IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න‘

පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති  සමුළුවට ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත, නාගොඩ අමරවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ද සහභාගී වූහ.

අලුත්ගම සිද්ධිය ගැන කණගාටු වන බවත්, සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන බවත් සමුළුවේ නියෝජිතයෝ කීහ.



අදහස් (0)

‘තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න‘

චාන්දනී Wednesday, 18 June 2014 08:21 AM

හැමෝම තම තමන්ගේ ආගම හරියට අදහා ගෙන අනුන්ගේ ආගම් වලට හොට දාන්නේ , ඇඟිල්ල දික් කරන්නේ නැතිව , නිවැරදි කර්මාන්තයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර අගේද ? (නදී)

:       0       0

සමන් Wednesday, 18 June 2014 08:37 AM

සුලුතරයකගේ හැසිරීම අපි හෙළා දකිමු. (නි)

:       0       0

කැලුම් Wednesday, 18 June 2014 08:37 AM

ජයවර්ධන මහත්තයෝ, පිල්ලේ නෝනා කියන්න ඕනෑ ටික කියලා, කරන්න ඕනෑ ටික කරලා ඉවරයි (නි)

:       0       0

සිල්වා Wednesday, 18 June 2014 08:38 AM

ඇත්ත.රටක නීතිය යනු සැමට පොදුවූ දෙයකි. එය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට යාමෙන් විවිධ ගැටලු ඇතිවේ (නි)

:       0       0

රාධිකා Wednesday, 18 June 2014 08:45 AM

සියල්ලන් විසින්ම ඉවසීමෙන් වැඩ කළ යුතුයි. නැත්නම් වෙන්නේ මහා විනාශයක් (නි)

:       0       0

කාන්ති Wednesday, 18 June 2014 08:49 AM

අපි අනිත් ආගමික උදවියට දොස් කියන්න පෙර බලමු අපි අපේ ආගමවත් හරි විදියට අදහනවාද කියලා. උදේට සත්ව හිංසන , ඝාතන වලින් වළකිනවා කියලා සමාදම් වෙලා, දවල් වෙනකොට ලේ කෝප කරගෙන සිල් පදය අමතක කරනවා. එහෙම කරනවා නම් ඉතින් වැඩක් නැහැනේ (නි)

:       0       0

දිල්හානි Wednesday, 18 June 2014 08:54 AM

තමන්ගේ ආගම කුමක් වුවත් එය නිසා තමන්ට විනයක් , ශික්ෂණයක් , සහ යහපත් චර්යාවක් ඇතිවිය යුතුයි (නි)

:       0       0

මාලක සිල්වා Wednesday, 18 June 2014 09:09 AM

වැරදි කරනවානම් බ්‍රහ්ම දණ්ඩය පනවන්න හාමුදුරුවනේ. (නදී)

:       0       0

අහිංසා Wednesday, 18 June 2014 09:14 AM

මම මගේ ආගම බුද්ධාගම වෙනුවෙන් සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. බුදුන්වහන්සේ දේශනා කරපු අවිහිංසාව පෙරදැරිකරගත් උතුම් ධර්මය අනුගමනය කරන අය නොවෙයි මෙහෙම දේවල් කරන්නේ. මේවා බුදුන්ගේ ධර්මයට නිගා දේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...(නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 18 June 2014 02:51 PM

වැරදි කරපු සියල්ලන්ටම නිතිය ක්‍රියාත්මක කරනවා සේම මේ රටේ සෑම දෙනාටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් වීමට සලසා ආගමික නීති වලින් කෙරෙන ව්‍යාප්ත වාදය සහ වෙනත් ආගම්, පුරාවස්තුන් වැනසීම නවතා දමන්න. මට මතකනේ එදා ඉන්දු ලංකා ගිවිසුම් විරෝදී මව්බිම සුරැකීමේ රැස්වීම් වලදී කල කියුම් කෙරුම්.. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 09:31 AM

