IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘තප්පු නොලා අධ්‍යාපන වෙනස බලනු’

ගොනුන් වගේ තප්පු නොලා කොළඹ සීත කාමරවලට වී කුණුහරුප නොකියා  ගමේ දරුවන්ගේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනස දෑසින් බලා ගන්නට විපක්ෂයට  ගමට එන්නැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  කියයි.

‘මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ ඇරැඹිමේ අරමුණ විද්‍යා ගණිත සමත් දරුවන් බිහි කිරීමයි. ගුවන් නියමුවකුගේ මාසික වැටුප රුපියල්  ලක්ෂ 16 යි මාසික වැටුප ලක්ෂ 600’.

 



අදහස් (0)

‘තප්පු නොලා අධ්‍යාපන වෙනස බලනු’

ලංකා තිලක් Sunday, 13 July 2014 05:37 PM

ඇමති තුමා ඕව ගණන් ගන්න එපා..වැඩක් කරන කෙනාව තමයි කොහොමත් කට්ටියට පෙන්නන්න බැරි. ඒක මේ තීරුවේ ඉන්න සමහරක්ට තියෙන ලෙඩක්. ඔබ තුමා පටන් ගත්ත වැඩේ ගොඩක් හොඳයි..පාරවල් ගානේ රස්සා දියව් කියල කැ ගහන කල උපාධි ධාරීන් අඩු කරලා තාක්ෂණික පැත්තට සිසුන් යොමු කිරීම.සියල්ල අංග සම්පුර්ණව සිදු වුනේ නැති උනත් අඩුපාඩු සහිතව හරි මේ ගමන යන්න පටන් ගත් එක ලොකු දෙයක්. පළමුවර විභාගයට පෙනී සිටින සිසුන් ගොඩක් අපහසුතා වලට ලක්වෙනවා ගුරුවරුන්ගේ හිඟකමත් ඉන්න ගුරුවරුන්ට තාක්ෂණය විෂය ඇගට වදින්න දෙන්න හැකියාවක් නැති කමත් නිසා..මේ අඩුපාඩු ඉක්මනින් සපුරන්න..හැකිතාක් ප්‍රයෝගික දැනුම දෙන්න පහසුකම සපයන්න.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනල ගියත් ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියත් එකටත් ආණ්ඩුව පලි කියන එව්වෝ ඉන්න මේ තීරුවෙන් ඔබතුමාට හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ..බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැනේ..ඔබ තුමාගේ ගමන ඔබ තුමා යන්න. (ස)

:       0       0

නවීන් Sunday, 13 July 2014 06:09 PM

රාලහාමි, අපේ ඇමතිතුමා මාලදිවයිනේ ඇවිල්ලා වෙච්ච දේ ගැන අපවත් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනවා. (ස)

:       0       0

සිල්වා Sunday, 13 July 2014 10:43 PM

ජය වේවා ඇමතිතුමා! (නි)

:       0       0

සුරංග Sunday, 13 July 2014 10:48 PM

සියල්ලටම කලින් මේ පාසල් ළමයින් දැනුවත් කළයුතුයි රියදුරු බලපත් නැතිව රිය පැදවීම බරපතල වැරැද්දක් කියලා. (නි)

:       0       0

සුරේෂ් Monday, 14 July 2014 12:22 AM

සිල්වාත් සුදානම් වෙලා වගෙයි ඉන්නේ එහෙනම්.... (නි)

:       0       0

තිළිණ Monday, 14 July 2014 12:16 PM

අපිට මතකයි 2004 සුනාමිය වෙලාවේ නිලාවැලි වලදී ජීවිතය බේරගන්න හෙලිකොප්ටරයට නගින්න ආපු අම්මයි දරුවයි බිමට ඇදල දාල තප්පුලපු හැටි. (අ)

:       0       0

බිමල් Monday, 14 July 2014 01:09 AM

විපක්ෂයට අභියෝගයක් කරනවා නම් , රටේ වැදගත් තනතුරක් දරන මහත්මයෙකු ලෙස තම වචන සංයමයෙන් හසුරුවාගෙන ඒ අභියෝගය කල යුතු බව ඊළඟ කැබිනට් රැස්වීමේදී වත් කවුරුන් හෝ මතක කලොත් හොඳයි. (නදී)

