IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තමිල්නාඩුවේ ලාංකික දෙමළ සරණාගතයන්ට නිවාස

(විමුක්ති එස් රුද්‍රිගු)

තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13 ක සරණාගත කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් වෙනුවෙන් ඉදිකළ නිවාස 1591 ක් නිල වශයෙන් ඔවුන්ට භාර  දීමේ නිල උත්සවය තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙල්ලෝර්හි මෙල්මොනාවුර් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරේදී  පසුගියදා පැවැත්විණ.

මෙම නිවාස ඉන්දීය රුපියල් කෝටි 79.70 (ශ්‍රී ලංකා රුපියල් කොටි 300 ක් පමණ) ක වියදමින් ඉදිකර ඇත.එම උත්සවයේදී වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා නිවාස 220 ක යතුරු ස්ටාලින් මහතා බාර දී තිබේ.වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ ඉදිකර ඇති නිවාස වලට පමණක් ඉන්දීය රුපියල් කෝටි 11 ක මුදලක් වැයවී ඇතැයි ආරංචි මාර්ග පවසා ඇත.

ස්ටාලින් මහතා සරණාගත කඳවුරේ සිදුකළ සංචාරයේදී මෙම නිවාස හොඳින් නඩත්තු කිරීමට ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව දිරිමත් කර තිබේ.දිස්ත්‍රික්ක 29 ක් පුරාවට ඇති ශ්‍රී ලාංකික දෙමළ පුනුරුත්ථාපන කඳවුරු 104 ක ගරා වැටුණු නිවාස වෙනුවෙන් නව නිවාස 7469 ක් ඉදිකරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පසුගිය වසරේ නිවේදනය කළේය.නිවේදනය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 3510 ක් ඉදිකිරීම ආරම්භ කළ අතර ඉන් පළමු අදියර යටතේ නිවාස 1591 ඉදිකිරීම් අවසන් කළේය.

අනෙක් දිස්ත්‍රික්කවල ඇති සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට මෙම උත්සවයේදී තමිල්නාඩු මහ ඇමතිවරයා කටයුතු කරන ලදී.



අදහස් (1)

තමිල්නාඩුවේ ලාංකික දෙමළ සරණාගතයන්ට නිවාස

kavidh Monday, 18 September 2023 01:36 PM

ආණ්ඩුවෙන් සලකන්නෙත් දෙමළ ජනතාවට වෙන රටවලින් සලකන්නෙත් දෙමළ ජනතාවට. සිංහල ජනතාවට තමයි කිසිම සහනයක් නැත්තේ...

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 352 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 682 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 413 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1282 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 114 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site