දැන් ඉතින් උන දේ වෙලා ඉවරයි. ඔක්කොම අවවාද අනුසාසන ගලන්නේ නස්පැත්තියක් උනාට පස්සේ තමයි. (නදී)

:       0       0

සමාධි Wednesday, 18 June 2014 09:38 AM

සිංහල දෙමල ප්‍රශ්නය නිසා අපි කී දෙනෙක් දුක් වින්දද? අපේ රටේ මිනිස්සු කී දෙනෙක් ඒ යුද්ධය නිසා මැරුණද? ඇයි මේ ටික කාලෙකින් හැමදේම අමතක කරලා ආයෙත් ඒ වගේ දෙයක් පටන් ගන්න හදන්නේ. අපේ අනාගත පරපුරටවත් අපි විදෙව්වා වගේ විදවන්න දෙන්න එපා.(නදී)

:       0       0

ජගත් Tuesday, 17 June 2014 09:06 PM

බෞද්ධයෝ හැටියට අපිට හරිම දුකක් ඇතිවෙනවා. අපේ බුදු හාමුදුරුවෝ මේ වගේ ප්‍රශ්නයක් ඇති උනාම ක්‍රියා කරන ආකාරය පොත් පත් වල සදහන් වෙනවා. නීතිය තදින්ම ක්‍රියා කරලා මේ අයට එරෙහිව නිත්‍ය තහනම් නියෝගයක් ගන්න පොලිසිය ක්‍රියා කල යුතුයි. (අ)

:       0       0

සරාම් Wednesday, 18 June 2014 09:58 AM

අපේ තාත්ත ජොබ් එකට යනවා කියල තව කොහේ කොහේ ගිහිල්ල තියෙනවද කියල හිතෙනව ඉහත මගේ සහෝදරයෙක් ඉන්නවා දැක්කම. (ස)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 June 2014 09:59 AM

මට මතකයි 83 ජුලි කලබල එහිදීත් උනේ වැරදි කරපු අය විසින්ම වෙනත් පාර්ශවයන් වෙත වැරැද්ද පටවා අහින්සකයිට දඩුවම් කරපු එකයි. හැබැයි හොඳට මතක තියා ගන්න එදා වගේ නෙමෙයි අද. සාමාන්‍ය මිනිසුන් වන අපි හොඳ තීක්ෂණ ඇසකින් වගේම බුද්ධියෙනුත් බලාගෙනයි ඉන්නේ. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 17 June 2014 09:16 PM

පිල්ලේ නෝනා මොකද මේ ගැන කියන්නේ? (නි)

:       0       0

සේරම් Wednesday, 18 June 2014 10:04 AM

මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෙනි මෙවැනි අපිරිසිදු සිද්දිවලට කිසිසේත්ම ඔබතුමා ගේ අදහස් නිකුත් කිරීමෙන් වලකිනු මැනවි. (නදී)

:       0       0

සමන් Wednesday, 18 June 2014 10:07 AM

බහුතරයක් අහිංසක සිංහල අපි හිතන්නේ අවිහිංසාව ගැන . එ්ත් ඊයේ කාත්තන්කුඩි හර්තාල්. අද කල්මුනේ , අක්කරපත්තුවේ හර්තාල්. සිංහලයන්ට බය සැක නැතිව යන්න පුලුවන්ද ? (නදී)

:       0       0

ඩීනා Wednesday, 18 June 2014 10:28 AM

අන්තවාදීන්ට ඉඩ නොදෙමු, පටු අදහස් පසෙකලා සාමයට කැපවෙමු (නදී)

:       0       0

තබිතා Wednesday, 18 June 2014 10:28 AM

මට හිතෙන්නේ ප්‍රචණ්ඩත්වය කියන දේ පැතිරී යාමට අනු බල ලැබුණු විටකම එය සෑම ස්වරුපයකින්ම සෑම තැනකටම පැතිරෙනවා. අවිහිංසාව කාටත් පොදුයි. (නදී)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 17 June 2014 09:32 PM

ඕනෑම ආගමකින් වැපිරිය යුත්තේ සමගියයි (නි)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:35 PM

අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. (නි)

