IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි

(අමදෝරු අමරජිව)

භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවට සැලෙකෙන අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක නටබුන් රැසක් තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් හමු වූ  බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නොසිදෙන ඉතා පිරිසිදු ජලය ඇති විශාල ගල් පොකුණක් කේන්ද්‍ර කරගෙන මෙම ආරාම සංකීර්ණයකට අයත් නටබුන් වු ගොඩනැගිලි සංකිර්ණය පොකුණ වටා පිහිටා තිබිමෙන් පෙනි යන්නේ භාවනායෝගි භික්ෂුන් වහන්සේලා මෙම පොකුණ පැන් පහසුව සදහා භාවිතා කරන්නට ඇති බව මෙම ගවේෂණයට එක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පවසයි.

යුධ හමුදාවේ සහයෝගය ඇතිව සිදුකල මෙම ගවේෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා මේ ස්ථානය පිහිටා තිබෙන්නේ ගල්මැටියාව ඉදිවැවේ ඉදලා කිලෝ මීටර් අටක් රක්ෂිතය තුලයි. ත්‍රිකුණාමල අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ හොරොව්පතාන ආසන්නයේදි මෙම ස්ථානය දැකගැනිමට ලැබුණා.අනුරාධපුර යුගයට අයත් ආරාම සංකිර්ණයක යැයි සැලකෙන ගොඩනැගිලි සංකීර්ණයක නටබුන්, පොකුණක්, පොළවට වැසිගිය දාගැබක පොලොම මතුපිට පෙනෙන ගඩොල් මෙම ස්ථානයේ තියනවා. පොකුණ වටා තමයි ගොඩනැගිලි සංකිර්ණය පිහිටා තිබුණේ.

කළුගලින් කළ ගොඩනැගිලි සංකිර්ණයක නටබුන් අතර ඉපැරණි ගල්වඩුවා ගලකින් ගලක් වෙන්කර ගැනිමට කොරි සලකුණ හෙවත් ගල්කටු සලකුණ මෙහි තිබිම විශේෂත්වයක් වෙනවා.

පොකුණට බැසිමට මනරම් පියගැට පෙලක්ද මෙහි පිහිටා තිබෙනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතාගේ උපදෙස් මත ලුතිනන් හේවගේ, මහතා ඇතුලු කණ්ඩායමක් අපි සමග මෙම ගවේෂණයට එක්වුණා යැයිකිය.

 



අදහස් (3)

තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි

Kodi Sunday, 23 May 2021 01:00 PM

කිසිවිටක අනුරාධපුර යුගයෙන් එහාට නොයන අපේ ඉතිහාසය... දැක්ක ගමන් ඒක අනුරාධපුර යුගයට අයත් බව තීරණය කරලත් ඉවරයි.

:       55       4

SudheshSunday, 23 May 2021 11:21 PM

ඒ තමුන් දන්න ප්‍රමාණය. කොහොම හරි රටටම ගොන්කම් පෙන්නුවනේ. ලංකාවේ මානව ජනාවාසකරණයට අවුරුදු 64000කට වඩා ඉතිහාසයක් තියෙනවා. පාහියංගල, පදියගම්පොල, බටදොඹලෙන පුරාවිද්‍යා සාක්ෂි... ඒවාට ඕනෑතරම් තියෙනවා. මේ කොමෙන්‍ටුවෙන් පෙන්නන්නේ ලංකාවේ හරකුන්ගේ ඉතිහාස සාක්ෂරතාවයේ ප්‍රමාණයයි. මේකට හේතුව ලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කිරීමයි.

:       0       1

ඖෂධහාමිMonday, 24 May 2021 01:56 AM

කොඩිගේ අදහස නිවැරදියි. වාස්තු විද්‍යා කටයුතු කරන බුදුදහමටත් ලැදි හින්දු සාමි වරයෙකු දිනක් කිව්වා මෙයට අවුරුදු 16000 කට පමණ පෙරත් ලංකාවේ ඉහළ තත්වයෙන් වාස්තු විද්‍යාව තිබුණා. ඒ අනුව ඉන්දියාවත් ඉගෙනගත්තා කියලා. ඉන්දියාවේ ජ්‍යෝතිෂ සම්බන්ධ කටයුතු කරන අයත් කියන්නේ ජ්‍යෝතිෂය මුලින්ම එයමයි. එහෙම තියෙද්දී අපේ අය තවමත් අපේ දේ නොසලකා පිටරට දේ සිරිසැපදේ කියනවා. ආයුර්වේදය ගැන කථාකරන්න මෙන්ම ප්‍රචාරයත් තහනම් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 146 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 598 2

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 506 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 282 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 718 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1098 2

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site