IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තැපැල් සේවකයෝ අද රත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වෙති

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ  සහ  මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි  පෞද්ගලික අංශයට පැවරීම  ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන  තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7)  මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද  ඔහු සඳහන් කළේය.

මීට අමතරව තැපල් සේවකයන්  සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9  පැවැත්වේ.

තැපැල් දෙපාර්තමේන්තුව  සතු මෙම ගොඩනැගිලි සංචාරක ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමට ජනාධිපතිවරයා  පසුගිය අප්‍රේල් 4 නුවරඑළිය නගර සංවර්ධන පිළිබඳ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇති බව  සම්පත් ලියනගේ මහතා පැවසීය.

මෙවැනි වටිනා ගොඩනැගිලි මෙලෙස පෞද්ගලික අංශයට  පැවරීම ජාතික අපරාධයක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (9)

තැපැල් සේවකයෝ අද රත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වෙති

Nuwan Tuesday, 07 November 2023 06:56 PM

ගොන්නු පිදුරු කන්නෙත් නෑ කන එකාට දෙන්නෙත් නෑ. දැන් ඔය බිල්ඩිම දෙන්නෙ නිකන් නෙවෙයි නෙ. ඕක ගන්න එකා ඕකෙ බිස්නස් එකක් කරල කාට හරි ජොබ් එකක් දෙන්නෙ නැද්ද?

:       0       3

NDF Leader Tuesday, 07 November 2023 07:05 PM

ජවිපෙ අතකොලුවක්ව ඉන්නානාතැපැල් වෘත්තීය සමිතිවල මොලේ තියෙන කව්රුත් නෑ වගේ. ඔය සේවකයින් ඔක්කොම කැමැත්තෙන් අස්වුණා කියා දීමනා හෝ පාරිතෝෂිත දී ගෙදරම යවන්න. නුවරඑළිය තැපැල් හල ‌‌ඉතිහාසගත තැනක් නිසා ලෝකයේ ඕනෑම අයෙකුට තැපැල් සේවාව කරන ගමන් තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න කියා වෙන්දේසි කරන්න. රටත් ගොඩ ජනතාවත් ගොඩ.

:       0       4

ranjith Tuesday, 07 November 2023 07:13 PM

තව විකුණන්න දේවල් නැතිව ඇති මේවගේ සිල්ලර ඒවත් දැන් විකුණනවා. කටුගෙයත් විකුණලා දාවිද මන්දා...?

:       4       1

Nimal Tuesday, 07 November 2023 08:05 PM

හරියට හරි...!

:       1       0

Bamunuarachchi Tuesday, 07 November 2023 11:18 PM

තැපැල් සේවයත් පෞද්ගලික අංශට දෙන්න. UPS, FEDEX, DHL වැනි පෞද්ගලික ආයතන ඒ සේවය නියමෙට විශ්වාසවන්තව කරනවා. පාර්සල්තැපැල් අංශයේ ඉන්නේ පට්ට හොරු...

:       0       4

චන්දන Wednesday, 08 November 2023 08:09 AM

රටේ ජනතාව සියළු දෙනාම එකතුවෙලා මෙකට සහයෝගය දෙමු.

:       4       1

Amila Wednesday, 08 November 2023 10:10 AM

නුවරඑලිය තැපැල් කන්තෝරුව. 1894 දී බ්‍රිතාන්‍යයන් විසින් ඔරලෝසු කණුවක් සහිත ටියුඩර් මාදිලියේ රතු ගඩොල් සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී. 2012 වර්ෂයේදී තැපැල් කාර්යාලයේ ඉහළ මහලේ හිටපු තැපැල් ස්ථානාධිපතිවරයාගේ නිවස සංචාරක නවාතැන්පොළක් බවට පත් කරන ලදී. නුවරඑළිය, මහනුවර සහ ගාලු කොටුවේ තැපැල් කාර්යාල ගොඩනැගිලි හෝටල් බවට පත් කිරීම සඳහා පෞද්ගලික සංවර්ධකයින්ට විකිණීමේ රජයේ සැලසුම් නතර කිරීම සඳහා 2017 ජුනි මාසයේදී ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව දින තුනක වැඩ වර්ජනයක් දියත් කළේය. 2017 ඉඳන් මේ වෙද්දි වසර 6 ක් ගත වෙලා. අදටත් පාඩු ලබන ශ්‍රි ලංකා තැපැල් සෙවය අදටත් එසේමයි. අඩුම තරමේ ජර්මනිය උදාහරණයට අරගෙන සංචාරක හෝටලයක් හෝ, තැපැල් කෞතුකාගාරයක්, හෝ වෙනයම් විදේශ ආදායම් උපදවන profit center එකක් වුණා නම් මේ වනවිට සංචාරක ව්‍යාපාරය මගින් ලොකු දියුණුවක් ලබලා. සංකල්පීය සංවර්ධනයක් අපේ රාජ්‍ය සේවකයින් තුල දැකිය නොහැක. ඔවුන් තවමත් ගතානුගතිකයි. එ නිසා පුද්ගලික අංශයේ සහාය ලබාගෙන හෝ නිවැරදි සංකල්පයක් මත සැලසුම් කළයුතුව තිබේ. එදත් අද වගේම දියුණුවට අකුල් හෙලන පිරිසකගේ උද්ඝෝෂණ මැද නැවතුණු තවත් සංවර්ධනයේ එක් තැන..! 

:       2       5

Amila Wednesday, 08 November 2023 10:11 AM

DHL ජර්මනියේ වැඩිපුරම භාවිතා වන තැපැල් සේවාව වන ඩොයිෂ් පෝස්ට් සෑම දිනකම ලිපි මිලියන 61 කට වඩා ලබාදෙයි! මුලින් පොදු සමාගමක් වුවද, ඩොයිෂ් පෝස්ට් 1995 දී පෞද්ගලීකරණය කරන ලදී. 2002 දී එය DHL සමඟ ඒකාබද්ධ වී ලොව විශාලතම තැපැල් සහ ජාත්‍යන්තර කුරියර් සේවාව බවට පත් විය. ජර්මනියේ ලිපි සහ පාර්සල් යැවීම සහ ලැබීම පිළිබඳව විදේශිකයන්ට දැනගත යුතු සියලුම තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියේ අඩංගු වේ. ඔවුන් අලුතින් සිතූ නිසා දියුණු වුණා. අද ලෝකයේ සෑම රටකම DHL නියෝජිතයින් සිටියි.

:       0       5

Menaka Wednesday, 08 November 2023 11:59 AM

මෙයාලා සැලසුම් කරලා යමක් කරනවානම් ඒ වැඩවර්ජන විතරයි. නුවරඑළිය තැපැල් කන්තෝරුව විතරක් නෙමෙයි බදු ගෙවන ජනතාවට බරක් වී ඇති මුලු තැපැල් දෙපාර්තමේන්තුවම පෞද්ගලිකකරණය කල යුතුයි. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය, නුවරඑළිය St.Andrew හෝටලය ආදියත් යටත් විජිත සමයේ ඉදිකළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ගොඩනැගිලි වේ. එම ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරන ගමන් ආදායමක් උපයා ගන්නා ආකාරයෙන් මෙම තැපැල් ගොඩනැගිල්ල ද අප ප්‍රයෝජනයට ගත යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 64 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 171 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 752 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 430 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1497 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site