IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තුන් නිවුන් දරුවනට නිවහනක් නෑ

මහනුවර මහ රෝහලේ තුන් නිවුන් දරුවන් බිහි කළ මවක හා ඇගේ සැමියා ලොකු ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. මහනුවර මහ රෝහලේ සිට දරුවන් රැගෙන යෑමට නිවෙසක් නැති බව එම ප්‍රශ්නයයි. පී ශාන්ති (36) දරුවන් බිහි කළේ අඩු මාසයෙනි. ගැහැණු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවාත් දැනට නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. දරුවාගේ පියා කුළියට ගත් ත්‍රීරෝද රියක් පදවන්නෙකි. දැනට මාපානවතුර පැසේජ් හි තම සහෝදරයාගේ නිවසේ කාමරයක ඔහු ජීවත් වෙයි. ඔවුනට අවුරුදු අටක දියණිකද සිටී. රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නාලනී මැණිකේ පවසනුයේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් වෙමින් සිටින බවයි. උපත් බර අඩු වුවද දැනට දරුවන්ගේ බර කෙමෙන් වැඩි වන බව වෛද්‍යවරිය කියන්නීය. සති දෙකකින් හෝ තුනකින් ඔවුනට රෝහලෙන් පිටවී යා හැකි බවද, එම දරුවන් රැගෙන යන පරිසරය සෞඛ්‍ය සම්පන්න විය යුතු බව ද ඇය කියන්නීය. දරුවන්ගේ පියා වන සුරේෂ් ඛන්නා (33) පවසනුයේ දිනපතා උපයණ තම ආදායම අනුව ඉඩමක් මිලදී ගැනීම හෝ නිවසක් තනා ගැනීම කවදාවත් කළ නොහැකි බවයි. සුරේෂ්ගේ ලිපිනය  -  සුරේෂ් කන්නා, අංක 31/ඒ, මාපනාවතුර පැසේජ්, මහනුවර. මව පී ශාන්තිගේ ලංකා බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුම් අංකය 73946787  



අදහස් (0)

තුන් නිවුන් දරුවනට නිවහනක් නෑ

නිලන්ත Wednesday, 31 October 2012 12:58 PM

ලංකා ඔබේ නම වෙනස් කර ගන්න. ලංකාවට ලැජ්ජයි. (ස)

:       0       0

ක්‍රිෂාන් Thursday, 01 November 2012 03:30 PM

මේ අයට පිහිට වෙන අයට ගොඞාක් පිං (නි)

:       0       0

කිරුළු Tuesday, 30 October 2012 06:02 PM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

මරීසා Friday, 02 November 2012 05:43 PM

ළමයි හදද්දී ඕනෑ ඕවා හිතන්න. (නි)

:       0       0

නිලංක Tuesday, 30 October 2012 06:07 PM

මේ අයට උදව් කරන අයට ගොඩක් පිං..!(නු)

:       0       0

මොහමඩ් Friday, 02 November 2012 10:38 AM

අපි ඉන්නේ කටාර්. අපි කැමතියි මෙම දරුවන්ට උදවු කරන්න (නි)

:       0       0

රසිකා ඩුබායි Tuesday, 30 October 2012 06:11 PM

වත්කමක් නැතිව දරුවන් බිහිකරන අම්මලා ඕනතරම් අපේ රටේ ඉන්නවා ලංකා. ඒත් ඔයවගේ අදහස් පළකරන්න එපා පව්..!(නු)

:       0       0

පෙරේරා Tuesday, 30 October 2012 06:26 PM

ගරු විමල් මන්ත්‍රී තුමනි ඔබ උපරිමයෙන් උදව් කරයි කියලා අපි හිතනවා..!(නු)

