IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තරගයටත් කලින් නරඹන්නෝ දැවී යති.

ශ්‍රී ලංකා එංගලන්ත පස්දින ටෙස්ට් තරගයේ ටිකට් පතක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු වික්ෂිප්ත වී සිටිති. බිම වාඩිවී නොමිලේ බැලීමට තිබූ ස්ථානයේද විදේශිකයන් වාඩිවී සිටිතියි ඔවුහු කියති. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඩේවිඩ් විල්සන් කීවේ හැමදාමත් ක්‍රිකට් බලන්නට ගාලු එන බවයි. වෙනදා රුපියල් 500 ට 1000 ට තරගය නැරඹූ ඔහු රුපියල් 5000 තමන්ට ගෙවන්නට හැකි වුවද එය අසාධාරණ බව කීවේය. මින් මතු ලංකාවේ ක්‍රිකට් බලන්නට නොඑන බව ද කීවේය. ක්‍රීඩාංගණයේ දැලෙහි එංගලන්ත කොඩි ගැටගසා ඇති බැවින් එලියේ සිට තරගය බලන්නට ද හැකියාවක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ රුපියල් 5000 සහ 7500 බැගින් ටිකට් ඇති බවයි.



අදහස් (0)

තරගයටත් කලින් නරඹන්නෝ දැවී යති.

දේව් Monday, 26 March 2012 08:55 PM

හොද තීරණයක්. අපේ රටට ආවනම් වියදම් කරන්න ඉගෙන ගන්න ඒනේ. ගාන වැඩි වුණු තරමට තමයි අගය වැඩි.

:       0       0

ද සිල්වා. Monday, 26 March 2012 09:12 PM

අපේ රටේ ටිකට් ගාස්තු තමයි ඉහළ නමුත් පහසුකම් අන්තිම පහළයි. මේක ක්‍රිකට් වල විතරක් නෙමෙයි. සංස්කෘතික ත්‍රිකෝණයෙත් එහෙමයි. සංචාරකයෝ මරාගෙන කන්න තමයි බලාගෙන ඉන්නේ.

:       0       0

ගයියා Monday, 26 March 2012 09:35 PM

කට්ටියට පොඩ්ඩක් වැරදිලා.. 5000 ක් නං ඔය සුද්දොන්ට වැඩි ගානක් නෙමේ තමා... මෙතන ප්‍රශ්නේ ඔය 5000 දවස් 5 ටම නෙමේ එක දවසට... දවස් 5 ම බලන්න 25000 ක් යනවා. ඒක නං ගොඩක් සැර වැඩ්යි.. " වෙනදා රුපියල් 500 ට 1000 ට තරගය නැරඹූ ඔහු රුපියල් 5000 තමන්ට ගෙවන්නට හැකි වුවද එය අසාධාරණ බව කීවේය. " මේකට මාත් එකයි 25000 ක් දීල මට්ච් බලන්න බෑ නේ :( :(

:       0       0

බබනිස් උන්නැහේ Tuesday, 27 March 2012 08:02 PM

ක්‍රිකට්‌ බලන්න ගාන වැඩි උනාට කමක් නැහැ. එතකොට මිනිස්සුන්ට කාලේ නාස්ති කර කර ඉන්නේ නැතිව වැඩ කරන්න පුළුවන්. සල්ලි ගලන අය බිබී පච කෙල කෙල දවස ගණන් ඕක බලාපුදෙන්. "රට පෙරට".

:       0       0

ප්‍රසාද් Monday, 26 March 2012 09:37 PM

කරුණාකර පාසල් ළමුන් පාසල් කාලයේ පැමිණ ක්‍රිකට් තරග නැරඹීම නවත්වන්න. මෙය වැඩිය හොද පණිවිටයක් නොවේ.

:       0       0

රොෂාන් කොඩිකාර Monday, 26 March 2012 11:28 PM

ඔව් ප්‍රසන්න ඒක තමයි ඔතන තිනේනේ ඇත්ත. අපේ අය රියට ගන්නේ නැති නිසා ද මන්දා ?

:       0       0

කාන්ස්බොයි. Tuesday, 27 March 2012 03:25 AM

ලංකාවේ අයට අඩුකරලා දුන්නොත් හොදයි.

:       0       0

රුවන් Tuesday, 27 March 2012 03:45 AM

පසුගිය වසරේ අපි ස්ටර්ලින් පවුම් 75 ක් සාමාන්‍යයෙන් රුපියල් 15000 ක් ගෙව්වා ශ්‍රී ලංකා එංගලන්ත තරගය බලන්න ලොඩ්ස් පිටියට

:       0       0

එරංග Tuesday, 27 March 2012 03:52 AM

ඔය සල්ලි ක්‍රිකට් බෝඩ් එකට යනවනම් තව කමක් නෑ ඒත් මේ මුදල හරිම අසාධාරණයි.

:       0       0

හේෂාන් Tuesday, 27 March 2012 07:34 AM

දුප්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දුර්වල ශ්‍රී ලංකා කණ්ඩායම.

:       0       0

දර්ශන Tuesday, 27 March 2012 09:01 AM

20යි 20 ගාන අහපුවම සිහිනැතිවෙයි ද දන්නෑ.

