IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුණ පෙළට රට පුරා උයන් වතු

තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.

මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.

උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.

දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.



අදහස් (0)

තරුණ පෙළට රට පුරා උයන් වතු

ජයසිංහ Monday, 08 July 2013 01:14 PM

අනේ මෙහෙමත් කෝලන්! (දී)

:       0       0

අචිනි Monday, 08 July 2013 01:15 PM

නියමය් තව කුට්ටියක් කෙනෙකුට යන වැඩක් (අ)

:       0       0

පහන් Monday, 08 July 2013 05:21 PM

දයා අලහකෝන් , ඇපල් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලලා ඉන්න ඕනෑ කාලේ ඔයා මේ මොනවද කියවන්නේ ?ගොක්කොල, වැලි කරත්ත, කාඩ් ගහනවා එහෙම හීනෙන් පේනවද ? (දී)

:       0       0

මිදිගල Monday, 08 July 2013 01:19 PM

තරුණ මනස ආදරයෙන් වල්මත් වුණහම රැකියා,ජීවන ආදී ප්‍රශ්න තරුණ පරම්පරාවෙන් මගහැරෙනවා. සමහර ප්‍රතිචාර වලින් හොදට ඒක තහවුරු වෙනවා. (දී)

:       0       0

ශ්‍රියානි රාජපක්ෂ Tuesday, 09 July 2013 05:48 AM

අනේ අපට එපා දකුණු පළාතට විතරක් දාගන්න.(නදී)

:       0       0

දිස්නා Monday, 08 July 2013 05:26 PM

මේක නම් ගොඩක් හොඳ දෙයක් වගේ (අ)

:       0       0

පෙරේරා Monday, 08 July 2013 01:29 PM

සිනමා ශාලාවක් ,රඟහලක් ,පුස්තකාලයක්,අනේ මන්දා, දැනට ඔය ටික කරන්න ,තව මොනවා හරි තිබුනොත් පස්සේ කියන්නම්.(නදී)

:       0       0

සුමේධ Monday, 08 July 2013 05:31 PM

ඒකත් දකුණට. අද රටේ සංවර්දන කටයුතු කෙරෙන්නේ රටේ තියන්නේ දකුණ හා බස්නාහිර පළාත් 2 විතරයි කියලා හිතාගෙන. ඌව පළාතට සංවර්ධනය කියලා කෙරෙන්නේ බස් නැවතුමක්, පොලක්, වැසිකිලියක් හැදීම වගේ දේවල් විතරයි. දකුණේ, බස්නාහිර කෙරෙනවා වගේ දේවල් අපේ පළාත් වලට හීනයක් විතරයි. (දී)

:       0       0

ලුම්බිනි Monday, 08 July 2013 01:34 PM

උද්‍යාන ඇතිකිරීම නම් හොඳයි. ඒත් තරුණ පරම්පරාවට නිදහසේ කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින්ද මේක කරන්නේ? (නදී)

:       0       0

සරත් අතාවුද Monday, 08 July 2013 01:34 PM

අපරාදේ මහජන මුදල් වැඩක් ඇති දෙයකට යොදවන්න.(නදී)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 07:22 AM

අනේ මහජන සල්ලි. ඇයි හදන්න බැරි අර ඒදඬු වලින් ඇලවල් හරහා පාසල් යන ළමයින්ට පාලම් ටිකක්.ටියුෂන් යනවා කියලා ළමයි මල්වතු වල රවුම් ගහන්න පටන් ගනීවි (නි)

:       0       0

නුවන් Monday, 08 July 2013 01:37 PM

තරුණ අපෙන් ෆිට් එකක්. නියමයි (දී)

:       0       0

විහග Monday, 08 July 2013 01:42 PM

හොද වැඩක්.(නදී)

:       0       0

සුපිරි මාටින් Monday, 08 July 2013 05:51 PM

ඕකට තව ගබ්සා මධ්‍යස්ථානයකුත් පොඩිවට එකතු කලොත් හොද අදායමක් ගන්න පුලුවන් වෙයි (දී)

:       0       0

මල්සරා Monday, 08 July 2013 01:48 PM

ලක්ෂ 800ක් වියදම් කරන එකේ ඇඳවල් ටිකකුත් දාල දුන්නනම් තමයි වටින්නෙ.(නදී)