:       0       0

හේමන්ත Wednesday, 31 October 2012 01:25 PM

මෙහි ඔබේ අදහස් ලියන්න නිදහස තියනවා. නමුත් මේ වගේ මානුෂික ප්‍රශ්ණයකට අවශ්‍ය අදහස් නෙවෙයි. මේ රටේ මිනිස්සු අනිවාර්යයෙන්ම උදව් කරනවා. එහෙම කරන අය ප්‍රතිචාර දාන්නේ නෑ. ජාතිය ජන්මය කුලය බලන්න එපා. අපි ඔක්කොම මනුස්සයෝ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 31 October 2012 01:38 PM

‍මේ දරුවන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම වාසනාවන්ත වේවා!(නදී)

:       0       0

සලිය් Wednesday, 31 October 2012 09:08 PM

අපි උදවු කරමු

:       0       0

අමල් පෙරේරා Tuesday, 30 October 2012 06:43 PM

මේ දවස්වල කාටවත් උදව් කරන්න අමාරුයි.. හැම දෙයක්ම මිල වැඩිවෙලා.. මේ අය පවුල් සැළසුම් කරගෙන හිටියනම් ඉවරයි.. අනික හැමදාම හැමදෙයක්ම නිකම් ලැබෙනකම් බලාගෙන ඉන්න එපා. (නු)

:       0       0

මනෝජ් Tuesday, 30 October 2012 06:43 PM

පේ ගෙදර කාමර දහයක්වත් තිබුණන්ම් එකක් දෙන්න තිබුණා.. ඒත් එච්චර නැහැනේ..!(නු)

:       0       0

සංඛ Wednesday, 31 October 2012 07:42 AM

මුස්ලිම් ද? (නි)

:       0       0

කමල් Wednesday, 31 October 2012 01:57 PM

ශිරාෂ්, සංක ගේ කතාවේ ඇත්තක් තියෙනවා. ළමය වැඩිපුර හදන්නේ මුස්ලිම් අය තමයි. අද සිංහල අයට ළමයි අඩු ඒගොල්ලන්ට එකට අවශ්‍ය කාය ශක්තිය නැති නිසා. අරක්කු භාවිතය වැඩි නිසා පන නැහැ. දැන් ඉන්න අයට කොන්ද පනත් නැහැ. එකයි මේ විදිහට රට යන්නේ. (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 31 October 2012 09:17 PM

ඔවුන් අප ලක් දෙරණේ උපන් අයයි. අපි ඔවුන්ට උදවු කිරීමට අත්වැල් බැද ගනිමු. (නි)

:       0       0

යොහාන් ඩුබායි Tuesday, 30 October 2012 06:40 PM

හැකි ඉක්මනින් නිවාස ඇමතිතුමාට යොමුවේවා..!(නු)

:       0       0

තුෂාර Wednesday, 31 October 2012 07:59 AM

කනගාටුයි

:       0       0

කපිල Wednesday, 31 October 2012 08:17 AM

අපි පිහිට වෙමු

:       0       0

විපුල Tuesday, 30 October 2012 07:04 PM

ලංකා ළමයි හදන්න පුළුවං සල්ලි තියෙන අයට විතරද? මේ වගේ කතා කියන්න එපා.. ඔයා වගේ අය උදව් නොකලාට මේ අයට උදව් කරන්න අය ඉන්නවා..!(නු)

:       0       0

මධව Wednesday, 31 October 2012 09:49 PM

අයියෝ සල්ලි

:       0       0

නිරන් Tuesday, 30 October 2012 07:05 PM

ලංකා නමටත් කැතයි..ඔයා වගේ මිනිස්සු ඉන්නෙ හරි පොඩි ප්‍රමාණයක්.. මේ පවුලට උදව් කරන්න මේ රටේ ඕනතරම් මිනිසුන් ඉන්නවා...!(නු)

:       0       0

සමීර Wednesday, 31 October 2012 08:13 AM

ලංකා , මේ දවස්වල එළියට බහින්න එපා. හෙණ වදීවි (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 31 October 2012 09:52 PM

සුසන්තයි, ලංකායි මනුෂ්‍ය ජාතියේ නම් වෙන්න බැහැ (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 31 October 2012 09:54 PM

