IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තුන්පොළකදී පොලිස් අණ නොතකයි

පොලිස් අණ නොතකා කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු  මොටර් රථයක්  මාර්ග බාධක දමා බැලුම්මහරදී අත්අඩංගුවට ගත් නමුත් ඉහළින් ආ නියෝගයකින් එම මෝටර් රථයත් රියදුරාත් දේශපාලනඥයකුගේ සහෝදරයකුත් අද (8) මුදා හළ බව පොලිස් ආරංචි කියයි.

 මුලින්ම මේ මෝටර් රථය නතර කරන ලෙස පොලිසිය පස්යාල කලල්පිටියේදී සංඥා කළේය.ඒත් නතර කළේ නැත.පොලිස් යතුරුපැදියකින් ලුහු බැද ගියත් රිය නතර කැර ගැනීමට හැකි වුයේද නැත.යක්කල හන්දිය අසලදීත් වැරැල්ලවත්තේදීත් රිය නතර කැර ගැනීම‍ට සංඥා කළත් එයද අසාර්ථක විය.

පොලිස් හදිසි ඇමැතුම් අංශයටද දැනුම් දී මාර්ග බාධකද යොදා බැලුම්මහරදී රිය නතරකරගත් නමුත් දුරකථනයකින් ආ නියෝගයකින් කාරයද එහි සිටි අයද මුදා හරින්නට සිදු විය.

 



අදහස් (0)

තුන්පොළකදී පොලිස් අණ නොතකයි

ලාල් Tuesday, 09 July 2013 04:08 AM

නිකන් චූන් කර යන්න කීව වගේනේ ,විස්තර දානකොට නම් ගම් එක්ක දාන්න.(නදී)

:       0       0

ඇසළ Tuesday, 09 July 2013 01:26 PM

ජෙෆ්, එයාට වෙඩි තිබ්බේ පොලිසිය නෙමෙයි යුධ හමදාවේ නිලදාරියෙක්. වැල්ලවත්තේ පාලම ලගදි යුධ හමුදා මාර්ග බාධකයක් ඉදිරියේ නොනවත්වා රථය ධාවනය කරාට. (නි)

:       0       0

නිමල් ලලිත් Monday, 08 July 2013 05:15 PM

හැම ප්‍රශ්නයකදීම ජාතිකත්වය ගැන කතාකරන අයට බනින්න එපා. මොන වැඩක් කලත් කැපුවත් පක්ෂයට ඡන්දය දෙන වහල් ඡන්ද දායකයන්ගේ මොලය සුද්ද කර දෙශපාලනයට සුදුසාට පමණක් ඡන්දය දෙන ජනතාවක් සාද ගැනීමටත් ඕනෑම අමනයෙකුට දෙශපලන්යට පැමිණිය හැකි මේ මනාප ක්‍රමයත් වෙනස් කිරීමටත් උත්සහ කරන්න. (අ)

:       0       0

සුමනා Monday, 08 July 2013 05:19 PM

බිම්බෝම්බ වලට අහුවෙන්න තිබුනේ රගේ තේරෙන්න... (දී)

:       0       0

ආලෝක රාජපක්ෂ Tuesday, 09 July 2013 05:44 AM

මහින්ද රාජපක්ෂ මහතාණෙනි, මේකද ඔයාගේ රටේ නීතිය? (නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 08 July 2013 05:23 PM

දේශපාලුවෝ නිසා රටේ නීතියක් සාමයක් නැති කාලයක් උදාවෙලා. මෙයාලටම ගිය රට (දී)

:       0       0

සුභාෂ් Monday, 08 July 2013 05:23 PM

නම දන්න නැත්නම් ප්‍රවෘත්තියත් නොදා ඉන්න....(අ)

:       0       0

ගයා Tuesday, 09 July 2013 06:01 AM

වෙඩක් නැහැ අපේ රටේ ඉන්න අයට රුපියල් 500ක් දුන්නම ඔය මුකුත් මතක නැහැ. බහුතරයක් අය එහෙමයි. පොඩි මිනිහෙක් ඉරක් කැපුවොත් ඌට තියෙන සෙල්ලම් සේරම දානවා. පොලිසියේ ගොඩක් අය බල්ලෝ වෙලා. ලැජ්ජයි පොලිස්පති තුමෝ.(නදී)

:       0       0

තිලක් Wednesday, 10 July 2013 12:32 PM

බන්දුල පෙරේරා,මර බිය පහුකරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක අපි අද ජීවත් වෙනවා. එහෙම රටක අපරාදයක් කියන්නේ මාධ්‍යයට ලොකු පුවතක්. (නි)

:       0       0

රංජි Tuesday, 09 July 2013 06:02 AM

ලංකාවේ දේහපාලනය කරන්නේ නරුමයෝ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

කුමාර් Monday, 08 July 2013 05:25 PM

උගන්ඩාව වාගේ වෙන්න, තව වැඩි කලක් යන්නේ නැහැ (දී)

:       0       0

මර්සි ලංකා Monday, 08 July 2013 05:25 PM

අපි හිතුවා රටේ යුද්ධය අවසාන වුණාම පසු වවත් බියක් සැකක් නොමැතිව සාදාරන විදියට ජිවත් වෙන්න හැකිය කියල . නමුත් දැන් එය යුද්ධය තිබුණ කාලෙටත් වඩා වැඩි වගේ . නුගත් අසම්මත් දේශපාළුවන් නිසා අසරණ ජනයා නිතරම පිඩා විඳිනවා (අ)

