තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් වීම් හා බඳවා ගැනීම් පටිපාටියේ පවතින අක‍්‍රමිකතා ඉවත් කර ගැනිම ඇතුළු ඉල්ලිම් හතක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකවෝ අද සිට වැඩ වර්ජනයක් ඇරඹූහ.
රජය සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්තද එය නොතකා තැපැල් සේවකයින් වැඩ වර්ජනයේ යෙදීම හේතුවෙන් රට පුරා තැපැල් ස්ථාන රැසක කටයුතු අඩාලවී ඇතැයි කියති.
වසා දමා ඇති හැටන් තැපැල් කාර්යාලය ඉදිරිපිට කි‍්‍රකට් කි‍්‍රඩාවේ යෙදී සිටින තැපැල් සේවකයන් පිරිසක් දැකිය හැකි විය.
බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා ප්‍රාදේශීය තැපැල් තෝරන කාර්යාලයද වසා දමා ඇත.
වැඩ වර්ජනය සාර්ථක වී ඇති බවත් නිවාඩු අවලංගු කළත් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත් නොහරින බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසීය. තම ගැටළු නිරාකරණය නොකළොත් අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බවද ඔහු කීවේය.
ඡායාරූප - දීපාල් ද සිල්වා
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තැපැල් සේවකයෝ වැඩ වරති
ඩී.උපුල් Tuesday, 20 December 2016 05:00 AM
තොරතුරු තාක්ෂණය මෙතරම් දියුණු යුගයක රජයේ තැපැල් සේවයක් අවශ්‍යද? මේ වර්ජනයත් සමගම මෙය වසා දැම්මනම් ඉවරයි. තැපැල් තෝරනවා කිය කියා රෑට ඕවර් ටයිම් දාගෙන මෙයාල වැඩි දෙනෙක් කරන්නේ හොඳට නිදියන එක. (ම)
චමිල Tuesday, 20 December 2016 05:30 AM
උපුල් මහත්තයෝ, ඔයාගේ තොරතුරු තාක්ෂණය භාවිතා කරලා පාර්සලයක් යවන්නේ කොහොමද? (නි)
සුසිල් Tuesday, 20 December 2016 05:42 AM
මේකටත් අර වරායට දුන්න බේත දීල බැලුවනම්... හොඳ නැද්ද ? (බ)
විකුම් Tuesday, 20 December 2016 06:01 AM
අලුත් සේවකයන් බඳවාගන්න. (නි)
චමිලා Tuesday, 20 December 2016 06:15 AM
තැපැල් සේවය නිහඬවම බොහෝ සේවයක් ඉටුකරයි. එම සේවකයන්ගේ ප්‍රශ්න විසඳිය යුතුය. (නි)
නිහාල් Tuesday, 20 December 2016 06:21 AM
මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ රජය පළමුවෙන්ම පාර්ලිමේන්තුවට නුසුදුසු ලෙස පත්කරන මන්ත්‍රීලා පත්කළා. ඊටපසු රජයේ සමහර නිලධාරීන් පත්කළා. ඉතින් ඔය වෙනස ආයෙත් වෙනස්කරන්න බැහැ (නි)
සකුන්තලා Tuesday, 20 December 2016 06:34 AM
ඇත්තටම අර හම්බන්තොට වරායේ චණ්ඩියා ගෙනාවා නම් හරි. (නි)
ඩී.උපුල් Tuesday, 20 December 2016 07:03 AM
චමිල, ඉඳල හිටලා පාර්සලයක් යවන්න මෙච්චර විශාල තැපැල් සේවයක් ඕනෑද? (නි)
සිරිල් Tuesday, 20 December 2016 07:25 AM
මහා නගරයේ සිට ඉතා කුඩා ගමක් දක්වා තැපැල් සේවය විශාල මෙහෙවරක් ඉටු කරනවා. (ම)
චමිල Tuesday, 20 December 2016 08:42 AM
ඩී.උපුල්, ඔබතුමා එම සේවය ඉඳලා හිටලා පාවිච්චි කළාට එ්ක පාවිච්චි කරන අය රටේ ගොඩක් ඉන්නවා. ලංකාවටත් වඩා තොරතුරු තාක්ෂණය දියුණු ලෝකේ අනිත් රටවලත් තාම තැපැල් සේවය ක්‍රියාත්මකයි. (නි)
පාලිත Tuesday, 20 December 2016 10:46 AM
අනේ උපුල්ගේ මොළේ තරම! (නි)