කනගටුයි

:       0       0

සමන්ති Wednesday, 14 November 2012 03:48 PM

ලංකා, ඔයා එහෙනම් අයවැය බලලා ළමයි හදාගන්න. (නි)

:       0       0

මහේෂ් Tuesday, 30 October 2012 07:15 PM

ලංකා ඔබේ අදහස මිනිසත්කමට නිගාවක්.. ?(නු)

:       0       0

ගාමිනි. Wednesday, 31 October 2012 10:09 PM

මේ අයට පිහිට විය යුතුයි ලංකා මෝඩයෙක් (අ)

:       0       0

ඉන්දි Tuesday, 30 October 2012 07:28 PM

ලංකා ඔයාගේ අම්මයි තාත්තායි ඔයාව හදන්න කලිනුත් මේ වගෙ හිතුවද කියලා අහන්න..!(නු)

:       0       0

සංජීව Tuesday, 30 October 2012 07:30 PM

ලංකාලා වගේ අය සිතද්දි ලංකාවට හරි යයිද? අනුන්ගේ දුකක් නොතේරෙන මිනිස්සු මේ ගොල්ලන්ට හැමෝම උදව් කරයි...!(නු)

:       0       0

සරත් Wednesday, 31 October 2012 02:52 PM

මේ වගේ උදවියට ලොතරයි මණ්ඩලයෙන් උදව් කලොත් මොකද ?? (ස)

:       0       0

නජිත් නිලන්ත Tuesday, 30 October 2012 07:36 PM

අනේ ලංකා ඔයා කොහොද ඉන්නෙ.. සෝමාලියාවෙද? මීට කලිං මේ වේග දරුවොන්ට අපේ මිනිසුන් උදව් කළා.. ඒ වගේම මේ සැරෙත් උදව් කරයි..!(නු)

:       0       0

‍රානි Wednesday, 31 October 2012 02:46 PM

ලංකා ඔයාගේ නමටත් ඔයා අපහාසයක් . කරුණා කරලා නම වෙනස් කරන්න (ස)

:       0       0

සුජිත් කේ. Tuesday, 30 October 2012 07:35 PM

ලංකා හිතක් පපුවක් නැති කෙනෙක් වගේ කතා කරන්න එපා.. මේ අහිංසකයින්ට පිහිට වෙන්න බැරිනම් සද්ද නොකර ඉන්න.. අපේ රටේ ඕන තරම් පින්වත් උදවිය ඉන්නවා ඇත්තටම පිහිට වෙන.. මේ පවුලට වාසනාව උදා වේවා..!(නු)

:       0       0

කරු Tuesday, 30 October 2012 07:57 PM

ලංකා ඔයාට උදව් කරන්න බැරිනම් නොලියා ඉන්න.. ළමයි කියන්නෙ සම්පතක්.. අහන්න ඔබේ අම්මාගෙන්.. මම පුදුම වෙනවා ඔබට ළමයි ඉන්නවානම්..!(නු)

:       0       0

දමින්දි Wednesday, 31 October 2012 09:03 AM

ප්‍රියන්ත මම හිතන්නේ ඔයාට වැරදිලා .! කොහොම උනත් මේ අයට උදව් කිරීම වටිනවා (ස)

:       0       0

දීපිකා Wednesday, 31 October 2012 09:04 AM

මෙයාලට උදව්කරන එක ලොකු පිනක් (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 31 October 2012 09:16 AM

පව් හැබැයි

:       0       0

චූලක Wednesday, 31 October 2012 09:18 AM

දැක්කද ස්වභාව ධර්මය දෙන දායාද? සිංහල ජාතියේ වර්ධනය අඩු වෙනකොට එකවර තුන පහ දෙනවා. (නි)

:       0       0

පද්මි Tuesday, 30 October 2012 08:17 PM

ලංකා ඔයා ටිකක් රළු වැඩියි.. ඔයා උදව් නොකලාට මේ දරුවන්ට ගොඩක් දෙනා උදව් කරයි..!(නු)

