IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තායිලන්තයේදී ප්‍රකට මානෙල් අක්කගෙ බත් කඩේ

2017-01-03-ent-24

වෙනත් රටක වෙනස් අහරක රස විඳගැනීමට කවුද අකමැති? බොහෝ සංචාරකයන් රටින් රටට සංචාරය කරද්දී එලෙසින් වෙනත් රටක වෙනස් අහරක රස රිසිසේ වින්දනය කරති. නමුත් තායිලන්තයේ එක් වරක් හෝ සංචාරයේ යෙදෙන ශ්‍රී ලාංකිකයෙකු වේ නම් ඔහු තමයි කෑම සොයා යෑම වෙනුවට අනිවාර්යයෙන්ම යන ශ්‍රී ලාංකීය අවන්හලක් තිබේ. ශ්‍රී ලාංකිකයින් අතර පමණක් නොවේ. දැන් එම අවන්හල තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණෙන බොහෝ දෙනා අතර ජනප්‍රියව ඇති අවන්හලකි. "මානෙල්" ලංකා එහි නම වේ.

2017-01-03-ent-19බැංකොක්හි සාප්පු සවාරියේ යාමට මෙන්ම සිරි නැරඹීමට පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙලෙසින් "මානෙල් ලංකා'' අවන්හල වෙත රොද බඳින්නේ රිසිසේ - සිතුසේ බඩකට පුරවා ගත හැකි පරිදි රසවත්ම ආහාරවේලකින් සප්පායම් විය හැකි බව දන්නා නිසාවෙනි.

"මානෙල් ලංකා" අවන්හල එතරම්ම ජනප්‍රියව තිබෙන බව නොරහසකි. එය කෙතරම් නම් ජනප්‍රිය වී ඇතිද යත්, මෙරට ප්‍රභූ පැළැන්තියේ චරිත මෙන්ම, නළු නිළියන් සහ තවත් විවිධ තරු තායිලන්තයේ සංචාරය කරන්නේ නම්, අනිවාර්යයෙන්ම මෙතැනට යෑමට අමතක නොකරති. ලංකාවේදීවත් ලංකාවේ කෑම වේලකින් නොලැබූ රසයක් මෙම මානෙල් ලංකා අවන්හලේදී විඳගත හැකි බව අතිශයෝක්තියකින් තොරව සඳහන් කිරීමට වටියි.

නොනිදන නගරයක් ලෙස ලෝ ප්‍රකට සුන්දරත්වයෙන් සහ මිහිරෙන් පිරි බැංකොක් නුවර 447/61, Rajaparop Soi4, Pratunam, Bangkok 10400 යන ස්ථානයෙහි මේ ලාං‍කේය අවන්හල ස්ථාපිතව තිබේ. තවත් විදිහකට කිවහොත් හරියටම මෙය පිහිටා තිබෙන්නේ ඉන්ඳා (Indra) සාප්පු සංකීර්ණ කලාපය අවටය. Indra සාප්පු සංකීර්ණ කලාපය යනු තායිලන්තයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් අතර වඩා ප්‍රකටව ඇති ස්ථානයකි. විවිධ භාණ්ඩ සහ ඇඳුම් - පැලඳුම් ඇතුළු සියල්ල ඉතා වාසිදායක මිලකට ලබා ගැනීමට එතැනි තෝතැන්නක් වීම ඊට හේතුවයි.

අපි නැවතත් "මානෙල් ලංකා" අවන්හල දෙසට හැරෙමු. මා‍නෙල් ලංකා අවන්හල අද සාර්ථක ව්‍යාපාරයක් ලෙස මෙලෙස ජනප්‍රියව තිබුණද මෙම ව්‍යාපාරය පටන්ගත් "නිමල් සහ මානෙල්" යුවළ යනු අනේකවිද දුක් ගැහැටවලට මුහුණදී අවසානයේදී විමුක්තිය සොයා ගිය දෙපලකි. ඒ කතාව මොහොතකය ඔබ කියවිය යුතුමය.

නිමල් සහ මානෙල් යුවළගේ ගම කොච්චිකඩේය (මීගමුව) ආදරයෙන් හමුවී මේ ඉරහඳයටදී ඕනෑම දුක් කන්දරාවක් මෙන්ම සතුටද ඉසිලිය හැකි බව දැනගෙන 1992 දී නිමල්-මානෙල් යුවළ විවාහ දිවියට ඇතුළත් වූහ. නමුත් විවාහයේ මිහිර ආස්වාදය කිරීමට තරම් අවකාශයක් නොලැබුණේ මුහුණදීමට සිදුවූ ආර්ථික දුෂ්කරතා නිසාය.