:       0       0

මහරගම සෝමරතන Wednesday, 18 June 2014 03:42 PM

පහුවෙලා හරි මෙහෙම ප්‍රකාශයක් කිරීම ගැන වටිනවා. සහජීවනය මම අගේ කරනවා. මම හැමදාම සියලු ආගමිකයන් සමග වැඩ කරනවා එහෙම අපිට කළුතර උතුර පොලීසිය ගොඩක් හිරිහැර කලා. ඔබවහන්සේලා පොලීසියට උදවු කලා. නමුත් කඩාකප්පල් වැඩ කරන අයට මොකුත් නැහැ. පොලීසිය දැන් මට මරණ තර්ජන කරනවා. පොලිස් පතිට පැමිණිලි 20 කළා. නමුත් වැඩක් නැහැ. (නදී)

:       0       0

අජන්ත Tuesday, 17 June 2014 09:40 PM

මේවට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 18 June 2014 10:53 AM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිම හා තරාතිරම බලා නීතිය ක්‍රියාත්මක කිරීම යන දෙකම නොකළ යුතුයි. රටේ පොදු නීතියක් තිබිය යුතුයි. එම නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නදී)

:       0       0

අරෝෂ් Tuesday, 17 June 2014 09:56 PM

අද රටේ ඇතිවෙලා ඇති ප්‍රශ්න වලට කවුද වගකියන්න ඕනෑ? (නි)

:       0       0

ටීනා Tuesday, 17 June 2014 10:05 PM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීමෙන් බොහෝ ගැටලු විස‍ෙඳෙනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 June 2014 10:14 PM

එතකොට ජගත් මහත්තයෝ ..ගුටිකාපු එව්වොද විත්ති කාරයෝ වෙලා තියෙන්නේ.මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධයන්ට වන අසාධාරණයකට විරුද්දව සාමකාමී ව පෙළ පාලියක් යන්නත් බැරිද? ඒකට රැකල ඉදල සංවිධානාත්මකව පහර දුන්නෙත් අපිද.?ඔබ තුමාලට මේ බලවේගය වලදාන්න ඒ තරං පහසු වෙන්නේ නැහැ මහත්තයෝ..තමන්ගේ රටේ තමන්ගේ බිමේ අසරණ වන සිංහල බෞද්ධය වෙනුවෙන් හඩක් නගන්න ඉන්න මේ සංවිධානය සිංහල බොදුනුවන්ගේ හදවත් තුලට කිදා බැහැල ඉවරයි..මේක ජාතික බලවේගයක්..අමාතක කරන්න එපා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ආපු ගමන් මගත් දැන් ඉන්න ස්ථානයත්.(දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 17 June 2014 10:27 PM

මිට කලින් තරාතිරම බලලාද නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ (දී)

:       0       0

ටියුඩර් Tuesday, 17 June 2014 10:27 PM

බොහොම හරි. ඒකයි වියයුත්තේ (නි)

:       0       0

ජයසේකර Wednesday, 18 June 2014 11:35 AM

සේරම් අර යාපනේ රදගුරු රායප්පු ජෝසේෆ් අපේ හමුදාව අන්තිම සටනේදී "විෂ අවි ප්‍රහාර එල්ල කළා" කියල කිව්වහමත් කාදිනල් තුමා සති ගානක් සද්ද නොකර හිටිය වගේම මේකටත් සද්ද නොකර හිටියා නම් හරි තමා...ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා...මේක අපි ඔක්කොගේම රට. නමුත් අතීතයේ සිට රට රැක ගන්න පෙරමුණ ගත්තේ සිංහල බෞද්ධයෝ කියලත් අමතක කරන්න එපා......(ස)

:       0       0

සේරම් Tuesday, 17 June 2014 10:57 PM

අපි හැමෝම එක අම්මා කෙනෙක්ගේ දරුවන් නේද? (නි)

:       0       0

සෝමරත්න Wednesday, 18 June 2014 04:30 PM

මේ වෙලාවේ සියලු ජාතීන් වෙනුවෙන් මෙසේ පෙනීසිටීම අගය කරමි (නි)