:       0       0

ශිරාෂ් Tuesday, 30 October 2012 08:37 PM

විමල් වීරවංශ මැතිතුමානම් දෙන්නේ ප්‍රේමදාස මහතා හදපු ගෙවල්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 02:27 AM

ලංකා, නිලංකා වෙලා. (නි)

:       0       0

රසිකා Thursday, 01 November 2012 10:58 PM

ලංකා, පොඩි උදවුවක් කරන්න  බරරිද?කරුණාකර ඔයාගේ නම වෙනස්කර ගන්නකෝ. මොකද ඔය වගේ අය ඉන්න එක අපේ රටට නින්දාවක්. ඔය ළමයි හදනකොට හොඳට පිරිමහලා කරගන්න.අනුන්ට කියන්න යන්න එපා.  (නි)

:       0       0

මනෝජ් Wednesday, 31 October 2012 09:42 AM

හැකි උපරිමයෙන් මේ අයට උදවු කරමු. (නි)

:       0       0

සිරිපාල Wednesday, 31 October 2012 09:44 AM

සමහරවිට ලංකාට දරු සමපත් නැතුව ඇති. හිතේ දුකට එහෙම කියන්න ඇත්තේ. සමහරවිට ගෙදරටම නාකි වුණ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

නිලන්ත Wednesday, 31 October 2012 09:54 AM

නිවාස ඇමතිතුමාගේ වාරය ඔන්න ඇවිල්ලා. (නි)

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 31 October 2012 04:05 PM

ජාතිය ගැන ලොකුවට කතා කරන අය සුරේෂ් ඛන්නා කියන්නේ සිංහල කෙනෙක්ද කියලවත් දන්නවද ?? (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 31 October 2012 10:04 AM

කවුරුත් මොන ජාතියෙද / මොන පාටද කියලා බලන්න එපා. මේ දරුවොන්ගේ මූණ බලලා කරුණාකරලා පුළුවන් විදිය‍ට උදව් කරන්න. මේක ලොකු පිනක් (ස)

:       0       0

මනිරාජ් Wednesday, 31 October 2012 04:07 PM

හැමෝම රු. 100 කින් ආධාර කරත් ඒ අයට ගෙයක් ගන්න පුළුවන් වේවි (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 31 October 2012 10:20 AM

ලංකා මුස්ලිම්වරු ළමයි හදනවා 5ක් 6ක්. එක ගෙදර පවුල් තුනක් හතරක් ඉන්නවා. සිංහල ජාතිය දැන් එන්න එන්නම වදවේ‍ගෙන යනවා. සල්ලි තියෙන අයවත් ළමයි දෙන්නෙකුට වඩා හදන්නෙ නැහැ. අඩුතරමේ ජාතිය ගැන හිතලවත් මේ අයට පිහිට වෙන්න.. (නි)

:       0       0

නිවන්ත Thursday, 01 November 2012 07:28 AM

ලංකා, මේ ආත්මෙවත් ළමයින්ට ආදරේ කරලා, ලබන ආත්මේදිවත් දරුවෙක් ලබාගන්න බලන්න. (නි)

:       0       0

ක්‍රිෂාන් මංගල Tuesday, 30 October 2012 10:01 PM

ළමයි අපේ රටට සම්පතත් ! මේ ළමයින්ට රජයෙන් සහ ධනවත් පුත්ගලයන් ගේ උදව් වුවමනායි !අනේ ඒ අයට පිහිට වෙන්න.ළමයි හදන්න වත්කම් නැතිනම් හැදුවේ ඇයි කියලා අහලා තියෙන ලන්කා කියන කෙනාට කවදාවත් ළමයෙක් නම් හැදෙන එකක් නැහැ ! මොකද මැන්ට ළමය් දිරවන්නෙ නැහැ ! (අ)

:       0       0

සුදේෂ් Wednesday, 31 October 2012 10:36 AM

එයාලා ගොඩක් පින්බරයි. අපේ රටට ලැබුණූ දායාදයක්. (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 31 October 2012 10:36 AM

