(ශාන්ත චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)
දිඹුල - පතන ඩෙවෝන්දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී තරුණියක අතුරුදහන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
තරුණියන් හතර දෙනකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණ දිය ඇල්ලේ ඉහල කොටසට ගොස් ඇති බවත් ඉන් පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් එම තරුණියන් පිරිස කකුල් සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී තිබේ.
දිය ඇල්ලෙන් පහලට වැටීමෙන් අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
මීටර් 97 ක උසකින් යුත් ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් බවත් මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමේ පවතින බව පතන ප්‍රදේශවාසීන් කියති.
පහලට ඇඳ වැටීමෙන් අතුරුදහන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින් යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය භට පිරිස්වල සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබිණි.
(ඡායාරූප රංජිත් රාජපකෂ)
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තරුණියක් මීටර් 97 උස ඩෙවෝන් ඇල්ලෙන් පහළට
kapila Sunday, 18 July 2021 05:04 PM
වතුර අඩු කාලෙකදීවත් ඔය ඇල්ල මුදුනේ පා සේදීම භයානකයි. මේ මිනිසුන් මේ තරම් මෝඩ ඇයි?
nimoSunday, 18 July 2021 07:31 PM
අපේ අයට ඔලුව තියෙන්නේ විලාසිතාවන් පෙන්වන්නනේ..
NihalSunday, 18 July 2021 08:50 PM
හරිම කණගාටුයි.
බද්රානි Monday, 19 July 2021 12:23 AM
සමාජ සම්මතයට අදාළ නොවුණත්, තුප්පහින් ගේ ග්‍රහණයට හසු වුණු නුඹ වැනි කාන්තාවකට ඇති දිරිය කොහෙන්ද අප වැනි සාමාන්‍ය ගැහැණුන්ට? ඇත්තම කියනවා නම්, ලංකාවේ පිරිමි කියන්නේ තනිකරම තිරිසන්නු. කරුමෙට ඉපදුණාට මේ තිරිසන්නු එක්ක ජීවත් වෙනවාට වඩා මරණය කොතරම් සුන්දර විය හැකිද?