:       0       0

මෙවන් Monday, 14 July 2014 01:12 AM

අනේ මන්දා දැන් කලකට පෙර හිටියෙත් ඔය තප්පුලන්නන්ගේ ගොඩේම නේද ? (නදී)

:       0       0

ලසිත් Monday, 14 July 2014 01:18 AM

කට හොඳ නැති පාක්ෂිකයෙකු කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සුභ ලකුණක් නෙමෙයි. (නි)

:       0       0

චමින්ද Monday, 14 July 2014 12:49 PM

සමහරු දැන් මෙතන නම් දෙකකින් පෙනී ඉඳලා අදහස් ලියන බව මට තේරෙනවා (නි)

:       0       0

චාමික Monday, 14 July 2014 02:01 AM

අධ්‍යාපනය බාර දීපු අය ගැන දැක්කම දැක්කම තප්පුනොලා ඉන්න පුලුවන්ද ගොනෙකුටවත්. ගොන්නුන්ගේ උඩු ඇන්දේ දත් නැත්තේ ඕවට හිනාවෙලා හැලිලා ගිහිල්ලමද කොහෙද? (නදී)

:       0       0

ජයන්ත Monday, 14 July 2014 02:08 AM

ඔබතුමා ලා ඡන්දය ඉල්ලාගෙන එනවිට මහජනයව අමතන්නෙත් මේ සත්ව කුලකයේ නම් වලින්ද ? (නදී)

:       0       0

ජෙහාන් Monday, 14 July 2014 02:13 AM

ඔබතුමාත් වෙනසකටත් එක්ක ගිහින් බලන්නකෝ දුෂ්කර පාසල් වල ඇත්ත තත්වය. (නි)

:       0       0

ගමගේ Monday, 14 July 2014 01:31 PM

සුදු රෙද්දක් හැඳගත් පමණින් හැදිච්චකම ඇති නොවේ (නි)

:       0       0

බිමාලි Monday, 14 July 2014 02:17 AM

ප්‍රවේශමෙන් කතාකිරීමයි නුවණට හුරු (නි)

:       0       0

චන්න Monday, 14 July 2014 02:24 AM

අපි දන්නවා උගත්කම පාසලෙන් විශ්ව විද්‍යාලයෙන් ලැබුනත්, සමාජය ඉදිරියේ වචන පාවිච්චි කරන ආකාරය ලැබෙන්නේ තමන්ගේ පවුල් පසුබිමෙන් කියලා. අපි කුඩා කල වැඩිහිටියන් හෝ සමාජය ඉදිරියේ කට කැඩුන වචනයක් කිව්වත් අම්මලා ටොක්කක් ඇනලා අපිව මට්ටු කරගත්ත. එහෙම විනයක් ශික්ෂණයක් නොලබුනාම සමාජය ඉදිරියේදී මොන තනතුර ලැබුනත් වැඩක් නැහැ. එක්තරා කතාවක මොනරා තමන්ගේ තනතුරින් උදම් වෙලා නටනවිට පස්ස පැත්ත අවට උදවියට පෙනුන ගමන් ලැබෙන්න තිබුන තනතුර නැතිවුනාලු. (නදී)

:       0       0

රංග Monday, 14 July 2014 02:31 AM

පුළුවන් නම් මීට පෙර මේ රටේ ඇමති තනතුරක් හෙබවූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිඳුන්ගේ චරිතාපදානය මතක් කරගන්න. කටපුරා අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට පක්ෂ භේදයකින් තොරව මෙන්න අපේ ඇමතිතුමා කියලා වෙන රටක කෙනෙකුට හඳුන්වාදීමට හැකි නියම උගතෙක්. (නි)

:       0       0

ශශී Monday, 14 July 2014 02:39 AM

අපේ පාසල් ළමයින්ට ගණිතය, විද්‍යාව සමත් වෙන්න පෙර උගන්වන්න ඕනෑ සමාජය ඉදිරියේ වැදගත් සංවර අයුරින් කතා කරන ආකාරයයි. නැත්නම් තනතුරක් ලබන්න තිබෙන එකම සුදුසුකම කට හොඳ නැතිකම කියලා ළමයින් වරදවා වටහාගන්න ඉඩ තිබෙනවා. (නි)