පියාට හොඳ රැකියාවක් හෝ ත්‍රීරෝද රථයක් හෝ ලබාදීමට පුලුවන් නම් ඔහු ආර්ථිකය ශක්තිමත් කර ගනිවී. (නි)

:       0       0

ශාන්ත Wednesday, 31 October 2012 10:26 AM

ලංකාදීපය පෙරමුණ ගන්න. අපිට ඔබ විශ්වාසයි. ලක්ෂ ගාණක පිරිවරක් ලංකාදීපය එකක් ඉන්නවනේ (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 31 October 2012 04:38 PM

ලංකා ගැණියෙක් හරි පිරිමියෙක් හරි වේවා, එයා කළේ තමන් වැදූ අම්මාටත් හැදූ පියාටත් අවනම්බුවක්. ලැජ්ජයි ලංකාව ගැන. (නි)

:       0       0

චාමර Wednesday, 31 October 2012 10:36 AM

රජ මැදුරක ඉපදී සිටියා නම්, නුඹත් රජෙකි පුතුනේ... (නි)

:       0       0

මලිත් Tuesday, 30 October 2012 10:52 PM

අනේ ලංකා ඔයාලා වගේ අය වාසනාවන්.. කරුණාකරලා නපුරුකම ප්‍රදර්ශණය කරන්න එපා.. ඒ අයට මුදල් නති උනනත් ඒත් මිනිස් ජීවිත.. ටිකක් හිතන්න..!(නු)

:       0       0

කාංචන Wednesday, 31 October 2012 11:11 AM

අයියෝ සල්ලි

:       0       0

අරවින්ද Wednesday, 31 October 2012 11:13 AM

කනගාටුයි

:       0       0

අරුණ Wednesday, 31 October 2012 05:21 PM

නිකන් බහුබූත කියවන්න එපා. පුලුවන්නම් මේ අම්මට උදවු කරන්න. (නි)

:       0       0

තාරක Saturday, 03 November 2012 03:29 AM

අයියෝ සල්ලි,

:       0       0

අරුණි Wednesday, 31 October 2012 11:06 AM

එකක් කියන්න ඕනි. අද කාලේ අහන්න ලැබෙන අම්මලත් එක්ක බැලුවහම මේ අම්මා උතුම් කාන්තාවක් . උපකාර ලැබේවි ඔබට (ස)

:       0       0

සනත් ඉන්දික Tuesday, 30 October 2012 11:19 PM

බුදුහාමුදුරුවන්ගේ කලෙත් ලංකා එල් එස් ටි කේ වගේ අජාසත්තල හිටියා අනේ පින්බර ලංකා කියන නමෙන් කෑල්ලක් දාගත්ත ඔයානම් මහම මහා කුහකයෙක් (නු)

:       0       0

ජෝශප් Wednesday, 31 October 2012 06:21 PM

ශෝකනියයි

:       0       0

ශිරාස් Wednesday, 31 October 2012 11:21 AM

සංක , ඔයා මෝඩයිද ? ඇයි මුස්ලිම්ද කියලා අහන්නේ ? ළමයි බිහිකරන්න ශක්තිය තියෙන්නේ මුස්ලිම් අයට විතරයි කියලද හිතන්නේ ? (ස)

:       0       0

නිමල් Wednesday, 31 October 2012 12:14 AM

මොනවාද ලංකා මේ ඔයාගේ අදහස්..!(නු)

:       0       0

හන්සි Thursday, 08 November 2012 10:54 AM

ලංකා කියන්නේ මෝඩයෙක්. (නි)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 11:27 AM

කනගාටුයි

:       0       0

සේනානායක Wednesday, 31 October 2012 12:30 AM

හොදට හිතට ගන්න ලංකා හදවතේ තෙත් ගතිය තියෙන මිනිසු ඕන තරම් ලංකාවෙ ඉන්නවා ඔයා නැතිවට..!(නු)

:       0       0

ජගත් Wednesday, 31 October 2012 12:19 AM

ලංකා තමන්ගේ ජාතිය තේරෙනවා.. මේ වගේ කතා කියනකොට..!(නු)