:       0       0

පෝල් Tuesday, 17 June 2014 11:05 PM

සියලුම ආගමික නායකයන් දී තිබෙන්නේ බොහොම හොඳ ආදර්ශයක් (නි)

:       0       0

රවිදු Tuesday, 17 June 2014 11:07 PM

සිංහලයන්ට හෝ අනෙක් ජාතීන්ට යම අසාධාරනයක් වෙනවා නම් කළයුත්තේ ගහමරා ගැනීම නොව රටේ නීතිරීති සකස් කොටගෙන තම ජාතිය ආගම ආරක්ෂා කරගැනීමයි. (නි)

:       0       0

සේන Wednesday, 18 June 2014 04:36 PM

එහෙම කරනවා නම් අපිත් සතුටුයි (නි)

:       0       0

අනුරාධ Tuesday, 17 June 2014 11:09 PM

බහුතරය කළේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම එකයි. මේක තේරුම්ගන්න බැරි අපේ රටේ මිනිසුන් කොච්චර මෝඩද කියා දැන් තේරෙනවා. අපේ රට තවත් ඉරාකයක් කරන්න නම් එපා (නි)

:       0       0

කපිල Tuesday, 17 June 2014 11:10 PM

ජගත්, අපිටත් දුක්වෙන්න වේවි බංගලිදේශය, මලයාසියාව වගේ අපේ රටටත් වුණ දවසට. (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 11:59 AM

ප්‍රශ්න ඇතිවෙන්න හේතු හොයලා ඒවාට විසඳුම් යොදනවා නම් වඩාත් හොඳයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 12:05 PM

සේරම්, ඔබතුමාගේ අදහස් මෙතනට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.පටු අදහස් දරන්න එපා.ඔබත් මේ රටේ පුරවැසියෙක් බව තේරුම් ගන්න. (නි)

:       0       0

විරාජ් Tuesday, 17 June 2014 11:53 PM

එහෙම වෙනවා නම් කොච්චර හොඳද? අපිත් සතුටුයි (නි)

:       0       0

නුවන් Wednesday, 18 June 2014 12:00 AM

නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් සතුටුයි (නි)

:       0       0

චානක Wednesday, 18 June 2014 12:32 AM

යම් සිද්ධියක් වුණ විට නීතිය ක්‍රියාත්මක කිරීමට තමා රටේ සිවිල් නීතියක් ස්ථාපිත කර ඒවා විසඳීමට නිලධාරීන් පත්කර තිබෙන්නේ. මේවා නවත්වන්න ක්‍රියාකරන්න පුලුවන්නම් ඔබ රටට ජාතියට කරන ලොකු උපකාරයක්. (නි)

:       0       0

තේජා Wednesday, 18 June 2014 12:16 PM

කසුන් ගැන මට පුදුමයි (නි)

:       0       0

කෙවින් Wednesday, 18 June 2014 12:36 AM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

නිශේන් Wednesday, 18 June 2014 12:19 PM

නීතිය සැමට පොදු දෙයක් (නි)

:       0       0

හුසේන් Wednesday, 18 June 2014 12:43 AM

කිසිම ආගමක කියන්නේ නැහැ ද්වේශය සහ වෛරය වපුරන්න කියලා (නි)

:       0       0

සෙනාලි Wednesday, 18 June 2014 12:22 PM

ඉතා හොඳ කතාවක් (නි)

:       0       0

පියසේන Wednesday, 18 June 2014 12:28 PM

එය ඉටුවෙනතුරු අපි නොයිවසිල්ලෙන් බලාසිටිමු (නි)

:       0       0

හසිත් Wednesday, 18 June 2014 02:35 AM

බොහොම හරි. අපිත් එකඟයි (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 June 2014 02:35 AM

කවුරුත් කියන්නේ ජාති,ආගම් කුලමල භේද නැතුව එකාමෙන් සැවොම එකට ජීවත්වෙමු කියලයි. නමුත් කෝ ඒ කියන දේවල් ක්‍රියාත්මක කරන අය? (නි)

