ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඟහරුවාදා (28) කැඳවීමට නියමිතව තිබූ තොරතුරු දැකගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද පිළිබඳ යන්න ගැන විමසීම පසුවට කල් තැබේ.
එම පනත් කෙටුම්පත් දෙක අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (27) හා හෙට (28) පාර්ලිමේන්තුවේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පිළිබඳ විවාදය පැවැත්වෙන හෙයින් එම විවාදය අවසන්වූ පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ හා ජාතික විගණන පනත් කෙටුම්පත් විභාගය ඉදිරි දිනක පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ ජාතික විගණන පනත් කෙටුම්පත් අන්තර්ගත වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අර්ථ නිරූපණ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය. මෙයට විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තොරතුරු පනත විමසීම කල් යයි
මහානාම - කඳාන Monday, 27 April 2015 12:12 PM
තොරතුරු දන ගැනීමේ පනත කොච්චර සාධාරණද කියනවා නම් , ඒ ගැන අඩුම ගානේ විරද්ධ පක්ෂෙට හදාරන්න වත් තොරතුරු දීල නෑ. අගමැති පත්වුණ අලුතම සියලුම පුවත් පත් මාධ්‍යවේදීන් ගෙන්වලා තර්ජනය කල හැටි මේ අදහස් දාන අය දන්නේ නැතිනම් . අන්තර් ජාලයේ සැරිසරා ඒ දිනවල ජාතික පුවත් පත් කියවා බලන්න . මට පුදුමයි ඇයිමේ මාද්‍යවේදීන් නිහඬ කියලා , මැතිවරණ කොමසාරිස් ගෙන් නාසා , හෝ තොරතුරු පලකලොත් ලක්ෂය කට නො වැඩි , අවු 3 කට නො අඩු දඬුවමක් හෝ ඒ දෙකම , ශෝක නේද ? ඊටත් වඩා තව ලස්සන පනතක් එන්න නියමිතයි , ජාතිවාදය හෝ ආගම් වාදය ගැන කතා කලොත් දඬුවම් . හැබැයි අපිට විතරයි , බෙදුම්වාදීන්ට නෑ. කාටද මේවා කියන්නේ , මේයින් අදහස් දක්වන බුද්ධිමත් ජනතාව හා රටේ ජනතාව 19 න් බලා පොරොතු වෙන්නේ සාධාරනයක් වුවද , සිදුවන්නේ බෙදුම් වාදින් ඉල්ලන්න පරිදි මේ රටේ නිත් රීති වෙනස් කිරීමයි . ඔබ පිලි ගත්තත් නැතත් තිත්ත ඇත්ත මේක තමයි. (ස)
ටෙනිසන් Tuesday, 28 April 2015 04:25 AM
අමන්දා, ඔයා හරියටම හරි. නමුත් සිදු නොවන්නේත් එයමනේ.රජයේ ඕනෑම කාර්යයාලයකට ගියොත් අපිට වඩා සුළු ජාතිකයාට ප්‍රමුකත්වයක් ලැබෙනවා. නමුත් ඒ සදහා ඔවුන්ට දොස් පවරන්න බැහැ. වරද කරන්නේ මහා ජාතිය වුණ අපේ උන්. හැකිනම් මම කියුදේ තේරුම් ගන්න. (බ)
මහානාම-කඳාන Tuesday, 28 April 2015 05:20 AM
අමන්දා නෝනා, ඔයා හරියටම හරි (නි)
රවී Monday, 27 April 2015 01:58 PM
මහානාම ඔයා නොදන්නවා වුණාට අද මේ රටේ මාධ්‍යවේදියෝ මරණ භය නැතුව ලියනවා (නි)
ලක්මාල් Monday, 27 April 2015 02:35 PM
මහානාම ඔබ හරියටම හරි (අ)
හිමාල් Monday, 27 April 2015 05:05 PM
පණත පළකරන්නත් කලින් මේ පණතේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ කොහොමද? (නි)
සිල්වා Tuesday, 28 April 2015 07:43 AM
මහානාම ළඟම තිබෙන රෝහලට ඇතුළුවන්න.(අ)
අමන්දා Monday, 27 April 2015 07:24 PM
නීතියක් විදියට පනතක් සම්මත වුණොත් ඒක කොහොමද එක කට්ටියකට විතරයි කියන්නේ. (නි)
සජිත් Monday, 27 April 2015 08:41 PM
මහානාම මහතා නිවැරදියි (නි)