:       0       0

තිලක් Monday, 14 July 2014 03:17 AM

ඇමතිතුමා, ඕවා ගණන් ගන්න එපා.වැඩක් කරන කෙනාව තමයි කොහොමත් කට්ටියට පෙන්නන්න බැරි.ඒක මේ තීරුවේ ඉන්න සමහරක්ට තිබෙන ලෙඩක්. ඔබතුමා පටන්ගත් වැඩේ ගොඩක් හොඳයි. තාක්ෂණික පැත්තට සිසුන් යොමුකිරීම ඉදිරියේදී මේ රටේ ලොකු වෙනසකට මුල පුරාවි. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ.ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න. (නි)

:       0       0

තරිඳු Monday, 14 July 2014 03:23 AM

මේ රටේ ජනතාව තප්පුලන නිසා නේ ඔබතුමන්ලා බලයේ ඉන්නේ. (ස)

:       0       0

ගුණසිරි Sunday, 13 July 2014 09:31 AM

අර ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය. ප්‍රශ්න පත්තර පිටවීම වගේ දේවල් වෙන්න ඇත්තේත් කවුරු හරි තමන්ගේ රාජකාරි වැඩේ හරියට නොකර තප්පුලන ගමන් විය යුතුයි. (නදී)

:       0       0

අනිල් Sunday, 13 July 2014 09:34 AM

වෙනසක් තිබෙනවද ? කඩා වැටෙන්න කිට්ටු පාසල් ගොඩනැගිල්ල අටවාගන්න අසරණ ගැමි දරුවන් ආධාර ඉල්ලු පුවත අපි මේ පත්රයෙන්ම දුටුවේ. අන්තිමේදී තානාපතිතුමෙක් තමයි ආධාර දෙන්න ඉදිරිපත් වෙලා තිබුනේ. (නදී)

:       0       0

සුනිල් Sunday, 13 July 2014 09:35 AM

කවුදෝ තප්පුලන්න ගිහිල්ලා නේද අර කහ ඉර මත මරණයක් සිද්ධ වුනේ. (නදී)

:       0       0

වීරා Sunday, 13 July 2014 09:38 AM

ගමේ දරුවන්ගේ දැවැන්ත වෙනස අපි දැක්කානේ අර පොල් අතු මඩුවක ඉඳගෙන ඩෙස් පුටු නැතිව අකුරු කරන ළමයින් ගැන පළවූ පුවතින්ම. (නදීී)

:       0       0

අශෝක Sunday, 13 July 2014 09:42 AM

මගේ දුව මෙවර සා පෙළ විභාගයට ලියනවා. අනේ දෙවියනේ කවුරු හරි තප්පුලලා මෙවරත් ප්‍රශ්න පත්‍ර පිට වුනොත් හරි වැඩේ තමයි. (නදී)

:       0       0

මහී Sunday, 13 July 2014 09:54 AM

මෙතුමා එදා ඉඳන්ම කලේ කාලෙන් කාලෙට රට හිනස්සන එකනේ.(නදී)

:       0       0

දිලී Sunday, 13 July 2014 09:55 AM

නැතිව නැතිව ! ඒ විතරක්ද ? ලංකාවේ ගණිතය විෂය සැලකිය යුතු සිසුන් සංඛයාවක් අසමත් වෙන්නේත් විපක්ෂයේ උදවිය තප්පුලාම නිසා විය යුතුයි. (නදී)

:       0       0

සජිත් Sunday, 13 July 2014 09:59 AM

තමන්ගේ මීට කලින් හිටපු මහ ගෙදර උදවියට ගොනුන් යනුවෙන් ඇමතීම හරි මදි නේද ? (නදී)

:       0       0

අජන්ත Sunday, 13 July 2014 09:59 AM

ඇමති තුමාගේ කතාවෙන් පෙනෙන්නේ අගනුවර සීත කාමරවල ඉන්න අය හැමෝම කුණුහරුප කිය කියා කාලය ගෙවන බවයි. සේරටම කලින් ඇමතිතුමා කතා කරන්න ඉගෙන ගන්න. (නදී)

