විදෙස් තරගවලදී සිය උත්සහයෙන් ජයග‍්‍රහණ ලබා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවු තමන්ගේ ඉදිරි ගමනට දැන්වත් ශක්තියක් වන ලෙස නිලූක කරුණාරත්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ලෝක බැඞ්මින්ටන් සම්මේලන නවතම ශ්‍රේණිගත කිරීමේ ලේඛනය ඊයේ (19) ප‍්‍රකාශයට පත් කෙරිණ. ඔලිම්පික් පරිසාධන මට්ටම අනුව ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයන් 38 දෙනා ඔලිම්පික් තරගාවලියට තෝරා ගන්නා අතර නිලූක මේ වන විට ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකළ කී‍්‍රඩකයන් අතරේ 26 වැනි ස්ථානය ලබා සිටී. ඒ අනුව නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර එය නිල වශයෙන් මේ මස 30 වැනිදා ප‍්‍රකාශයට පත් කෙරේ. එතෙක් තමන් ශාරීරික යෝග්‍යතාව පවත්වා ගනිමින් පුහුණුවීම්වල පමණක් නිරතවන බව නිලූක පැවසීය. ”ශ‍්‍රී ලංකාවේදී මට තරගයක් දීමට හැකි ක‍්‍රීඩකයන් නොමැති නිසා මම විදෙස් තරග සඳහා තනිවම සහභාගිවුණා. එහිදී ජයග‍්‍රහණ ලබා ඉදිරියට එද්දී මැක්ලරන්ස් සමාගම පුළුවන් අන්දමින් අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වුණා යැයි” ඔහු පවසයි. මෑතකදී පුහුණුකරුවකු සහ භෞතචිකිත්සකවරයකුගේ සේවය තමන්ට ලබාදීමට ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළද ආර්ථික හේතූන් මත දෙදෙනාටම එකවර සංචාරවලට යෑමට නොහැකි වු බවද නිලූක පෙන්වාදෙයි. ”සෑම කී‍්‍රඩක ක‍්‍රීඩිකාවකගේම අවසාන සිහිනය, ඉලක්කය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවී තරගයක්වත් ක‍්‍රීඩා කිරීමයි. එතැනට එන්න සෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවක්ම සිය උපරිම ශක්තිය යොදවනවා. එහිදී ක‍්‍රීඩකයාට වඩා ඔහු නියෝජනය කරන රටයි බැබළෙන්නේ” ”ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මම ක‍්‍රීඩා කළොත් එහි කීර්තිය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි’’ යැයිද හෙතෙම පැවසීය. මාස තුනක් වැනි කෙටි කාලයකදී ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් විශේෂ පුහුණු කඳවුරු කිහිපයකටවත් සහභාගිවිය යුතු බව නිලූක පවසයි.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තමන්ගේ ඉදිරිගමනට ශක්තියක් වන්න’යි නිලූක බැඞ්මින්ටන් බලධාරීන්ගෙන් ඉල්ලයි
ශෂික Saturday, 21 April 2012 01:07 PM
ඔබට සුභපැතුම් නිලූක
සමන් Saturday, 21 April 2012 07:15 PM
අම්බලන්ගොඩ,බලපිටිය, බටපොල වැනි ප්‍රදේශ වල ජනතාව එකතුවී මොහුට උදව්වට සන්ගමයක් පිහිටුවාගමු.
ජගත් Saturday, 21 April 2012 02:34 AM
මම ඔබට සුභ පතනවා
සුමුදු පෙරේරා Saturday, 21 April 2012 12:07 PM
බලපිටියේ අපේ ගමේ කෙනෙක් නිලූක කියන්නෙ. ඔබ වෙනුවෙන් බලධාරීන්ගේ ඇස් යොමුවේවායි ප්‍රර්ථනා කරමි,ඔබට ජයෙන් ජය පතමි.