(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැනගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කළේය.
. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහතදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින්
Hemantha Thursday, 12 September 2024 07:45 AM
මේ මනුස්සයාට කාරුණිකව සළකන්න.... රාජකාරි කිරිමේ දී පහසු නෑ.. විශේෂයෙන් පොලිසි වල ලොකු තනතුරු...
sanil Thursday, 12 September 2024 08:38 AM
වැඩ තහනමකට ලක්වුණු කෙනෙකුව නැවත පොලිස් ස්ථානාධිපති වැනි වගකිවයුතු තනතුරකට පත්කළ අයට පළමුවෙන්ම දඬුවම් දියයුතුයි .
Some guyThursday, 12 September 2024 07:17 PM
ඒක මහ මෝඩ කතාවක් නේද? නිර්දෝෂී නිසා නොවෙයි, ආපසු රැකියාව ලැබෙන්න ඇත්තේ...!
Samantha Thursday, 12 September 2024 09:14 AM
පෙරහර එන්න ඉස්සර වෙලා මාර්ගයේ ඉඩ ගැනීමට කස කාරයෝ එනවනේ
Bunny Preena Thursday, 12 September 2024 09:43 AM
බංකොලොත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් සෑහෙනට බලපෑම් වලට ලක්වී පීඩා විදින පුද්ගලයකු විය හැකිය....
ඇන්ඩ්රු සෙබඩවිල Thursday, 12 September 2024 12:35 PM
තඹුත්තේගම අපේ කුමාරයා රජ පුටුවට එනකල් ටිකක් ඉන්න බැරි උණු හැටි මෙයාට
Frenando Thursday, 12 September 2024 05:10 PM
ඇන්ඩෲ, ඔතැන සිදුවෙලා ඇත්තේ සමන්ත ඉදිරිපත් කළ අදහස දැන්මම සිදුවෙලා කියලා හිතන්න අමාරුද?
Priyantha sd Friday, 13 September 2024 07:50 AM
පොලිසිය තියෙන්නේ පුද්ගලයන් හා ඔවුන් ජීවිත හා දේපල ආරක්ෂා කරන්න. නමුත් අපේ රටේ ජනතාවට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පගාව ගන්නවා. සල්ලි කාරයින්ට සලකනවා. පොඩි මිනිහා තලනවා. බොරු වැරැදි දාලා නඩු දානවා. ඇත්තටම පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයට එනකං රටේ ජාවාරම්, අපරාධ, දූෂණ, අපරාධ වළක්වන්න බැහැ. ඇයි තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි...? පොලිස් කාන්තාවන් කතාකරන්න දන්නේ නැහැ. හරියට රාජකාරි කරන්න හැම කෙනෙක්ම. නැත්නම් අවසානයේ විඳවලා මැරෙන්න වෙන්නේ. අතපය හයිය කාලේ චන්ඩිකම්, බලුකම් කළාට, ඇඳේ වැතිරිලා විඳවද්දී කරපු වැරැදි මතක් වෙනවා.
Jayawardhana Tuesday, 17 September 2024 09:11 PM
ඔය කවුරු වුනත් වැරදි කරලා දන්න කෙනෙකුට කියලා බේරෙන්න තමා හදන්නේ .හැමෝම වැරදි කළාට පස්සේ නීතිගරුක වෙන්නේ නැහැ .ඒ වගේ වැරදි කරලා ජනතාවත් හදන්නේ කොහෙන් හරි බේරෙන්න තමා .සමහර වෙලාවට පොලිසියත් අසරණයි. පොලිසියේ ඉන්නෙත් මේ රටේ මිනිස්සුම තමා අපේ රටේ ඉන්නේ රැල්ලට යන පිරිසක් මොකක්ද හරි මොකක්ද උනේ මොකද වෙලා තියෙන්නේ ඒවා මුකුත් හොයන්න ඇති