති වැරදි හරිගස්සගන්න. මේවගේ අය තමා අපේ විදෙස් සේවාවට ඕන අවාසනාවට ඉන්න ඔක්කොම හෙන්චයියෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 281 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 918 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6305 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1848 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site