IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තරුණියට ගැසුවාට තරුණයා ගුටි කයි

ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමුවේදී පිරිසක් පහරදී ඇතැයි කියති.

ඔහුව වටකරගත් තරුණයන් පිරිසක් මෙසේ ඔහුට පහරදී ඇති අතර ඔහුගේ එක් ඇසක් ඉදිමී දැඩිලෙස තුවාල වී තිබිණි.

අදාළ තරුණිය මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සිදුවීම ගිය වසරේ සිදුවූ එකක් බවත් ඇය දැන් පහරදුන් පුද්ගලයා සමග විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන්ද සිටින බවයි.

මෙම වීඩියෝව මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් තමන් අපහසුතාවයට පත්වූ බවත් ඇය කීවාය.



අදහස් (0)

තරුණියට ගැසුවාට තරුණයා ගුටි කයි

ගුණවතී Sunday, 11 October 2015 07:19 AM

චතු තමයි හරකා. කෙල්ලන්ට ගහන්න නීතියෙන් තහනම් (බ)

:       0       0

ගාමිණී Wednesday, 07 October 2015 01:06 AM

වැරදි ආදර්ශයක්. කාන්තා හිංසනය සාධාරණද? (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Sunday, 04 October 2015 01:25 PM

ගුටි කාලා මැරෙන්න හදන කෙල්ලෙක් (බ)

:       0       0

අමිල Monday, 05 October 2015 07:40 AM

ලසන්ත ,එතකොට මීටපස්සේ තරුණියකට තරුණයෙක් අමානුෂික විදියට පහරදෙනවා දැක්කහම අනික් මිනිස්සු අහක බලාගෙන යන්න ඕනෑද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 October 2015 01:33 PM

කතා දෙකක් නැහැ මේ පහර දීම ඉතාම අමානුෂිකයි , හැබැයි සමහර මිනිස්සු රණ්ඩු කරලා ගහල බැනල උත්සාහ කරන්නේ ආදරේට නේද කියල වෙලාවකට හිතෙනවා . මොනවා වුනත් පොලොසියත් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් නොගත්ත එකේ මේ කොල්ලා පහර දීපු මීගමු නගරන් කාරයන්ටනම් අධිකරණයට යන්න වෙනවා (බ)

:       0       0

කරුණාරත්න Wednesday, 07 October 2015 01:50 AM

ගස් බැඳලා ගහපු සිද්ධිය මතක්වුණා (නි)

:       0       0

අනුර Wednesday, 07 October 2015 02:09 AM

නීතියෙන් දඩුවම් දෙන්නේ නැත්නම් මේ කොල්ලට දීපු දඬුවම හොඳයි. (නි)

:       0       0

ලසන්ත ජයවර්දන Monday, 05 October 2015 07:55 AM

අමිල මට හිතෙන්නේ වලිගය පාගාගෙන වගේ. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න. (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 08:11 AM

රටේ ප්‍රධාන ප්‍රශ්නයක් (නි)

:       0       0

විජයසිරි Tuesday, 13 October 2015 07:48 PM

කලින් වුණ සිදුවීමත් අමානුෂිකයි. දැන් වෙලා තියෙන අලුත් සිදුවීමත් අමානුෂිකයි. අනික මේ ගහපු මිනිස්සුත් හොඳ මිනිස්සුද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.වැරදි දෙකක් හරි එකක් වෙන්නේ නැහැ කියනවනේ නේද? (නි)

:       0       0

නලීන් Monday, 05 October 2015 06:36 PM

මම නම් කියන්නේ,යහළුවා එක්ක ගහපු එකත් මෝඩයි.ගුටිකාපු ඇයත් මෝඩයි. අදහස් දාන නුඹලා අපි සේරමත් මෝඩයි.......! (නි)

:       0       0

විජයබාහු Monday, 05 October 2015 08:52 AM

මිනිසුන්ගේ කෝපය සාධාරනයි. හැබැයි මේ ගැහැණු ළමයා ගැන නම් හිතාගන්න අමාරුයි. තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්නකොට මීටවඩා හිතලා ගන්න ඕනෑ (නි)

:       0       0

ෆයාස් Wednesday, 07 October 2015 10:50 PM

මිනිස්සුන් මිනිස්සුන්ට දඬුවම් කරන්න එක සාදරණද ? රටේ නීතියෙන් කරන්න තියන දෙවල් මිනිස්සු කරනවට ඉඩදෙන්න බැහැ. (ර)

:       0       0

පුබුදු Monday, 05 October 2015 08:52 AM

දිගටම ගැහැණු ළමයාට ගුටිකන්න වෙයිද? (නි)

:       0       0

අවන්ත Sunday, 04 October 2015 07:02 PM

මිනිසුන්ගේ කෝපය සාධාරණයි (නි)

:       0       0

යාපා Sunday, 04 October 2015 07:21 PM

දැන් මේකටත් තරුණියට ගහයිද දන්නෙ නැහැ මේ තරුණයා? (නි)

:       0       0

සිරි Sunday, 04 October 2015 08:03 PM

අම්මා තාත්තාට හදන්න බැරි අය රටේ ලෝකේ මිනිසුන්ගෙන් හරි හැදෙන්න ඕනෑ (නි) .