 

2017-01-03-ent-21

2017-01-03-ent-27“විවාහයෙන් පසුව අපට ආර්ථික දුෂ්කරතාවලට මුහුණදෙන්න සිදුවූ නිසා රට යන්න තීරණය කළා. ඒ වනවිට දියණිය සහ පුතා අපේ කැදැල්ලට එක්ව සිටියේ. 2002 මැයි මාසයේදී අපි හතරදෙනාම තායිලන්තයේ බැංකොක් නුවරට ආවා. හැබැයි තායිලන්තයේ රැඳෙන්න නෙවෙයි. නවසීලන්තයට යාමටයි අපට අවශ්‍ය වුණේ. දමිළ ජාතික කෙනෙක් තමයි ඒ විදියට අපව තායිලන්තයට රැගෙන ආවේ. ඒත් මාස හයක් යනකල්ම එයාට ඒක කරන්න බැරි වුණා. අවුරුද්දකට වඩා අපි මෙහේ තියාගෙන එයා කෑම බීම දුන්නා. ඒත් එක පාරට එයා අතුරුදන් වුණා. බැලින්නම් එයා විතරක් නවසීලන්තයට ගිහින්. මේ නිසා අපි විශාල අමාරුවක වැටුණා. වීසාත් ඉවරයි. අතේ තිබුණ සල්ලිත් ඉවරයි. දින ගණන් බඩගින්නේ සිටි වාර අනන්තයි. බැංකොක් නුවර කතෝලික පල්ලියකට ගිහින් අපි වැටිලා ඉන්න අමාරුව ගැන කිව්වා. පල්ලියෙන් අපට උදවු ලැබුණා. ඒ නිසා දරුවො දෙන්නත් පාසලකට දාන්න පුළුවන් වුණා. අපි පුංචි තට්ටු ගොඩනැගිල්ලක තැනක් කුලියට ගත්තා. ලංකාවට එන්න අනේකවාර හිත් ඇතිවුණත් ණය බර නිසා ආවේ නැහැ. තායිලන්තයේම ජීවත්වීමට තීරණය කළා."

ජීවිතයේ අනේකවිද ගැහැටවලට මුහුණදුන් දිගු කතාවක සංක්‍ෂිප්තය මානෙල්+නිමල් යුවළ ගෙනහැර පෑවේ එලෙසිනි. අද මේ යුවල වඩා ප්‍රකටම සිටින්නේ "මානෙල් ලංකා" අවන්හල නිසාය.

බැංකොක්හි ස්ථාපිත සුප්‍රකට ඉන්ද්‍රා මාකට් ගොඩනැගිල්ල, බිග්.සී පෑතුනාම් මධ්‍යස්ථානය ඇතුළු බොහෝ තැන්වලට මෙතැන් සිට පා ගමනින් යා හැකිය. තායිලන්තයේ සංචාරයේ යෙදෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රකටව ඇති "සවාරි ට්‍රැවල්ස්" (Savari Travels) බැංකොක් ශාඛාව ඇත්තේද, මෙම "මානෙල් ලංකා" අවන්හලට යාබද ගොඩනැගිල්ලේය.

තායිලන්තයට පැමිණෙන දහසකුත් සංචාරකයන්ට මේ නිසා වඩා පහසුවක් වී තිබේ. තවත් විදිහකට පැවසුවහොත් මෙම සවාරි ට්‍රැවල්ස් සහ මානෙල් ලංකා ගහට පොත්ත මෙන් බැඳී සිටීම නිසා සංචාරකයන්ට එය මහා ශක්තියක් වී තිබේ.

තායිලන්තයේ සිරි නරඹා සාප්පු සවාරියේදී මානෙල් ලංකා අවන්හල වෙතින් රසම-රස අහරක පහස ලබා ප්‍රීතිමත් ගමනක ආස්වාදය වින්දනය කිරීමට මේ නිසා අවකාශය ලැබී ඇති බව සඳහන් කළ යුතුමය. තායිලන්තයේ සංචාරයට ප්‍රිය බොහෝ සංචාරකයන්ගේ පහසුව උදෙසා www.savaritravels.com  සහ www.manellanka.com වෙබ් ලිපිනයෙන් මේ සමග අපි සටහන් කරන්නෙමු.

 

සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-01-03-ent-29
2017-01-03-ent-28
2017-01-03-ent-26
2017-01-03-ent-25
2017-01-03-ent-23
2017-01-03-ent-22
 



අදහස් (0)

තායිලන්තයේදී ප්‍රකට මානෙල් අක්කගෙ බත් කඩේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 950 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1829 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 249 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 827 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8578 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3033 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site