IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තරංග (75) - තිලාන් (73) - තිසර (75)

තරංග පරණවිතාන(75), තිලාන් සමරවීර (73) සහ තිසර පෙරේරා(75) තිදෙනාගේ විශිෂ්ට පිති හරඹයන් නිසා පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 337 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 111 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය. ඊයේ සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ එකකට ලකුණු 27 ක් ලබා සිටි පාකිස්තානු පිලට වඩා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 84 ක් ඉදිරියෙන් සිටියේය. තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන දැවී යාමෙන් පසුව, පාකිස්තානු පිල ඉදිරියෙන් සිටියදීම ශී‍්‍ර ලංකා පිලේ හයවැනි කඩුල්ලත් බිඳ වැටුණ හෙයින් මුල් ඉනිමේදී ප‍්‍රමාණවත් වාසියක් ලබාගැනීම සම්බන්ධයෙන් තබා තිබූ ශී‍්‍ර ලංකා බලාපොරොත්තු සේදී යන බවක් දක්නට තිබිණ. එහෙත් එම බලාපොරොත්තු බිඳ වැටෙන්නට ඉඩ නොදුන් තිසර පෙරේරා සහ නුවන් කුලසේකර දෙදෙනා, 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩන`ගමින් තරගයේ ඉතාමත් වාසිදායක ස්ථානයකට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. තරගයෙන් අනතුරුව මාධ්‍ය නියෝජිතයන් ඇමතූ තරංග පරණවිතාන කීවේ මෙවන් තණතීරුවක ලකුණු 111 ක මුල් ඉනිමේ වාසියක් යනු විශාල වාසියක් බවත් නිසැක වශයෙන්ම මෙම තරගයේදී වාසිදායක තීරණයක් ලබාගැනීමේ ස්ථානයකට තමන් පැමිණ සිටින බවත්ය. තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර ඒ වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් පමණක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිතිකරුවන් තරගය ආරම්භ කළේ මහත් විචිකිච්ඡාවෙනි. සඳුදා දිනයම තණතීරුව සම්පූර්ණයෙන් වසා තිබුණ හෙයින් බොහෝ දෙනාගේ ආකල්පය වූයේ ඊයේ පෙරවරුවේදී තණතීරුවේ ඇති තෙතමනය සහ දින දෙකක් තිස්සේ වැවුණු තණකොළ නිසා පන්දුව දෝලනය විය හැකි බවයි. සැබවින්ම පන්දුවේ දෝලනයක් මෙන්ම හොඳ ඉපිළීමක් තිබුණ නමුත් දිවා ආහාරයට පෙර ඉතාමත් හොඳින් පන්දුවට මුහුණ දුන් පරණවිතාන සහ සමරවීර දෙදෙනා තම කඩුලූ රැකගනිමින් දිවා ආහාරය වන විට වඩාත් ආරක්‍ෂිත ලකුණු 143 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණෙමින් ජුනයිඞ් ඛාන්ගේ තියුණු දෝලනයට නොබියව මුහුණ දුන් සමරවීර නිසා පාකිස්තානුවන්ගේ සැලසුම් සියල්ලම වතුරේ ගියේය. විනාඩි 215 ක් තිස්සේ පාකිස්තානු පන්දු යවන්නන් අසහනයට පත්කරමින් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක් එක්කළ සමරවීර සහ පරණවිතාන දෙදෙනා, එම කාලය අතරතුරදී පන්දු 283 ක් බෙදා හදාගත්හ. දිවා ආහාරයෙන් පසුව කඩුලූ දෙකක් දවාගත් සයීඞ් අජ්මල්, පාකිස්තානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආ අතර තේ පානය වන විටත් කඩුලූ 6 කට ලකුණු 220 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල සිටියේ පාකිස්තානු පිලට පසුපසිනි. එහෙත් තේ පානයෙන් අනතුරුව, පාකිස්තානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගෙන බිම හෙ`ථෑ තිසර පෙරේරා, පිතිකරුවකු වශයෙන් තමන් සතු හැකියාව මොනවට ප‍්‍රදර්ශනය කරමින් පන්දු 86 කදී ලකුණු 75 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර තුනකින් සහ පන්දුව විදුලි වේගයෙන් හතරේ සීමාව කරා යැවූ අලංකාර පහර තුනකින්ද පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිටි සීමිත නරඹන්නන් කුල්මත් කරමිනි. පෙරේරාට විශිෂ්ට සහයෝගයක් දුන් නුවන් කුලසේකර පන්දුවට පහර දුන්නේ පන්දු යවන්නකුට පිතිකරුවකුගේ ලක්‍ෂණ විදහා පාමිනි. විනාඩි 79 ක් පුරා විහිදුණු කුලසේකරගේ ඉනිම මනස්කාන්ත හතරේ පහර 4 කින් සමන්විත විය. තරගය අද දිනයේත් පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

තරංග (75) - තිලාන් (73) - තිසර (75)

පුංචා Wednesday, 11 July 2012 12:13 PM

අ‍තේ තියෙන චාන්ස් එක...කොහොම හරි ගහමු..

:       0       0

යොහාන් Wednesday, 11 July 2012 12:48 PM

පිස්සුද පුංචා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 223 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1068 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3466 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2583 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4600 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site