IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ත්‍රිකුණාමලයේ බුදු පිළිම 4 කට හානි කරති

සංවිධානාත්මක පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක තිබූ බුදු පිළිමවලට සෙනසුරාදා (7) සහ අද (8) අලුයම් කාලවලදී හානි කර ඇතැයි පොලිසිය කියයි.

උප්පුවේලි විල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඩේ හා ගෝමරංකඩවල පෙදෙස්වල තිබූ බුදුපිළිමවලට එසේ හානි කර ඇතැයි ද මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලසිය පවසයි. 

webamadoru01 webamadoru02



අදහස් (0)

ත්‍රිකුණාමලයේ බුදු පිළිම 4 කට හානි කරති

ජනහිත Sunday, 08 January 2017 09:17 PM

මේවා කරනවුන්ට නම් යහපතක් වෙන්නේ නැහැ. මේ අපේ බෞද්ධ රට බව කවුරුත් සිහිතබා ගතයුතුයි. සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙන්කොට අපේ ආගමට හිරිහැර කරනවා. බොදු ජනතාව කිසිවිටකත් කිසිම ආගමකට නිගාවෙන වැඩ කරන්නේ නැහැ. තම තමන්ගේ ආගම අැදහුවට කමක් නැහැ, එ්ත් අපේ ආගමට හිරිහැර කරන්න එපා (නි)

:       0       0

යොහාන් Sunday, 08 January 2017 11:56 PM

මේ ප්‍රශ්න ආරම්භයේදීම විසඳා නොගතහොත් විශාල ගැටුමක මුල වියහැකියි (නි)

:       0       0

ටෙනිසන් Monday, 09 January 2017 12:00 AM

කවුරු කළත් මේවා නම් මහා පහත් වැඩ (නි)

:       0       0

අශිකා Sunday, 08 January 2017 11:59 PM

මේවා කැඩුවා කියලා බුදු දහම නසන්න බැහැ. දැක්කානේ බාමියන් බුදු පිළිම කඩපු අයට මොකද වුණේ කියලා. දැන් ඒ බුදු පිළිම අායෙත් තිබුනා වගේම ගොඩ නඟන්න යන්නේ. (නි)

:       0       0

සාගර Sunday, 08 January 2017 09:33 AM

කමක් නැහැ, යහපාලනෙයි, සහජීවනයි තියෙනවනේ...(රේ)

:       0       0

බණ්ඩාර Monday, 09 January 2017 02:44 AM

සුනාමි රළ පහරට හෝ පෙරළන්න බැරිවුණ බුදු දහම, මේ අන්තවාදීන් කෙසේනම් පෙරළන්නද (නි)

:       0       0

ගාමිණි Sunday, 08 January 2017 10:12 AM

මේ දේවල් වලට ආණ්ඩුව වගකිව යුතුයි.(හේ)

:       0       0

ශාන් Sunday, 08 January 2017 10:24 AM

මේ සදහා ඉක්මන් පියවරක් ජනපතිතුමා නොගතහොත් අනාගතයේ අනෙක් ආගම වල පුජනීය ස්ථාන උතුරු නැගෙනහිරින් පිට පවත්වාගන යාමට නොහැකි වනු ඇත (හේ)

:       0       0

අසන්ත Sunday, 08 January 2017 10:47 AM

කවුද මේ වගේ පව් වැඩ කරන්නේ.(හේ)

:       0       0

ඉන්දීවර ජයසිංහ Sunday, 08 January 2017 10:46 AM

සහජීවනයක තරම (බ)

:       0       0

දේවී Sunday, 08 January 2017 10:57 AM

මේවා මේ ජාතිවාදය අවුස්සා රටේ කලබල කරවන්ට දඟලන අයගේ වැඩ.අපි මේවට කලබල වියයුතු නැත. බුදු දහම යනු සිත නිවන උතුම් ධර්මයක්. (බ)

:       0       0

සරත් Sunday, 08 January 2017 11:06 AM

සංහිඳියාව. සංහිඳියාව.හිටපල්ලකො (බ)