:       0       0

සෑම් Sunday, 13 July 2014 10:01 AM

තප්පුලන එක බුරන එක දැන් අධ්‍යාපනය බාර අයගේ ප්‍රතිපත්තිය වෙලා. (නදී)

:       0       0

වසන්ති Sunday, 13 July 2014 10:01 AM

දෙන්නම එකතුවෙලා තප්පුලන ගමන් මුළු අධ්‍යාපනයම පුද්ගලික කඩ කලොත් වරදක් නැහැ හොඳ ජෝඩුව. (නදී)

:       0       0

සචී Monday, 14 July 2014 08:30 AM

අපි දන්නවා රටට වැඩ කරන මැති ඇමතිවරු කවුද කියලා. ඒ හැමෝම කටින් නෙවෙයි වැඩක් කරලා පෙන්නන්න පුළුවන් උදවිය. හැබැයි ඉතින් මහජනයාට සත්තුන්ගේ නම් කිය කියා තප්පුලන්නෙත් නැහැ. (ස)

:       0       0

දීපාල් Sunday, 13 July 2014 10:19 AM

තප්පුලන්නේ කවුද කියලා රටම දන්නවා. නිදහස් අධ්‍යාපන කඩ රටපුරා. අමතර පන්ති රටපුරා (නදී)

:       0       0

සේන Sunday, 13 July 2014 10:21 AM

තප්පුලෑම පැත්තකින් තියමුකෝ. තවමත් මනුස්සයෙකුට මාසෙට රුපියල් 2500 කින් ජීවත් වන්න පුලුවන්ද දන්නේ නැහැ (නදී)

:       0       0

ජයන්ත Sunday, 13 July 2014 10:25 AM

විපක්ෂයේ උදවිය තප්පුලන හින්දා තමයි දුෂ්කර පලාත්වලට ගුරුවරු ටිකක් වත් යවා ගන්න බැරි. (නදී)

:       0       0

නුවන් Sunday, 13 July 2014 10:34 AM

කොහොමත් ඉතින් ඔය දියවන්නා ඔය කියන්නේ ඉස්සර අම්බරුවන් ටැග් ගැහුන ප්‍රදේශයක් නේ. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 13 July 2014 10:34 AM

තප්පුලනවා කියල කියන්නේ රටේ සියලුම අය හරක් කියල හිතලානේ (නදී)

:       0       0

අර්ජුන රණවන Sunday, 13 July 2014 10:39 AM

අනේ ඇමතිතුමා ඔබ අධ්‍යාපන ඇමති නේද. මොකද්ද ඔබ තුමාගේ තියන සංවරය. සේරටම කලින් ඇමතිතුමා කතා කරන්න ඉගෙන ගන්න කෝ. කොයි පාසලට ද ගියේ. (නදී)

:       0       0

සරත් Sunday, 13 July 2014 10:56 AM

තප්පුලන, තප්පුලනවා, තප්පුලන්න, තප්පු නොලා අාදි වචනවල තේරුම කුමක්ද? වැඩක් නොකර සිටීමද? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 09:05 AM

මෙතුමාල අර පීඨ මේ පීඨ හදනවා. අර ගලේවෙල පොල් අතු පාසල වගේ තව කොච්චර නම් පාසල් මේ රට තුල ඇත්ද වැඩි දියුණු නොවෙච්චා. අන්න ඒවා බලල මොනා හරි කරන්නකෝ බුදු ඇමති තුමෝ. (නදී)

:       0       0

රොහාන් සෞදි Sunday, 13 July 2014 11:09 AM

ඇමති තුමාගේ ඔබ තුමා කියන ඔය වෙනස ලංකාවේද තියෙන්නේ ? එහෙම නැත්නම් වෙන රටකද ? අනේ මොකටද විපක්ෂයේ උදවිය රටේ ජනතාවට පෙන්නුවා නම්.(නදී)

:       0       0

දර්ශණ Sunday, 13 July 2014 11:11 AM

ආර්ථික විද්‍යා පන්තියේදී මේ තප්පුලන්නන් සමාජයේ කවර කුලකයටද ඇමතිතුමා ඇතුලත් කලේ ? (නදී)

