IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තැඹිලි අපනයනට ’’හෙනහුරෙක්’’

(අංජුල මහික වීරරත්න)

පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies)  හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 

සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ශනයක්  දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල කර තිබේ. 

මෙම හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි සියයට 36ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ  පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ.

පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය  සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතුවිය. 

 2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම නිසා සිදුවීමට ගිය විශාල වගා හානියක් වලක්වා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන අතර එක් ගෙඩියක් ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250ක ආදායමක් ලැබෙයි.



අදහස් (3)

තැඹිලි අපනයනට ’’හෙනහුරෙක්’’

Lalla Monday, 17 June 2024 12:51 AM

පොල් පර්යේෂණ ආයතනය, වගාකිරීමේ මණ්ඩලය, සංවර්ධන මණ්ඩලය කියල පොල් කාලේ ජීවත්වෙන ආයතන තුනක ආචාර්ය මහාචාර්ය රොත්තක් කෝටි ගණන් වැටුප් දීමනා පර්යේෂණ අරමුදල් කමින් බොමින් මොනවද කරන්නේ. රෝග පලිබෝධ වලට ඔය අයට උත්තර හොයන්න බැරිනම් අර ඉස්සර අල මහත්තය කියන බොහොම සාමාන්‍ය පුද්ගලය අර්තාපල් වගාව ලංකාවේ ව්‍යාප්ත කලා වගේ පොල් වල ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට විසඳගන්න කියමුද? ඒ අතර අර සුදු අලි පිරුණ පොල් සම්බන්ධ ආයතන තුන එකක් කරල හොරු ගෙදර යවන්න.

:       0       4

සිරිමල් Monday, 17 June 2024 03:18 AM

ගොඩක් අය ආස රන් තැඹිලි වලට. මම නම් ආස ලොකුම ලොකු රසම රස ගොන් තැඹිලි වලට.

:       0       3

Naleen Monday, 17 June 2024 10:00 AM

ඔය පොල් සංවර්දන මණ්ඩලයේ දුරකථන ක්රියාකරුගෙන් එහාට යන්න මට දවස් තුනක් ගියා. අද මිස් නැහැ, මිස් පොඩ්ඩක් එලියට ගිහින්, පස්සේ කතා කරන්න. කිසිම දෙයක් නොකර බොලේ එහාට මෙහාට පාස් කරනවා. පස්සේ මම ඩිරෙක්ටර් ට කතා කරලා ඇහුව තමුන්ගේ යටතේ ඉන්නේ මිනිස්සු කිසිම වැඩක් නොකරන කාලකන්නි කියල දන්නවද කියල. මනුස්සය මට කියනවා මේක ලංකාවනේ ඉතින් මොනවා කරන්නද කියල. හැමදේටම දේශපාලකයන්ට බනින මිනිස්සු, තමන්ගේ රස්සාව මුලින් හරියට කරලා ඉන්න ඕනේ. නැත්නම් රජයේ සේවයට ගිහින් පින් පඩි අරන් එන ආත්මේ බල්ලෝ, පෙරේතයෝ වෙලා තමයි ණය ගෙවන්න වෙන්නේ.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 460 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 484 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1453 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1104 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 433 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site