:       0       0

තිලක් Wednesday, 10 July 2013 12:34 PM

කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ ලංකාවේ ජීවත් වෙන බන්දුල වගේ මොළ හෝදපු අයට කපලා කොටලා මරණ ඒවා,7-8 දෙනක් දුෂණය කරලා මරලා දාන ඒවා,කප්පන් දුන්නේ නැහැ කියලා මරලා දාන ඒවා,කාර් වලින් කුඩු අදින ඒවා,කුඩු ලොක්කෝ ඇල්ලුවා කියලා පොලිසියේ අයව මරණ ඒවා,සුදු වෑන් වලින් උස්සලා මරලා දාන ඒවා,වාහන අනතුරු කරවලා මරණ ඒවා සුළු දේවල්.බන්දුල වගේ මානසික ලෙඩ්ඩුන්ට අපි අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 10 July 2013 12:35 PM

බන්දුල පෙරේරා, අදහස් දාන අනිත් අයගෙන් අහන්නේ, ඩුබායි තිලක් කියන තරමටම මේ රට පිරිහිලාද? නැත්නම් මේ කෙනා කියන ගල් පැලෙන බොරු ඔයාලත් අනුමත කරනවද?(නදී)

:       0       0

ගාල්ලගේ Monday, 08 July 2013 05:28 PM

මෙහෙම මිනිස්සු තමයි අපේ රට කන්නේ.ඔලුව තිබුනා නම් ඔහොම කරනවද? (දී)

:       0       0

කුමාර Tuesday, 09 July 2013 07:10 AM

නම දාන්නකෝ (නි)

:       0       0

නිශේන්ද්‍ර Monday, 08 July 2013 05:28 PM

ඕක මොකක්ද ? මේක හරි සරල දෙයක් (දී)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 07:16 AM

ඉහලින් එන නියෝග වලට පොලිසිය නකුට පස්සේ ගහගෙන නිකන් ඉන්නවා. ඕක පොඩි මිනිහෙක් කරා නම් දෙක තුනක් ඇනලා නැති චෝදනාත් දාල හිරෙත් යවයි. මෙහෙම පොලොසියක් රටකට අවශ්‍යද?(නදී)

:       0       0

රජිත් ඉතාලි Monday, 08 July 2013 05:32 PM

අපි මිනිස්සුද ?රූකඩද?පඹයෝද ?නීතිය ලග අපි කව්ද ? එයාලා කව්ද? (දී)

:       0       0

විභූෂ Monday, 08 July 2013 05:33 PM

යුද්ද කාලේ මෙයාලව ඒවට අහුවෙන්න තිබුනේ (දී)

:       0       0

කීර්ති Monday, 08 July 2013 05:35 PM

නිර්වස්ත්‍රව ආශ්චර්යයට යන ගමනේ... (දී)

:       0       0

කුමාරි Monday, 08 July 2013 05:35 PM

චින්තනයේ ලක්සන!! රට කා අපි හැදෙමු. මේවට ගහන්න ඕනෑ මුන්ට ඡන්දෙ දීපු අයට (දී)

:       0       0

කිත්සිරි Tuesday, 09 July 2013 02:04 PM

අපේ රටේ මිනිස්සු, අපි ඔක්කොටම කොන්ද පන නැති එක තමයි ප්‍රශ්නේ. අසවල් දේශපාලකයාගේ, අසවල් නෑයා කියල පලකරන්න බැරිය. අපි වගේ සුළු මිනිස්සු ගැන කවර කතාද? (අ)

:       0       0

ආනන්ද ආර් Monday, 08 July 2013 05:37 PM

අනේ ඒ දේශපාලඥයාගේ නම දාන්නකෝ. ලබන මැතිවරණයේදී මනාප තුනම දෙන්න. (දී)

:       0       0

නලින් Monday, 08 July 2013 05:37 PM

මගේ රට ඉවරයි . (දී)

:       0       0

අරුණ Monday, 08 July 2013 05:40 PM

කාගෙවත් නෙමෙයි අපේමයි වරද.අපිනේ හරක් වගේ මෙයාලව පත් කලේ.තවත් දෙමු දීලා බලන් ඉමු. අපි එහෙම ජාතියක්නේ. (දී)

:       0       0

කෙවින් Monday, 08 July 2013 05:42 PM

මේවට බැනල වැඩක් නැහැ මිනිසුනේ.ලගදි ඡන්දෙ තියනවා.ඔලුවෙන් උත්තර දෙන්න. (දී)

:       0       0

රුවන් පෙරේරා Tuesday, 09 July 2013 02:14 PM

ජනාධිපති තුමා තනියම රට සංවර්දනය කරන්න උත්සහ කරනවා. සමහර උන් රට කන්න උත්සහ කරනවා. අනේ පව් අපේ ජනාධිපති තුමා. (අ)

:       0       0

රේනුක Monday, 08 July 2013 05:44 PM

වෙනත් ශිලාචාර පැත්තක් දෙසට හැරීමට කාලය එලබ ඇත. (දී)

:       0       0

සම්පත් Monday, 08 July 2013 05:45 PM

රට කන්න ආපු ලයිසන් පොලිසියෙන්ද? (දී)

:       0       0

චන්දරේ Monday, 08 July 2013 05:46 PM

මේ රටේ නීතිය පසුගිය අවුරුදු 10 තුල තිබුනාටත් වැඩිය ආගාධයට ගියා. අපේ රටට කාගේ පිහිටක්ද? අකමැත්තෙන් හෝ පිට රටකින් හෝ මේ තත්ත්වය නවත්වනවා නම් හොඳයි කියා දැන් හිතෙනවා. දේශපාලුවෝ සහ එයාලගේ ගෝලයෝ රටම මංකොල්ල කනවා. (දී)

:       0       0

පාලිත Monday, 08 July 2013 05:47 PM

රට බල්ලට ගිහින් ඉවරයි දැන්. තාම යුද්දේ විකුණ විකුනා, දේශපාලඥයෝ යෙහෙන් වැජබෙනවා. ඕක තමයි තිත්ත ඇත්ත (දී)

:       0       0

අමර් Monday, 08 July 2013 05:49 PM

පොලිසියේ මහත්මයාට දෙවියන්ගේම පිහිටයි (දී)

:       0       0

බුද්ධික Monday, 08 July 2013 05:50 PM

නියමයි ඔහොම යං (දී)

:       0       0

රකිත් Tuesday, 09 July 2013 08:34 AM

මට මතකයි එක්තරා අවධියක මාර්ග බාධක නොතකා ධාවනය කල ප්‍රවීන විකට රංගන ශිල්පියකුට නම් වෙඩි තැබුවා. (නි)

:       0       0

සෙන්සා Tuesday, 09 July 2013 08:35 AM

පොලිසියට බොහොම ස්තුතියි මේ ගත් ක්‍රියා මාර්ගයට. ඔබ තුමන්ලා පිළිබදව ප්‍රශංසාවක් පොලිස්පතිතුමා වෙත අපි කරන්නෙමු. ඉහත සිදුවීමට මෙවැනි ප්‍රතිචාරයක් ලැබුනොත් එදාට අපේ රටත් ගොඩ නේද? (නි)

:       0       0

අශෝක Tuesday, 09 July 2013 02:27 PM

මේවට ශාපකරන්න ඕනෑ රටේ කාට ද? (නි)

:       0       0

ලලිතා රම්‍යාණි Tuesday, 09 July 2013 08:35 AM

ඔය ගොසිප් වෙබ් අඩවි වලින් මෙයාගේ නම දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඇසළ Monday, 08 July 2013 05:53 PM

පහු වෙන කොට ආරංච් වෙයි කොහොමත් කවුද දේශපාලුවා කියලා. මෙයාලව තියාගෙන ජනාධිපතිතුමා කොච්චර හොද වැඩ කලත් අන්තිමේදී ඉල්ලන් කනවා. මේ පාර ඡන්දෙදි කටුකන අයගේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ ඡන්දයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. මේවගේ වැඩ නිසා ලැබෙන්න තියන ඡන්ද කියක් නම් නැතිවෙනවද. (දී)

:       0       0

බන්දුල Tuesday, 09 July 2013 08:43 AM

අනේ අසේල මහත්තයෝ, බයිලා නම් කියන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

පද්මා Monday, 08 July 2013 05:55 PM

ඒ වුණාට දැන වැඩිපුර යන වාර්තා ඔක්කොම අහිංසක අය ගැන තමයි (දී)

:       0       0

ෂෙහාර් Monday, 08 July 2013 05:56 PM

ඉතින් මොකටද පොලිසියක් නීතියක් රටට? (දී)

:       0       0

ජයන්ත Monday, 08 July 2013 06:00 PM

අනේ මින් පස්සේ කාවවත් අල්ලන්න එපා. (දී)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 02:42 PM

පිස්සුද අනේ? බ්රේක් පෑගුවා. වාහනේ නතර වුනේ නැහැ. අපි නීති ගරුක සහෝදරයෝ. (නි)

:       0       0

ඇන්ටන් Monday, 08 July 2013 06:03 PM

අපි වගේ සාමාන්‍ය කෙනෙක් වුනා නම් අත පය කැඩෙනකම් පොලිසියෙන් ගුටිකාලා පොලිස් කුඩුවේ. අනේ ලොක්කන්ට නැමෙන ශ්‍රී ලංකා පොලෝසිය ! (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 08 July 2013 06:06 PM

මේගොල්ලෝ කරන්නේ තවමත් යුද්දේ විකුණා විකුණා රට කන එකනේ. මොලේ මැටි තියෙනවා නම් මෙදා පාරත් ගහන්න කතිරේ (දී)

:       0       0

රෝහණ Tuesday, 09 July 2013 02:50 PM

ලලිත් මහත්තයා නම් හරි. ඒ වුනාට ඕක කාටවත් තේරෙන්නේ නැති එකනේ වැඩේ. තේරුනත් කරන්නේ එකම වැඩේ. අනික දැන් ඉතින් දෙන්න කියලා පක්ෂයකුත් නැහැනේ. රුවන් පෙරේරා මහත්තයා නම් නියමෙට ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

දිලිත Monday, 08 July 2013 06:07 PM

වෙඩි තියන්නනේ තිබුනේ (දී)

:       0       0

සුදේශ් Monday, 08 July 2013 06:07 PM

මොකද නම දාන්නෙ නැත්තේ? (දී)

:       0       0

නිශාර්ඩ් Tuesday, 09 July 2013 09:20 AM

මේ වගේ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 06:07 PM

ඒ වෙලාවේ ගිනි අවිය පාවිච්චි කලා නම් හරිනේ (දී)

:       0       0

ගමගේ Monday, 08 July 2013 06:18 PM

දිලිත සහ රිස්වාන් කියපු වැඩේ තමා මටත් මතක් වුනේ. පොලීසිය දැනගෙනමද මන්ො ඒ දේ නොකර ලුහු බැන්දේ. වාහනේ සුඛෝපභෝගී නිසා පොඩි බයකුත් හිතෙන්න ඇති. මොකෝ ඒගොල්ලොත් මිනිස්සුනේ. පව් අනේ එයාලා. (දී)

