IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තරග වදින්න බෑ කියලත් හිතුණා

20160416Piumi_2කාන්තාවක් රූප සුන්දරියක් වෙන්න පංචකල්‍යාණය තියෙන්න අවශ්‍යයි. ඒ දේ සරුසාරව තියෙන කෙනෙක් තමයි රූප සුන්දරියක් වෙන්නෙ. ඒ විදියට රූප ස්වභාවය හිමි අවුරුදු කුමාරියක් වන පියුමි ශානිකා කලා ක්ෂේත්‍රයට පිවිසුනු ආකාරය පිළිබඳව අප සමග පැවසීය.

20160416Piumi_12001 තමයි මම අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණේ. ඒ සඳහා මගෙ මාමා අයදුම් කරලා තිබුණා පත්තරේක දැන්වීමක් දැකලා. මොකද මගෙ මාමා ගොඩක් පත්තර බලන කෙනෙක්.

ඒ විදියට අයදුම්පත දාලා එහිදී මූලික වටයට මාව තේරුණා කියන ලිපිය ගෙදරට එනකම්ම මම දැනගෙහ හිටියෙ නෑ මෙහෙම දේකට අයදුම් කරලා කියලා.

මුලින්ම මම මේ සඳහා සහභාගි වෙන්න බෑ කියලත් ආයෙත් සහභාගි වුණේ.

එදා දවසෙ 170 අධික ප‍්‍රමාණයක් හිටියා. එහිදී පළමු වටයේදී බැලූවේ අපේ ස්වරූපය සහ ප‍්‍රියමනාප ගතිය. එතනින් පසුව අවුරුදු උත්සවය දවසේ උදේ සාමාන්‍ය ඇඳුමින් සැරසිලා එන්න කිව්වෙ. ඉතින් මට මතකයි ඒ දවසේ ඇඳලා ගියේ රතු ඩෙනිම් එකයි කලූ ටී ෂර්ට් එකයි. ඒ ඇවිල්ලා බලද්දි අනිත් හිටපු ගෑනු ළමයි හොඳ ලස්සනට ඇඳලා ඇවිල්ලා තිබුණා. මම මහ ලොකුවට ලෑස්ති වෙලා ගියෙත් නෑ. සාමාන්‍ය විදියට එන්න කියපු නිසා. ඒ දවසෙ එතනට ඇවිල්ලා හිටියෙ ඊළඟ වටයට තෝරගත්තු 50 දෙනෙක්.

එතනදි සාමාන්‍ය දැනීම ප‍්‍රශ්න ඇසීම් වටයක් තිබුණෙ.

එතනින් පසුව අවසාන වටය සඳහා 30ක් තෝරාගත්තා. ඒ සඳහා හමුදාපති ඇතුළු කිහිපදෙනෙක් තමයි හිටියෙ තෝරන්න. ලක්හඬ, ITN සහ පනාගොඩ කෑම්ප් එකත් සමග බද්ධව කරපු අවුරුදු උත්සවයක් තමයි ඒ.

මම අවුරුදු උත්සවයට සහභාගි වුණේ මගේ පවුලෙ අම්මයි, තාත්තයි, මාමයි එක්ක. ඉතින් රටපුරා ඉන්න අනිත් අවුරුදු කුමාරියන්ගේ පවුල්වල අයත් ඇවිල්ලා හිටියා. ඒ හැමෝම බලන් ඉද්දි මට ගොඩක් ලැජ්ජත් හිතුණා. ඒත් කොහොම හරි තරගයට සහභාගි වුණා.

අවුරුදු කුමාරි තරගය සඳහා මම ඇන්දෙ කහ පාටට හුරු මල් තියෙන කලූ රෙද්දයි කහපාට හැට්ටෙයි.

ඉතින් කොහොම හරි අවසාන වටේටත් තේරුණා. ඒ අතරින් අවසාන තිදෙනාගේ නම් කියත්දි මම හිතුවා මම 3ටවත් ඇති කියලා. ඒත් නෑ. 2 වැනි ස්ථානයටත් මගේ නම කිව්වෙ නෑ. ඉතින් මම හිතුවා මාව තේරිලා නැතිව ඇති කියලා.

ඒත් මගෙ අම්මා කියනවා ඇහෙනවා මගෙ නම. මට ඒ මොහොතෙ ලැජ්ජත් හිතුණා. මම නෙමෙයින් කියලා. ඉතින් මට හිතාගන්නවත් බැරි විදියට අවසානෙදි මගේ නම කිව්වා. ඇත්තටම මට හරි පුදුමයි. ඒ වගේම ගොඩක් සතුටුයි. මට තෑගි විදියට ලක්හඬ රේඩියෝ එකේ පුහුණුවෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක ලොකු භාග්‍යයක්. ඉතින් මම අවුරුද්දක් නිවේදිකාවක් ලෙස පුහුණු වුණා. එතනින් පසු අවරුද්දක් රූපවාහිනියේ නිෂ්පාදන කටයුතුවලට පුහුණුවෙන්න අවස්ථාව ලැබුණා. එතනින් පසුව තමයි හිමින් හිමින් කලා අංශයට යොමුවුණේ.

 

ධනු විජේරත්න /ඡායාරූප - අන්තර්ජාලයෙනි

 

sandalla

 



අදහස් (0)

තරග වදින්න බෑ කියලත් හිතුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 116 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 356 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 446 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 269 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38186 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site