:       0       0

යසිරු Sunday, 13 July 2014 11:14 AM

දැන් එතකොට නරියා බුරුවා බල්ලා ආදී නම් වලින් මහජනතාව අමතන උදවිය වැටෙන්නේ තප්පුලනන්ගේ ගණයට නෙවෙයිද ? (නදී)

:       0       0

ගයාන් Sunday, 13 July 2014 11:36 AM

ආර්ථික විද්‍යා නියමයන්ට අනුව, සීත කාමර වල සිට තප්පුලන්නෝ ගොන්නුන්ද ? එසේනම් රුපවාහිනි මැදිරි වල අංගම් පොර ප්‍රදර්ශනය කරන්නෝ කවරහුද ? ප්‍රතිවාදියන් සපා කන උදවිය අයත් වන්නේ කුමන සත්ව කුලකයටද ? ඇමති තුමාටම මේ ප්‍රශ්න යොමු කරන්නේ පස්වන වසරේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මගේ පුතායි. (නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 13 July 2014 11:43 AM

ඇමතිතුමා ඔය වචනය කටින්ද කියන්නේ? (නදී)

:       0       0

අජිත් Sunday, 13 July 2014 11:44 AM

අම්බරුවෙක් ප්‍රශ්නයක් නගයි. අපේ රටේ අධ්‍යාපනයට භාර කරුවන් ලෙස පත් වෙලා තිබෙන්නේ මහජනයා ඉදිරියේ ශීලාචාරව කතා කිරීමට දන්නා අයද ? (නදී)

:       0       0

චනිල් Sunday, 13 July 2014 11:48 AM

ඇත්තම කියන්න ඉතින් බොහොමයක් දුෂ්කර පාසල් වල දරුවන් ඉගෙන ගන්න ගොඩනැගිලි අම්බරුවන්ට තප්පුලන්න සුදුසු තැන් තමයි. (නදී)

:       0       0

අප්පුහාමි Sunday, 13 July 2014 11:51 AM

ඇහුවට තරහ ගන්න එපා ආයුබෝවන්. ඔබ තුමාගේ රාජකාරි කාමර පොඩ්ඩ වායුසමනය කර නැතෙයි ? (නදී)

:       0       0

හේමන්ත Monday, 14 July 2014 09:19 AM

හිනහත් යනවා (නදී)

:       0       0

වසන්ති Sunday, 13 July 2014 12:32 PM

ගරු ඇමති තුමනි, ,ඔබතුමා සංවරව කතා කලොත් හොඳයි. එක්කෙනෙක් කතා කරන්නේ ගොනා බුරුවා කියලා, අනේ අපේ අධ්‍යාපන ඇමතිවරුන්ගේ කොලිටිය.(නදී)

:       0       0

සමන්ත Sunday, 13 July 2014 01:05 PM

දවසේ කියමන - තප්පුලන්නෝ විපක්ෂයේය. අපුල්ලන්නෝ තම පක්ෂයේය.(නදී)

:       0       0

ජයනි Monday, 14 July 2014 09:51 AM

අර ගලේවෙල පොල් අතු පාසල මේ කියන ගමේ දැවැන්ත සුපිරි පාසල් වලට අයත් නැද්ද ? දන්නේ නැති හින්දා තප්පුලාගෙන අහන්නේ? (නදී)

:       0       0

සුභාෂිනී Sunday, 13 July 2014 01:08 PM

අධ්‍යාපනය භාර අරන් තිබෙන්නේ තමන් අධ්‍යාපනය වෙනුවට රටේ සත්ව කර්මාන්තය භාරගත්තා යයි සිතාගෙන ඉන්න දෙපළකි. (නදී)

:       0       0

කාන්ති Sunday, 13 July 2014 01:11 PM

ඔබතුමාට තිබුනේ පශු සම්පත් කටයුතු භාරගන්න. එතකොට ඔය තප්පුලන්නන් ටික ඔබට ඕන හැටියට මේච්චල් කරගන්න පුළුවන් නේ. (නදී)

