IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තරුණියගේ හොඳට නරකට දෙකටම Fashion බලපානවා

2016-07-15-ent-21

දෙරණ මිස් ශ්‍රී ලංකා 2015 තරගයේදී සිය නිරූපණ හැකියාවන් දියුණු කරගනිමින් සිටින ඇය, කලා විශ්වවිද්‍යාලයේ නර්තනය පිළිබඳව උපාධියක් හදාරමින් සිටින්නීය. තමන්ට ලැබෙන විවේකයේදී නිරූපණ කටයුතු කරන ඇය, නිලූෂි පවන්‍යාය. ඇගේ ඉදිරි කලාකටයුතු පිළිබඳව %සාරවිට^ සමගින් මෙලෙස දොඩමළු වූවාය.

 

ඔයාගේ පෞද්ගලික තොරතුරු ගැන සඳහන් කළොත්?

2016-07-15-ent-17මගේ ගෙවල් හලාවත. දැන් ඉන්නේ පිළියන්දල කලා විශ්වවිද්‍යාලයේ නර්තනය පිළිබඳව තාම ඉගෙන ගැනීම් කටයුතු කරනවා. ඊට අමතරව නිරූපණයත් කරනවා. 2015 Derana Miss Sri Lanka for Earth තරගයට ගියා. ඒකේ අන්තිම දොළහ සඳහා පෙනී සිටීම අවස්ථාව උදාවුණා. ඒකේ මිනි පැජන්ට් එකක් දිනා ගැනීමට අවස්ථාවක් උදාවුණා.

 

නිරූපණයට එකතු වුණේ කොයිකාලයේද?

ගිය අවුරුද්දේ. දෙරණ පැජන්ට් එකට කලින් 2009 වර්ෂයේ සිරිකත අයි පබා කුමරිය වුණා. 2010 අයි.ටී.එන් අවුරුදු කුමරිය තුන්වැනි ස්ථානය හිමිකර ගත්තා. 2011 වර්ෂයේ මිස් සෙලින්කෝ වී.අයි.පී එකේ වයඹ පළාතේ දෙවැනි ස්ථානයද, ඊට පස්සෙ අවසන් තරගයේ දොළොස් දෙනා අතරටද ආවා. 2015 දෙරණ මිස් ශ්‍රී ලංකා තමයි මගේ අවසාන පැජන්ට් එක වුණේ. මම මොඩලින් කරන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. අනික් සේරම පැජන්ට්වලට දායක වුණා විතරයි. ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ.

 

ඉගෙන ගැනීමේ කටයුතුවලින් ඉදිරියට යනවාද?

එහෙමත් නැති නම් නිරූපණය වෘත්තීය විදිහට කරන්න හිතනවාද? මම නිරූපණය කරන්නෙ ඉගෙන ගන්න ගමන්නේ. මම මොඩලින් කරන්න ආසයි. මම ඉගෙන ගෙන නෙමෙයි නිරූපණය කරන්න ගත්තේ. ඉතිං මම නිරූපණය ගැන ඉගෙන ගන්න බ්‍රයන්ගෙන් පටන් අරන්, නැවතුණේ නිලූ අක්කි ගාවයි. ඉතිං ඉස්සරහට ලොකු වෙනසක් කරන්න බලාගෙන ඉන්නවා.

 

එතකොට වෘත්තීය වෙන්නේ මොකක්ද?

නිරූපණය කරන්නේ වෘත්තීයක් විදිහට නෙමෙයි. මම ඉගෙන ගන්න ගමන් ආසාවට කරන දෙයක්. හම්බ කරන්න බලාගෙන නිරූපණය කරන්නේ නැහැ. ‍

 

කුඩා කාලයේ කාගෙත් සිහින රැකියාවක් තියෙනවා නේද?

ඔව්, පොඩි කාලේ ආස වුණේ ගුරුවරියක් වෙන්නයි. මම කවදාකවත් හිතුවෙ නැහැ නිරූපිකාවක් වෙයි කියලා. ඒදේ වෙනස් වුණා.

 

නිරූපිකාවක් වුණාම විලාසිතාවන්, පෙනුම ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා නේද?

ඔව්, ෆැෂන් කියනදේ ට්‍රෙන්ඩ් එකක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැමදාම එක විදිහට තියෙන්නෙ නැහැ. තරුණියකට නරකට හෝ හොඳට බලපාන දෙයක් තමයි ෆැෂන් කියන දේ. ඊට අමතරව එයා කතාකරන විදිහ පිළිබඳව හැසිරෙන විදිහ ගැන වැඩිපුර හිතන්න වෙනවා. විශේෂයෙන්ම නිරූපිකාවක් වුණාම එයා භාවිත කරන දේවල් ගැන පවා බොහෝ දෙනා අවධානයෙන් ඉන්නවා. ඒ නිසා හැමදේම තැනට අනුව කරන්න.

 

ලංකාවේ තිබෙන සංස්කෘතිය කියන රාමුව තුළ නිරූපිකාවක් ලෙස කටයුතු කරන එක පහසුද?

ඒක පහසු කාර්යයක් නෙමෙයි. ලංකාව තුළ නිරූපණය කරන්න අමාරුයි. ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවක් කිව්වාම ඒ අයට විශේෂ තැනක් තියෙනවා. ඒ අයට තමන්ගේ රටේ අය ගරු කරනවා සහ ඒ අයට තැනක් ලැබෙනවා. ලංකාවේ නිරූපිකාවක් කිව්වා තුන්වැනි තත්ත්වය දාලයි කතා කරන්නේ. ඒ නිසා ඇඳුම් පිළිබඳ සහ හැසිරීම් පිළිබඳව අපේ සංස්කෘතිය ඇතුළෙ බොහෝ විට හිතන්න වෙනවා. නිරූපණය කරන අයට සංස්කෘතිය සහ මිනිස්සුන්ගේ සිතුවිලි මගින් යම්කිසි බාධාවක් වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද


2016-07-15-ent-22
2016-07-15-ent-20
2016-07-15-ent-19
2016-07-15-ent-18
2016-07-15-ent-16
2016-07-15-ent-15
2016-07-15-ent-14
2016-07-15-ent-13
2016-07-15-ent-12

 



අදහස් (0)

තරුණියගේ හොඳට නරකට දෙකටම Fashion බලපානවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 213 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1244 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2436 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6983 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site