IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තරග උපක‍්‍රමයක් ලෙසින් නායකත්වය සංගාට පැවරෙයි

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (1 වැනිදා) පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගයේදී නායකත්වය කුමාර් සංගක්කාරට පැවරිණ. තරග උපක‍්‍රමයක් ලෙසින් ශී‍්‍ර ලංකා පිල මෙම පියවර අනුගමනය කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී නියමිත කාලය තුළ  ඕවර 20 නොයැවීම නිසා නායක මහේල ජයවර්ධනට තරග මුදලින් 20% ක දඩයක් පනවන ලද අතර ඊයේ තරගයේදීත් එවන් සිදුවීමකට මුහුණ දීමට සිදුවූයේ නම් මහේලට ඊළග තරගය තහනම් වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව වසරක කාලයක් තුළදී එවන් දඩ දෙකකට යටත් වුවහොත් ඊළ`ග තරගය තහනම් වන අතර මහේල එවන් තත්ත්වයකට මුහුණ දුනහොත් අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ. මේ වසරේ ජූලි මස 3 වැනිදා පාකිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවැති විස්සයි20 තරගයේ නායකයා ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ද මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් දඩයකට යත්වී තිබීම නිසා මැතිව්ස් ද නායකත්වයෙන් ඉවත්ව සිටියේය.



අදහස් (0)

තරග උපක‍්‍රමයක් ලෙසින් නායකත්වය සංගාට පැවරෙයි

රොෂාන් Tuesday, 02 October 2012 02:17 PM

නුවන්, මගුලක් කතා නොකර ඉන්නවද ?(ස)

:       0       0

චමින්ද Tuesday, 02 October 2012 02:38 PM

නුවන්ලට මේවයේ නීති රීති තේරෙන්නේ නැහැ.. ඒක නිසා නොදන්න ඒවාට අදහස් දක්වන්න එපා.. මහේල සෙල්ලම් නොකලානම් කවුරුහරි නායකත්වය ගන්න ඕනනෙ..!(නු)‍ෙ

:       0       0

ශ්‍රී සර Tuesday, 02 October 2012 10:21 AM

වැරදි ආදර්ශයක්. දැන් සංගාත් මේ වැරද්දටම අහු උනා නම් ඊලඟට ඉන්න ඉන්න පිළිවෙලට නායකත්වය දීගෙන යනවද? තමන්ගේ වැරැද්ද නිවැරදි කරගන්නේ නැතුව නීතියේ හිල් වලින් රිංගා යන මහත්මාගතිය නෙවෙයි. (ස)

:       0       0

සමන් පෙරේරා Tuesday, 02 October 2012 03:03 PM

සම්පත්, ජනක, ශ්‍රී සරා, නුවන් ඔබලා මොනවාද මේ කියන්නේ.. ? මහේල සහ සංගා අති දක්ෂ ක්‍රීඩකයෝ..!

:       0       0

රාජා Tuesday, 02 October 2012 10:54 AM

කොහොමින්හරි කප්එක ගන්න ලැබේවා!!!(ස)

:       0       0

ශ්‍රිනිත ලක්චාන් Wednesday, 03 October 2012 01:55 PM

නියම උපක්‍රමයක්. එකම අවසන් පුර්ව තරගයටත් යොදා ගත්තොත් හොදයි. (නි)

:       0       0

චාර්මින් Tuesday, 02 October 2012 11:13 AM

දිනන දාට ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා.. එකක් දෙකක් පැරදුනාම මොකද්ද මේ කළේ අහනවා...!(නු)

:       0       0

ප්‍රභාත් Tuesday, 02 October 2012 11:23 AM

මහේලගේ නායකත්වය නිසයි අපි මේ තැන ඉන්නේ.. නැවත නායකයා වූ දා සිට හුගක් තරග අපි දින්නා.. සුභ පැතුම් මහේල..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 02 October 2012 11:23 AM

සම්‍ය: ප්‍රයෝගද ??? සෙප්පඩි විජ්ජාද ?? (ස)

:       0       0

සම්පත් Tuesday, 02 October 2012 01:09 AM

ක්‍රිකට් මාෆියාව.... (නි)

:       0       0

අතපත්තු Tuesday, 02 October 2012 04:48 PM

ක්‍රිකට් ක්‍රීඩාවේ වදගත් දේවල් නොදන්න අය අදහස් දක්වන්න එපා.. දිනපුවාම විතරක් සන්තෝෂවෙලා සුභ පතලා හරියන්නේ නැහැ.. දන්නේ නැත්නම් දැනගන්න ක්‍රිකට් කියන්නේ ජීවිතේ වගේ දෙයක්..!(නු)

:       0       0

ජගත් Tuesday, 02 October 2012 01:21 AM

උපක්‍රමය අති සාර්ථකයි. වාසනාවන්ත සංගා. (නි)

:       0       0

අසේල Tuesday, 02 October 2012 01:24 AM

නියමයි. විශිෂ්ට තරග උපක්‍රමයක්. (නි)

:       0       0

තත්සරණි Sunday, 07 October 2012 04:36 PM

සංගාගේ වාසනාව තමයි. අපේ කොල්ලන්ට මුකුත් කියන්න එපා. එයාලා වාසනාවන්තයි. (නි)

:       0       0

නුවන් Tuesday, 02 October 2012 12:46 PM

මහේල කරේ හොඳ වැඩක් නෙමෙයි එහෙනම් කරන්න තිබ්බේ ඊයේ තරගයට මහේල සෙල්ලම් කරන්නේ නැතුව හිටියනම් හරි ...කරන්න තිබ්බ ඊයේ තරගය නියමිත කාලයට නිමා කරන්න උත්සහ ගැනීමයි නැතුව නීතියෙන් පිට වැඩ කරන එක නෙමෙයි (ස)

:       0       0

දිනේෂ් Tuesday, 02 October 2012 02:49 AM

ඒක හොඳ තීරණයක් . සුබ පැතුම් ලංකා කොල්ලනේ (ස)

:       0       0

සරසි Tuesday, 02 October 2012 05:34 PM

කුහකකමට අදහස් දාන්න එපා. අදහස් දමන අය ළගනම් ඕනෑවටත් වැඩිය උපක‍්‍රම තියේවි. පිස්සු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 01:07 PM

අපිව දැනුවත් කල මේ ලිපියට ස්තූතියි (ස)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 07:40 AM

මහේල නැත්නම් සංගා, නැත්නම් දිලා. (නි)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 08:01 AM

මොන උපක්‍රම දැම්මත් පන්දු රැකීමේදී මුල් ඕවර් 10 ට දාපු පීඩනය අන්තිම ඕවර් 10 ට යද්දි නෑ‍‍...එංගලන්ත පිතිකරුවෝ ඔවුන්ගේ පහරවල් වලට ගියා..(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 08:30 AM

උපක්‍රමයෙන් කප් එක ගමු (ස)

:       0       0

ජනක Tuesday, 02 October 2012 08:35 AM

එහෙනම් හැමදාම තරංග දිනලා තියෙන්නේ ප්‍රමාද කරලා ......(ස)

:       0       0

මොහොමඩ් Tuesday, 02 October 2012 09:17 AM

මහේල වගේම සංගත් හෝඳ නායකයෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 48 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 85 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 111 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 477 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 745 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 245 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site