පානදුර ජයා මාවතේ තීන්ත කම්හළේ කාන්දුවෙන් කම්හල අවට නිවෙස් අවට පවුල් 30ක් පමණ ඉවත් කිරීමට පියවර ගන්නා බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
ගෑස් සිලින්ඩරයක් හා නළයක් කාන්දුවෙන් තිනර් වාතයට කාන්දුවී ඇති බවත්, එම වාතය අග්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුව හට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මෙම කම්හලේ කාන්දුවෙන් සිය ගණනකට ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුව සොයා ගිය අපේ මාධ්‍යවේදී සිරි මහබෙල්ලනට කම්හලේ සිටි පිරිසක් තර්ජන ගර්ජන කළහ. පහර දෙන්නට උත්සාහ කළහ. ඔහුගේ කැමරාවට හානි කරන්නට තැත් කළහ. ඒ සියලු තාඩන පීඩන මැද්දේ ඔහු සිය රාජකාරිය උපරිම ලෙස ඉෂ්ට කරගැනීමට සමත් විය. මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරගැනීමට ඔහුට හැකිවිය.
(වීඩියෝ සිරි මහබෙල්ලන)
වීඩියෝ - බිමල් ශ්‍යාමන්
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තර්ජන ගර්ජන මැද්දේ එසැණ කැමරාව වැඩ
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 11:43 AM
ලොකු හස්තයක් ඔය කර්මාන්තෙටත් සම්බන්දයක් ඇති. ඔය වගේ ජනාකීර්ණ තැන් වල මනුස්ස්‍ය ශරීරයට අහිතකර දේවල් පටන් ගන්න ඉඩ සලස්සපු අය ගැන පළමුව විමර්සනයක් කල යුතුයි. පව් අසරණ මිනිස්සු. (කෞ)
ඇන්ටන් Tuesday, 22 December 2015 12:25 PM
එසැන පුවත් සේවයට අපේ ප්‍රණාමය (කෞ)
නිමල් ලාලිත Wednesday, 23 December 2015 02:35 AM
මුදලට නැත්නම් රැකියාවට මෙලෙස හැසිරුණු අයට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)
පූජා Tuesday, 22 December 2015 01:15 PM
රෝගීන්ට ඉකමන් සුවය ලැබේවා. ගෝඩ් බ්ලෙසස් (කෞ)
චමල් Tuesday, 22 December 2015 02:11 PM
සුමිත්‍රා, ලොකු හස්තයක් නෙමෙයි. මේක අපේ "වරයෙකු" ට අයත් ආයතනයක්. වටේම ඉන්නේ "වරු". එහෙ තියෙන්නේ වෙනම නීතියක්. මම ඒ ගමේ නිසා දන්නේ. පුරන් වෙච්ච වේලක් ගොඩ කරලා දාපු ෆැක්ටරියක් ඕක. (බ)
හැරි Tuesday, 22 December 2015 02:09 PM
ලස්සන නමක් තියෙන තීන්ත ගබඩාව (බ)
දිල්ෂාන් Tuesday, 22 December 2015 02:47 PM
ඔය කර්මාන්ත ශාලාවේ නම මොකක්ද? (කෞ)
නිසාර් Tuesday, 22 December 2015 03:43 PM
එහෙනම් ඔය කර්මාන්තශාලාව වසාදැමිය යුතුයි. (කෞ)
අතුල Tuesday, 22 December 2015 04:46 PM
ලංකාවේ අනුන්ට ජාති වාදීන් කියා කියා බේගල් ඇද බාල කරන තරමක් ජරා වැඩ කරන කොට්ටාශයක් ඉන්නවා කියල කව්ව්රුත් දැන ගත්තොත් හොඳා! (ස)
අජිත් Tuesday, 22 December 2015 09:20 AM
කර්මාන්ත පුර තියෙනකොට ගෙවල් අස්සේ මේවා කරන්ඩ කව්ද ඉඩ දෙන්නේ? චීනෙන් ඉගෙන ගත්තම ඕක තම වෙන්නේ. යුරෝපේ පිළිවෙලකට මේවා හදාගත්ත නිසානේ එහෙන් ඕව වාර්තා වෙන්නේ නැත්තේ. (ර)
හේවා Tuesday, 22 December 2015 05:53 PM
මම නම් කියන්නේ පවුල් නෙමෙයි ඉවත් කරන්න ඕනෑ, කම්හලයි. (නි)
හේසාන් Tuesday, 22 December 2015 05:56 PM
ඔබ සැබෑ නිර්භීත මාධ්‍යවේදියෙක් (නි)
අනුර Tuesday, 22 December 2015 09:39 AM
ඉපදුනේ ආසියාවේ උනත් යුරෝප ඉන්න අය ඉන්න එකම රට අපේ රට සපත්තු පොලිෂ් ගේන්නේ නම් චීනයෙන්. (ර)
තරංග Tuesday, 22 December 2015 05:52 PM
මාධ්‍යවේදියාට අපේ ප්‍රණාමය! (නි)
නිමල්ලලිත Tuesday, 22 December 2015 10:03 AM
සමහරවිට වන්දිය කියල සොච්චමක් ගෙවාවී. වන්දි ගෙවන්නේ දුප්පත් අහිසක මිනිස්සු. හෝටල් වලට, සල්ලි ගෙවා ඉවත්කරන දින කිහිපය ගෙවන්න මුදල් ඔවුන්ට නැහැනේ. හරි නම් විය යුත්තේ නැවත මෙම ස්ථානයේ කම්හල පටන් ගැනීමට ඉඩ නොතැබිම. (ර)
අශෝක Tuesday, 22 December 2015 06:26 PM
මේ සියල්ල වසාදැම්මොත් මොනවා වෙයිද? (නි)
නිධන් ලක්ෂ්මන් Tuesday, 22 December 2015 10:11 AM
පොලිසියට පැමිණිලි කරන්න. සි සි ටි වී කැමරාවල සේරම ඇති. (ර)
රුවන් Tuesday, 22 December 2015 10:29 AM
ඕනෙම හොඳ දෙයකට හොඳයි කියන්නයි නරක දෙයකට නරකයි කියන්න මොකටද බය වෙන්නේ. (ර)
අංගොඩ ලාල් Tuesday, 22 December 2015 10:42 AM
රසායනික ද්‍රව්‍ය පාවිච්චිවෙන කර්මාන්තශාලා සාමාන්‍ය ගෙවල් අතර තිබීමත් ගෙවල් අස්සේ කර්මාන්තශාලා තිබීමත් දෙකම වැරදියි. අනතුරක් වුනාට පස්සේ විමර්ශනය කිරීම තමයි හැමදාම මේ රටේ සිද්ධවෙන්නේ . ඇමතිවරු නම් කප්පරක් ඉන්නවා , හැබැයි කිසි වැඩක් නැහැ . අවශ්‍ය දේ කරන්න වගකීමක් ගන්න කව්රුත් නැහැ . (ර)
තිස්ස Tuesday, 22 December 2015 10:57 AM
බෙල්ලන බෙල්ල ගියත් වැඩේ අකුරට කරනවා ....ඔබට ජයසිරිමා බෝසමිදු රැකවරණය ලැබේවා...!!! (කෞ)