තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.
ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කළේය.
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති
කිරි පුතා Thursday, 05 May 2022 07:35 PM
ඉතා පරිස්සමෙන් අපේ රට සිටිය යුතු අවස්ථාවක්. ඊලම නැගී සිටීමේ ව්‍යාපාර මේ අතර සිදුවිය හැකියි. අනෙක මෙතන රටට අගෞරව කිරීමේ පරමාර්ථයක් වුවද තිබිය හැකියි.
සත්‍ය ගවේෂී.Friday, 06 May 2022 09:01 AM
කිරිපුතා කියනා බාල, බොළඳ නමට මුවාවෙලා මේ සිටින්නේ, දූෂිත පවුලක් හා රජයක් වෙනුවෙන් රෙදිනැතිව කඩේ යන කෙනෙකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ වගේම ඒ නමත් ඒ වැඩේට කදිමට ගැළපෙනවා. කිරිපුතාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් රට නැසීමට උදව් කරන කාලෙක ඉන්දියාවේ මන්ත්‍රිවරුන් කළ දේ අගය කළ යුතුයි.
siri Thursday, 05 May 2022 07:41 PM
වර්තමාන පාලකයන්ට ලැජ්ජාවක් නැතිව ඇති...
රටවැසියා Thursday, 05 May 2022 07:45 PM
අපේ මන්ත්‍රීවරු ඒ දෙන සල්ලිවලින් පෙලපාලිවලට සහභාගිවෙන අයට කොත්තු කවති..!
චාමර Thursday, 05 May 2022 07:48 PM
මෙහේ ඉන්න අයට පරයින් කියන්නේ නිකමට නෙවෙයි...!
උතුරේ ධීවරයාට වෙන දේ Thursday, 05 May 2022 08:15 PM
උතුරේ සහ දකුණේ කියලා බෙදුණු මිනිස්සුන්ට තේරෙයි, ඔය උතුරේ දූපත් ටික ඉන්දියාවට දුන්නාම උතුරේ ධීවරයින් බොහෝ ගසා කෑම්වලට ලක්වෙන හැටි. මේ තමයි සෞභාග්‍යය. ගෙඩිපිටින් ඉන්දියාවට සහ චීනයට රටේ සම්පත් දැන් දෙමු. යුද්ධය කළේ රට ඇතුළේ මිනිස්සු. ඒත් සැබෑ යුද්ධය මේ රටේ මිනිස්සුන්ට දැන් දැනෙන්න දුන්නේ කයිවාරු ගහන දේශපාලකයන්ම තමයි.
Kumara Thursday, 05 May 2022 08:29 PM
ඔය සල්ලි ටික 226ම ගෑණු කට්ටියට දෙන්න.. ෂොපින් යන්න.
නිමල් Thursday, 05 May 2022 09:10 PM
අහක යන නයි මල්ලට රිංගන්න යන්නේ...!
jayarathna Thursday, 05 May 2022 09:26 PM
අද පාර්ලිමේන්තුව රැස්වෙලා මහජන මුදල් ලක්ෂ ගානක් කම්බස් කළා. නියෝජ්‍ය කතානායක පත්කරන්න. රටට මේ වෙලාවේ වැදගත් නියෝජ්‍ය කතානායක පත්කරන එකද? ජනතාවට සහන සලසන දෙයක් ගැන කතාකරන එකද? මහජන මුදලින් සුඛෝපභෝගි ජීවිත ගතකරන මෙයාලට තවම ජනදුක ගැන තැකීමක් නෑ. නමුත් තමුල්නාඩුවේ මන්ත්‍රීවරුන්ට දැනිලා තියෙනවා.
හදුගලගේFriday, 06 May 2022 09:00 AM
ලක්ෂ ගාණක් නොවෙයි කෝටි ගානක්... ඇත්තටම තමිල්නාඩු මන්ත්‍රීලා ඔවුන්ගේ වැටුප් දෙන්නේ හොඳකට නම් නොවෙයි.. අපේ පාර්ලිමේන්තුවේ නිෂ්ප්රයෝජන කටයුතු වෙනුවෙන් කතානායකගේ අනුග්‍රහයෙන් කෝටි ගණනක් නාස්ති කරනවා.
Rakitha Friday, 06 May 2022 08:56 AM
මේක රට හෑල්ලුවට දාන වෑයමක් ඉන්දියාවේ... ඒ රටේ මිනිස්සුන්ට කන්න නැතිව මැරෙනවා. ඕවා තමන්ගේ මිනිස්සුන්ට දෙන්න කියන්න. එච්චර පහළට වැටිලා නැහැ රට. ඉන්දීය මාධ්‍යවලත් බොරු ප්‍රචාර ගෙනිවනවා.
Nihal Friday, 06 May 2022 10:13 AM
මෙහෙ 225 වැටුප වැඩිකරගන්න ඉල්ලයි. ඒත් කමක් නැහැ හොරකම නතර කරනවා නම්...!
Bird eye Friday, 06 May 2022 01:12 PM
ඉන්දියාවේ හිඟන්නෝ.., ජපානයේ බාලාංශ දරුවෝ.. අපේ රටට සල්ලි දෙන එකේ ඕක මොකක්ද? අපේ රටේ නාකි හොරු ඒවත් ගසාකනවා අනිවාර්යයෙන්.
Bempi Friday, 06 May 2022 01:19 PM
අපේ රට පාලනය කරන්න පත්කරගෙන ඉන්න ගොබ්බයන් එක සතපහක් රට වෙනුවෙන් දීලා තියෙනවාද? මෙච්චර අසීරු තැනකට රට පත්කරලා මේ අය පාර්ලිමේන්තුවේ දිනකට කෝටි ගණන් වැයකරලා වැඩකට නැති දේවල් කරනවා. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කතානායක කව්ද කියන එක. එක එක්කෙනාට මඩ ගහගන්නවා ඒක ඇතුලේ ප්‍රධාන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නෑ. මෙයාලට කිසිම ගාණක් නැහැ මේ අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන.. 225 ම එකයි. පණ ඇති විපක්ෂයකුත් නැහැනේ. මේ 225න් එකෙක්වත් නැවත මෙතනට එවන්න හොඳ නෑ. මේ අයගේ ගෑවිච්චි කවුරුවත් ආයේ එනවා බොරු... මිනිස්සු 225ම එපා කියන්නේ මේකයි...