(පාලිත ආරියවංශ)
ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.
2004 මැයි 29 වන දින ගලහගමදී වාද්දුව ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23 වියේ පසුවූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13ට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
7 වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතර තුර මියගොස් ඇති බවද 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගතවී සිටින බවද නඩු විභාගයේ දී අනාවරණය විය.
මරණ දඩුවම හිමිවූ වදරකරුවන් 11 දෙනා මෙසේය.
රෝහන ජගත්, ගයාන් චමින්ද, පී.ඒ.නන්දකුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩව්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික(විදේශගතව,) මංජුල රත්නායක යන අයයි.
ඒ අනුව ක්‍රියත්මක වූ පොලිසිය විසින් එදිනම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.
මරණකරුගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.
වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොනු පිටු 75කින් සමන්විත වීමද විශේෂත්වයකි.
රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට