IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තමිල්නාඩු වැසියන්ගේ 'අම්මා' ජෙයලලිතා ජයරාම්

2016-12-08-ent-40

තමිල්නාඩු වැසියන් "අම්මා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජෙයලලිතා ජයරාම් පසුගියදා සිය ජීවිතයෙන් සමුගත්තාය. දේශපාලනික මට්ටමින් අද බොහෝ දෙනා ජෙයලලිතා පිළිබඳ කතා කළද ඇය චිත්‍රපට නිළියක ලෙස ඉන්දියානු සිනමාව තුළ ඉතා ජනප්‍රියත්වට පත් නිළියක වෙයි. ඊට අමතරව පසුබිම් ගායන ශිල්පිනියක ලෙසද ඇය කටයුතු කර ඇතත්, එය බොහෝදෙනා නොදන්නා කාරණාවකි.

2016-12-08-ent-44වයස අවුරුදු 13 දී ළමා තරුවක් ලෙස සිනමාවට පිවිසි ඇය පසුකාලීනව කොලිවුඩය තුළ දැවැන්ත සිනමා ප්‍රතිරුවක් බවට පත්වූවාය. ඇය 1961 වර්ෂයේදී තම පළමු චිත්‍රපටය ලෙස රංගනයෙන් දායක වූයේ Epistle නම් ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහාය. ඉන්පසුව ඇය Sri Shaila සහ Mahathme නම් කන්නඩ චිත්‍රපට දෙක සඳහා රංගනයෙන් දායක වූවාය. හැටේ දශකයේ චිත්‍රපටය කර්මාන්තයට පිවිසි ඇය එම දශකයේ පමණක් චිත්‍රපට 68 ක් සඳහා රංගන දායකත්වය ලබා දී තිබේ.

70 දශකය ආරම්භයේදී ඇය රංගනයෙන් දායක වූ දමිළ චිත්‍රපටය වන්නේ Anadhai Anandhan චිත්‍රපටයයි. එම දශකයේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ආදායම් අතින් ඉදිරියට පැමිණ තිබූ බවද සඳහන් වෙයි. කෙසේ වෙතත් ඇය 70 දශකයේ චිත්‍රපට 51 ක් සඳහා දායක වී තිබිණි.

ළමා නිළියක ලෙස ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇය සිනමා ජීවිතය තුළ සම්මානලාභී රංගන ශිල්පිනියක් විය. 80 දශකයේද ඇය චිත්‍රපට කිහිපයක් සඳහා දායක වූ නමුත් ඇතැම් චිත්‍රපට තිරගත වීම නවතා දමා තිබිණි. ඒ සඳහා හේතු වූ කාරණා පැහැදිලි නොමැති අතර, 1980 සිට 1990 වර්ෂය දක්වා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට 05 ක් පමණක් තිරගත විය.

සිනමා නිළියක ලෙස ජනප්‍රියත්වයේ මුදුනට පැමිණියද, පසුබිම් ගායන ශිල්පිනියක ලෙස ඇයට ජනප්‍රියත්වයට පත්වීමට නොහැකි වූ බව සඳහන් වෙයි.

සිනමා නිළියක වූ ඇය තම සිනමා දිවිය තුළ සම්මාන 19කින් පිදුම් ලබා තිබේ. ඇය සම්මාන 19 ක් සඳහා යෝජනා වී ඇති අතර, ඒ සෑම සම්මානයක්ම හිමි කරගැනීමට සමත් වීමද විශේෂත්වයකි. තමිල්නාඩු රාජ්‍ය සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මාන 05ක්ද, තමිල්නාඩු සිනමා ප්‍රේක්ෂක සම්මානලාභී හොඳම නිළිය ලෙස සම්මාන 08ක්ද, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම දමිළ නිළිය සම්මාන 05ක්ද, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම තෙළිඟු නිළිය සම්මානයක්ද, රුසියානු චිත්‍රපට උලෙළක සම්මානයක්ද, මදුරාසි චිත්‍රපට සංගම් සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මාන 07කින්ද ජෙයලලිතා පිදුම් ලබා ඇත.

කෙසේවෙතත් ඇය 1992 වර්ෂයේදී Neenga Nalla Irukkanum චිත්‍රපටයෙන් පසු සිනමා දිවියට සමු දී දේශපාලන වේදිකාවට ගොඩ වූවාය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත 

 

2016-12-08-ent-43
2016-12-08-ent-42
2016-12-08-ent-41
2016-12-08-ent-39
2016-12-08-ent-38
2016-12-08-ent-37



අදහස් (0)

තමිල්නාඩු වැසියන්ගේ 'අම්මා' ජෙයලලිතා ජයරාම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 44 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 120 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 99 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 306 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site