IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තායිලන්ත කුරුල්ලෝ රේගුවේ

සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව,  ආනයන අපනයන බලපත්‍රය නොමැතිව රේගු ආඥා පනතද  උල්ලංඝනය කරමින්  තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ  ඉතා දුර්ලභ කුරුල්ලන්, සාවුන්, කටුස්සන් ඇතුළු සතුන් 26 දෙනෙකු සමග ශ්‍රී ලාංකික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය මීගමුවේ පදිංචි 36 හැවිරිදි කතකි. ඇය  බල්ලන් අලෙවි කරන කාන්තාවක් බව රේගුව කියයි.

ඇය මේ මාසයේ පමණක් හතර වතාවක් තායිලන්තයට  යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

රෛවියන් දහයක්, හාවුන් හය දෙනෙක්,  දුර්ලභ  කටුස්සකු, ලව් බර්ඩ්ස් දෙදෙනකු සහ හඳුනා නොගත් කුරුල්ලන් හත් දෙනෙකු  ප්ලාස්ටික්  කූඩු වල  සහ එස් ලෝන් බට වල දමා තම ගමන් මල්ලේ  මේ සතුන් ඉතා හිංසාකාරී වන අයුරින් රැගෙන විත් ඇති බවයි.

 ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරි ඒ.සී.එච්.අයි උක්වත්ත, නියෝජ්‍ය  රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල්,  විපුල ප්‍රනාන්දු සහ රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු නිලධාරීන් වන අසංක ප්‍රියදර්ශන, දමිත් ජයසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

 

 



අදහස් (0)

තායිලන්ත කුරුල්ලෝ රේගුවේ

සිරියලතා කෙන්යා Wednesday, 28 May 2014 01:04 PM

නිශාඩ් ගේ අදහස හොඳයි. අමානුෂික විදිහට සතුන් මරණ අයටත් එවැනිම දඩුවම් දුන්නා නම් හොඳයි නේද ? (නදී)

:       0       0

චින්තක Thursday, 29 May 2014 01:56 AM

අනේ! මේ සතුන්ට දැන් මොනවා වෙලා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

චින්තක Thursday, 29 May 2014 01:58 AM

හේමන්ත​, අපිත් නිතර තායිලන්තයට යනවා​. හැබැයි සත්තු ගේන්න නෙමෙයි. උන්ව දැකලා සතුටු වෙලා එනවා විතරයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 May 2014 08:22 AM

මෙම තැනැත්තියට හිර දඬුවම් පැමිණවිය යුතුයි. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 28 May 2014 08:54 AM

ලෙඩ රෝග සහිත සහ ජෛව විවිධත්වයට හානිකර සතුන් පිටරටින් ගේනවා. ටැංකි වලට ගෙනාපු මාළු මිරිදිය ජලාශ වලට දාලා දැනටමත් ලොකු හානි වෙලා තියනවා. සමහර වෙලාවට මේවා ඕන කමින්ම කරන දේවල් වෙන්න පුළුවන්.ආයෙමත් නොකරන්න දඩුවම් ලැබිය යුතුයි. (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 28 May 2014 09:14 AM

මේ තැනැත්තියවත් අර සතුන්ව ගෙනාවා වගේ දඬුවම හැටියට දඩයකුත් ගහල ප්ලාස්ටික් බැරල් එකක් ඇතුලේ බස්සවා සිරකර තැබිය යුතයි. (ස)

:       0       0

නිමල් Wednesday, 28 May 2014 05:28 PM

ගුද මාර්ගයේ හංගගෙන නාපු එක ලොකු දෙයක් (දී)

:       0       0

ශාන් Wednesday, 28 May 2014 09:53 AM

මෙහෙන් ගෙනිච්චේ නැහැනේ එහෙන් නේද ගෙනාවේ . ඕක අතඇරලා දාන්න. (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 10:08 AM

