IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තඹුත්ගෙම ආර්ථිකේ එළවලු කිලෝ තිස් දහසක් නරක්වෙලා

(දයාරත්න ඇඹෝගම)

ගොවීන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු කිලෝ තිස් දහසකට අධික ප්‍රමාණයක් අද (21) වැස්සට හසුවී නරක්වී ආපසු සිය නිවෙස් වලට රැගෙන ගිය බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ගොවින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු ආරක්ෂා කර ගැනීම සදහා වහලයක් නොමැතිකම මීට හේතු වූ බවද සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.

“මහවැලි එච් කලාපයෙන් නොච්චියාගම, රාජාංගණය, විලච්චිය, මැදවච්චිය ආදී ප්‍රදේශවලින් ගොවියෝ විශාල පිරිසක් අද(21) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථනයට රැගෙන ආවා. එම එළවළු ආරක්ෂිතව තියාගන්න ආවරණයක් නැහැ. උදේ ඉදන් වැහැපු වැස්සට එලවළු  අහුවුණා.

වැස්සට අහුවුණොත් එළවළු ඉක්මනට නරක් වෙනවා. වෙළෙන්දෝ ගන්නේ නැහැ. ඒ නිසා අද වෙළෙන්දෝ එළවළු පළතුරු ඉල්ලුවේ තුට්ටු දෙකට. ගොවියෝ විශාල පිරිසක් එළවළු අරන් ආපහු යන්න ගියා. තියලා ගියත් වැඩක් නැහැ. අරන් ගියත් වැඩක් නැහැ. එළවළු ටික අපරාදේ නරක් වෙනවා.”

“රුපියල් ලක්ෂ ගාණක පාඩුවක්. මේක ගොවියන්ට ලොකු අසාධාරණයක් වුණේ. වහලක් ගහලා දෙන්න කියලා කාලයක ඉදන් බලධාරීන්ට කියනවා. එහෙත් බලධාරීන් ගණන් ගන්නේ නැහැ. අපේ වෙළද සංගමයෙන් හරි අපි වහලක් ගහ ගන්නම් කියලා. බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒකට අවසරයක් දුන්නෙත් නැහැ”.මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන ලෙස තමන් වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.

 

 



අදහස් (4)

තඹුත්ගෙම ආර්ථිකේ එළවලු කිලෝ තිස් දහසක් නරක්වෙලා

රංබොඩ Wednesday, 21 August 2024 07:27 PM

නිෂ්පාදන රට පුරා බෙදා හැරීමේ බරපතල ගැටලුවක් තියෙනවා . ආර්ථික මධ්‍යස්ථාන අරක්ගෙන ඉන්න අතරමැදියන් ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ගසා කනවා.

:       1       5

ගමේ එකාලා Wednesday, 21 August 2024 08:36 PM

නිසි කළමනාකරණයක් ,හරිහමන් ක්‍රමවේදයක් නැතිකමින් මේ වගේ තව කොපමණවත් නාස්ති වෙනව ඇත්ද? සමහර පාලකයොත් මේවට වගකියන්ඩ ඕනේ ?

:       4       31

නන්දන Wednesday, 21 August 2024 10:25 PM

රනිල් ආර්ථිකය ගොඩ දැම්මලු. එසේ නම් මෙහෙම වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. එයා තඹුත්තේගමට ජනාධිපති නෙවෙයි ද?

:       2       4

vernon Thursday, 22 August 2024 10:59 AM

රටක ජනාධිපති ඉන්නේ තැන් තැන් වල වහල ගහලද බලන්න නෙවෙයි, ආර්ථික මධ්‍යස්ථාන හදලා දීලා අවුරුදු ගාණක් වෙනවා. මෙච්චර කල් වැස්සේ නැද්ද? ප්‍රවාහනෙදී කොච්චර එළවළු නරක් වෙනවද?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 500 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 702 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1585 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1779 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2208 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20422 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18492 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site