:       0       0

සනෝජ Monday, 08 July 2013 05:53 PM

මේව බටහිර සංකල්ප. අපේ රට සිංහල බෞද්ධ රටක්. අපිට මේවා ඕනෑ නැහැ. මොකෝ අපේ අම්මලා තාත්තලා කසාද බැන්දේ මේවට ගිහින් පෙම් කරලද? උයනකට ගිහිල්ලා පෙම් නොකලට එයාලා ආදර්ශමත් පවුල් ජිවිත ගත කළා. (දී)

:       0       0

ලියනගේ Tuesday, 09 July 2013 08:50 AM

අපේ කෙල්ලෝ කොල්ලෝ උද්‍යාන නැතත් දාන සේල්ලම් දැක්කම උද්‍යාන හැදුවම කොහොම සෙල්ලම් දායිද? (නි)

:       0       0

රෙමා Monday, 08 July 2013 01:50 PM

ඇයි තරුණ අයට විතරක් ? වයසක අයටත් හමුවෙන්න තැනක් හදලා දුන්නොත් නරකද? (දී)

:       0       0

රොෂාන් Monday, 08 July 2013 01:52 PM

මුලින් ඇතුල් වීම නොමිලේ ... පස්සේ රුපියල් 50ක් වෙයි. දැන් මේවා විතරයි අඩු (දී)

:       0       0

චාමික Monday, 08 July 2013 06:01 PM

අපේ කාලේ ඒවා තිබුනේ නෑ කියලා, අද පරම්පරාවට ඒ දේවල් ලැබෙනකොට ඊරිසියා කරන්න එපා මිනිසුනේ. ඔය බනින අය තමාගේ හිතට කතා කරලා අහන්න ඔය තියෙන්නේ අපිට ඒවා නොතිබුණු නිසා තියෙන ඊර්ශාව නොවෙයි ද කියලා? තරුණ කාලේ සීමාවල් ඇතිව ප්‍රේම කිරීමට නිදහස තිබිය යුතුයි. ජීවිතේ තියෙන්නේ හනමිටියට යට වෙලා හැරමිටියට යන්න නෙවෙයි. හැරමිටියට යන්න කලින් සන්තෝස වෙන්න ඒ අයට ඉඩ දෙන එක ඉතාමත් මානුෂික ක්‍රියාවක්. (දී)

:       0       0

කුමාර Monday, 08 July 2013 01:53 PM

ඒ අයටත් පිස්සු.මේ අයටත් පිස්සු (අ)

:       0       0

කරෝලිස් Monday, 08 July 2013 01:57 PM

නිදහස සීමාව ඉක්මවා යන එක වලක්වන්න පොලිසිය දානවද? (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 08 July 2013 01:58 PM

හොඳ වැඩක්. තරුණ තරුණියන්ට කියල විතරක් ඇයි?බාල මහළු පවුලේ සැමට එක්ව විවේකය ගත කරන්න හදන්න. නගර අලංකරන වැඩපිළිවෙල යටතේ සෑම නගර මධ්‍යයකම ගස්කොලන් රෝපණය කරන්න. (දී)

:       0       0

සකුරා Tuesday, 09 July 2013 07:27 PM

ඉඳල හිටලා අපි වගේ නාකි අයත් විවේක ගත්තොත් දඩ ගහනවද? (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 July 2013 06:34 PM

කළුවර කාමර කීපයකුත් හදන්නකෝ. (දී)

:       0       0

යසුන් Monday, 08 July 2013 06:50 PM

රටේ රැකියා,ආර්ථික ප්‍රශ්ණ මගහැර සතුටුවෙමු (දී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 02:26 PM

තරුණ තරුණියන්ට ඕනේ තරම් රූම් තියෙන එකේ රට පුරාම. ඔය මුදල් වියදම් කරලා තව රැකියා ටිකක් උපද්දවමුද ? පෙම් කෙලින්න පස්සේ බැරිවයැ.(නදී)

