(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි.
එම තරුණයන් සිව් දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් බාරයට ගෙන ඇත.
පිළියන්දල බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ස්ථානයේ වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19 සහ 20 අතර පසුවන්නන් ය.
සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තනි රෝදයෙන් වැඩ දැමූ හතරක් මාට්ටු
Bamunuarachchi Saturday, 01 April 2023 09:18 PM
තනිරෝදෙන් වැඩ දාපු බොහෝ දෙනා පසුව ජීවත් වුණේ කකුල් දෙකම නැතුව...
බණ්ඩා Saturday, 01 April 2023 09:20 PM
මීට අවුරුද්දකට, දෙකකට කලිනුත් ඔතැන ඔය වැඩෙන්ම කෙනෙක් මරලා... තාම පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ...
රන්මුතුගල Sunday, 02 April 2023 02:19 PM
වීරයෝ වගේ වැඩ දැම්මාට වරදින්න යන්නේ තත්පරයක්. ඕවගේ යන අය විතරක් නෙමෙයි පාරේ යන අහිංසකයෝත් අනතුරේ... අමතක නොවෙන්න දඬුවම් දෙන්න ඕනේ තරුණ මදය අඩුවෙන්න.