IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තාම පැටළුණේ නැහැ - රන්සි ගමගේ

2016-08-06-ent-25

මේ දිනවල "සිහින සොයා" ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඇය රන්සි ගමගේය. ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා මතු කරමින් කලාව තුල නියැළෙන ඇය ගුරුවරියක් වීමට බලාපොරොත්තුව සිටින අතර, සිය කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට රන්සි "අද" තරු කතාබහට මෙලෙස එක්වූවාය.

 

කොහොමද මේ දවස්වල තොරතුරු?

2016-08-06-ent-29මේ දවස්වල සිරස රූපවාහිනියේ නිවේදිකාවක විදිහට වැඩ කටයුතු කරනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වන "සිහින සොයා" කියන රූපවාහිනී නාට්‍යය සෙනසුරාදා 7.30 ට සිරස ඔස්සේ විකාශනය වෙනවා. තව ඉස්සරහට එන්න තියෙනවා "සමනල පිහාටු" කියලා නාට්‍යයක්. ඒකෙ රූගත කිරීම් තව ඉදිරියටත් තියෙනවා. ඒ වැඩ කටයුතු ටික තමයි කරගෙන යන්නේ.

 

ඔබ නිවේදනයට එකතු වෙන්නෙ කොයි කාලයේද?

මම නිවේදනයට එකතු වුණේ 2012 වර්ෂයේදී. ඊට කලින් ඉඳන්ම මම නර්තනය කළා. "රන්සි ඩාන්ස් ඇකඩමි" කියලා මගේ ඇකඩමි එක පටන්ගත්තා. ඒකෙත් මේ දිනවල පුංචි දරුවන්ට පන්ති කරගෙන යනවා.

 

නිවේදනයේ පළමු අවස්ථාව?

උසස් පෙළින් පස්සෙ මට අවස්ථාවක් ලැබුණා සිරස එකෙන්. ඊටපස්සෙ ගියා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරන්න කියලා. මාව එතනින් තේරිලා මට පළමු වැනි වැඩසටහන හම්බවෙනවා. ඒ "සිරස රේඛාව" කියලා සතියේ දින පහේම සජීවීව ගිය මියුසික් වැඩසටහනක්. පස්සේ "හිත අද්දර" කියලා තවත් වැඩසටහනක් කළා. අනතුරුව "මගේ සිංදු පැය" කළා. සිරස එකේ Events කරා. ඊට අමතරව වෙන Eventsවලත් නිවේදිකාවක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ විදිහට නිවේදනයෙන් ඉදිරියට ආවා.

 

ඔබ ගැන පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මගේ නම රන්සි ගමගේ. මගේ පවුලේ විස්තර කියනවා නම් මගේ අම්මයි, තාත්තයි, නංගියි තමයි ඉන්නේ. මගේ තාත්තා විදුලිබල මණ්ඩලයේ වැඩ කළේ. අම්මා ඉස්සර ගුරු වෘත්තියේ යෙදුණා, දැන් නම් ගෙදර ඉන්නේ. දැනට මම "ලයිසියම් ජාත්‍යන්තර පාසලේ" ගුරු උපාධිය අවසන් කරලා තියෙන්නේ.

 

ක්ෂේත්‍ර ටික පැටළිලි සහගත නැද්ද?

පැටළිලි සහගතයි. තාම පැටළුණේ නැහැ හැබැයි. මම හිතෙනවා එහෙම වෙන එකක් නැහැ කියලා. මම හැම දෙයක් සඳහාම වෙලාව කළමනාකරණය කරගන්නවා. අපි හිතුවොත් දෙයක් කරන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන්ම මට ඉලක්ක තිබුණා. සමහර ඉල්ලකවලට ළඟා වෙලයි තියෙන්නේ.

 

හැම අංශයක්ම තෝරාගෙන කටයුතු කරන්නේ ඇයි?

ඇත්තටම හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඕක. ගුරු වෘත්තිය තමයි මම ඉස්සරහට යන්න ඕනේ කියලා හිතාගෙන හිටපු දෙය. පුංචි කාලෙ ඉඳන් ආසාව වෙලා තිබුණෙ ගුරුවරියක් වෙන්න ඕන කියන එක. දැන් එහි ඉගෙනීමේ කටයුතුවලින් මම සම්පූර්ණ වෙලා ඉන්නේ. මම කැමති වෙලා හිටියෙ මගේ දැනුම වෙනත් අයටත් දෙන්න. ගුරු වෘත්තිය කරන්නෙ මගේ නිවේදනයත්, නර්තනයත් නවත්තලා නෙමෙයි. වෘත්තීය මට්ටමෙන් ඉදිරියට යන්න ගුරු වෘත්තීය තෝරාගනීවි කියලා මට හිතෙනවා.