:       0       0

වසන්ත Tuesday, 09 July 2013 10:14 AM

හේමන්ත , බණ්ඩා තවම නිදි, ඇහෙරුනදාට පෙනෙයි රටේ තත්වේ. කී දෙනෙක් එදා වේල කන්න නැතුව දුක් විදිනවද? මේ සල්ලිවලින් අසරණයන්ට සුභ සාදනයක් කරන්න බැරි ඇයි?  අසරණ ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙනවද බෙහෙත් නැතුව. කෝච්චි පාරවල් වලට උන බම්බුවක් දාන්න සල්ලි නැහැ. මේවට තියෙනවා. උද්‍යාන හැදුව කියලා නැහැදිච්ච අය අඩුවෙන්නේ නැහැ. මෝඩ මිනිස්සු බත්ද කන්නේ?. අර අසරණ පවුලක් හිටියේ කකුලක් දාන්න සල්ලි නැතුව. .ඒවාට කතා කරන්නේ නැත්තේ ඇයි?(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 09 July 2013 10:19 AM

බටහිර සංස්කෘතිය සහ අප අතර විශාල වෙනසක් තිබුනා අපි ආදරය සහ ලිංගිකත්වයට වටිනාකමක් දීලා තිබුණු නිසා. ඇමෙරිකාවේ රැකියා කරන කාන්තාවන්ගෙන් 75%ක අත් බෑග් වල උපත් පාලන උපකරණ තියෙන බව සොයා ගත්තා සමීක්ෂණයකින්. එංගලන්තේ ගැහැණු පාසල් වලට උපත් පාලන කොපු බෙදල දෙන්න යෝජනා වුනා. බාල වයස් ගැබ් ගැනීම් වලක්වන්න. බටහිරට පිළිලයක් වූ එයාලගේ සංස්කෘතිය අපි ආදරෙන් බදා ගන්න හදනකොට අපේ රට යන පැත්ත ගැන අපට දුකයි.(නදී)

:       0       0

හිරාන් Tuesday, 09 July 2013 08:07 PM

පාලනය පළාත් සබාවෙන්ද? බුදු අම්මෝ ...මම නම් පළාතේ එන්නේ නැතෝ. අර තංගල්ල වගේ උනොත් කපෝතියි.(අ)

:       0       0

මඩු Tuesday, 09 July 2013 10:23 AM

අපේ රටේ දේශපාලනය කරන්නේ හරි හැටි අධ්‍යාපනයක් ලබපු නැති බොහොම පටු අදහස් තියෙන අය. ඒ නිසා මේ රට කවදාවත් දියුණු වෙන්නෙවත් මිනිසුන්ට මානසික නිදහස ලබෙන්නේවත් නැහැ. ඔයිට වඩා හොද නැද්ද අමාරුවෙන් ඉගෙන ගන්න ළමයින්ට අත දුන්නනම්.(නදී)

:       0       0

බණ්ඩා Monday, 08 July 2013 02:41 PM

මල්සරා, ඇදන් පහසුකම් අවශ අය ඔයාලගේ ගෙදරට එවන්නම් (දී)

:       0       0

බණ්ඩා Monday, 08 July 2013 02:43 PM

මේකට විරුද්දව අදහස් දාලා තියෙන්නේ නිරෝගී පිරිමි නෙමෙයි. ඒ අයට සුදුසු තැනක් අපි ඇමතිතුමාට කියලා හදලා දෙන්නම් (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 08 July 2013 07:56 PM

ගණිකාවන්ගේ පාරාදීසයක් වෙයි. (අ)

:       0       0

චන්දා Tuesday, 09 July 2013 10:32 AM

දකුණට කිරි ඌවට කැකිරි දකුණේ වර්ගවාදීන් මොකද කියන්නේ මේවට.(නදී)

:       0       0

දිසා Tuesday, 09 July 2013 10:32 AM

අනේ ඔය අය්නෙන් මට වීඩියෝ කැමරා කඩයක් දාගන්න ,ලොක්කට කියල ඉඩ ගන්න පුලුවන්ද මන්දා.(නදී)

:       0       0

සීල Monday, 08 July 2013 08:09 PM

තාරුණ්‍ය ප්‍රශ්න සඟවාලීමට කරන උප්පරවැට්ටියක්.(අ)

:       0       0

සේනානායක Monday, 08 July 2013 02:54 PM

හොඳ වැඩක් ඇමතිතුමෝ. මේකේ කමෙන්ට්ස් දාන අය රහත් වෙලාද? බුදු වෙලාද?(නදී)

:       0       0

දමිත් Tuesday, 09 July 2013 10:43 AM

ඇත්තටම හොද දෙයක්. නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වේවි. පේරාදෙණිය මල් වත්තේදී නිකම් ඉන්න දෙන්නෙත් නෑ. මට ගිය සතියේ එහෙම දෙයක් උනා.(නදී)

