IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තොරණ කඩා වැටී දොස්තරට බරපතලයි

කුරුණෑගල  බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන්  ඉදි කළ තොරණ  කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා බරපතල තුවාල ලැබීය.

වෛද්‍යවරයාගේ සුසුම්නාව බිඳී ඇතැයි ද  ඔහු අද (13) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

තොරණ කඩා වැටීමෙන් ත්‍රිරෝද රියක් ද පොඩිපට්ටම් විය.

 



අදහස් (0)

තොරණ කඩා වැටී දොස්තරට බරපතලයි

රවී - ඕමාන් Monday, 13 October 2014 10:11 AM

වෙදැදුරන්ට ඉක්මන් සුවය ලැබේවා! ජීවිත කීයක් ගොඩ දැමු උත්තමයෙක්ද? (නි)

:       0       0

මහික Monday, 13 October 2014 10:14 AM

ඉක්මන් සුවය පතමි. (හේ)

:       0       0

පාලිත Monday, 13 October 2014 10:15 AM

වෛද්‍යතුමන්ට ඉක්මන් සුව පතනවා.(හේ)

:       0       0

නලීන් Tuesday, 14 October 2014 01:57 AM

දයාරත්න මහත්තයටත් පෙර කළ කර්මයමද ඔය පළදීගෙන යන්නේ? (නි)

:       0       0

බුද්ධි Monday, 13 October 2014 10:42 AM

ඔබට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

භානු Monday, 13 October 2014 10:48 AM

මේවා හොඳ පාඩම් උත්සව සංවිධානය කරන උදවියට. වැඩේ භාරගත්ත කට්ටිය සමහරවිට ලාබෙට අටවලා යන්න ඇති. දොස්තර මහතාට ඉකමන් සුවය පතමි. (නි)

:       0       0

සත්‍යපාල Monday, 13 October 2014 10:51 AM

දයාරත්න, මෝඩයෙක් වගේ කතාකරන්න එපා. පෙර කළ පව්වලට නොවෙයි ඕවා සිද්ධවෙන්නේ. නොසැළකිල්ලයි නොදැනුවත්කමයි නිසා තමයි ඕවා වෙන්නේ. වැඩේ කරන්න දන්නා අයකුගේ උපදෙස් ගත්තානම් මෙහෙමෙ විපතක් වෙන්නේ නැහැ. මේක කළ අයට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගතයුතුයි. (නි)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 02:21 PM

පෙර කළ පව් වලට ඔය දේ වෙන්න ඇත්තේ.(හේ)

:       0       0

ජිලාන් Monday, 13 October 2014 10:57 AM

මේක කඩාගෙන වැටෙන්න තිබුනේ තුන් ලෝකයටම වැඩක් නැති දේශපාලුවෙකුගේ කොන්ද උඩට. (නි)

:       0       0

කුමාර් Monday, 13 October 2014 10:57 AM

දයාරත්න, මොන පෙර කළ පව්ද? නිසි ප්‍රමිතියක් නැතුව කළ වැඩක්. වටිනා ජීවිතයක් අසරණ වුණා (නි)

:       0       0

සිරිමෙවන් Tuesday, 14 October 2014 03:43 AM

රොකි, තොරණ් ගහලා තියෙන්නේ පන්සලෙන් නෙමෙයි කියලයි ආරංචි. ඒකට දේශපාලන සම්බන්ධයක්ලු තිබෙන්නේ දන්න විදියට. ඇත්ත සිද්ධිය හරියට එළියට එනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 14 October 2014 03:49 AM

මම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ තොරණ ඉදිකළ අය ගැන පුළුවන් නම් ඇත්ත නැත්ත සොයාදෙන්න කියලා. නැත්නම් පන්සලටත් එහි දායකයන්ටත් අනෙක් සැමගෙන් නිකරුනේ දොස් අහන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

ලසිත් Tuesday, 14 October 2014 03:53 AM

මේ තොරණ ගහලා තියෙන්නේ පන්සලෙන් නෙමෙයි කියලා තමයි අපිටත් ආරංචි වුණේ. වෙනත් පාර්ශවයක් විසින්ලු. කවුද කියලත් ආරංචි වුණා. නමුත් මෙතන ලියන්න සුදුසු නැහැ කියලා හිතෙනවා. (නි)

:       0       0

ඉරෝෂ් Tuesday, 14 October 2014 03:55 AM

තොරණ ගැහුවේ දේශපාලකයින් වෙන්න ඇති. නැතුව පන්සලේ දායක සබාවෙන් වෙන්න බැහැ (නි)

:       0       0

ලලිත් Monday, 13 October 2014 11:07 AM

දැන් මේක නිසා රෝහලේ කට්ටිය වැඩ වර්ජනය කරයිද? (දී)

:       0       0

රොබින් Tuesday, 14 October 2014 03:59 AM

දොස්තර මහතාට සිදුවුණු අනතුර පිළිබඳව කණගාටු වෙමි (නි)

:       0       0

කුමාර Monday, 13 October 2014 11:13 AM

කනගාටුදායක පුවතක් (දී)

:       0       0

කමල් Monday, 13 October 2014 01:27 PM

ආරංචියක් තිබෙනවා ඒක පන්සල ඇතුළත ඉදිකළ තොරණක් නොවෙන බවටත් (නි)

:       0       0

හේරත් Monday, 13 October 2014 01:33 PM

ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

සෙනෙවි Monday, 13 October 2014 01:42 PM

දයාරත්නට මෙවැනි හදිසි අනතුරක් සිදුනොවේවා කියා පතමි (නි)

:       0       0

සමන්ති Monday, 13 October 2014 01:55 PM

පාර හරහා තොරණ් ඉදිකිරීම තහනම් කළයුතුයි. (නි)

