ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන අද (8) ඊට විරෝධය දක්වමින් හිනිදුම ඇතුළු ප්‍රදේශ කිහිපයක කළු කොඩි ඔසවා තිබිණි.
මනම්පිට, ගොඩඅමුණ, මත්තක, බංගමුකන්ද ආදී ප්‍රදේශ කිහිපයක හා කතරගම ස්ථාන කිහිපයක මෙසේ කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබිණි.
සංවිධාන කිහිපයක එකමුතුවෙන් අද සවස කොළඹදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට යයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැන තැන කළු කොඩි
ආනන්ද දොඩන්ගොඩ Friday, 08 January 2016 09:36 AM
ජනතාවට රජයට සහ ජනාධිපතිට විරුද්ධව විරෝධය පල කිරීම තමා කළු කොඩි දමා සාමකාමිව කරන්නේ (බ)
ජගත් Friday, 08 January 2016 03:33 PM
තව ටික දවසකින් ජනතාවට සුදු කොඩි දාන්නත් වෙයි බලන්නකෝ (අ)
සහන Friday, 08 January 2016 11:23 AM
මම පිට රටක ඉන්න කෙනෙක්. අපිට පේනවා ලංකාව ඉස්සරහට නෙවි පස්සට දැන් ගමන් කරන්නේ. කොළඹ ගිය අවුරුද්දේ හරි ලස්සනට තිබුණා. හැබැයි දැන් කුණු පිරුන මුඩුක්කුවක් වගෙයි . (ස)
පෙරේරා Friday, 08 January 2016 06:17 AM
අද කළු කොඩි දාන්නවත් නිදහස තියනවා . එදා දැම්මනම් කොහොමද? (බ)
බෙන්තර මහේෂ් Friday, 08 January 2016 06:20 AM
පැත්තක් කළු කොඩි දානවා , පැත්තක් සුදු කොඩි දානවා. හැබැයි ජනතාවට ඔය කොඩි දෙවර්ගයම දැන් අවුරුදු හැටගානක් තිස්සේ කොඩිවිනයක්. ඒ හින්දා එන්න අපි රතු කොඩියක් දාමු. (ර)
සේන Friday, 08 January 2016 07:00 AM
කළු කොඩි ඔසවන්නේ බඩු මිල වැඩිවීම නිසාමද ? (ර)
අහස් Friday, 08 January 2016 07:45 AM
ඇත්ත තමයි බෙන්තර මහේෂ්, කොහෙද අපේ මිනිස්සු වෙනස් වෙන්න කෑමති නැහැනෙ. 67 වසරක් තිස්සෙ මෙ ලැබිලා තියෙන්නෙ. කියන්නෙ කැපුවත් කොල. කැපුවත් නිල්, කියලා විතරයි. රටට මොනා උනත් කමක් නැ. (ර)
විකී Friday, 08 January 2016 07:50 AM
මම ස්වාධීනව දෙයක් ලියන්නම් .මෙතුමා ජනාධිපති වුනේ හිටපු ජනාධිපතිතුමා නීත්‍යනුකුලව පවත්වපු ජනාධිපති වරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබමින්.ඒක ජන වරමක්. විවිධ අදහස් ඇති දේශ පාලකයින් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ කරයි. නැතිව රට ගැනවත් ජනතාව ගැනවත් හිතා මෙවැනි දේ කරනවා නොවෙයි (බ)
හෆීල් Friday, 08 January 2016 08:32 AM
කළු කොඩි දාන්න තරම් රටේ ප්‍රශනයක් තියනවද? (ම)
නිරංජන් Saturday, 09 January 2016 05:02 AM
යහපාලනයට වසරක් පිරෙනකොට රට වසර දහයක් ආපස්සට ගිහින්. ඕක තේරුම් ගන්න බැරි අයට රට ගැන මොන හැඟීමක්ද? (නි)
කමනි Friday, 08 January 2016 08:45 AM
මීට කලිනුත් ලංකාවේ ජනාධිපතිවරු මාරු වුනා. පදවි ප්‍රාප්තිත් මීට වඩා උත්කර්ෂවත් විදියට සද්දේ දාලා සැමරුවා. ඒත් පදවි ප්‍රාප්තියකදී කිසිම විපක්ෂයක් කළු කොඩි දැමූ බවක් මකත නැහැ. මේක තනිකරම තමන්ගේ උවමනා එපාකම් ඉටු නොවීම නිසා කරන වැඩක් බව පේනවා. (ර)