(ඩී.ජී.සුගතපාල)
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමග මගින්ගේ තෙරපිමත් සමග පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇදවැටි ඇති බවය.
දුම්රිය නතර කිරිමත් සමග එහි සිටි පිරිස ඔහු දුම්රිය වේදිකාවට ගෙන ඇතත් ඒ වනවිට ඔහුගේ පාද දෙකම සම්පුර්ණයෙන්ම වෙන්වි තිබින.පසුව 1990 ගිලන් රියකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන ලදී.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුණයාගේ කකුල් දෙක දුම්රිය උදුරගනී
Samitha S. Aluthgamage Tuesday, 11 April 2023 09:42 PM
මේ රටේ දුම්රිය සේවය කිසි කමකට නැහැ.මගීන්ට දුම්රියේ හිටගෙන යන්නවත් බැහැ.මේ රටේ නීතිය අනුව ගවයන් ප්‍රවාහනයේදීත්,එම සතුන්ට හිංසා වෙන ආකාරයට ප්‍රවාහනය තහනම්.මරන්නට ගෙනියන සතුන්ට තියෙන නිදහස හෝ දුම්රිය මගීන්ට නැහැ.ඒ වගේම,හැමදාම දුම්රිය පීලි පනිනවා.තාමත් තියෙන්නේ, සුද්දන්ගේ කාලේ ගෙන්වූ දුම්රිය මැදිරි.හොඳටම කසිකබල් වෙලා.මේ යල්පැන ගිය පෙට්ටි ඉවත්කොට මගීන්ට හොඳ පහසුකම් සපයන්න ලංකා රජයට හෝ දුම්රිය දෙපාර්තේන්තුවට බැහැ.වැඩිපුර දුම්රිය ධාවනයේ යෙදවීමට දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් නැහැ.කෙටියෙන් කිවහොත්,මේ දුම්රිය සේවය තවදුරටත් මේ රටට සේවයක් නොවෙයි.පිටරට හොඳ සමාගමක් වෙත මෙය විකුණා දැමීම වරදක් නොවේ. එසේ වුවහොත්,ඒ මිනිසුන් ඒ රටවල මෙන් හොඳ දුම්රිය සේවයක් අපටත් ලබාදේවි.දුම්රිය සේවකයන්ගේ හෝ රජයේ හෝ වූර්ථීය සමිති කාරයන්ගේ පැවැත්මට වඩා දුම්රිය මගීන්ට අවශ්‍ය වනුයේ,පහසුවෙන් ගමන් බිමන් යාහැකි දුම්රිය සේවයකි.
DhamithWednesday, 12 April 2023 09:12 AM
අනිවාර්යෙන්. මේක නිකන් යුරෝපේ එක්දාස් අටසිය ගණන්වල සේවයක් වගේ. එන එන දේශපාලුවන් මේකට සේවකයින් පුරවනවා.. තමන්ට ඡන්දෙට වැඩ කරපු අයගෙන්. මේකෙ සේවකයෝ ඕ.ටී. දාලා ගෙදර ගිහින් නිදියනවා. ලක්ෂයකට වඩා පඩි ගන්නවා... සුලු සේවකයෝත්... කමක් නෑ. ඒත් වැඩක් නොකර පඩිගන්න එකයි ප්‍රශ්නේ... කෝච්චිය ගත්තු දවසේ ඉඳලාම හෝදන්නේ නෑ. වීදුරු වලින් එලිය පේන්නේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ දූවිලි පිහිදන්නේ ඉදලෙන්... හොඳ ඇඳුමක් ඇඳන් නම් ගමනක් යන්න බෑ...
Nimal Shantha Thursday, 20 April 2023 06:30 AM
මේවගේ අනතුරු දුම්රිය දෙපාර්තමේන්තුව වරදින් සිදුවෙනවා නම්....එයට විරුද්ධව වන්දි නඩුවක් දාන්න ඕන.,.. කිසිම සැලකිල්ලක් නෑ මගීන් ගැන... සමහර දුම්රියන් වැස්සට තෙමෙනවා.... නමුත් දුම්රිය ගාස්තු ලොකු ගානකින් වැඩි ක.ලා..
Senaka Wednesday, 12 April 2023 09:05 AM
වෙන රටවල්වල දුම්රිය මැදිරියයි, වේදිකාවයි එකම මට්ටමේ තියෙන්නේ... මිනිහෙක් තියා පූසෙක්ටවත් වැටෙන්න ඉඩක් නෑ. ලංකාවේ ඒ පරතරේ අඩියක් විතර තියෙනවා. අනිත් එක පඩි නැගලා ඕන වේදිකාවට ගොඩවෙන්න. මේවා ඉක්මනට හදන්න ඕන දේවල්... අනිත් එක මැදිරියකට නගින්න ගියාම මිනිස්සු පෙරලගෙන නගින්න එන්නේ... පෝලිමක් හදවලා ඒ පිළිවෙලට නගින්න හදවන්න ඕනෑ.
Athula Wednesday, 12 April 2023 02:31 PM
තව කී දෙනෙක් බිල්ලට දෙනවාද? බලධාරින්ගේ ඇස් ඇරේවා...!
sugathWednesday, 12 April 2023 06:52 PM
පා පුවරුවේ ගමන අවදානම් බව දුම්රිය මගීන්ට අවබෝධ වෙත්වා!
ලංකාපුත්‍ර Thursday, 13 April 2023 07:16 AM
කල්පනා ශක්තියක් නැතුව නිර්මාණ හැකියාවක් නැත්නම් ඇස් තිබුනා කියලා වැඩක් නැහැ ඕවායේ ඉන්න වැඩිම පිරිසක් දේශපාලන අතකොලු උන්දැලා බලන්නෙ තමාත් කුස පුරවාගෙන යාලු පාලුවත් සතුටු කරන්න හැකිවෙන්නෙ කොහොමද කියලා තමයි.
Thushi Thursday, 20 April 2023 09:28 AM
දුම්රිය සේවය වෙනදාටත් වඩා සවුත්තුය. විමසුම් අංශයෙන් වැඩක්ම නැත....ඔවුන් බලන්නේවත් නැතිව නිකම්ම නිකන් ඉඳගෙන බලන් ඉන්නවා