:       0       0

කුමාරිහාමි Tuesday, 09 July 2013 09:25 AM

ඉහලින් ආ නියෝගය දුන්නේ කවුද? පොලිස්පතිටත් වඩා ලොක්කෙක්ද? දැන් කාලේ පොලිසියේ හරියට රාජකාරි කරන්නේ දෙගොල්ලයි. ඒ නිල සුනඛයෝ හා අශ්වයෝ. මීට වැඩා නරකද මාර්ග නීති ඉවත් කලානම්. එතකොට පොලිසියට වාහන නවත්වන්න නියෝග දෙන්නත් අල්ලපු වාහන මුදාහැරලා නොන්ඩි වෙන්නත් ඕනෑ නෑ.(නදී)

:       0       0

නිශාන්ත Monday, 08 July 2013 06:23 PM

ගුවන් යානයෙන් පැන්න ක්‍රීඩකය ගැන වුනත් මුලින්ම ලිවුවෙ නම නොදානේ (දී)

:       0       0

අසේල Monday, 08 July 2013 06:23 PM

සරත් ෆොන්සේකා මහතා සැරට කතා කළොත්, කෙලින් කතා කළොත් කියාවී පිස්සෙක් කියලා. සරත් ෆොන්සේකා මහතා තමා අපේ රටට හරියන්නේ. ඒකට කැමති නැත්නම් අඩන්නේ නැතුව ඉන්න. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න (දී)

:       0       0

රාජු Tuesday, 09 July 2013 02:58 PM

දවසින් දවස අපේ රට ප්‍රපාතෙට ගෙනියනවා සේරම දේශපාලකයින් එකතුවෙලා. හරියන්න හරි වරදින්න හරි සරත් ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙකුට රට බාරදීමට කාලය එලබිලා. (නි)

:       0       0

ට්‍රිෂන් Monday, 08 July 2013 06:40 PM

අපි හීන දකින ආසියාවේ ඓශ්චර්ය වෙන්න කවදාවත් අපට බෑ, මිනිස්සුන්ගේ බලය මත තිබෙන මේ මෝඩ ආකල්ප වෙනස් වෙන තාක්. (අ)

:       0       0

පද්මසිරි Sunday, 14 July 2013 09:52 AM

පිටකොන්දක් කියල එකක් තියෙනවා නම් පොලිසියට සම්බන්ධ ලොකු ලොක්කෝ ඉල්ලලා අස්වෙලා දැන් ගොඩාක් කල් (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 09 July 2013 09:46 AM

ආසියාවේ ආශ්චර්යය, දේශපාලකයෙක්ගේ මීහරක් පුතෙක් වෙන්න ඇති. වැරැද්ද මීහරකගේ නොවෙයි ,දේශපාලකයින් ඉදිරියේ කොන්දක් නැති පොලිසියේ.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 09 July 2013 09:53 AM

මේ වගේ ප්‍රවෘත්ති බටහිර රටවල් වල මාධ්‍යයට නියමයි. (නි)

:       0       0

නිමාලි Monday, 08 July 2013 07:15 PM

කුඩු ගෙනියන්නේ ඔහොම වෙන්න ඇති. ඔතන මොකක් හරි තියෙනවා ,මොකද නම කියන්න බැරි . ලොකුම කෙනෙක්ද .(අ)

:       0       0

අසංග Monday, 08 July 2013 07:15 PM

ගරු ජනාදිපති තුමනි තවම ඔබතුමාට ජනතාව ගරු කරනවා ඒක නැති කර ගන්නා කලින් දැන්ම මේ වගේ දේවල් වලට ඇස් යොමු කරන්න. නැත්නම් ඊ ළඟ මැතිවරණයකදී ජනතාවගෙන් කිසිම උදව්වක් නැතිවේවි. (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 July 2013 07:54 PM

ලංකාවේ මොන තරම් රූපවාහිණී නාලිකා තියෙනවද? මොන තරම් පුවත් පත් ආයතන තියෙනවද? ලංකාදීපය අඩුම වශයෙන් නම නොකියාවත් මේ පුවත පල කලා. අනික් ආයතන මේ පුවත පල කලේම නැහැ. ලංකාවේ ජනමාද්‍ය හෙලුවෙන්ම කඩේ යනවා. හරිම ලැජ්ජයි.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 09 July 2013 10:05 AM

කියන්න තියෙන්නෙ පොලිසිය නපුංසකයි කියල තමා. අහිංසකයෙක් හදිස්සියකට ගියානම් වෙඩිතියලා මරලත් ඉවරයි. කෝ මේ රටේ නීතිය හා සාධාරණය.(නදී)

:       0       0

ප්‍රිනාත් Tuesday, 09 July 2013 10:05 AM

මේකෙ ගොඩක් අය ප්‍රතිචාර දාලා තියෙන්නේ අනේ ජනාධිපතිතුමනි, අනේ පොලිස්පතිතුමනි මේව දිහා බලන්න කියලා. මට කියන්න තියෙන්නේ මේ බබාලටත් කිරි ටිකක් දෙන්න කියායි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 July 2013 07:56 PM

මිනීමරු ප්‍රභාකරන්ගේ අවදිය මීට වැඩිය සුන්දරයි කියලා දැන්නම් හිතෙනවා. ඔක්කොම බයේ ඇදවල් යට.(නදී)