:       0       0

රාළහාමි Sunday, 13 July 2014 01:11 PM

ඇමතිතුමා, කටින් බතල ඉන්දන්නේ නැතිව ක්‍රියාවෙන් පෙන්වන්න. ඔබතුමා මාලදිවයිනට පසුගිය ජුනි අන්තිම ඇවිල්ල වෙච්චි දේවල් දැන් මතක නැතුව ඇති (නදී)

:       0       0

විදුෂ Sunday, 13 July 2014 01:15 PM

අපි අදනේ දැන ගත්තේ මෙතුමා කටයුතු කරන්නේ පශු සම්පත් සම්බන්ධයෙන් කියලා. (නදී)

:       0       0

භානු Sunday, 13 July 2014 01:19 PM

කාගේ හරි පොඩි දරුවෙකුට සතුන්ගේ නම් ටික උගන්න ගන්න ඕන නම් අසවල් උදවිය මහජන රැස්වීම් වල කතා කරන තැනකට දරුවා ව එක්ක යන්න. (නදී)

:       0       0

රොෂාන් Sunday, 13 July 2014 01:24 PM

පාඨක මහත්ම මහත්මීන් දන්නේ නැද්ද එකම නම ඇති උදවිය යන යන තැන කට වරද්ද ගන්නවා කියලා. මෙතන අපේ සභාවේම තමන්ගේ වචන වල නොහොබිනා කම නිසා සෙස්සන්ගේ අප්‍රසාදයට පත් වුන කෙනෙක් ඉන්නවානේ. (නදී)

:       0       0

චම්පික Sunday, 13 July 2014 01:31 PM

රට වටේම ඉන්න දෙමව්පියන්ට ගුරුවරුනට සිසුන්ට උපදෙස් දෙන්න කලින් තමන් ඊට සුදුසු දැයි දැනුවත් වුනොත් රටටම යහපතක් වේවි. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 13 July 2014 01:46 PM

බලන්නකෝ විපක්ෂයේ උදවියට ශීත කාමර සපයලා දීලා මෙතුමා ට පැය 24 ම දහදිය පිඹ පිඹ රාජකාරි කරන්න වෙලානේ. (නදී)

:       0       0

සේනක Sunday, 13 July 2014 01:51 PM

තප්පුලන්නෝ විපක්ෂයේ නම් අපුල්ලන්නෝ කොයි පක්ෂයේද ? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)

:       0       0

දිනේෂ් Sunday, 13 July 2014 02:05 PM

පාසල් නරඹන්න එන්න කියලා ඇමතිතුමා ආරාධනා පත්‍ර යවල තිබෙන්නේ අම්බරුවන්ට ද ? (නදී)

:       0       0

සරත් Sunday, 13 July 2014 02:42 PM

එච්චර දුර යන්න ඕනෙ නැහැ මාවනැල්ල ප්‍රසිද්ද පාසැලක් ඒක බලන්න එන්න කියන්න. 1. විදුහල්පතිවරයෙකු නැතිව දැනට වසර හතරයි මාස තුනක් වෙනවා. 2. කොටින්ම කියනව නම් උසස් පෙල විද්‍යා අංශයට කිසිදු ළමයෙකු ඉල්ලුම් කර නැහැ. 6. 7, 8, පන්තිවල වාර දෙකටම සමහර විෂයන් වල උගන්වා ඇත්තේ පාඩම් 2 කක් හෝ තුනක් වැඩබලන විදුහල්පති කාර්යාල කාමරයේ සිට අරක්කු බොනවා ළමයින්ටම හසුවී තිබෙනවා. ඉතින් අනේ හෙටම මේවා සොයා බලන්න මාවනැල්ලට එන්නකෝ (නදී)

:       0       0

සංජීව Monday, 14 July 2014 11:25 AM

මෙහෙම කතාකරන එක හොඳද? (නි)

:       0       0

සමීර Monday, 14 July 2014 11:24 AM

රටේ මහජනතාවට හරක් කියනා ඔවුන් පාර්ලිමේන්තුවට යවන්නේත් ඉතින් ඔවුන් ඔය අපහාස කරන මහජනතාවමනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1036 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 903 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3604 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2279 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site