:       0       0

චංචි Monday, 05 October 2015 09:11 PM

දුව , ඔය තරුණයාව බඳින්න කලින් හොඳට හිතලා බලන්න. ඔහොම චරිත කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. ඔයා මොන වැරැද්දක් කරලා තිබ්බත් ඔහුට බැහැ ඔයාට එහෙම ගහන්න. බැන්දොත් වෙන්නෙ මුලු ජීවිත කාලයම දුක්වන්නයි. (නි)

:       0       0

අමිල Monday, 05 October 2015 09:34 AM

ලසන්ත ඔයත් ඔයාගේ නෝනට පහර දෙනවා නේද? (බ)

:       0       0

මෝදිත Tuesday, 06 October 2015 12:18 AM

බඳින්නත් පෙර ඔය විදියට ගියා නම් පසුවට කොහොම වේවිද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 06 October 2015 12:47 AM

කාන්තාවකට පහරදීම අමානුෂික ක්‍රියාවක්. එවැනි සිදුවීම් හෙළාදැකිය යුතුයි. (නි)

:       0       0

මැටිපහන Monday, 05 October 2015 10:13 AM

ලසන්ත, ඔයා කිව්වේ ගොන් කතාවක් කියල අනිත් අයට තේරුනාට ඔයාට තේරෙන්නේ නෑ නේද? අනිත් අයට මම මේ කියන්නේ, ලසන්තට පහදලා දෙන්න යන එක තේරුමක් නැති වැඩක්. එයා හැදිලා ඉවරයි, මේ වගේ ඒවා තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි එයා ඉන්නේ. (අ)

:       0       0

කවින්ද Tuesday, 06 October 2015 01:10 AM

ඇති ඔයින් බේරුනා (නි)

:       0       0

ජයතිලක Tuesday, 06 October 2015 01:31 AM

මම අද උදේ මගේ බිරිඳත් එක්ක රණ්ඩුවක් දාගත්තා. හැබැයි පැයක් යන්න කලින් අපි දෙන්නගෙන් කවුරුහරි කතාකරනවා (නි)

:       0       0

ගීතා Friday, 09 October 2015 02:06 AM

හිතාගන්න බැහැ, මේ විදියේ පිරිමින්ට කැමතිවෙන ගැහැණුත් ඉන්නවද? (නි)

:       0       0

විදුර අබේනායක Monday, 05 October 2015 10:47 AM

අමිල මහත්තයෝ අනික් අයගේ නෝනලා ගැන හෙවිල්ල නවත්වල ඔයාගේ නෝනා ගැන හෙව්වනම් වටිනවා. මොකද අන්තිමට ඔයාට ඔයාගේ නෝනව අමතක වෙයි (අ)

:       0       0

බණ්ඩා Wednesday, 07 October 2015 09:35 AM

හරියටම හරි, ගෑහැනුන්ට ගහන චණ්ඩින්ට. (ර)

:       0       0

ලසන්ත ජයවර්දන Monday, 05 October 2015 03:21 AM

මේක පෙම්වතුන් අතර තිබෙන ප්‍රශ්නයක්. පෙම්වතුන් අතර ඔයවගේ දේවල් වෙනවා. සමහරවිට මෙසේ ගුටි කෑම, මේ ගැහැණු ළමයට ප්‍රශ්නයක් නොවෙන්න ඇති. ඉන් පස්සේ ඇය විවාහ ගිවිසහන්න යන්නෙත් මොහුත් එක්ක. එහෙනම් අනිත් අය මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කරගැනීම අවශ්‍ය නැහැ. තමන්ගේ දේ ගැන පමණක් සොයන්න අනුන්ගේ දේ ගැන නොසොයන්න. තමන් කළ නොකළ දේ ගැන පමණක් සොයන්න. අනුන් කළ නොකළ දේ ගැන නොසොයන්න. මේ බුදු වදනයි! (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 05 October 2015 03:22 AM

රටේ නීතිය තදට තිබුනා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

අංජන Monday, 05 October 2015 11:22 AM

අපේ සමාජයේ ගොඩක් දේවල් වෙනස් වියයුතුයි. (නි)

:       0       0

සිල්වි Monday, 05 October 2015 11:22 AM

ඔය ගැහැණු ළමයා වැටෙන විදිහට එතන ගලක් හරි අර පුවක් ගහේ ඔලුව හරි වැදුනා නම් අද අපි බලන්නේ ඔය ප්‍රවෘත්තිය නෙමෙයි (නි)

:       0       0

ඉමේෂ් Monday, 05 October 2015 03:54 AM

ගහපු එකට මම නම් සතුටුයි (නි)