:       0       0

අසේල Monday, 08 July 2013 07:23 PM

දේශපාලුවන්ට ඕනෙම බලු වැඩක් කර නිදහස් වීමේ උත්තරීතර හැකියාවක් ඇති කිරීම ද ආසියාවේ ආශ්චර්යය (අ)

:       0       0

අචිනි Tuesday, 09 July 2013 10:10 AM

මණ්ඩාවල හාමුදුරුවනේ, අවසර වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් එම අමාරුව.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 09 July 2013 03:25 PM

අල්ලලා උසාවි දාලා අච්චු කලත් අන්තිමට නිදහස් වෙනවනේ. ඒ නිසා උසවියෙයි පොලිසියෙයි කාලේ නාස්ති නොකර මෙහෙම මුදාහැරපු එකත් එක අතකට හොඳයි. (නි)

:       0       0

අජන්ත කරුණාරත්න Monday, 08 July 2013 07:37 PM

ඔන්න කනෝ පිනුම් කිව්වලු. (අ)

:       0       0

සුරේෂ් Monday, 08 July 2013 07:39 PM

තම තමන්ගේ හා හිතමිතුරන්ගේ දුෂණ වංචා පියවගනෙම සඳහා අපගෙන් අසාධාරණ ලෙස බදු පාරිබෝගික භාණ්ඩ මිල විදුලිබල වැනි අදායම් ලබාගනිමින් රටේ නිතිය දෙවිදියකට භාවිත කරමින් සිටින අයට නිසි ප්‍රතිචාර දක්වීමට නොඉවසිල්ලෙන් බොහෝ දෙනෙක් බලා සිටි (අ)

:       0       0

රොෂාන් සෞදි Monday, 08 July 2013 07:39 PM

පොලිසියෙන් ඇයි වෙඩි තිබ්බේ නැත්තේ? ඔව් වෙදිතිබ්බොත් කියයි පොලිසියෙන් මිනි මරනවා කියලා (අ)

:       0       0

දිසා Tuesday, 09 July 2013 10:25 AM

මේවට තමයි කියන්නේ සාටක නාටක කියලා.(නදී)

:       0       0

රොබර්ට් නොක්ස් Tuesday, 09 July 2013 10:25 AM

මේ දකුණු ආසියාවේ නිවර්තන කලාපයේ රටවල් කවදාවත් හදන්ඩ බැහැ. මේක අද විතරක් වුන දෙයක් නෙමෙයි. 1948 ඉඳන් මෙහෙම තමයි. කළු හම තියෙන මිනිස්සුන්ට සුද්ධෝ වගේ දියුණු සමාජ හදන්ඩ බැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 08 July 2013 07:53 PM

ඕකට උත්තරේ තියෙන්නෙත් අපි ලගමයි. හරි යට ඡන්දෙ පාවිච්චි කලානම් හරි. ඔය දේශපලනයන්ගේ නම් පලකරන්න. එතකොට අපිට පුළුවන් එයාලට ඡන්දෙ නොදී ඉන්න. එහෙම කරන්න බැරිනම් වෙනදෙයක් බලන් ඔහේ ඉන්න. අපේ රට නැති කරගන්නේ අපිමයි. කාටවත් දොස්නොකිය මේ පාරවත් තමන්ගේ පුද්ගලික වාසිය නොතකා ඡන්දෙ දෙන්නා. (අ)

:       0       0

රවී Tuesday, 09 July 2013 10:32 AM

නම දාන්ඩ බැරි අයි? කට කතාවක්ද?(නදී)

:       0       0

ෂපීක් Tuesday, 09 July 2013 10:35 AM

මේ දේශපාලුවෝ තමා අපේ රට කන්නේ, අර ගුරුවරිය දැන ගස්සපු කෙනාටත් නාමයෝජනා දුන්නා කියන්නේ.(නදී)

:       0       0

ශාන සෞදි Monday, 08 July 2013 08:08 PM

අයි මාර්ග බාදක දාලා නැවෙත්තුවේ 1 වතාවක් අණට කීකරු නොවේ නම් 2 වතාවක් අණට කීකරු නොවී නම් තවත් අණකර යුතු නැත ඊළඟට කලයුත්තේ වෙඩ් තබා රථය නතර කිරීමයි 3 වතාවක් අණට පිටුපලත් නවත්වල අල්ලාගත්තේ කිරි පොවන්නද මොකගේ එකක් වුණත් එයත් රටවෙසියෙක් එයාට වෙනම නීතියක් නැහැනේ සාමන්‍ය වැසියෙක් වුණාම තමයි පොලිසිය දඩ දාගන තලන්නේ අපි ටිකක් වේගෙන් ගියොත් දඩ ලියනවා නැත්නම් 500 -1000 පගාව අරන් යවනවා දේශපාලනඥයකුගේ සහෝදරයක හෝ බත් බැලයෙක් වුණොත් එයාට සෙලියුට් ගහනවා උන්ට නෙමෙන්න අගේ නැමෙන ටෙන් මදි එයාලට අනේ අපේ රටට ගිය කලක් (අ)

:       0       0

චමින්ද ජයනාත් Monday, 08 July 2013 08:24 PM

බැරිවෙලාවත් ත්‍රස්තවාදින් ඕකෙ ගියානම්...වෙඩි තියල දාන්ඩනෙ තිබ්බෙ. මුන් උන්නත් අපේ රට කාල ඉවරකරන එකනෙ කරන්නෙ. (අ)