:       0       0

හේමන්ත Monday, 08 July 2013 03:09 PM

මේ වගේ උද්‍යාන වැඩිකරන්න. ගබ්සා කරන දොස්තරලා අල්ලන්න. උපත් පාලන උපකරණ තහනම් කරන්න. ජාතිය නැතිවීමේ අවදානම වැළකේ. ඔහොම යන්.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 08 July 2013 03:11 PM

කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා. තව ටිකක් කල් ගියාමයි දැනෙන්නේ මහ එවුන් නුඹලාගේ හැම දෙයක්ම අතපත ගාගෙන ගිහින් කියලා. එතකොට නම් ප්‍රමාද වැඩිවෙයි.(නදී)

:       0       0

රණා Monday, 08 July 2013 08:31 PM

ආනේ .. උම්ම... උම්ම.. උම්ම.. (අ)

:       0       0

විජයවර්ධන Tuesday, 09 July 2013 11:08 AM

හොද සංකල්පයක් මේක මේකට ඇතුළුවෙන්න වයස් සීමාවක් එහෙම දාන්න ඕන . , ඒ වගේම පාසල් යන වයසේ පසුවන අයට තහනම් කරන්න . රගහල තුල නිතරම නාට්‍ය පෙන්නන . නිදහස අර්ථවත් ලෙස ගතකරන්න පුළුවන් වට පෙටක් සකස් කරන්න . (අ)

:       0       0

ශාන සෞදි Monday, 08 July 2013 08:31 PM

ඉතාම හොදයි ඇමති තුමාට කියන්න හැම එකකම ගබ්සා මධ්‍යස්ථානයක් හා උපත් පාලන කොපු හා පෙති ෆාමසිය බැගින් දාලා උන්ට හම්බෙන දරුවෝ බාරගන්න ළමා නිවාසයකුත් රජය මගින් අරඹන්න කියල (අ)

:       0       0

චාමි Tuesday, 09 July 2013 11:08 AM

සංස්කෘතිය විනාශ වෙලා ගියාවේ (අ)

:       0       0

රමිල අසිරි Monday, 08 July 2013 03:17 PM

රටේ අපරාද තව වැඩි කරන වැඩක් තමයි ඔය.(නදී)

:       0       0

ජානක Monday, 08 July 2013 03:18 PM

ලෝකේ දියුණු රටවල් ස්ත්‍රී දුෂණ සහ කාන්තා හිංසනය, සහ වෙනත් අපරාද වැලක්වීමට මෙවැනි දේ කරයි. මිනිසුන්ගේ අඩි පීඩනය මෙවැනි දේ හරහා අඩුකළ හැක. වමට නොගහා කරන්න කීවට වැඩක් නැහැ ගහනවා. එනිසා කියන්නේ නැහැ. (නදී)

:       0       0

අරුන් Monday, 08 July 2013 03:20 PM

අපිට දැන් වයසයි ඒත් මේක හොඳ වැඩක්.(නදී)

:       0       0

සමන් පෙරේරා සෞදි Monday, 08 July 2013 09:12 PM

ඉතාමත් හොඳ වැඩක්, අනාගතේ දෙමවුපියන්ට තම දරුවෝ හොයන්න මල්වතු පාර්ක් කියයකට යන්න වේවිද දන්නේ නැහැ (අ)

:       0       0

සංජීව Monday, 08 July 2013 09:19 PM

අනේ මේ උයන්වතු වල ඇපල් ගසුත් වවනවද.ඇමතිතුමා හදන්නේ අපේ තරුණ පරම්පරාවට තහනම් ගහෙ ගෙඩි කවන්නද (අ) .