දැඩි දඩුවම් දිය යුතුයි මේ තැනැත්තියට. පව් අසරණ සත්තු ටික (නදී)

:       0       0

නිශාර්ඩ් පෙරේරා Thursday, 29 May 2014 11:56 AM

සතෙකුගේ හෝ මිනිසකුගේ ප්‍රාණ ඝාතය මහා පවක්. ඒවා මානුෂික විදියට කරනවද එහෙමත් නැතිනම් අමානුෂික විදියට කරනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එවැනි දේවල් සිදු නොවීමට වග බලාගැනීමයි වැදගත්.(දිල්)

:       0       0

හේමන්ත Wednesday, 28 May 2014 10:39 AM

නිතර තායිලන්තයට, ඉන්දියාවට, සිංගප්පුරුවට යන අය ගැන මීට වඩා හොයන්න ඕන. ලොකු නෝනලා, මහත්තුරු විදියට යන ගොඩක් අයගේ පැටිකිරිය ඔහොම තමයි. (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 28 May 2014 10:45 AM

නම දැම්මේ නැති උනාට මේවට ප්‍රසිද්ද අය කවුරුත් දන්නවා දැන්. (නදී)

:       0       0

රජින්ද Wednesday, 28 May 2014 10:46 AM

මේ ඔක්කොටම හේතුව ඇතැම් වෙබ් අඩවි වල මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන දැන්වීම් නිසාය. අහිංසක සතුන්ව වෙබ් අඩවි හරහා ඉහල මිල ගණන් වලට විකිණීමේ ප්‍රවනතාවයක් පවතී. මෙවැනි විකිණීම් වන සත්ව හා තුරුලතා පනතට අනුකුලද කියා හෝ කිසිවෙක් සොයා බලන්නේද නැත.(නදී)

:       0       0

එරංග උදය Wednesday, 28 May 2014 11:15 AM

ලුම්බිනී ඔයා විනිසුරුවෙක්ද? (නදී)

:       0       0

ඉන්දික Wednesday, 28 May 2014 11:18 AM

ශාන්ති, මෙතන තියෙන ප්‍රශ්නේ සත්තු අසරණ එක විතරක් නෙවේ. අර නිශාන්ත කියනවා වගේ එක එක ලෙඩ රෝගත් මෙහාට බෝකරන එක. පිරාන වගේ මාළු ජාති ඩොට් ෆිෂ් (නයිෆ් ෆිෂ්) වගේ මාළු නිසා අනිත් මාලු විනාශ වෙනවා. එ්කයි මෙතන තියෙන භයානක කම.(නදී)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:46 PM

එතකොට එහෙදී පරීක්ෂා කර නැද්ද? (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 28 May 2014 11:19 AM

අපේ රටේ නැති සත්තු නම් හොඳයිනේ. උත්සහ කරලා බෝ කලා නම් හරි. වෙන දේවල් අනුව නම් ඕක ගනන් ගත යුතු දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස.(නදී)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 28 May 2014 12:37 PM

ශාක හා සත්ත්ව නිරෝධානය නීති රීති හඳුන්වා දී ඇත්තේ පළිබෝධක හා රෝග කාරක වශයෙන් මෙරටට ඇතුළුවිය හැකි ජීවීන් මගින් අප රටේ ජෛව සම්පත් රැකගැනීමටත්, මිනිසුන්ට පවා වැළඳිය හැකි රෝග ඇතුළුවීම වැළැක්වීමටත්ය. ශාක හා සතුන් විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී විධිමත් නිරෝධායන පරීක්ෂණයන්ට යටත්වේ. එහෙත් හොර රහසේ සිදුකරන මෙවැනි ව්‍යාපාර මගින් නොදන්නා රෝග බීජයන් හා ආක්‍රමනික ජීවීන් රටට ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් නීති විරෝධී ක්‍රියාවන් ලෙස ගැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 824 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1745 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1645 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 411 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 672 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 490 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site