:       0       0

රණතුංග Monday, 08 July 2013 08:25 PM

ඡන්දෙන් හැමදේම කරන්න බෑ (අ)

:       0       0

sudheera Monday, 08 July 2013 08:28 PM

අනේ මේ උඩ අදහස් අපේ දේශපාලුවෝ බලන්නේ නැද්ද අප්පා ...බලනවානම් ඒ අයට ලැජ්ජාවක් නැද්ද?ඒ ය රෙදි අදින්නේ මොකටද? (අ)

:       0       0

රොහාන් Monday, 08 July 2013 08:28 PM

මේක ආශ්චර්යමත් රටක්නේ එමනිසා ඕක සුළු දෙයක්. මුවෝ දෙන්න සිය දිවි හානි කරගෙන උත්තමයන්ගේ වාහන වලට බලෙන් එන්න ඇති.(අ)

:       0       0

මංගල කොලොන්නාව Monday, 08 July 2013 08:36 PM

අනේ අපොයි අපේ රටට ගිය කලක් . අහිංසක අපිම ඡන්දෙ දීල . අපේම බඩඅපිම කපා ගන්නවා වගේ ඒවා වෙන්නේ . මතු උපදින සෑම වාරයක්ම ලංකාවේ නුපදිවා පතමි . සියල්ලන්ටම මෙත් සුව (අ)

:       0       0

අසේල Monday, 08 July 2013 08:38 PM

මි හරක් වගේ පාටට ඡන්දෙ නොදී හරි ම්නිහට ඡන්දෙ දෙන්න. පිට රට වල මිනිස්සු සැපට සාමයෙන් ඉන්නේ ඒකයි. මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕනා. පිට රට මිනිස්සු වගේ කිසිම පාටක් බලන්නේ නැතිව කාටද හරියට වැඩ කොරන්න පුළුවන් කියල බලලා ඡන්දෙ දුන්නොත් දුක් නොවී ජිවත් වෙන්න පුළුවන්. ඔය රටේ දැන් වෙන හැම ප්‍රශ්නෙකටම පිළිතුර ඔබ අතේ තියෙන්නේ. හොද නායකයෙක් තෝරා ගන්න.(නදී)

:       0       0

ජෙෆ් Tuesday, 09 July 2013 11:10 AM

පසු ගිය කාලයේ පොලිස් අන නොතකා ගමන් කල ප්‍රසිද්ද විකට නළුවකුට, ගෝල්පේස් කිට්ටුව මාර්ගයක සිට ගමනේ අවසානයට යන්නට පොලිස් වෙඩිල්ල පත්තු වුනා මතකයි. එදා ජනතාව විනෝද මත් කල ඒ නළුවට ඒම වුනා නම් ????? (අ)

:       0       0

ලලිත් Monday, 08 July 2013 08:39 PM

ඡන්දෙ කියල එකක් තියෙන්නේ ඒක විකුණගන කන්න නෙවේ. මේ වගේ හොරු තක්කඩි එලවන්න පාවිච්චි කරන්නයි. එත් ඉතින් ඡන්ද දායකයත් ඒක විකුණගන කනවා. පත්වෙන කෙනත් ආපු දවසේ ඉදන් ඒක විකුණා විකුණා ජීවත්වෙනවා. එහෙව් රටක පත්තර කාරයෝ මොන තරම් කීවත් වැඩක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

චමින්ද රාජගුරු Monday, 08 July 2013 08:48 PM

අංකය මොකක්ද (අ)

:       0       0

නීල් Tuesday, 09 July 2013 11:16 AM

මෙහෙම පොලිසියක් ඉන්න එක ගැන අපිට දුකයි. අඩුගානේ ප්‍රශ්නේ වුනාට පස්සෙ හරි මේ ගැන වගකිවයුත්තන්ට හොයලා බලන්න තිබුනනේ (නි)

:       0       0

ලලිත්-එල්.එස් Tuesday, 09 July 2013 11:19 AM

වාහනය ඇතුලේ මොනවද තුබුණේ කියලා හොයලා බැලුවේ නැද්ද ? ඒක තමා ලොකුම වැරැද්ද? හොර වැඩක් කරනවානම් විතරනේ පොලිසියට බය වෙන්න ඕනා. වාහනේ හයියෙන් ගිය එක ඒ තරම්ම ප්‍රශ්නයක් නොවෙයි නේ.(නදී)

:       0       0

bandula perera Monday, 08 July 2013 09:09 PM

අදහස් වලින් දකින්න අහන්න තියෙන්නේ හීනෙන්වත් වැරදි නොකරන සුපිරිසුදු වංචා දුෂණ ගැන හීනෙකින්වත් හිතන් නැති සිල් ගත් දෙසපාලකින් පිරිසකට රට බාර දෙන ලෙස හීනෙකින්වත් වරදක් නොකරන හිතින් මහන දම් පුරන සියලු කෙලෙසුන් නැසූ මිනිසුන් පිරිසක් නගන විලාපය. එහෙම රටක ජීවත් වෙන්න අපිටත් වාසනාව ථියෙඉද බලමු...බලමු..කොහොම උනත් තුන් පාරක් අණ නොතකපු වාහනේට වෙඩි නොතිබ්බ එක ගැනනම් පරීක්ෂණයක් කරන්න ඕන පොලිස්පති තුමා.. (අ)

:       0       0

සෑම් Monday, 08 July 2013 09:22 PM

මමත් මේ රජයට කතිරය ගහපු කෙනෙක්. ආණ්ඩුවේ තියෙන බලය නිසා රජය දැන් මහජන මතයට කන් දෙන්නේ නැ. ලඟ එන පළාත් සභා ඡන්දෙදි හිතුවක්කාරී දෙශපලුවන්ට ඡන්ද දායකයාගේ බලය පෙන්වමු. (අ)