:       0       0

ලුම්බිණි Monday, 08 July 2013 03:23 PM

බොහොම දෙනෙක් හොඳ දෙයක් කරන එකත් වැරදි විදියට දකින බවකුයි පෙනෙන්නේ. ඒක හරිම අවාසනාවන්ත දෙයක්. (නදී)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 11:31 AM

කාලයක් තරුණ වැඩමුළු, ගම්මාන, කදවුරුත් තිබුනනේ. තරුණ ප්‍රශ්න සිනි බෝල දීලා විසදන්න බැහැ. (නි)

:       0       0

ගිහාන් Monday, 08 July 2013 03:30 PM

ඉතා වැදගත් පියවරක්. අද මෙවැනි ස්ථාන නොමැතිවීම නිසා සහ පොලීසියේ අය තරුන තරුනියන්ට උයනක කතා කිරිමට ඉඩ නොදී පලවා හැරීම වැනී ක්‍රියා නිසා යන්නේ හොටෙල් වලටයි. දැනට සිරගතවී සිටින එක් කාකි කෝට් මහතෙකු ඇතුගල්පුර සිටින කළ බස් හෝල්ට් වල පාරවල් වල උයන් වල් කතාකරමින් සිටි ජෝඩු පලවාහැර පොරක් විය. නමුත් සිදුවු දෙය නගරයේ සියලු නිවාස හෝටල් කාමරවී සෙනසුරදා ඉරිදා දිනවල කාමර දහස් ගනනක් අලෙවි වන නගරයක් බවට පත්වීමයි.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 09:39 PM

ඉක්මනට වැඩේ පටන්ගත්තොත් හොදයි..මමත් එනවා ඩුබායි වල ඉදන් (අ)

:       0       0

සමනල Monday, 08 July 2013 03:33 PM

ඉතා හොඳ අදහසක්. සෑම නගරයකම ආපන ශාලාවකුත් සමගින් මෙය ඇති කරන්ඩ. රුපියල් 350ක් විතර ටිකට් එකක් ගත්තට කමක් නැහැ. (නදී)

:       0       0

බණ්ඩාර Monday, 08 July 2013 12:30 PM

එපමණයි අඩු දැන්. ඔය මහජන මුදල් රැකිය ලැබෙන වැඩකට යොදවන්න (නි)

:       0       0

ප්‍රසංග Monday, 08 July 2013 03:35 PM

සංකල්පයට තානායමකුත් තිබ්බොත් තමයි හොද.(නදී)

:       0       0

සමන් Monday, 08 July 2013 03:35 PM

තරුණ පරම්පරාවට යන්න ඕනෑ තරම් තැන් මාතර නගරයේනම් ඇත. වැඩේ තියෙන්නේ පොලීසියට නිකන් ඉදල කම්මැලි හිතුනම උන්ව අල්ලගෙන යන්න එන එකයි. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න නීතියක් නැති නිසා ලැජ්ජාවට පත්කර පොඩි මානසික ආතල් එකක් අරගෙන මුදා හරී. උද්‍යාන හදන්න කලින් ඔවුන්ගේ නිදහස දුන්නනම් හොදයි නේද?(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 09 July 2013 11:53 AM

කාටවත් නොපෙනෙන ලෙස 'අදිසි මිනිසෙක්' ලෙස මෙම උද්‍යානයේ සැරිසරන්න ක්‍රමයක් දන්නා කෙනෙක් මට කියනවද? (නි)

:       0       0

වසන්ත Monday, 08 July 2013 10:13 PM

තවත් නියම ගොන් වැඩක් , කොච්චර අසරණ මිනිස්සු ලංකාවේ ඉන්නවද . ඒවා කාටවත් පේන්නේ නැහැ. මේ ගොන් දේශපලුවෝ ඔක්කොම නැති වෙනකම් රටට ගොඩ ඒමක් නැහැ.(නදී)

:       0       0

අමල් Monday, 08 July 2013 12:40 PM

දියුණුවෙන ලෝකයේ හොද වැඩක් (නි)

:       0       0

මුරලි Monday, 08 July 2013 12:40 PM

දැන් කෙල්ලෝ කොල්ලෝ හොදට ජව්සන් නටාවී. කන්න නැතත් බොන්න නැතත් මොකද. දැන්මම සංවේදී වෙලා ඇති (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Tuesday, 09 July 2013 12:22 PM

බාල,තරුණ ,මහලු කා හටත් තමන්ගේ ජිවන විඩාව නිවා ගැනීමට යා හැකි සුදුසු ස්ථානයක් වන උද්‍යානය ගැන ඇසුවාම ,බොහෝ අයගේ සිතට ඇවිත් තියෙන්නේ ලිංගිකත්වය පමණයි .ඉන් එහාට කිසිම දෙයක් නැහැ .මුලින්ම ඔබලාගේ මනස සංවර කර ගන්න .එවිට ඔබ දෙනෙතින් දකින ලෝකයත් ලස්සනට සංවරව පෙනේවි. (නි)