:       0       0

ඒ.සංජීව Wednesday, 31 October 2012 12:39 AM

ලංකා කියන්නේ සිංහලයෙක් නොවේ .. වෙන කෙනෙක් එන්නේ බොරු නමකින් ...(නු)

:       0       0

සමන්ත Wednesday, 31 October 2012 12:50 AM

මේ ළමයින් අපේ රටට සම්පතකි.. සියල්ල නිරෝගී වේවා..! මව්පියන්ට මේ දරුවන් හදාගන්න උපකාරයක් ලැබේවා.!(නු)

:       0       0

කොටහේන Wednesday, 31 October 2012 12:38 AM

ලස්සන දරුවන් රටට වාසනාවන්තයි.. බලධාරින්ගේ නෙත් යොමු වේවා..!(නු)

:       0       0

කොස්වත්ත Wednesday, 31 October 2012 12:38 AM

ලංකා ඔයාගේ අදහසට විරුද්ධයි..!(නු)

:       0       0

තුසිත Wednesday, 31 October 2012 07:17 PM

පවු ඒ දරුවෝ. දරුවන් කියන්නේ අපේ අනාගතයයි. (නි)

:       0       0

සුගන්ධි Wednesday, 31 October 2012 12:02 PM

අපි ජාතිබේද නොබලා අසරණඅයට උදවු කිරිම උතුම් පිං කමක් ඇත්තම කියනවනම් රජයෙන් මෙවැනි අයට උදවු කලයුතුයි කියා මට සිතේ පිංවන්ත දරුවන්ට වාසනාව උදාවේවා බුදුසරණයි ...... (ස)

:       0       0

මාලනී Wednesday, 31 October 2012 01:10 AM

ලංකා ඒ අම්මා දුප්පත් උන්ත හරිම වාසනාවන්තයි.. ඔයා එහෙම කියන එක හරි නැහැ..!(නු)

:       0       0

වාසනා Wednesday, 31 October 2012 01:25 AM

දරුවෝ කියන්නේ කොච්චර වටිනා සම්පතක්ද මම මුලින්ම බබා ලැබෙන්න ඉන්නකොට හිතුවේ මටත් නිවුන් දරුවෝ ලැබෙන්න කියල මට දුව ලැබෙන කොට අපි ආර්ථික අතින් ගොඩක් අමාරුවෙන් හිටියේ. එත් ඔබ දන්නා වද මේ දරු පවුලට අද ලංකාවේ කීදෙනෙක් සාදාරන ඉරිසියාවක් කරනවා ඇති ද කියල.සාදාරන ඉරිසියාවක් කියන්නේ දරුවෝ නැති ඇති හැකි පවුල් මේ පවුල ගෙන ඉරිසියා කරනවා ඇති. වාසනාව ලැබිම යනු මිලමුදල් හෝ රස්සාවම නොවෙයි හදවතේ සතුටයි..(නු)

:       0       0

ලාල් ගලබඩ Tuesday, 30 October 2012 05:11 PM

විමල් වීරවංස ඇමතිතුමනි! මෙන්න ගෙවල් නැති අය, මේ අහිංසකයන්ටත් ගෙයක් දෙමු. එතකොට ජිවත් වෙන්න කවුරු කවුරු හරි අතදෙයි. (අ)

:       0       0

සමන්ත Wednesday, 31 October 2012 12:08 PM

අපිට කරන්න දෙයක් නෑ (ස)

:       0       0

බීනු Tuesday, 30 October 2012 04:59 PM

ඇතිහැකි අය මේ අහිංසක දරු තුන්දෙනාට පිහිටක් වෙන්න. (නි)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 05:11 PM

පින්වත් මවක්, පින්වත් දරුවන්. කවුරුත් උදව් කළ යුතුයි (අ)