:       0       0

ප්‍රසාද් Monday, 08 July 2013 09:25 PM

අහිංසක මිනිහෙක් උනානම් කොහොමද ? ලැජ්ජයි කියන්න, අපිට තියෙන පොලිසියක්, කුලියට මිණි මරනවා , හොරකම් කරනවා, කප්පම් ගන්නවා, ලැජ්ජයි ! කිසිම දෙයක් හොයන්නේ නැතුව ඡන්දෙ දෙන යට හොද වැඩේ. . (අ)

:       0       0

සිසිර Monday, 08 July 2013 09:28 PM

අපේ අය දක්ෂයි කොහොම මැතිවරණෙ තිබ්බත් නරකම එකා තෝරලා කතිරේ ගහනවනේ (අ)

:       0       0

කුමාරසිරි Monday, 08 July 2013 09:33 PM

අනේ මහත්තයෝ,නම්,ගම් එක්ක විස්තර දාන්නකෝ? (අ)

:       0       0

උදය Monday, 08 July 2013 09:37 PM

ඡන්දය ක දී මේ වගේ දෙයක් ගැන තීරණ ගන්න බැරි හැම පැත්තේම එකාල එක වගේ නිසා (අ)

:       0       0

ම්ර්ෆ් Tuesday, 09 July 2013 11:45 AM

මේකට මෙතරම් ප්‍රතිචාර තිබ්බට මේ ඔක්කොම පිටරට ජීවත්වෙන අය. ලංකාවේ ඉන්න අයට මේවා බලන්න වෙලා නැහැනේ. ජාතිවාදය පිටිපස්සෙන් යන්න තියෙනවනේ (නි)

:       0       0

සුමිත් Monday, 08 July 2013 09:41 PM

නම කියන්න (අ)

:       0       0

චානක. Monday, 08 July 2013 09:42 PM

අසංග....ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව (අ)

:       0       0

සුදත් බ්‍රෙෂියා Tuesday, 09 July 2013 11:49 AM

ලංකාවේ දේශපාලකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට නිතිය ක්‍රියාත්මක නොවන බවත්, පොලිසියට ස්වාධීනව නිතිය ක්‍රියාත්මක කල නොහැකි බවටත් මෙම සිද්ධිය තවත් එක් උදාහරණයක් පමණයි .මෙවැනි දේ අතීතයේත් සිදු වුනා යැයි සිතමින් ,මෙවන් සිදුවීම් අනුමත කරන අයටත් නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගැනීමට කාලය එළඹ ඇති බවයි කියන්නට තිබෙන්නේ .ගුරුවරිය දනගස්වපු මන්ත්‍රීවරයාට නාමයෝජනා දීමට තීරණය කර තිබීමෙන්ම රටේ නිතිය ක්‍රියාත්මක වෙන ආකාරය අපට සිතා ගැනීමට පුළුවන් (නි)

:       0       0

රනිල් Friday, 12 July 2013 08:51 AM

හරිම අවාසනාවන්ත සිදුවීමක්? මොකක්ද මේවායින් පෙන්නුම් කරන්නේ? ලංකාවේ නිතිය මිනිස්සුන්ට දෙයාකාරයකින් සලකනවා කියන එකනේ. (නි)

:       0       0

චානක. Monday, 08 July 2013 09:57 PM

නීති සම්පාදනය කරන අයම නීති කඩා දමන රටක මොන සංවර්ධනයක්ද???(අ)

:       0       0

චානක Monday, 08 July 2013 10:03 PM

කෙනෙකුගේ බහකට නීතිය ක්‍රියාත්මක නොකලාට පොලිසියට විරුද්ධව නඩු දමන්න පුළුවන්.... (නි)

:       0       0

ටෙනිසන් Monday, 08 July 2013 10:20 PM

ජනාදිපති තුමනි ,වටේ ඉන්න හොරුන් ටික ඔබේ නම කැත කරනවා. මොහම ගියොත් ඔය පුටුවෙන් කොන්දත් කඩාගෙන වැටෙන්න මහලොකු කාලයක් යන්නේ නැහැ. පොලිස් පති තුමනි, අපි ඔබ දෙස මහා ආඩම්බරයෙන් බලා සිටියා. දෙවරක් පොලීසියේ අණ නොතකා ගිය මොකා උනත් කාගෙන් නියෝගය ආවත් අත අරින්න තරම් ඔබේ නිලදාරීන් නිවට වුනා. අපේ රටේ ව්‍යවස්තාවට අනුව නීතියෙන් පිට ඉන්නේ ජනාදිපති විතරයි. ඒ නිසා අපි ඔබේ ප්‍රතිචාරය බලා ඉන්නවා. කොන්ද කෙලින් තියාගන වැඩ කරලා කෝට් එක ගැල වුනත් ආඩම්බරෙන් ගෙදර යන්න පුළුවන් රට වැසියා ඔබව පිලිගන්නවා. (නදී)

:       0       0

සංජය Monday, 08 July 2013 10:32 PM

මතකද මතක නැති ලොක්කෙකුට සැලියුට් ගැහුවා අපේ පොලිසිය? (නි)

:       0       0

මාගලී Monday, 08 July 2013 10:47 PM

දැන් අර එක්කෙනක් තුවක්කුත් දුන්නා නේද පොලිසියට චන්ඩි පාර්ට් දාන අයට වෙඩි තියන්න .... (නි)

