ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටියි. එහිදී තායි-ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවකට ද අමාත්‍යතුමන් සහභාගී විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායි කර්මාන්තකරුවන්ගේ සම්මේලනය විසින් මෙම සැසිය සංවිධාන කර තිබිණි. තායිලන්ත ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවති මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ප්‍රමුඛ 18 දෙනෙකුගෙන් සමන්විත ධූත මණ්ඩලයක් සහභාගී විය. තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම් 40 ක් පමණ නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා සහභාගී වී සිටියේය.
මේ අතර, අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ප්‍රමුඛ මෙරට ධූත මණ්ඩලය බැංකොක් නුවර පිහිටි භික්ෂූ රෝහල නිරීක්ෂණය කිරීම සඳහා ද සහභාගී විය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන් කියා සිටියේ, මෙරට ද එවැනි භික්ෂූ රෝහලක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. ඒ සඳහා තායිලන්ත රෝහල ආකෘතික ආදර්ශයක් කර ගත හැකි බව ද එතුමා මෙහිදී සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තායි - ලංකා වෙළඳ සබඳකම් වැඩි වන ලකුණු
සරණ Saturday, 06 February 2016 09:27 AM
ගමගේ ඇමතිතුමා නිර්මාණශීලී නායකයෙක්. එමනිසා මේ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ (නි)
අරවින්ද Saturday, 06 February 2016 09:41 AM
බොහොම හොඳයි (නි)
බමුණු Saturday, 06 February 2016 04:53 AM
අන්න හොඳ රටක් මේගොල්ල දිඅහ බලනකොට ඉන්දියාව බලු වටින්නේ නැත. (බ)
මෂූඩ් Friday, 05 February 2016 06:12 PM
බැංකොක් වල තිබෙන ලොකුම කර්මාන්තය මෙරටට ආනයනය නම් කරන්න එපා (නි)