:       0       0

රොහාන් Tuesday, 06 October 2015 09:32 AM

මේකේ ප‍්‍රතිචාර ලියන උදවිය තේරුම් අරගෙන නැහැ ආදරය කියන්නේ මොකක්ද කියල ආදරය බොහොම සුන්දර අත්දැකීමක් මෙහෙම ගහමරාගන්නේ නැහැ අාරේ කරන අය. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 06 October 2015 05:14 PM

ලඳුන් ලොවට දායාද කර තිබෙන්නේ පිරිමින්ගේ ආදරය සෙනෙහස නොඅඩුව විඳිමින් ආරක්ෂා බලාපොරොත්තුව මිසක් ඔවුන්ගෙන් ගුටිකන්න නොවේ. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මෙම රටවල් දැඩි නීති සම්පාදනය කර තිබෙනවා.එමනිසා එම තරුණියන් මෙම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉතාම සතුටින් ඉන්නවා.මෙම දර්ශනය දුටුගමන් මට එය කෙළින් බලා ඉන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ. අහිංසක මල් වලට තලන්නේ නැතුව සෙනෙහසින් වැළඳගෙන ආදරය සෙනෙහස දක්වන්න (නි)

:       0       0

ඉනෝකා Friday, 09 October 2015 09:55 AM

චතු, ඒක වෙන්න ඇති අපේ රට තාමත් තුන් වැන්නෙම ඉන්නේ. වටිනා කාලය රටට වැඩක් වෙන දෙයක් කරන්න බැරිද මේ මිනිසුන්ට..? (ර)

:       0       0

සේන Sunday, 04 October 2015 09:21 AM

මේ විදිහට නීතිය අතට ගැනීමට ඉඩ නොදිය යුතුයි.(ම)

:       0       0

ධම්ම Sunday, 04 October 2015 09:34 AM

උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුව ඇතුළත් ගුටි ඇණගන්න රටේ මේවා මොනවද.(ම)

:       0       0

විභූති Monday, 05 October 2015 12:38 PM

අයියෝ! මේ ගුටිකෙළිය කොහෙන් නතරවෙයිද මන්දා? (නි)

:       0       0

අංජන Monday, 05 October 2015 12:46 PM

මම කියන්නේ හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි.කිසියම් කෙනෙකුට ශාරීරිකව පහරදීම නීතියෙන් දඬුවම් ලැබියයුතු වරදක්. (නි)

:       0       0

චින්තක Tuesday, 06 October 2015 04:52 AM

බිම වැටෙන්න ගහන්න තරම් ඒවා පෙම්වතුන් අතර වෙන සාමාන්‍ය දේවල් ද ? ඔය මිනිහ ආදරේ කරන කාලේ ඔහොම ගැහුවා නම් බැඳලා මස 2 - 3 කින් මැරෙන්න ගහයි. එදා උනත් පොල් ගහේ ඔලුව වැදුන නම් මිනිහ මිනි මරුවෙක් වෙනවා. (ස)

:       0       0

රුපාවති Sunday, 04 October 2015 11:22 AM

ළමයෝ දෙපාරක් සිතන්න ..!ආදරය කියන්නේ අදුරේදී පෙනෙන ..ආලෝකෙට හදුනා ගන්න අපහසු වස්තුවක් හා සමානයි..? විවාහ වෙලා දෙමාපියෙකුගේ ආදරය අහිමි දරුවෙකු මේ ලොවට බිහි නොකර ඉදිරිය ගැන සිතන්න..? (ම)

:       0       0

ගෞරියෙල් Monday, 05 October 2015 01:00 PM

මේ ප්‍රශ්නය ඔවුන්ට නීති මාර්ගයෙන් බේරාගන්න තිබුණා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 06 October 2015 05:21 AM

චින්තක.ඔබ හරි.මම ද කියන කෙනෙකුත් ඔවැනි කෙනෙක් කසාද බැදලා අද විදවනවා.වැඩි හරියක් ඉන්නේ ඉස්පිරිතාලයේ. (බ)

:       0       0

සමන් Sunday, 04 October 2015 12:29 PM

එ්ක හරි නීතිය අතට ගත්ත එවුන්ට ඔය විදියට නීතියෙන් පිට දඬුවම් දෙන්න ඕන අත පය කැඩුවනම් හරි (බ)

:       0       0

චතු Friday, 09 October 2015 05:19 AM

මේක වීඩියෝ කරපු හරකා මොකාද දන්නේ නැ.තමන්ගේ පවුලේ පෞද්ගලික දේවලුත් වීඩියෝ කරන හරක් ඉන්න රටක් මේක. ඒ කෙල්ලත් කැමැත්තෙන්ම එතන්ටවෙලා ඉන්නවා ගුටි කාකා.පැනල දුවන් නැතුව. මහා පිස්සෝ ඉන්න රටක් මේක . ගෙවල්වල රන්ඩු වෙන්න නැද්ද ගැණු මිනිස්සු එහනම් ඒ රන්ඩුවෙන ඒවත් වීඩියෝ කරලා දැම්මනම් එහම කොහොම තියේද රට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1140 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1672 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1208 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1285 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1874 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 761 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site