 

ගුරුවරියක් වුණාම රංගනයේ යෙදෙන එකෙන් බොහෝ දෙනෙකුට වැරදි ආකල්පයක් ඇති වෙනවා නේද?

ගොඩක් වෙලාවට ඒක මිනිස්සු දකින විදිහ කියලා කියන්න පුළුවන්. ගුරුවරයෙක් කියන්නෙ ඇත්තටම ගරු කළ යුතු වෘත්තියක්. වැරදි ආකල්පයක් ඇති වෙන්නේ අපි තෝරාගන්නා ටෙලි නාට්‍යත් එක්ක. හැබැයි ගුරු වෘත්තිය මම ඉස්සරහට තෝරාගත්තොතින් සමහර නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම වුණො සමහර දේවල්වලින් ටික කාලයකට ඈත් වෙන්නත් වෙයි. තවම කිසි දෙයක් ගැන තීරණය කරලා නැහැ.

 

දැනටත් ඔබ තෝරා බේරාගෙනද චරිත සඳහා දායක වෙන්නේ?

මම කැමති වෙනස් විදිහේ චරිත මට ලැබෙනවා නම්. හැම චරිතයක්ම එක වගේ වෙනවා නම් ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැනේ. මොකද වෙනස්කම් පෙන්නන්න වෙන්නෙ මම වෙනස් වෙනස් චරිත සඳහා දායක වුණොත් පමණයි. මම චරිතයක් බාරගන්නේ ඒකේ ස්ක්‍රිප්ට් එක කියවලා, ඒ දේ මට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් විතරයි.

 

"සිහින සොයා" චරිතය ගැන කතා කළොත්? 

ඒ අත්දැකීම හරිම සුන්දරයි. ඒ නාට්‍ය ගැන කිව්වොත්, මගේ තාත්ත විදිහට රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්, අම්මා මොරින් චාරුණී, මම තමයි පවුලේ බාල කෙනා බඩපිස්සා විදිහට ඉන්නේ. එතකොට මගේ අක්කා උදාරි වර්ණකුලසූරිය. මගේ දෙවැනි අක්කා ප්‍රදීපා හෙට්ටිආරච්චි. ඒ කට්ටිය හරි ප්‍රවීණ කට්ටිය. ඒ අයත් එක්ක වැඩ කරද්දි හරිම සුන්දරයි, හරිම ආසයි. මගේ චරිතේ දඟකාර, කටකාර චරිතයක්. අම්මා තාත්තා මොනාහරි කිව්වත් මම මොනාහරි කියනවා. හරි රිලැක්ස් මයින්ඩ් එකක් මට තියෙන්නේ. කතාවේ විදිහට පවුලට ගොඩක් ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. මගේ චරිතයේ හැටියට මම ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා මේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

ඉදිරි කටයුතු මොනවාද?

"සමනල පිහාටු" කියන නාට්‍යයේ තවත් රූගත කිරීම් ඉතුරු වෙලා තියෙනවා. ඊට අමතරව මගේ "රංසි ඩාන්ස් ඇකඩමි"යේ වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ වගේම මමත් තවම ඉගෙනගන්නවා සමහර දේවල්. මේ විදිහට තමයි ඉදිරි කටයුතු තියෙන්නේ.

 

උදව් කරපු පිරිස ගැන කිව්වොත්?

නිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා. මම ෂූටින්වලට යද්දි අම්මා හරි, තාත්තා හරි එනවා. එහෙම නැත්නම් ආච්චි අම්මා එනවා. නංගිත් මට ගොඩක් උදව් කරනවා. මට ගොඩක් යාළුවෝ නැහැ. යාළුවො ඉන්නෙ හරිම සීමිත ගාණයි. ඒ අයත් ගොඩක් අය ලංකාවෙ නැහැ. මේ හැමදේටම ඉන්නෙ මේ අය තමයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-06-ent-28
2016-08-06-ent-27
2016-08-06-ent-26  
2016-08-06-ent-23

2016-08-06-ent-24
 



අදහස් (0)

තාම පැටළුණේ නැහැ - රන්සි ගමගේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 471 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 402 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2410 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 971 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 829 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 360 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site