:       0       0

රොකී Monday, 13 October 2014 02:46 PM

මොකක්ද මේ තොරණ් ගැහිල්ලේ තේරුම?ලෝක පරකාසෙටනේ ඕවා ගහන්නේ. නැතුව උත්සව පවත්වන්න බැරිද? දායකයනි, දොස්තර මහත්තයාගේ ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරලා ඔහු සනීප කරන්න! (නි)

:       0       0

ටෙනිසන් Monday, 13 October 2014 03:07 PM

ඉක්මන් සුවය පතමු ! (අ)

:       0       0

ජයම්පති Monday, 13 October 2014 03:52 PM

දයාරත්න නම් හිතක් පපුවක් නැති මිනිහෙක් (නි)

:       0       0

සේපාල Monday, 13 October 2014 04:08 PM

මම මේ දොස්තර මහත්තයාව දන්නවා (නි)

:       0       0

දයාරත්න Monday, 13 October 2014 08:08 AM

පෙර කල පව් තමයි ඔය.(හේ)

:       0       0

ධනුක Monday, 13 October 2014 08:20 AM

හරියට තොරණ ඉදිකරන වැඩේ කෙරිලා නැහැනේ. සමහරවිට දායකයින් ලොකු ගානක් වියදම් කරන්න ඇති මේ වැඩේට. කලකට පෙර අර වෛද්‍ය සිසුවියට සිද්ධවුණ ඇබැද්දිය වගේ එකක් නේද මේ සිද්ධ වෙලා තියෙන්නේ. වෛද්‍යතුමාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

ශාන්ති Monday, 13 October 2014 07:28 PM

දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 08:45 AM

කණගාටුදායක සිදුවීමක්. වෛද්‍යතුමන්ට ඉක්මන් සුව පතනවා..(හේ)

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනායක Monday, 13 October 2014 07:58 PM

ඉක්මන් සුවය පතමි ! (නි)

:       0       0

ධම්ම Monday, 13 October 2014 09:04 AM

මහජනයා ගැවසෙන තැන්වල මෙවැනි දෑ ඉදිකිරීමට තාක්ෂණ උපදෙස් අනිවාර්ය කල යුතුයි.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 13 October 2014 08:36 PM

ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සුවය ලබා නැවතත් ගිලනුන්ට පිහිටවීමට අවස්ථාව ලැබේවා!! (නි)

:       0       0

මැණික් Monday, 13 October 2014 09:05 AM

මේක කලකට පෙර අර වෛද්‍ය සිසුවියට වුණා වගේ වැඩක්නේ. ඉක්මන් සුවය පතමි. (හේ)

:       0       0

කුමාර Monday, 13 October 2014 09:16 AM

දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

කුමාර Monday, 13 October 2014 09:16 AM

ඉස්සර මිනිස්සු කරපු දේවල් අවුරුදු සිය ගනන් පවතිනවා දැන් අයට වරුවක් පවතින තොරනක් හදාගන්න බෑ.(හේ)

:       0       0

ගයන්ත Monday, 13 October 2014 09:28 AM

පව් කාරයා විය යුත්තේ දොස්තර මහතා නොවේ.ඔහු මෙතැනදී අහිංසකයෙකු පමණි.(හේ)

:       0       0

සේන Monday, 13 October 2014 09:40 AM

ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

පිටිගල Monday, 13 October 2014 09:42 AM

පරලොවට යමක් රැගෙන යන එක කෙසේ වෙතත් ඉන්න ලෝකෙවත් කරදරයක් නැතිව ඉන්න බැරිවී ඇත.(හේ)

:       0       0

රුවන් Monday, 13 October 2014 09:45 AM

දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් කීයකගේ නම් ජීවිත බේරනවද? ඒකේ වටිනාකම දැනෙන්නේ ලෙඩක් හැදුනහම. ඉහතින් අදහස් දක්වා තිබෙන දයාරත්න වගේ අයට ඔවුන්ගේ ජිවිත වටිනාකම තේරෙන්නේ නැහැ. ඔහුටත් හෙට මේ වගේ දෙයක් වුණාට පස්සේ " පෙර කළ පව් තමයි ඔය" කියලා දොස්තරවරයා කිව්වොත් දයාරත්නට එදාට මොනවා හිතේවිද? (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 11:42 PM

ජිලාන්, අනේ එහෙම සතුටුදායක පුවතක් අහන්න කවදා ලැබෙයිද, නේද? (නි)

:       0       0

කල්ප Tuesday, 14 October 2014 12:15 PM

මෙම තොරණ් සම්ප්‍රදාය හඳුන්වාදෙනු ලැබුවේ පුහු දේශපාලුවන් විසිනි. වැඩක් කළපසු ඊට කිහිප ගුණයකින් වැඩි වියදමක් දරා "ටෙන්ඩර්" පටිපාටි වලින් සම්පුර්ණව බැහැරවී තම සමීපතම කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම තොරණ් ඉදිකරති. අහෝ බලව, "ආශ්චර්යක " තරම .....! (නි)

:       0       0

සරත් Monday, 13 October 2014 09:50 AM

කණගාටුදායක සිදුවීමක්.ඉක්මන් සුව පතමි. (නි)

:       0       0

චන්න Tuesday, 14 October 2014 12:25 AM

ආරංචිය තිබෙන්නේ තොරණ බැඳීමට කටයුතු කළේ පන්සලේ දායකයන් නොව, වෙනත් කෙනෙක් කියලා නේද? (නි)

:       0       0

දිනේෂ් Monday, 13 October 2014 10:11 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 35 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 100 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 323 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 335 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 509 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 535 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site