:       0       0

අසංග Sunday, 08 January 2017 11:28 AM

ජරා හැත්ත කරන වැඩ තමයි. ඇෆ්ගනිස්ථාන් වගේ රටවලත් මුන් කළේ බුදුපිළිම කඩපු එක. සහ ගහනවා කඩපු එවුන්න්ට. (බ)

:       0       0

රුවන් Sunday, 08 January 2017 11:41 AM

මේක කඩාකප්පල්කාරී වැඩක්.(හේ)

:       0       0

අමිල Sunday, 08 January 2017 11:45 AM

මේවා ගැන හොයන්න බලන්න අපේ රටේ බලධාරින් නැ. ලෝකයම හොයා යන දහමක් බුදු දහම .එ්කනිසා ඔය වගේ ඒවා කළා කියල වැඩක් නැ. පිළිම කැඩුව කියල වැඩක් නැ (බ)

:       0       0

රණතුංග Sunday, 08 January 2017 12:33 PM

සිංහල මිනිසුන් කිසිම හින්දු දේව රූපයකට හානි නොකරයි. ඉතින් ඒ අපේ සංහිදියාවට උන් වෛරය පල කරයි. (බ)

:       0       0

බණ්ඩාර රුසියාව Sunday, 08 January 2017 12:41 PM

පොලිසි උසාවි යන්න ඕනේ නෑ. ඒවගේ උන්ට දේව දඩුවම් ළඟදීම ලැබෙනවා. (බ)

:       0       0

හිරාන් Monday, 09 January 2017 05:17 AM

බුදු පිළිම වලට අත උස්ස්සපු අයට සහ ගහනවා ලොකු දුරක් යන්න බැහැ. ඇෆ්ගනිස්ථාන් වල බුදුපිළිම කඩපු අයට ජීවීතයන් වන්දි ගවන්න සිදු වුනා. (අ)

:       0       0

දොන් Monday, 09 January 2017 06:06 AM

කාගෙන් වුනත් අන්ත වාදීන්ට හොද රස කෑමක් ලැබිල තියෙනවා. මොකෙක් කලත් පොලීසියෙන් ක්‍රියාත්මක විය යුතුයි. නැතිනම් රටම ගිනි තියාවි. (අ)

:       0       0

රොකී Sunday, 08 January 2017 01:45 PM

මේ වෙල්ගම් වෙහෙර කියන සිද්ධස්ථානය රජරට කලක් පාලනය කළ සොලීන් පවා ප්‍රතිසංස්කරණය කොට රාජ රාජ පෙරුම්පල්ලි වශයෙන් සලකා වන්දනාමාන කළ තැනක් බව සැලකිය යුතුයි. මේවා බෞද්ධයන්ගේ පමණක් නොව මුළු ජාතියටම අයත් ජාතික වස්තුන් ලෙස සුරැකිය යුතුයි. මෙබඳු ස්ථාන වලට හානි කරන තිරිසන්නුන්ට දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)

:       0       0

චන්දන Monday, 09 January 2017 07:11 AM

ඔහේගේ මොලේට වැටහෙන්නේ රටේ බෞද්ධයන් අන්තවාදීන් වාගේනම්, කියවලා බලනවා ඉතිහාසය ගැන, අන්‍ය ආගම් හැදුනේ වැඩුනේ බෞද්ධයන්ගේ අාශිර්වාදයෙන් නෙමෙයිද කියලා. එහෙව් බෞද්ධයන්ට කෙනෙහිලි කමක් වෙද්දී එකට විරුද්ධ වෙන්න පිට කොන්දක් නැතිකම කණගාටුවක් (බ)

:       0       0

සාලිය Sunday, 08 January 2017 02:45 PM

දැන් මේකට වෙනත් කවුරිහරි ප්‍රශ්නයක් ඇදලා දාවී (හේ)

:       0       0

රුවන් Monday, 09 January 2017 10:50 AM

මෙය කල අයට උපරිම දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1315 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2339 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1024 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9555 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3585 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site