කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති ඬේවිස් කුසලාන 2 කාණ්ඩයේ ටෙනිස් තරගයේ අවසන් දිනය වූ අද (3 වැනිදා) පැවැති තියුණු සටනකින් අනතුරුව ශී‍්‍ර ලංකාව පරදවා තරග 3-2 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු කී‍්‍රඩකයෝ සමත් වූහ.
තුන්වැනි කේවල තරගයේදී අඛීල් ඛාන් පරදවා තරග වට 3-0 ක ජයක් ලබාගැනීමට හර්ෂණ ගොඩමාන්න සමත් වූ හෙයින් සමස්ත තරගය 2-2 ක් ලෙසින් සමවිය. මෙම තරගයේදී ගොඩමාන්න ලකුණු 6/4, 6/3 සහ 6/4 ක පහසු ජයක් ලබාගත්තේය.
කෙසේ වෙතත් අවසන් කේවල තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජ් පරදවා තරග වට 3-1 ක ජයක් ලබාගැනීමට සමත් වූ අසාම් කුරේෂි සමස්ත තරගයේ ජය පාකිස්තානු පිලට හිමිකර දුන්නේය.
අද පෙරවරුවේදී තරග ආරම්භ වීමට පෙර කේවල තරගයක් සහ යුගළ තරගයක් ජයගත් පාකිස්තානු කණ්ඩායම සමස්ත තරගයේදී 2-1 ක් ලෙසින් පෙරමුණේ පසුවිය. එහෙත් අද පැවති පළමු තරගය ජයගැනීමට ගොඩමාන්න සමත් වීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ ගියේය.
අවසන් කේවල තරගයේදී දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙසින් ජයගැනීමට තංගරාජ් සමත් වූ නමුත් ලකුණු 6/3 ක් සහ 6/3 ක් වශයෙන් තුන්වැනි සහ සිවුවැනි වට ජයගත් කුරේෂි තරගයේ ජය පාකිස්තානු පිලට හිමිකර දෙමින් නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයේ ජයග‍්‍රාහකයන් හමුවීමේ අවස්ථාව උදාකර ගත්තේය.
ඡයාරූප : ශානුක අරවින්ද
හර්ෂණ ගොඩමාන්න...අඛීල් ඛාන් සමග පැවැති තරගයේදී
තංගරාජාගෙන් අසාම් කුරෙෂිට පිරිනැමීමක්...
පර්සි අබෙසේකර ශී‍්‍ර ලංකා ටෙනිස් කණ්ඩායම දිරිගන්වමින්...
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තියුණු සටනකින් පසු ඬේවිස් කුසලාන තරගයේ ජය පාකිස්තානයට