IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තුන්වැනියෙක් ගැන නොහිතා කොහොමද?

2016-12-29-ent-16

ඇය - ඉෂාරා සඳමිණි. 2011 දී කලා ක්ෂේත්‍රයට ආව ඉෂාරා ඒකාකාරී ජීවිතයකට අකමැතියිලු. ඒ නිසාම ජනප්‍රිය නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කිරීම ඇයට ඇත්තටම සතුටක්ලු.

 

ඉෂාරා ඇත්තද මේ වසරේ වැඩි කාලයක් රෝහලේ කියන්නේ?

2016-12-29-ent-14ඔව්, මොකද මම වෛද්‍යවරියක් විදියට මේ අවුරැද්දේ වැඩ පටන්ගත්තා

 

ඒ කියන්නේ කලාවෙන් ඈත් වෙනවද?

ඈත් නොවුණත් වෙනදා තරම් කාලයක් නම් යොදවන්න බැරි වෙයි

 

ඔබ සම්මානනීය වුණ අවස්ථා

ඔව්, මට අවස්ථා දෙකකදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා.

 

ගොඩක් ප්‍රේක්ෂයින් ඔබට ආදරෙයි

ඔව්, මටත් එහෙම හිතෙනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක

 

ජනප්‍රිය කෙනෙක් වීම තුළ කරදරයට ලක් වුණු අවස්ථා තියෙනවාද?

ගොඩක් කාර්ය බහුල වෙලාවට ලැබෙන සමහර දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒත් මම ආඩම්බර නැහැ. මගේ ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි.

 

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

ආරාධනා කිහිපයක් ලැබුණා. තාම ඒ ගැන කතා කරමින් යනවා. කොහොමත් මේ වසරේදී සිනමාවට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒ වගේම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න අාසාවෙන් ඉන්නේ.

 

අපි කතා කළොත් අනුර ගැන. ඔහු හමුවු‍‍ණේ කොහොමද?

හ්ම්ම්... ඔහු හමුවුණේ මේ කලා ක්ෂේත්‍රයේදීම තමා

 

එයාට කැමති වෙන්න හේතු වුණේ බාහිර පෙනුමද?

ඔව් හැම ගෑනු ළමයෙක් වගේ මම බාහිර පෙනුමටත් කැමති වුණා. ඒ වගේම එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් වීම. ඒ විතරක් නෙවෙයි එයාට මාවත් මට එයාවත් තේරැම් ගැනීමට පුළුවන් වීම. මේ හැම දෙයක්ම හේතු වුණා.

 

ඒ ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

එදාට වඩා අද මම ගත්ත තීරණය ගැන 100ට 200 ක් සතුටු වෙනවා. මම හිතපු ආදරය රුකවරණය, තේරැම් ගැනීම සහ විශ්වාසය උපරිමයෙන්ම ලැබෙනවා

 

අනුරට වඩා ඔබ ජනප්‍රියයිනේ?

අනේ... එහෙම කියන්න එපා

 

නමුත් ඒක නේද ඇත්ත?

ඔව්. එහෙම වුණාට මම කැමති නැහැ එහෙම කියනවාට. මොකද එයා මගේ මහත්තයානේ

 

ඔබේ ජනප්‍රියත්වය එයා දකින්නේ කොහොමද?

එයා මට වඩා ඒ ගැන සතුටු වෙනවා. මම ඒක දකිනවා.

 

ඔබ පෙම්වතියගේ චරිත රඟපානවට අකමැති නැද්ද?

මුලදී මටත් ඔය ප්‍රශ්නේ හිතුණා. ඒත් මේ වනතෙක් මට පෙම්වතියගේ චරිත රඟපාන්න එපා කියලා නැහැ. ඉදිරියේදී එහෙම කියයිද දන්නේ නැහැ.

 

දෙන්නා ජොතිෂ්‍යය විශ්වාස කරනවාද?

එහෙම ලොකුවට විශ්වාස කරන්නේ නම් නැහැ. හැබැයි ඉතින් විශ්වාස කරන් නැත්තෙත් නැහැ.

 

ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

සතුටුයි. දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. නිසි වයස වෙද්දී මට හැමදේම වගේ මම හිතුවටත් වඩා හොඳට කරගන්න ලැබුණා.

 

දැන්ම තුන්වැනියෙක් ගැන හිතන්නේ නැද්ද?

හිතන්න ඕනේ. මොකද අර මම කලින් කිව්වා වගේ හැමදේම නිසි වයස වෙද්දී සම්පුර්ණ කරගන්න ඕනේ.

 

දෙන්නාගෙම අනාගත ඉලක්කය?

මායි අනුරයි කතාවෙලා ඉන්නේ අපේම කියලා ව්‍යපාරයක් පටන් ගන්න.

 

Text — Anu / Pic — Sumudu

Outfit - Ashok Duminda

 

2016-12-29-ent-13
2016-12-29-ent-15
2016-12-29-ent-65
2016-12-29-ent-66
 



අදහස් (0)

තුන්වැනියෙක් ගැන නොහිතා කොහොමද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 32 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 2909 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 537 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1041 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 753 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 805 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26100 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1359 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site