:       0       0

රුවන් Monday, 08 July 2013 04:18 PM

අනේ කාමර ටිකකුත් හදන්නකෝ.(නදී)

:       0       0

මාගලි Monday, 08 July 2013 10:50 PM

ඇතුළු වීම නොමිලේ ,පිටවීම රුපියල් 1000යි වෙයිද? (නි)

:       0       0

අමිත් Monday, 08 July 2013 12:45 PM

හොද වැඩක්. කොළඹත් කළා නම් හොදයි (නි)

:       0       0

දුමින්ද Monday, 08 July 2013 04:25 PM

උද්‍යානය විතරක් හැදුවාම ඇති. ඉතිරි මුදල් තරුණ අභිවෘද්ධියට යොදවන්න.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 08 July 2013 04:26 PM

ඇයි තරුණ පෙළට විතරක්. මැදිවියේ අයටත්, විශ්‍රාමික අයටත් විනෝදය ඕනෑ නේද? පහසුකම් ඇති නිදන කාමර සහිතව උයන් පිහිටෙව්වොත් පින් ගොඩක්.(නදී)

:       0       0

රනිල් Monday, 08 July 2013 12:46 PM

හරියට හරි , ඔහොම යන්. සුබපැතුම් ඩලස් ! (නි)

:       0       0

දිලිනි හංසිකා Monday, 08 July 2013 12:46 PM

නගර නිර්මාණය කරද්දී කොන්ක්‍රීට් වනාන්තර විතරක් හදනවට වැඩිය හැම නගරයකම ගස්කොලන් වලින් පිරිච්ච භූමිභාගයක් තියෙන්න ඕනෑ. අපේ රටේ නැතිම දෙයක්නේ ඒක. නගරයේ වාතාශ්‍රය පිරිසිදු කිරීමත්, උෂ්ණත්වය අඩු කිරීමත්, විඩාවට ගතට සිතට සිසිලක් ලබාගැනීමටත් හැම නගරයකම උයනක් තියෙනවා නම් හොදයි. හැබැයි තරුණ පරපුරට පෙම් කෙලීමට කියන සංකල්පෙන් නම් ඔය වැඩේට ගොඩක් විවේචන ඒවි. (නි)

:       0       0

චමීර Monday, 08 July 2013 12:51 PM

මුල්න්ම රැකියා උත්පාදනය කරන්න. තියෙන කර්මාන්ත ශාලාත් වැසිලා යනවා. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 09 July 2013 12:57 PM

ජාතියේ කොඳු නාරටිය කියන තරුණ පරපුර හැගීම් වලට වහල් වෙලා ජීවිත අයාලේ යවා ගත්තම මොකද වෙන්නේ?(නි)

:       0       0

නලිනි Monday, 08 July 2013 12:56 PM

අනේ මිනුවන්ගොඩත් පෙම් උයනක් හදන්නකෝ. යන්න තැනක් ඇත්තේම නැහැ. (නි)

:       0       0

කමල් Monday, 08 July 2013 04:55 PM

අන්තීමට පාරේ ඉන්න බල්ලොයි මිනිසුන් අතර වෙනසක් නැති වෙනවා (අ)

:       0       0

මුන්සීර් Monday, 08 July 2013 01:03 PM

හොදයි. එහෙත් බලාගෙන තරුණ පරපුරේ හැසිරීම් රටාව (දී)

:       0       0

කල්ප Monday, 08 July 2013 01:06 PM

එච්චරය් අඩුව.මේවට කියන්න වචන නැහැ (දී)

:       0       0

කිරිහාමි Monday, 08 July 2013 01:07 PM

ඇත්තටම හිතනවට වඩා ලොකු දෙයක් ඔතන තියනවා. අද කොහෙද ලංකාවේ නිදහසේ ජෝඩුවකට පෙම් කරන්න පුළුවන් එක තැනක් තියනවද? රූම් වලට ගියහම වෙන්න ඕනෑ දේවලුත් නොවෙන්න ඕනෑ දේවලුත් දෙකම වෙනවා. "පෙම් උයන්" වල ලිංගික එකතු වීම් කරන්න බැහැ. ඒක නිසා කවුරු විරුද්ධ වුනත් මේ වැඩේ නම් කරන එක හරිම හොදා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 999 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 439 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 283 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 854 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 721 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site