IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තාරකාට අලි ඇබැද්දියක්

2016-07-29-ent-25

එරන්ලන්දු සහ සීරජ ටෙලිනාට්‍ය සමග මේ දිනවල පේ‍්‍රක්ෂක අවධානය තමා වෙත නතු කරගත් තාරකා වන්නිආරච්චි මේ දිනවල ”අලි ඇබැද්දියකට” මුහුණ දීලයි සිටින්නෙ. මේ අලි ඇබැද්දියට මුහුණ දුන්නේ ලංකාවේදී නම් නොවෙයි. තායිලන්තයේදීයි. තාරකා තායිලන්තයට ගිය හේතුව සහ ඇය මේ දිනවල මුහුණ දීලා සිටින මේ ඇබැද්දිය මොකක්ද කියලා අපි ඇයගෙන්ම අහමු.

 

තාරකා හදිසියේම තායිලන්තයට ගියේ ඇයි?

2016-07-29-ent-21අලි කතාවකට මැදි වුණානෙ.

 

ඒ මොකක්ද?

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලූත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා තායිලන්තයට යන්න සිද්ධ වුණා.

 

එතකොට අලි කතාවක් කිව්වෙ?

ඒක ඇත්තටම අලි ගැන කියැවෙන කතාවක්. අලි කතාවක් කිව්වොත් හරි.

 

ඇයි එතකොට මේ අලි කතාව කරන්න තායිලන්තයට ගියේ?

ඒකට ගොඩාක් හීලෑ අලි අවශ්‍යයි. තායිලන්තයේ, රූගත කිරීම් සඳහා යොදා ගන්නා හීලෑ අලි සිටින බව තමයි දැන ගත්තෙ.

 

තායිලන්තයට ගිහින් ”අලි එක්ක” රූගත කිරීම්වලට සහභාගී වෙන්න බය හිතුණෙ නැද්ද?

වතාවක් මට මෙහිදී අලි සමග රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. හැබැයි අපේ රටේදී නිසා එදා බයක් ඇතිවුණේ නැහැ. නමුත් මේ අත්දැකීම ටිකක් නුහුරු නිසා, ඒ අලි මොන වගේද කියා දන්නේ නැති නිසා ටිකක් බය ගතියක් දැනෙනවා.

 

කොච්චර කාලයක් මේ විදිහට තායිලන්ත අලි එක්ක ගත කරන්න වෙනවද?

රූගත කිරීම් සඳහා සතියක විතර කාලයක් තමයි තියෙන්නෙ.

 

ඉතින් කොහොමද වෙනත් විස්තර එහෙම?

මේ දිනවල විකාශය කෙරෙන ‘‘එරන්ලන්දු’’ නිසා ශ්‍රී ලංකාවේ පේ‍්‍රක්‍ෂකයින්ගෙන් වගේම, විදේශීය රටවල වෙසෙන අපේ පේ‍්‍රක්‍ෂකයින්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. ඊට අමතරව ‘‘සීරජ’’ ගැනත් බොහෝදෙනා කතාවෙනවා. මම දායක වූ තව නාට්‍යයක් ළඟදීම විකාශයට නියමිතයි. ඒකෙ නම නූරි. ඒත් එක්කම අලූත් රියැලිටි වැඩ සටහනකටත් දායකවීමට සුදානමින් සිටින්නෙ. ‘‘හිරු’’ නාලිකාව ගෙන එන එහි නම ‘‘තරුමන්දාකිණි’’

 

එරන්ළන්දු, නදී සහ සීරජ පුණ්ණා ගැන හිතෙන්නෙ කොහොමද?

පුණ්ණා කියන්නෙ ධාතුසේන රජු රාජාභික්‍ෂේකයට පෙර ආවාහ කරගෙන සිටි කාන්තාවයි. මේ නාට්‍යයේ රූගත කිරීම් සඳහා අපට ඇඹිලිපිටිය, අනුරාධපුරය වැනි ප‍්‍රදේශවලට යන්න වුණා. සටන් ජවනිකා වලටත් පෙනී සිටින්න සිදුවුණා. එරන්ළන්ඳු - නදීට බොහෝදෙනා ආදරේ වග මට දැනෙනවා.

 

මේ දක්වා ඒ විදියට දායක වූ චරිත අතරින් මිනිස්සු වැඩිපුර ඔබ ගැන කතාවන්නෙ?

බොහෝදෙනෙක් ‘‘දේවි’’ කියලා කියනවා. තවත් සමහරු හෝ පළු අරණේ සුද්දි කියලත් කතා කරනවා.

 

ගෙදර අය කතා කරන්නෙ කොහොමද?

‘‘චූටි’’ කියලා

 

පවුලේ බාලයා නිසාද?

මායි - අක්කයි විතරනෙ ළමයින්ට ඉන්නෙ

 

අක්කා මොනවද කරන්නෙ?

අක්කා විදෙස්ගතවෙලා ඉන්නෙ.

 

තාරකා රඟපෑ චරිතවලට මිනිස්සු ආදරය කරන බව කිව්වනෙ. ඒ ආදරය හැබෑවට ජීවිතයට ලබන්න අදහසක් නැද්ද?

ඇත්තම කිව්වොත් මේ පේ‍්‍රක්‍ෂක ආදරය තරම් වටිනා දෙයක් මට තවත් නැහැ. ඒක වචනයෙන් කියන්න බැරි තරමේ සතුටක්. ‘‘ආදරය’‘ මගෙ ජීවිතයට දැන්ම අවශ්‍ය නැහැ.

 

ඇයි ආදරය කරලම නැද්ද?

තියෙනවා.

 

එහිදී දුකක්ද? සතුටක්ද ජීවිතයට ගෙන දුන්නෙ?

දුකක් තමයි වුණේ. ඒත් අද හිතෙන්නෙ ඒක ඒ විදියට වෙච්ච එක හොඳයි කියලයි.

 

ඔබ හිතන විදියට ‘‘ආදරය’’ මොකක්ද?

හරි විදියට කළොත් හරිම සුන්දර දෙයක්.

 

ලංකාව ඇතුළෙ ‘‘ආදරය’’ කොහොම වෙනවා කියලද හිතන්නෙ?

මං පුද්ගලිකව හිතන්නෙ වැඩිපුරම ඒ නිසා විරහාව වෙනවද මන්දා. මොකද වැඩි හරියක්ම ලියැවෙන්නෙත් විරහ ගීතමනෙ.

 

තායිලන්තය ගැන මොකද හිතෙන්නෙ?

අපේ රටේ වගේම පරිසරයක් තියෙන රටක්. මම මේ රටට ආවේ දෙවැනි වතාවටයි.

 

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-07-29-ent-24
2016-07-29-ent-23
2016-07-29-ent-22



අදහස් (0)

තාරකාට අලි ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 891 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2006 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 659 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 368 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 940 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1525 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site