:       0       0

නාත් Monday, 08 July 2013 10:48 PM

නම දාන්නකෝ. (නි)

:       0       0

සිතු Wednesday, 10 July 2013 11:32 AM

මේ ඉන්නේ කවු ද කියලා මෙකෙන් බලා ගන්න පුළුවන්.(නදී) http://www.oththukaru.com/2013/07/09/mahindanandas-brother-drunken/

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Monday, 08 July 2013 11:02 PM

මෙම සිද්ධිය සාමාන්‍ය එකක් වශයෙන් සලකන්න බැහැ. ජනපතිතුමා මේ ප්‍රශ්නයට ඉක්මනට ක්‍රියාත්මක වෙලා ,මේ අහංකාර පිස්සුවෙන් නටන පිරිසට නිතියට අනුව දඬුවම් නොදුන්නොත්, මිනිස්සු නැවත නීතිය අතට ගන්න ලැහැස්ති වේවි. වහාම එතුමා මිට මැදිහත් වියයුතුයි. පොලීසිය පාලනය කරන්නත් බැරිතරමට දූෂණයට ඇබ්බැහි වෙලා. මෙම පුවත දකින සියලු දෙනා තුළ ම ඇතිවන්නේ ජුගුප්සාවක්! (නි)

:       0       0

වජ්‍ර Tuesday, 09 July 2013 12:22 AM

රටේ නිතිය ගණිකා සේවයේ යොදවා ඇතිබව මෙවැනි සිදුවීම් වලින් හොදට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

සනත් වල්පොල Tuesday, 09 July 2013 12:53 PM

රටේ නීතියට ඇගිලි ගහන දේශපාලුවෝ දැක්කම ඡන්දය දුන් අපිට ඇඩෙනවා (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 09 July 2013 12:35 AM

දැන් වැඩි හරියක් අහන්න දකින්න ලැබන්නේ දේශපාලකයින් සම්බන්ද මගඩි. මේවා නවත්තන්නේ නැතුව රටේ මොන සංවර්ධනය කළත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි, මේවට ඉඩදීම හෝ නැතිකිරීම තිබෙන්නේ ඔබතුමා අතේ (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 09 July 2013 12:39 AM

මෙතන ගොඩක් අය අදහස් දාල තියනවා ඡන්දයකදී මේ ගොල්ලන්ට පාඩමක් උගන්නනවා කියලා. ඒත් ඉතින් බලය ගන්න බලාගෙන ඉන්නේ දෑත් පිරිසිදු ශාන්ත දාන්ත තොත්ත බබලා ටිකක් නේ (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 08 July 2013 04:49 PM

ආස්චර්‍යෙය් හැටි තමයි.(නදී)

:       0       0

අතුල-මිලානෝ Tuesday, 09 July 2013 01:26 AM

දැන් රට යන විදියට ඔලුව පාවිච්චි නොකොලොත් දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

නිසා Tuesday, 09 July 2013 12:58 PM

සමාවෙන්න, අපට ලැබෙන සුපුරුදු ගතමනාව නොදී මාරුවුණා නිසයි ලුහුබන්දේ. (අ)

:       0       0

චන්දන Wednesday, 10 July 2013 11:58 PM

නාවලපිටිය ක්‍රීඩා පිටීය (අ)

:       0       0

සංජීව Monday, 08 July 2013 04:58 PM

කොහොමද වෙනස, දෙශපාලුවාට පොලිසියේ සැලකිල්ලයි. (අ)

:       0       0

බන්දුල Tuesday, 09 July 2013 02:44 AM

අඩුම තරමේ නීති විරෝධී යම් ද්‍රව්‍යයක්වත් වාහනයේ තියෙන්න ඇති. නැත්නම් පොලිස් අණ නොතකා යන්න ඕනෑ නැහැනේ. අනේ අපේ රටට ගිය කලක්. ජනාධිපතිතුමනි, මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. (නි)

:       0       0

මල්දේනියේ සීම්යොන් Tuesday, 09 July 2013 02:52 AM

නීතිය කරන මහතුනි කරුණාවන්ත.. මටත් ඔහොම යන්නට හැම දින දෙන්න.. දේශපාලුවො ඉන්නවා හැම තැනම... මෙහෙවු රටක දරුවන් හට කොහෙන්ද නියම මග... (නි)

:       0       0

චන්දන Monday, 08 July 2013 05:00 PM

නම දාන්න බැරි ද (අ)

:       0       0

මංජු Monday, 08 July 2013 05:02 PM

මේ අය තමයි දේශපාලනේ කන්නේ.(නදී)

:       0       0

jeevan Monday, 08 July 2013 05:03 PM

කෝ අර ඉනියා ජාතිකවාදී රැල. පේනවද අපේ උතුම් බව. දේශපාලකයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන් අයියගේ බාප්පාගේ පුතාගේ පුතත් අපට කොකා පෙන්නනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 01:17 PM

දැන් පොලිසියේ කොන්ද කෙන්ද වෙලා (නි)

:       0       0

අතුල කරුණාසේන Monday, 08 July 2013 05:07 PM

දේශපාලුවන්ට සහ නෑදෑයෝ නීති නැත අහෝ ලක් මෑණියනි (අ)

:       0       0

ටෙරන්ස් Monday, 08 July 2013 05:10 PM

මේවා හින්ද නේද කට්ටියකට ජිනීවා යන්න වුනේ ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 115 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1050 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3617 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2288 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site