:       0       0

රත්න Wednesday, 31 October 2012 12:00 PM

කනගාටුයි

:       0       0

වත්සලා Thursday, 01 November 2012 11:25 AM

දරුවෝ සම්පතක් ...දකින ඕනිම අයෙක්ට උදව් කරන්න හිතෙනවා (ස)

:       0       0

ෆාරු Wednesday, 31 October 2012 12:08 PM

ලංකාවට ජය වේවා (ස)

:       0       0

ලංකා Tuesday, 30 October 2012 05:17 PM

ඔබට දරුවන් හදන්න වත්කමක් නැත්නම් ඇයි ඒ ගැන කලින් නොසිතුවේ? මම හිතන්නෙ නැහැ ඔබට කවුරුත් උදවු කරයි කියලා. (නි)

:       0       0

ජගත් Wednesday, 31 October 2012 01:56 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

saranimangala Tuesday, 30 October 2012 05:19 PM

මෙන්න උදවු කරනවා නම් වැඩ (අ)

:       0       0

ජෝන් Wednesday, 31 October 2012 12:28 PM

සංඛයි, ලංකයි මෝඩයි. (නි)

:       0       0

විමුක්ති Tuesday, 30 October 2012 05:19 PM

ලංකා, ළමයි හම්බවෙන්න කලින් දන්නෙ කොහොමද කී දෙනෙක් බිහිවෙයිද කියලා? (නි)

:       0       0

නලින්ද Wednesday, 31 October 2012 12:19 PM

කියව කියව ඉන්නේ නැතුව කීයක් හරි දෙන්න (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 30 October 2012 05:29 PM

ලංකා, සිංහල අපිව වදවේගෙන යන කාලේ අපි මෙවන් අයට උදවු කළ යුතුයි. (නි)

:       0       0

බෝපගේ Tuesday, 30 October 2012 05:45 PM

දැන් කවුද එතකොට උදවු කළේ? (නි)

:       0       0

ස්ටැල්ක් Wednesday, 31 October 2012 12:42 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම්. ලංකාවට බනින, ජාතිය ගැන ලොකු කැක්කුමකින් කතා කරන අය බැනිල්ල නවත්වල තව ළමයි දෙතුන් දෙනෙක් හැදුවනම් නරකද ? (ස)

:       0       0

ජයන්ත Tuesday, 30 October 2012 05:49 PM

ලංකා ඔයාට උදව් කරන්න බැරි නම් කටවහගෙන ඉන්න.. මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයට ඇගිළි ගහන්න එපා. ඔයා සිටුමැදුරක ඉන්නවා කියලා හිතන්න එපා.. සමහර විට ඔයා අසාධාරයෙන් මුදල් හම්බකරන කෙනෙක් වෙන්න ඕන.. මෝඩකම තිබුණට ප්‍රදර්ශණය කරන්න එපා..!(නු)

:       0       0

සෙලනිකස් Tuesday, 30 October 2012 05:43 PM

එතකොට මේ අය පිළිසිඳගත්තේ කොහේදී ද ? (නි)

:       0       0

අනුෂා Tuesday, 30 October 2012 05:59 PM

පිහිට වෙන්න ඕනේ

:       0       0

සසික Wednesday, 31 October 2012 12:48 PM

ව්‍යාජ ලංකා ඔබේ ජාතිය අපට වැටහුනා. ඒ දරුවන්ට රටේ ආශිර්වාදය හිමිවේවා. (ස)

:       0       0

එස්.එල්.ටී.තේ Tuesday, 30 October 2012 06:02 PM

ෙහේමන්ත, අඩු වයසින් අඩු බරින් ඉපදීමට, පියාට නිසි රැකියාවක් නැතිවීමට සහ පවුලටම ඉන්න නිවසක් නැතිවීමට හේතුව ඔබ කියන පින්වත් බව ද ? (නු)

:       0       0

රෝහිත Wednesday, 31 October 2012 12:37 PM

ලංකා ඇත්ත කතා කරන්න ගිහින් ඇන ගත්තද මන්දා ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 291 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 299 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 376 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 298 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 419 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 446 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site