IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තැන් තුනකදී පොලිස් අන නොතැකූ ඩිපෙන්ඩර් තරුණිය පන්නා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ නගරයේ ස්ථාන තුනකදී නවත්වන ලෙස පොලිසිය කළ අණට අකීකරුව  ඩිපෙන්ඩර් රථයක් පැදවූ තරුණියක සහ එහි ගමන් කළ තවත් තරුණියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව  මරදාන පොලිසිය කියයි.

මරදාන ඩීන්ස් පාරේ දී  අපරික්ෂාකාරීව ධාවනය කළ ඩිපෙන්ඩර් රථය නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර ඊට අවනත නොවී මග හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රථයේ ලියාපදිංචි අංකය සමග මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා කීය.

ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී තිබූ බව උසස් පොලිස් නිලධාරියා කීය.

එහිදී රියදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් සිදුවී තිබිණි.

ඩිපෙන්ඩර් රථය නවතා එහි රියදුරු ලෙස කටයුතු කළ තරුණිය ඇතුළු තරුණියන් තිදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය රියදුරු ලෙස කටයුතු කළ තරුණිය මත් පැන් පානය කර සිටී දැයි පරික්ෂා කිරීමටද කටයුතු කෙරිණි .

අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන් ය.

සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (16)

තැන් තුනකදී පොලිස් අන නොතැකූ ඩිපෙන්ඩර් තරුණිය පන්නා අල්ලයි

Rata Perata Monday, 10 July 2023 07:15 PM

කොහේහරි ඉන්න අපතයින්ට ජාතක වෙච්චි අය වගේ...

:       1       79

Chathuranga Monday, 10 July 2023 07:53 PM

හරියටම නඩුව බලවයි වගේ..

:       1       55

මරා Monday, 10 July 2023 08:20 PM

තවම කෝල් එකක් ආවේ නැතෙයි, ඔය මගේ දෝණි වහාම සමාව අරන් නිදහස් කරන්න කියලා...

:       1       76

Dara paan Monday, 10 July 2023 08:21 PM

වහාම, තොරතුරු අපැහැදිලියි කියලා නඩුව ඉල්ලා අස්කර ගන්න.. ප්‍රභූ පැටව් ටික පව් අනේ...!

:       0       67

Achini Monday, 10 July 2023 08:57 PM

ඇයි වෙඩි තිබ්බේ නැත්තේ ?ඩිෆෙන්ඩර් එකක් හින්දා නේද ලොල්

:       0       7

Ruhunu Monday, 10 July 2023 09:50 PM

ඩිමෝ බට්ටෙක් ඔයවග් ගියානම් ක්ෂණිකව පොලොස් රාළහාමිලා වෙඩි තියලා

:       0       9

පැරකුම් Monday, 10 July 2023 10:14 PM

අපේ පොලීසියේ වැඩ බලාගන්න නියම අවස්ථාවක්…!

:       0       3

ගමේ එකාලා Monday, 10 July 2023 10:59 PM

දූශිත දේසපාලුවන් එක්ක සම්බන්ධ පවුල් වල උන්ට නම් ප්‍රශ්නයක් නැහැ.තැන් තුනකදී වෙට්ටු දැම්මේ නිකම් වෙන්ඩ බැහැ .

:       0       4

නිහාල් Monday, 10 July 2023 11:39 PM

පැයෙන් එළියේ..

:       0       7

Pankumburage Tuesday, 11 July 2023 12:27 AM

ඒ ගැටිස්සියන්ට තරයේ අවවාද කර නිදහස් කලා කියලා හෙට පත්තරේ තියෙයි.

:       0       5

Lakmal Bandara Nawarathne Tuesday, 11 July 2023 04:38 AM

ගොන් බඩු 3ක්‌

:       0       4

Nayan Tuesday, 11 July 2023 05:45 AM

පොඩි වහනයක් ගියානම් වෙඩිත් තියලා ....

:       0       4

Bunny Preena Tuesday, 11 July 2023 09:56 AM

පොලිසියට දුරකතන ඇමතුමක් ආපු ගමන් ඔවුන් තිදෙනාම නිදොස් කොට නිදහස් කරන්ට සිදු වෙයි.

:       0       8

de silva berlin Tuesday, 11 July 2023 11:39 AM

කනගාටුවට කරුණ නම් ලංකාවේ ප්‍රභූවරු ලෙස හඳුන්වන පුද්ගලයන්ගෙන් 90% හොරු .මිනීමරුවෝ සහ මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරම් කාරයෝ

:       0       9

Deepal Nirosh Tuesday, 11 July 2023 12:41 PM

21 වැනි ශත වර්ෂයට ගැළපෙන දරුවකු බිහිකරපු අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්...

:       0       0

HELAYA Tuesday, 11 July 2023 01:36 PM

ත්‍රී වීල් මල්ලි කෙනෙක් මෙහෙම වෙට්ටු දැම්මා නම් උගේ ඇට තලලා දනියෙන් උඩ වෙඩි තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 0 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 25 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 65 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 31 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 126 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1212 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site