:       0       0

පියල් Tuesday, 27 March 2012 09:37 AM

මුන්ට පිස්සු ක්‍රිකට් ගහන අය කරන්නේ ජොබ් එකක්. ක්‍රීඩාවක් නෙවෙයි. ව්‍යාපාරයක්. හොද වැ‍ඩේ ඕව බලන මෝඩයන්ට

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Tuesday, 27 March 2012 11:13 AM

එක දිනකට රුපියල් 5000 ක් කියන්නේ දවස් පහට 25,000 ක් ගණනනම් අසාධාරණයි. මේ සුද්දා ලංකාවට ආවම අපේ රටට විදේශ විනිමය එනවා. මීට වඩා සාධාරණ මුදලක් අය කරන්නන තිබුණා. මේ මිල තීරනය කරන්න කලින් තව ගොඩක් හිතන්න තිබුණා.

:       0       0

අමිල Tuesday, 27 March 2012 12:28 PM

මේක ලංකාව ඕස්ට්‍රේලියාව නෙවෙයි. අසාධාරණව හම්බකරන්න යන්නේ හැමදෙයක්ම රටේ බලධාරීන් නිදිද ? මේක අසාධාරණයක්. ලංකාවේ නම ජාත්‍යන්තරයේ කැත වෙනවා.

:       0       0

ට්‍රිශාන් Tuesday, 27 March 2012 01:05 PM

ඩුබායි, අබුඩාබි, සාජා දියෙන ඕනම තරගයක් අවම මිල ලංකාවේ රුපියල් 6000 ක්. පළමු පන්තිය රුපියල් 15000 ත් 30000 ත් අතරේ. නමුත් ලංකාවෙත් මෙහෙත් පහසුකම් එකයි. එකම කණ්ඩායම් තරග කරන්නේ. තියෙන එකම ප්‍රශ්නේ මේ මිල ලාංකිකයන්ට දරා ගන්න බැරි වීම. එච්චරයි.

:       0       0

චුටි මල්ලි Tuesday, 27 March 2012 03:31 PM

තෙල් ගණන් වැඩිවෙලානි ඒකයි ටිකටි ගණන් ගිහිත් තියෙන්නේ

:       0       0

අලි ජේමිස් Monday, 26 March 2012 05:39 PM

ඩේවිඩ් විල්සන් මොනාද මේ කියන කතා. ඔස්ට්‍රලියාවේ ඉඳල එන්න පුළුවන්. හැබැයි තරගේ බල්ලන්න රුපියල් 5000( AUD 35 - 40 ) දෙන්න බැ...

:       0       0

අචිනි. Tuesday, 27 March 2012 04:20 PM

මේකෙනුත් කොටසක් අර පුතාට ද දන්නෙ නැහැ.

:       0       0

රෝහණ Monday, 26 March 2012 06:12 PM

තව වහන්නේ බෝඩ් එකේ අයට සල්ලි මදි ඇති.

:       0       0

ප්‍රසන්න Monday, 26 March 2012 06:25 PM

එහෙම කියන්න එපා විල්සන් අයියා. අපේ ක්‍රීඩකයන්ට පඩි ගෙවාගන්නවත් සල්ලි නැතිලු. උදව්වක් විදියටවත් බන්නකෝ අනේ.

:       0       0

චන්දන Monday, 26 March 2012 06:41 PM

යකෝ. සෙල්ලම් කරන්නේ අපේ රටේනම්. කණ්ඩායමේ ඉන්නේ අපේ අයනම් අපිට රුපියල් 1000 ට ටික්ට් එකක් එන්න බැරිද ? ශ්‍රී ලාංකිකයන්ටවත්. මොකද අනික් කණ්ඩායම එංගලන්තය නිසා ද මේ තරම් මිල ඉහළ.

:       0       0

සමීර Monday, 26 March 2012 06:56 PM

ඕස්ට්‍රේලියාවේ ටිකට් එකක් ඕස්ට්‍රේලියා ඩොලර් 35 යි

:       0       0

රත්නේ. Monday, 26 March 2012 07:54 PM

සමීර...... ඕස්ට්‍රේලියාවේ ගෙවන්නේ ලංකාවේ පඩියමද ? දන්නේ නැත්නම් ලෝකය ගැන ටිකක් සොයා බලන්න.

:       0       0

එස්.එල්.ටී‍.2004 Monday, 26 March 2012 08:09 PM

මොකද කාටවත් තවම අදහසක් ආවේ නැත්තේ ඉංගලන්තත් එක්ක ගහන ක්‍රිකට් මැච් වර්ජනය කරමු කියලා.

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 26 March 2012 08:27 PM

අපේ ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ මට්ටමට ගන්නේ පස්සේ. ඉස්සරවෙලා ටිකට් එකේ මිල ඒ රටවල මට්ටමට ගන්න ඕන. ටිකක් ඉන්නකෝ ඉවසලා, අනෙක් ඒවාට වගේ ක්‍රිකට් වලටත් කරලා පෙන්නනකල්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5100 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 549 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1100 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1590 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3363 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 230 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16102 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site