:       0       0

කසුන් Wednesday, 18 June 2014 02:35 AM

මට මගේ අදහන ආගමත් එපා වුණා අලුත්ගම පැත්තේ දැකපු දේවල් වලට (නි)

:       0       0

තබින් Wednesday, 18 June 2014 12:50 PM

වසර ගනනාවක් කවුරු කවුරුත් කල නොකළ දේ ගැන කියමින් අලුත් දෙයකට ඉඩ නො දී සිටිමු. රටක් වශයෙන් රට රැකගැනීම පුරවැසියෙකුගේම යුතුකමයි. (ස)

:       0       0

සෝමවංස Wednesday, 18 June 2014 02:51 AM

ජගත්, ඔය විදියට තමයි බංගලිදේශයේ බෞද්ධයන් හිටියේ. අද මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 01:02 PM

සීතල කාමර වලට වෙලා ඉඳලා, මිනිස්සුන්ගේ මරණ අබියස ඔහොම එලියට ඇවිල්ලා නිවේදනයක් නිකුත් කරලා ආපහු ඒ සීතල කාමරවලට ගියාට තමුන්ගේ යුතුකම ඉෂ්ට කරන්න බැහැ. සමගිය ගැන කතා කරන අය, තමුන්ගේ කණ්ඩායම් තුල පළමුවෙන් මේ සමගිය තියෙනවද කියල හොයා බැලුවොත් හොඳා. (නදී)

:       0       0

ගුණසිරි Wednesday, 18 June 2014 04:41 AM

මේ කලබල ඔඩු දුවන්න පෙර නේද ඒවාට පියවර ගන්න ඕනෑ? (නි)

:       0       0

දසුනි Wednesday, 18 June 2014 05:02 AM

බොහොම හොඳ කතාවක් (නි)

:       0       0

සුමුදු Wednesday, 18 June 2014 01:31 PM

එහෙනම් දැන් ආණ්ඩුව නීතිය ඔක්කොටම එක හා සමානව කරයි. (ස)

:       0       0

කැලුම් Wednesday, 18 June 2014 01:36 PM

සමහරු හර්තාල් කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව කමෙන්ට්ස් දාල. සමහරු බංග්ලාදේශයට හරි වෙන කොහාට හරි වෙච්ච දෙයක් ගැන අනිත් අයව බය කරනවා. නිකම් හිතන්න මේ කරන දේවල් වලින් අපට මොනවද ලැබෙන්නේ. අපිට ඒ බංගලාදේශයට වුනදේ ඉක්මනින් කරගන්න පුලවන් වෙයි. බුදු දහමේ උගන්නන දේ පිළිපැදීම මිස බුදුදහම නැති වෙයි කියල බයට අනිත් අයව තලන පෙලන එක කොයි තරම් දුරට බුදු දහමට එකඟද (නදී)

:       0       0

භක්ති Wednesday, 18 June 2014 06:09 AM

නමුත් වගකිවයුත්තන් බහුතරයක් තවමත් නිදි. මේ ගැටලුව විසඳීමට සියල්ලන්ගේම සහය අවශ්‍යයි (නි)

:       0       0

බිමල් Wednesday, 18 June 2014 06:16 AM

අපේ මහනායක හිමිපාණන්ලාගේ සහයද මේ ගැටලුව විසඳීමට ඉතා වටිනවා ‍ (නි)

:       0       0

සිල්වා Wednesday, 18 June 2014 06:36 AM

ආගම් අතර සමගිය ඇතිකරන්න ක්‍රියාකිරීම ඉතාම හොඳයි (නි)

:       0       0

තිලක් Wednesday, 18 June 2014 07:16 AM

සමහර ප්‍රතිචාර බැලුවහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සලිත් Wednesday, 18 June 2014 07:47 AM

ජගත් මේකට වගකියන්න ඕනේ බුද්ධාගම විනාශ කරන්න හදලා තියෙන සංවිධානයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2527 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1683 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2425 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3332 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site